IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


කංසා වවලා ණය බරින් මිදෙමු

 

ශ්‍රී ලංකාව තුළ ඖෂධයක් ලෙස කංසා වගාකර අපනයන ආදායමින් ණය බරින් නිදහස් වන ලෙස රජයට යෝජනා කරන බව සමඟි ජනබලවේගයේ මන්ත්‍රීනි ඩයනා ගමගේ මහත්මිය අද (20) පාර්ලිමේන්තුවේදී පැවසුවාය. ඩයනා ගමගේ මහත්මිය මේ වන විට රජයට සහය පළකරන මන්ත්‍රීවරුයක් ලෙස පිළිගැනේ.

ආණ්ඩුව ඉදිරිපත් කළ 2021 අයවැය පිළිබඳව විවාදයට එක්වෙමින් ඩයනා ගමගේ මහත්මිය වැඩි දුරටත් මෙසේ ද පැවසුවාය.

“කංසා අප රට තුළ වගා කරලා, අපිට පුළුවන් මේ ණය බරින් නිදහස් වෙන්න. හැමදාම මේ රට බංකොළොත් කිය කිය ඉන්න විපක්‍ෂයේ අයටත් මට කියන්න තියෙන්නේ, සර් ෆේල්, සර් ෆේල් කියනවා. ඒක තමයි අපි 20 ගෙනල්ලා සර්ට බලය දීලා තියෙන්නේ”

“එය රජ්‍ය මැදිහත් වීමෙන්, වෛද්‍ය විද්‍යාත්මක භාවිතයක් සඳහාම පමණක්, ආර්ථිකය ශක්තිමක් කිරීමට බව එක හෙළාම සභාව හමුවේ නැවත වරක් ප්‍රකාශ කරනවා”

“ලංකාව ඝර්ම කළාපීය රටක් වීම නිසා බොහෝ ඖෂධ වගාවන් නිසි පරිදි කර ඒවා අපනයන කර විදේශ විනිමය ලබාගැනීමේ හැකියාවක් පවතිනවා. මේ වන විට නීතිවිරෝධී තත්ත්වයේ පවතින, එහෙත් ඖෂධයක් ලෙස නීත්‍යානුකූල බවත් සහිත කංසා හෙවත් ගංජා වගාව ඖෂධීය වගාවක් ලෙස රාජ්‍ය මැදිහත් වීමෙන් ශක්තිමත් කර විදේශ විනියම උපයාගැනීමට මැදිහත්වීමක් කිරීමට යෝජනා කරනවා”

“අප මෙතෙක් අපනයන කළ තේ, පොල් රබර් වැනි ප්‍රධාන ආර්ථික බෝග අතරට ඖෂධ වගාවන් එකතු කරගැනීම වෙනත් රටවල් සමඟ සැසදීමේදී අවමව වාර්තා වෙනවා”

“ලෝකයේ වෙනත් රටවල් කංසා අපනයනයෙන් අතිවිශාල ආදායමක් ලබනවා. යුරෝපා ආයෝජන බැංකුවට අනුව ගෝලීය කංසා වෙළෙඳපොළ ඊළඟ දශකයේදී සියයට දහසකින් ඉහළ යන බවත් 2027 දී ඩොලර් බිලියන 140 ක් බවත් පුරෝකථනය කර තිබේ. ඉන් ඩොලර් බිලියන 57 ක් නීත්‍යානුකූල කංසාවලින් ලැබෙන බවත් ඉන් වැඩි කොටස උතුරු ඇමරිකාවෙන් සහ යුරෝපයෙන් සැපයෙන බවත් සඳහන් වෙනවා” යැයි ඇය වැඩි දුරටත් පැවසුවාය.

048



අදහස් (41)

කංසා වවලා ණය බරින් මිදෙමු

Bamunuarachchi Friday, 20 November 2020 02:52 PM

නරකද ලෝකයේ පැරණිම රැකියාවටත් මුල්තැන දීලා සල්ලි ටිකක් හම්බ කළොත්...

:       13       39

gamunuSaturday, 21 November 2020 01:34 PM

එංගලන්තයේ සිටි නිසා ඩයනා කීවට මෙයගේ නම ඩයනා නොවේලු. සත්‍ය නම සිරිමලීලු ...

