IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


එ.ජා.පෙ නැවතත් විදෙස් තානාපතිවරු හමුවෙති

(අංජුල මහික වීරරත්න)
 
ප්‍රජාතන්ත්‍රවාදය අගයන ශ්‍රී ලාංකිකයන් මෙන්ම ජාත්‍යන්තර ප්‍රජාව අපේක්ෂා කරන ආකාරයට ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ක්‍රියා කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තවමත් සූදානම් නැති බව පෙන්නුම් කර ඇතැයි එක්සත් ජාතික පෙරමුණ, කොළඹ සිටින තානාපති ප්‍රජාවට ප්‍රකාශ කළේය.   

                   
පාර්ලිමේන්තුවේ වැඩි පිරිසක් තමා සමඟ සිටියද ජනාධිපතිවරයා ඒ තත්ත්වයට මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් දක්වා නැතැයි ද එක්සත් ජාතික පෙරමුණ ජාත්‍යන්තරයට දැනුම් දුන්නේය.   

                                      
එක්සත් ජාතික පෙරමුණ මේ අදහස් පළ කළේ කොළඹ අරලියගහ මැදුරේ පැවැති විශේෂ සාකච්ඡාවේදීය.   

                               
ව්‍යවස්ථානුකූල අගමැති ඉවත් කර ප්‍රජාතන්ත්‍රවිරෝධී අයුරින් රටේ ඇති වී තිබෙන තත්ත්වය දැනුම්දීම සඳහා මෙම තානාපති හමුව කැඳවා තිබිණි.                           
එක්සත් ජාතික පෙරමුණේ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මේ සාකච්ඡාවට ලොව ප්‍රමුඛතම රටවල මෙරට සිටින සියලුම තානාපතිවරු සහ මහ කොමසාරිස්වරු සහභාගී වූහ.       

        
තානාපතිවරුන් සහ මහ කොමසාරිස්වරුන් නියෝජනය නොකළ රටවල තානාපති කාර්යාල වෙනුවෙන් ප්‍රධාන ලේකම්වරුන් සහභාගී වී සිටි බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය. 

               
එක්සත් ජාතික පෙරමුණේ නායකයින්ගේ අදහස් දැක්වීමෙන් පසු අදහස් දැක්වූ ප්‍රධාන තානාපතිවරුන් කියා ඇත්තේ ජනපති විසින් අවසානයේදී හෝ හරි දේ කරනු ඇතැයි තම රටවල් අපේක්ෂා කරන බවයි.
 



අදහස් (16)

එ.ජා.පෙ නැවතත් විදෙස් තානාපතිවරු හමුවෙති

Mahee Thursday, 06 December 2018 08:29 AM

ජනාධිපතිවරයා මුල සිටම කල දේ ව්‍යවස්තානුකුලව වැරදියි කියලයි අපි හිතනවා. කීර්තිමත් නාමයක් ගොඩ නගාගෙන සිටි මහින්ද රාජපක්ෂ බලයට එන්න තිබෙන කෑදරකම නිසා කොලේ ඉරා ගත්ත මදිවට ගෝල බාලයො ටිකත් එක්ක එකතු වෙලා හත් පොලේ ගා ගන්නවා කියලත් අපි හිතනවා. හැබැයි, රනිල් ලෝකෙ ඉස්සරහට ගිහින් අපේ රට කන්න හදන වැඩෙත් ඉතාම කැතයි කියලත් අපි හිතනවා.

:       361       294

NishanFriday, 07 December 2018 12:45 AM

විදේශ මැදිහත්වීම විතරයි ව්‍යවස්ථා විරෝධී ඒකාධිපතියන් බය වෙන එකම දේ. එම නිසා මේ අවස්ථාවේ විදේශ මැදිහත්වීම ජනතාවගේ සහ රටේ අනාගතයේ වාසනාවක් යයි සිතන්න.

:       47       0

Sidath Bandara Thursday, 06 December 2018 08:30 AM

ජාත්‍යන්තර ප්‍රජාවගෙන්ම ඡන්දෙත් ඉල්ලගත්ත නම් හරිනෙ.

:       384       788

Sika Thursday, 06 December 2018 08:40 AM

හයියෝ මේ අය රට පාලනය කලේ ජාත්‍යන්තරේට ඕන විදියට බව දැන් පැහැදිලියි

:       613       889

පෙරුමාල් Thursday, 06 December 2018 08:43 AM

ජනපති අවසානයට හරි දේ කරයි වැරදි විධියට වැරදි වෙලාවට

:       104       32

Anjula Thursday, 06 December 2018 09:14 AM

රටට හෙන හත වැදුණත් කමක් නැහැ අගමැති කම ලැබෙනවනම්. අනේ මෙහෙමත් නායකයෝ.........

:       307       711

jayathilaka Thursday, 06 December 2018 09:49 AM

ඉස්සෙල්ලම ඔබතුමා පැහැදිලි කරලා ඉන්නකෝ, උතුරට ෆෙඩරල් සමග නව ව්‍යවස්තාවක් යන දෙමල සන්ධානයත් සමග තිබෙන එකගතාවය මොකද්ද කියලා.

