IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


එ.ජා. මහලේකම්ගේ ශ්‍රී ලංකාව සම්බන්ධ කරුණු ප්‍රතික්ෂේප කරයි

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කෙරුණු එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගේ වාර්ෂික වාර්තාවේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඇතුළත් සියලු කරුණු ප්‍රතික්ෂේප කරන බව රජය අවධාරණය කරයි.

රජයේ වෙනුවෙන් අදහස් දක්වමින් ජිනීවාහි ශ්‍රී ලංකා වැඩබලන නිත්‍ය නියෝජිත දයානි මෙන්ඩිස් මහත්මිය ඒ බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී ඊයේ (30) දැනුම් දුන්නාය.

අදාළ වාර්තාවේ සඳහන් “බිය ගැන්වීම්”, “ආවේක්ෂණය”, “හිරිහැර කිරීම් පිළිබඳ පැමිණිලි” සහ “පළිගැනීම්” සම්බන්ධයෙන්, නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන්ට හෝ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කොමිසම හෝ ජාතික පොලිස් කොමිසම වැනි ස්වාධීන ජාතික ආයතන වෙත විධිමත් ලෙස පැමිණිලි කිරීමට අදාළ පාර්ශ්වවලට ආරාධනා කිරීමට රජය අපේක්ෂා කරන අතර, ඒ අනුව චූදිත සිදුවීම් පිළිබඳව විමර්ශනය කිරීමට පියවර ගත හැකි බව ද දයානි මෙන්ඩිස් මහත්මිය කවුන්සිලය හමුවේ පැවැසුවාය.

ජගත් මහලේකම්වරයාගේ වාර්තාවේ ඇති කරුණු රජය දැනටමත් ප්‍රසිද්ධියේ ප්‍රතික්ෂේප කර තිබෙන අතර, අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ සිවිල් සමාජ අවකාශය ආරක්ෂා කිරීමට සහ ප්‍රවර්ධනය කිරීමට කැපවී කටයුතු කරමින්, ජනමාධ්‍යවේදීන්, මානව හිමිකම් ආරක්ෂා කරන්නන් සහ සිවිල් සමාජයට වෙත එල්ල කෙරෙන බවට චෝදනා කෙරෙන ප්‍රහාර සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි පිළිබඳව විමර්ශනය කර නඩු පවරන බවට සහතික වන බවත් ඇය ප්‍රකාශ කළාය.

විශේෂයෙන්ම පාස්කු ඉරුදින එල්ල වූ විනාශකාරී ත්‍රස්ත ප්‍රහාරයෙන් අනතුරුව, ජාතික ආරක්ෂාව සඳහා ක්‍රියාත්මක වන සාමාන්‍ය ආරක්ෂක ජාලවලට අමතරව, ආරක්ෂක හමුදා සහ බුද්ධි අංශ මෙරට නිශ්චිත පුද්ගලයන් පිරිසක් අධීක්ෂණය කිරීමේ නිරත නොවන බව ද යළි අවධාරණය කරන බව ද මෙන්ඩිස් මහත්මිය ශ්‍රී ලංකා රජයේ නිරීක්ෂණ දැනුම් දෙමින් කීවාය.

ලොව පුරා ව්‍යාප්ත වෙමින් තිබෙන රැඩිකල් හා අන්තවාදී කොටස්වල උපායමාර්ගවල නවීනත්වය මධ්‍යයේ, සිය ජාතික ආරක්ෂක අවශ්‍යතා අනතුරේ හෙළන ඕනෑම රටකට කනගාටුදායක ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවන බව අප විශ්වාස කරන්නේ යැයි ද ඇය කවුන්සිලයට දැනුම් දුන්නාය.

එබැවින්, මෙම සන්දර්භය තුළ දී එම මූලික යථාර්ථය පිළිබඳව සැලකිලිමත් වන ලෙස රජය සියලු පාර්ශ්වවලින් ඉල්ලා සිටින බව ද ඇය තවදුරටත් කවුන්සිලය හමුවේ කීවාය.