:       2       22

BamunuarachchiSunday, 22 November 2020 01:21 AM

අපිට එයාගේ නමේ හෝ හැඩරුවේ ප්‍රශ්නයක් නැහැ. කියන දේ හා කරන දේ ගැන පමණයි අපි කතා කරන්නේ. එහෙම කරන්න පුරුදු වෙන්න.

:       0       1

Nandalal DE SILVA - FranceSunday, 22 November 2020 10:08 AM

ඉතින් අනේ සිරිමලී කියන නම ලස්සන නැද්ද? එයාගේ ගමෙත් ඔය වගාව කරනවද?

:       0       0

Anura Friday, 20 November 2020 04:18 PM

ඉතාමත් කාලෝචිත යෝජනාවක්.. යල් පැන ගිය සුද්දගේ නීතිය සුද්දගේ රටවල් පවා වෙනස් කර සකසා නීතිගත කරද්දී අපි තාමත් ගල් යුගයේ ඉඳලා හරිද?

:       12       20

චින්තකSunday, 22 November 2020 02:04 AM

ලංකාවේ කංසා වගාව තහනම් කලේ සුද්දන්ගේ කාලෙ. ඔවුන් එහෙම කලේ සිංහලයාගේ දේශීය ඖෂධ නිසා ලැබූ ශක්තිය නැතිකිරීමටත්, ඉංග්‍රීසින්ගේ බෙහෙත් ප්‍රචලිත කිරීමටත්, දේශීය වෙදකම නැතිකිරීමටත් කියලා දැනෙනවා. අනුරගේ අදහස නිවැරදියි. යෝජනාව සුදුසුයි.

:       0       2

Ruwan Friday, 20 November 2020 05:13 PM

සමගි ජනබලවේගෙට කංසා ගහන්න වෙලා තමයි තියෙන්නේ...

:       24       7

Padmapriya Friday, 20 November 2020 05:20 PM

ඊළඟ පියවර තමයි ලංකාවෙන් කාන්තාවන් අපනයනය කිරීම...

:       4       32

විජේ Saturday, 21 November 2020 06:41 PM

ඊලග පියවර නෙවේ, දැනටත් රටේ ආදායමෙන් ලොකු කොටසක් එන්නෙ ඒකෙන් තමයි පද්මප්‍රිය.

:       0       17

කල්පනාSunday, 22 November 2020 02:05 AM

විජේගේ අදහස හරියටම හරි...

:       0       0

athula Friday, 20 November 2020 05:21 PM

මේ කවුරු හරි කියපු කොන්ත්‍රාත් එකක්.. මෙයා දන්නවද දන්නේ නැහැ රට ගොඩ ගන්න නම් මහ එවුන් කරන මහා හොරකම් නතර නොකර මොන මගුල කලත් වැඩක් නැති බව... මෙයාට කියන්න ඕනෑ අපේ රටේ තමයි ලෝකයේ හොඳම කළු රත්තරන් හෙවත් හොඳම මිනිරන් නිධිය තියෙන්නේ... අද ලෝක වෙළඳපලේ එක කිලෝවක් ඩොලර් පන්දාහේ සිට විසිපන්දාහ දක්වා අපේ රටේ පාලකයින් 52 වසරක් ටොන් එකක් විකුණන්නෙ Dollar 2000කට.. ඉගෙන ගනිල්ලා... මේවයි නුඹලා කතාකරන්න ඕනෑ...

:       4       34

asankaSunday, 22 November 2020 03:06 AM

වර්තමානයේ ලෝක වෙළෙඳපලේ ඉහළම ගුණාත්කමකින් යුත් (වැඩිම කාබන් අන්තර්ගත) මිනිරන් ටොන් එකක් වන්නේ ඩොලර් 5000ක් පමණ ගණනක්.... ඩොලර් 25000ක් යනු සත්‍ය වෙළෙඳ මිලක් නොවේ...

:       0       0

විජිත් Friday, 20 November 2020 05:50 PM

දැන් මෙයා සමගි ජනබලවේගයේ නැහැ. පක්ෂය පාවාදීමේ චෝදනාවට එහෙන් පන්නලා දැම්මා. මට හිතෙන්නේ මේ අදහස එයාගේ ඔළුවට දමන්න ඇත්තේ " කරුණා " විසින්...

