(ටී.කේ.ජී.කපිල)
කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණෙමින් සිටි සංක්‍රමණික ගුවන් මගීන් දෙදෙනෙකු කටුනායක ගුවන් තොටුපළේ දී කොරෝනා වෛරසය පිළිබඳ ආසාදිත තත්වයෙන් පසු වූ නිසා වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ අයි.ඩී.එච්.උණ රෝහල වෙත යොමු කළ බව ගුවන් තොටුපළ සෞඛ්‍ය වෛද්‍ය ඒකකයේ වෛද්‍ය චන්දික බණ්ඩාර වික්‍රමසූරිය මහතා පැවසීය.
මොවුන් දෙදෙනා මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර සිට අද (26) සවස 3.45 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.
මෙම ගුවන් යානයේ පැමිණි 47 හැවිරිදි ඉන්දුනීසියානු ජාතික කාන්තාවක් ගුවන් යානයේ ගුවන් සේවිකාවක් අමතා තමාට සීතල ගතියක් දැනෙන බවත් හුස්ම ගැනීමේ අපහසුතාවක් පවතින බවත් දන්වා තිබේ.
ගුවන් සේවිකාව වහාම මේ බව ගුවන් යානයේ ප්‍රධාන ගුවන් නියමුවා වෙත දැනුම් දීමෙන් පසුව ඔහු කටුනායක ගුවන් තොටුපළ පාලක මැදිරිය දැනුවත් කර ඇත.
ඒ අනුව මෙම ගුවන් යානය කටුනායක ගුවන් තොටුපළ වෙත ගොඩ බැස්සවීමෙන් පසුව ගුවන් තොටුපළ සෞඛ්‍ය වෛද්‍ය ඒකකයේ නිලධාරීන් විසින් මෙම ගුවන් මගී කාන්තාව භාර ගෙන ඇයගේ සිරුරේ උණ රෝගී තත්වය පරීක්ෂා කර බැලීමේදී එහි අගය ෆැරන්හයිට් 101° ක් බවට වාර්තා වී තිබේ.
ඒ අනුව මෙම ගුවන් මගී කාන්තාව වහාම විශේෂ ගිලන් රියකින් කොළඹ අයි.ඩී.එච්.උණ රෝහල වෙත රැගෙන යෑමට පියවර ගෙන තිබුණි.
මෙම ගුවන් මගී කාන්තාව කටුනායක ගුවන් තොටුපළ සිට මැදපෙරදිග බලා යෑමට පැමිණි කාන්තාවකි.
එම ගුවන් යානයෙන්ම පැමිණි 37 හැවිරිදි පාකිස්තානු ජාතික ගුවන් මගියෙකු ද ගුවන් තොටුපළ සෞඛ්‍ය වෛද්‍ය ඒකකය වෙත රැගෙන ගොස් උණ රෝගී තත්ත්වය මැන පරීක්ෂා කර බැලීමේ දී ඔහුට ද ෆැරන්හයිට් 102° ට උණ ඇති බවට වාර්තා වී තිබුණි.
එම ගුවන් මගියා ද සවස 4.15 ට පමණ විශේෂ ගිලන් රියකින් කොළඹ අයි.ඩී.එච්.උණ රෝහල වෙත යවා තිබේ.
චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍යවරයා ඇතුළු දූත පිරිසක් ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක මහතා ජනතා විම
පොලිස් විශේෂ කාර්ය බළකාය විශේෂ පුහුණුව ලත් චීටා බළකායේ නිලධාරීන් විසින් අති නවීන ඩ්‍රෝන කැමරා උපයෝගී කරගෙන යාල අධි ආරක්ෂිතය තුළ සිදුකළ මෙහෙයුමකදී ගි
එක්සත් ජාතික පක්ෂයේ මැයි දිනය උළෙල සම්බන්ධයෙන් ප්‍රාදේශීය මට්ටමින් සංවිධාන කටයුතු ඇරැඹූ බව එක්සත් ජාතික පක්ෂය කියයි.
මෝටර් රථ දෙපාර්තමේන්තුවේ ව්‍යාජ මුද්‍රා සහ තාවකලික රියදුරු බලපත්වලට අලවන ස්ටිකර් වලට සමාන ව්‍යාජ ස්ටිකර් සහ කූට ලේඛන සමග 43 හැවිරිදි සැකකරුවෙක් සහ 22 හැ
ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව පසුගිය මාර්තු මස මෙරට උද්ධමනය සියයට 2.5 ක් දක්වා පහළ ගොස් ඇතැයි ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.
දෙදින නිල සංචාරයක් සඳහා පාකිස්තානයට පැමිණ සිටින ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි සහ පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් අතරේ හමුවක් ඉස්ලාමාබාද් අගන
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
කටුනායකට පැමිණි සංක්‍රමණික ගුවන් මගීන් දෙදෙනෙකු අයි.ඩී.එච්. රෝහලට