(055)



අදහස් (10)

එ.ජා. මහලේකම්ගේ ශ්‍රී ලංකාව සම්බන්ධ කරුණු ප්‍රතික්ෂේප කරයි

de silva Thursday, 01 October 2020 02:08 PM

අපි හරිම සාධාරණ නිදහස් රටක්.., මිනී මරුවෙක්ට වුණත් පාර්ලිමේන්තු ඇවිත් නිදහසේ අදහස් ප්‍රකාශ කරන්න ඉඩ දීලා තියෙනවා. අපිට එක එක බොරු චෝදනා දාන්න එපා.

:       4       10

de silva Thursday, 01 October 2020 02:23 PM

මහබැංකු හොරු... ඒ අයගෙන් පගා ගත් පුද්ගලයන්, පාස්කු ප්‍රහාරවලට සම්බන්ධ මිනිස්සු... ඒවට වගකියන්න ඕනේ මිනිස්සු, පුරාවිද්‍යා ස්මාරක ඩෝසර් කරන මිනිස්සු හැමෝම නිදහසේ ඉන්නවා. මෙහෙ තරම් මානව හිමිකම් ආරක්ෂා කරන රටක් මුලු ලෝකෙම නැහැ..

:       4       8

Raveendra Thursday, 01 October 2020 02:42 PM

පුල්ලි මාස්ටර්ලාගේ ගතු කේලම් හා ඩොලර් වලින් ජීවිත ගෙවා ගන්නා "මුසල NGO ටකරන් මඩුකාරයින්ගේ" නියෝජිතයන්ගේ ගතු කේලම් ඉහළින්ම පිළිගනිමින් ඇම්ඩන්ලා මුට්ටිය දාලා බලන්නේ කෙසේ හෝ අපගේ මාතෘභූමිය පගාගැනීමට නොවේද?

:       7       9

නන්නාදුනන හාදයා Thursday, 01 October 2020 03:13 PM

මේවා බොරු වෙන්නේ කොහොමද...?

:       6       5

Perera Thursday, 01 October 2020 06:21 PM

ඇමරිකාවේ එහෙම වුනත් ලංකාවේ එහෙම වෙන්නේ නැහැ.

:       5       4

arschfikaa Thursday, 01 October 2020 06:25 PM

අයියෝ ඕක සුළු වැඩක්නේ.

:       4       3

Bamunuarachchi Friday, 02 October 2020 02:12 AM

මෙන්න කොන්ද පන තිබෙන නායකයෝ.

:       11       10

sharm warn Friday, 02 October 2020 05:10 AM

දයානි මහත්මියනි, ඔබට ස්තුතියි. රට වෙනුවෙන් කතා කරනවට.

:       16       13

Rata Perata Friday, 02 October 2020 06:23 AM

අපේ රටට හැමදාම කෙලවෙන්නේ මෙහෙම තමයි.

:       5       18

isuru Friday, 02 October 2020 05:32 PM

ආයෙමත් විදුලි පුටුව එන්න වගේ හදන්නේ ජනතාව මුලා කරන්න

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 270 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 368 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 917 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 836 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


’’කාදිනල් තුමන් ජ.වි.පෙට රැවටෙන්න යනවාද?’’
2024 අප්‍රේල් මස 19 679 3

ගෝඨාභයට රැවටුන බව ප්‍රසිද්ධියේ පිළිගත් කාදිනල් තුමන් මේ වාරයේ ජනතා විමුක්ති පෙරමුණට රැවටෙන්නට යනවාදැයි ප්‍රබල සැකයක් මතුවන බව එක්සත් ජාතික පක්ෂ මහ ල


සිසුන්ගේ පෝෂණයට සහල් බෙදීම ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 331 1

පාසල් සිසුන්ට පෝෂ්‍යදායි ආහාර වේලක් ලබා දීමේ වැඩසටහන වෙනුවෙන් ලෝක ආහාර වැඩසටහන මගින් ප්‍රදානය කළ සබලකරණය කරන ලද සහල් පාසල් වෙත නිකුත් කිරීම වේයන්ගොඩ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 216 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1531 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1421 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site