:       0       23

Perera Friday, 20 November 2020 06:29 PM

නියම අදහස ... කොකේන්, මර්ජුවානා වගේ මත්ද්‍රව්‍ය වලටත් ඉතා හොඳ මිලක් ලෝකයේ තියෙනවා. ඒවත් ප්‍රවර්ධනය කරලා අපනයනය කරන්න ක්‍රමවේදයක් ඇති කරන්න මත්ද්‍රව්‍ය ඇමැති කෙනෙකුත් පත්කරලා මුලු රටම ගොඩදාන්න පුළුවන්. ජයවේවා...!!! 

:       3       30

kumara Friday, 20 November 2020 07:18 PM

මෙතුමිය මේ ඖෂධය භාවිතා කරනවද කියා සැකයක් මතුවෙනවා.... නියමයි.

:       3       36

Nandalal DE SILVA - France Friday, 20 November 2020 08:09 PM

මේ නෝනා පාර්ලිමේන්තුවේදී ඔය දේ කියන්න ඉස්සරවෙලා ... ඒවා පාවිච්චි කරලා තියෙන බව නම් පැහැදිලිවම පේනවා.

:       3       25

Buddika Saturday, 21 November 2020 12:14 AM

කොහොමහරි වවපල්ලා. ගොඩගියහැකි. මෙහෙම අයද 20ට පක්ෂව ඡන්දෙ දීලා පාර්ලිමේන්තුවේ ඉන්නේ...? අනේ මෙහෙමත්... ගැහැණු සංහතියටම අපහාසයක්...

:       11       23

Rama Saturday, 21 November 2020 01:39 AM

මෙයාට පහත තියන දේ වෙලා වගෙ "නිව් යෝර්ක් හි ග්ලෙන් ඕක්ස් හි සකර් හිල්සයිඩ් රෝහලේ මනෝචිකිත්සක අංශයේ සහකාර ඒකක ප්‍රධානී වෛද්‍ය ස්කොට් ක්‍රකවර් පැවසුවේ “මරිජුවානා භාවිතය හා සම්බන්ධ විශාලතම අවදානම මනෝ ව්‍යාධිය ඇතිවීමේ අවදානමයි. නව යොවුන් වියේදී මරිජුවානා භාවිතා කරන අයට තවත් සැලකිය යුතු අවදානමක් වන්නේ IQ පහත වැටීමේ සම්භාවිතාව වැඩි වීමයි."

:       5       17

Anuruddha Saturday, 21 November 2020 01:44 AM

හොඳ අදහසක්.

:       12       13

sam Saturday, 21 November 2020 01:56 AM

මේවා අහලා හොඳටම හිනා. ලකුණු දාගන්න මෙයත් අනික් අය වගේම නොකියන එකක් නැහැ. හොඳ හොඳ කතා එළිවෙන ජාමෙට... දැනගන්න පුළුවන් වෙයි.

:       4       19

Prasad Saturday, 21 November 2020 02:03 AM

මෙයත් මේ දවස්වල ඉන්නේ ගංජා ගහලා වගේ.

:       6       24

dhamneth Saturday, 21 November 2020 02:05 AM

රට පටවා විදේශ විනිමය සොයන්න කියා කන්සා වගා කළොත් එයින් කොටසක් අපේ මිනිසුන් අධිපරිභෝජනය කර තම තමන් විනාශ නෙවෙයි කියා කාටද කියන්න පුළුවන්? කලින් ඔය වගේ දෙන්නෙක් හන්දියක් ගානේ බාර් දාන්න අවසර දුන්නා. දැන් මොකද වෙලා තියෙන්නේ? රටේ තරුණ පරපුර කුඩුවලට ඇබ්බැහි වෙලාද? ඔයාගේ ඔය යෝජනාවෙන් අපේ රටට නම් ප්‍රයෝජනයක් ගන්න බැහැ.

:       7       18

some ayiyaSaturday, 21 November 2020 10:21 AM

කේරල ගංජාද?

:       0       5

අප්පුහාමිSunday, 22 November 2020 02:17 AM

අනේ ධම්නෙත් නොදන්නාදේ නොකියා හිටයොත් හොඳයි... ආදී සිංහළුන් පිටදීප දේශ ජයගත්තා යන්ත්‍රසූත්‍ර නැතිව මුහුදු වගේ වැව් හැදුවා අහස උසට වෙහෙරවිහාර හැදුවා.. නැහැ කියන්න ඔබට තියෙන සාක්ෂි මොනවද? ඒ කාලවල අපේ මුතුන්මිත්තන් ඒවා කලේ දේශීය ආහාර හා ඖෂධ බලයෙන්... ඔය කියන කංසා වලින් ශක්තිය වඩන බෙහෙත් හදන්න පුළුවනි. සුද්දන් කංසා තහනම් කලේ සිංහලයාගේ ශක්තිය නසා රට යටත්ව තබා ගැනීමටයි. දැන්වත් දේශීය දේ ඇතිකිරීමට අකුල් හෙලන්න එපා මහත්තයෝ..

:       0       0

sunil Saturday, 21 November 2020 02:50 AM

සහමුලින්ම මෝඩ අවවාදයක්...

:       8       15

Roopa Saturday, 21 November 2020 02:57 AM

කොහොමද ටිකිරි මොළේ.. ?

:       4       24

eresh S kumara Saturday, 21 November 2020 03:36 AM

ඒක නම් මරු ...

:       3       17

De Saturday, 21 November 2020 05:13 AM

තව ගොඩක් ක්‍රම තියෙනවා. ඔය වගේ අයට ණය ගෙවනවා නම්...!!! 

:       2       63

sachith Saturday, 21 November 2020 07:01 AM

මේ ගොන් කතාවට ජයලාල් රෝහණ මහත්තයා හොඳ පිළිතුරක් දෙනවා. ඔච්චරම වවලා අපනයනය කරලා ආදායම හොයන්න ඕනෑ නම්...

:       2       13

kamal Saturday, 21 November 2020 09:18 AM

තමන්ට ඕනෑ කහ ටිකයි, පරිප්පු ටිකයි තාම වවා ගන්න බැහැ. ලෝකයටම කංසා අපනයනය කරන්නයි කල්පනාව...

:       3       25

BamunuarachchiSunday, 22 November 2020 01:30 AM

අපිට වවා ගන්න බැරිවුනේ ඒ ද්‍රව්‍ය පිටරටින් ගෙන්වපු නිසා. එකක් කියන්න ඕනේ පිටරටින් ගෙන්වන ද්‍රව්‍ය ලංකාවේ වගාකර වෙළඳ පලට එනවාට වඩා ලාබයි. එයට හේතුව අතරමැදියායි.

:       0       0

some aiya Saturday, 21 November 2020 10:19 AM

ඔය කංසා වගා කරන්න එපා. අපි ඉන්දියාවෙන් KG ගේමු. මුහුදෙන්

:       0       11

stg Saturday, 21 November 2020 12:23 PM

ඇත්තටම අදහස හොඳයි.... පිටරටවල ‘‘මෙඩිසින් මර්ජුවානා..‘‘ කියලා පර්මිට් එකක් දොස්තරලා සමහර ලෙඩ්ඩුන්ට දෙනවා. එය ඖෂධයක් නිසයි එහෙම දෙන්නේ. කලු රත්තරනුත් පුළුවන් නම් විකුණමු. ඒ ඔක්කොම හොඳ දේවල්. අහිංසක ගැහැණු අරාබියට යවනවට වඩා හොඳයි.

:       4       9

Kamal Koyrala Saturday, 21 November 2020 02:21 PM

ඔන්න ඔබතුමිය පක්ෂය සජිත් ට කුලියට නොදී කරූ ජයසුරිය මහත්තයට දුන්නා නම් ඔහොම වෙන්නේ නැහැ.

:       0       4

chandana Saturday, 21 November 2020 04:42 PM

කවුරුවත් ප්‍රවෘත්තියේ 4 වන ඡේදය කියවලා නැහැ. 4 වන ඡේදයෙන් කියන්නෙ “එය රජ්‍ය මැදිහත් වීමෙන්, වෛද්‍ය විද්‍යාත්මක භාවිතයක් සඳහාම පමණක්, ආර්ථිකය ශක්තිමක් කිරීමට බව එක හෙළාම සභාව හමුවේ නැවත වරක් ප්‍රකාශ කරනවා”. පසුගිය රජයේ රට විකුනන ප්‍රතිපත්තියට වඩා මේ අදහස දහස්ගුණයකින් වටිනවා.

:       12       7

pakeerTuesday, 24 November 2020 01:19 PM

එතකොට තහනම් නොකරපු නිසාද ලංකාවේ අය අරක්කු බොන්න පෝලිමේ ඉන්නේ..? දැකලා දැකලා එපාවෙලා නිකන්ම යන්න දෙයිද? මෝඩ කතා කියන්න එපා.

:       0       0

Nimal Saturday, 21 November 2020 05:10 PM

මේ අය හිතන් ඉන්නේ ලංකාවේ විතරයි කංසා වවන්නේ කියලා.

:       0       5

Lal Saturday, 21 November 2020 05:57 PM

පබා 2 මෙයා.

:       2       6

දුටුගැමුණු Saturday, 21 November 2020 10:06 PM

ලංකාව ණය උගුලට හිරකරපු බටහිර යුරෝපා සුද්දන් කීයටවත් ඕක ගන්නේ නෑ..

:       0       0

sharm warn Monday, 23 November 2020 05:09 AM

මෙයාගේ ක්‍රියාවලිය අනුමත කරන්නේ නැහැ... මේ කතාවට මමත් එකඟයි. කංසා කියන්නේ මේ රටේ නිදහසේ භාවිතා වුණු ඖෂධයක්. ඒක තහනම් වුණේ සුද්දගේ නීතියෙන් ... වික්ටෝරියා රැජිණගේ ප්‍රධාන ආදායම් මාර්ගය වුණේ ඔපියම් විකුණන එක. එයාගේ වෙළඳාම රැකගන්න යටත්විජිතවල කංසා තහනම් කළා. ඒ තහනම නිසා අද කංසා භාවිතය උත්සන්න වෙලා. තහනමක් නැති වුණා නම් මිනිස්සු මෙච්චර ගංජාවලට පෙළඹෙන්නේ නැතිවෙන්න හොඳටම ඉඩකඩ තිබුණා. දැන්වත් ඒ ගැන හරියට ක්‍රියාත්මක වෙනවා නම් ආර්ථිකය ගොඩගන්න දෙයක් කරන්න තිබුණා.

:       2       3

Damith Tuesday, 24 November 2020 07:31 AM

මම කිව්වා මේ කාන්තාවට මේ බෙහෙත් දිනපතා පාවිච්චි කරන්න එපා කියලා. බලන්න මොකද වෙන්නේ කියලා.. මේක තමයි ප්‍රතිඵලය.

:       1       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වඩයයි - පේලේන්ටියයි අටසීයට දුන් සංචාරක මඟ පෙන්වන්නා කූඩුවට
2024 අප්‍රේල් මස 18 1245 0

බෙල්ජියම් ජාතිකයකුට රුපියල් 800 ක මුදලකට උළුඳු වඩේ එකක් සහ ප්ලේන්ටියක් අලෙවි කළ බව කියන සංචාරක මග පෙන්වන්නකු අත්අඩංගුවට ගත් බව සංචාරක පොලිසියේ නිලධාරි


එල්ලුම් ගහට කොකා පෙන්නූ චුදිතයෙක් දසක තුනකට පසු මාට්ටු
2024 අප්‍රේල් මස 18 568 0

විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවකු අමානුෂික ලෙස ඝාතනය කර ශරීරය කොටස්වලට කපා සඟවා තැබීම සම්බන්ධයෙන් මහාධිකරණ මරණ දඩුවම නියමව වසර 35 ක් සැගව සිටි චූදිතයකු පූ


ශ්‍රීලනිපයට වෙන්න යන දේ දයාසිරි මතක් කරයි
2024 අප්‍රේල් මස 18 484 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නායකයා ඉවත් කර මේ කොහේවත් ඉන්න නිදිකුම්බා නායකයකු පක්ෂයේ නායකයා කරගෙන පක්ෂය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඔඩොක්කුවේ තැබීම


සිසුවා කාසල්රී ජලාශයේ සැඟවේ
2024 අප්‍රේල් මස 18 290 0

කාසල්රි ජලාශයේ දිය නෑමට ගොස් පාසල් සිසුවකු අතුරුදහන් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


කුඩ්ඩාට සපෝට් කළ එස්.අයි සහ සාජන් මාට්ටු
2024 අප්‍රේල් මස 18 512 0

මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන ජාවාරම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටින සැකකරුවකුට ඩුබායි සිටින මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකු දුරක


අනතුරින් තුවාල ලැබූ සිසුවා මියයයි
2024 අප්‍රේල් මස 18 477 0

හික්කඩුව -බද්දෙගම මාර්ගයේ ගෝනපිනුවල ප්‍රදේශයේදී යතුරු පැදියක් ලොරියක ගැටීමෙන් තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් ස


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1500 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1402 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site