:       374       780

Priya Thursday, 06 December 2018 10:38 AM

මෙච්චර තමා දන්නෙ. හැම වෙලේම ජාත්‍යන්තරය. පිස්සුද මන්ද? ජාත්‍යන්තරේට නැතුව අපේ රටේ ජනතාව අතරට ගිහිල්ල දැන ගන්න රටට කුමක්ද අවශ්‍ය කියල!. පාර්ලිමෙන්තුවට යැව්වෙ ජනතාව, ජාත්‍යන්තරය නොවෙයි.

:       17       100

wedage Thursday, 06 December 2018 11:31 AM

ඡන්දය ඉල්ලන්න එපා අපෙන් විදෙස් තානාපතිවරුන්ගෙන් ඡන්දය ඉල්ලගන්න

:       0       0

Dinusha Thursday, 06 December 2018 01:04 PM

ජයතිලක මහත්තයා ඔබ ඔය ව්‍යවස්ථාව දැක තිබේද? මං දන්නා අඳුනන අය නම් කියන්නේ නෑ කියලා. පුලුවන් නම් කරුණාකර මේ ගැන තවත් විස්තර කරන්න. මාත් ආසයි කියවන්න.

:       0       0

jaya Friday, 07 December 2018 12:47 AM

වැරදි අර්ථ කතන දෙන්න එපා. ගැටලුවක් ඇතුලෙන් නොවිසදෙනකොටනේ පිටට යන්නනේ.

:       0       0

Bandula. Friday, 07 December 2018 03:11 AM

පරගැති භාවයෙන් මිදෙන්න තම බැරි එක ගැන නම් ගොඩක් කණගාටුවෙනවා. අනේ මන්ද රට පාලනය කරනවා කියන්නේ එක එකාට අවශ්‍ය ආකාරයට පාලනය කරන එකද කියලා හන්නේ දන්නේ නැති නිසා.

:       0       125

සමන් Friday, 07 December 2018 03:35 AM

අපිත් පොඩි කාලෙ කාලෙ කවුරුහරි ටොක්කක් ඇන්නොත් අඩාගෙන දූවල ගිහින් ලොකු සර්ට කියනවා නෙ

:       0       6

jayasekara Friday, 07 December 2018 04:10 AM

මේ කට්ටිය යවන්න ඕන නැහැ .. බිමනේ ඉන්නේ....

:       0       4

Dissanayaka Friday, 07 December 2018 06:00 AM

ඡන්දයකට යන්නේ නැතුව ජාත්‍යන්තරේ පස්සේ යනවා . රටට හෙන හත වැදුණත් කමක් නැහැ බලය හම්බවෙනවානම්. රට පාලනය කලේ ජාත්‍යන්තරේට ඕන විදියට බව දැන් පැහැදිලියි

:       0       10

Bamunuarachchi Saturday, 08 December 2018 12:29 AM

තානාපතිවරුනි, මෙරට යායුතු අත නැතිනම් පැවතිය යුතු ක්‍රමය තීරණය කරන්නේ රටේ ජනතාව මිස විවිධ දේශපාලන අදහස් ඇතිව මෙරටට පැමිණි ඔබලා නොවෙයි. ඔබලා මෙහි පැමිණියේ ඔබ රට හා අපරට අතර රාජ්‍ය සම්බන්ධතා තියාගැනීමට මිස අපේ රට පාලනය කරන හැටි කියාදීමට නොවේ. 2015 දී අලුත් බාසෙකුට මේ රට බාර දුන්නේ මේ රට හොඳට හදන්නයි. නමුත් කලේ අවුරුදු 4ටම කිසිම හැදිල්ලක් නොකර පරණ බාස් බැන්ද ගල්ටිකත් ගලවා විකිණීමයි. එසේනම් කවුරුත් කරන්නේ බාස් සමග මොන ගිවිසුම් තිබුනත් ඌ එලවා දැමීමයි. බාසා උසාවි ගියාදෙන්...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දූපත් පහකින් රජයට කෝටි හයක පොල්ලක්
2024 අප්‍රේල් මස 20 439 0

කල්පිටියේ දූපත් පහක් බද්දට ගත් ආයෝජකයන් පස්දෙනකු රුපියල් හය කෝටියකට ආසන්න බදු මුදලක් සංචාරක සංවර්ධන අධිකාරියට ගෙවීම හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය


ජනපති අඹේවෙල ගොවිපොළේ නිරීක්ෂණයක
2024 අප්‍රේල් මස 20 859 2

ලෝකයේ අති නවීනම තාක්ෂණය සහිත අඹේවෙල කිරි ගොවිපොළ සමූහයේ සංවර්ධන කටයුතු පිළිබඳ සොයා බැලීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (20) පෙරවරුවේ එහි නිරීක්ෂ


ඉදිකිරීම් භාණ්ඩවලට මිල සූත්‍රයක්
2024 අප්‍රේල් මස 20 639 0

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීමට වෙළඳ අමාත්‍යාංශය තීරණය කර ඇත


ට්‍රම්ප්ට එරෙහි නඩුව අසද්දී පුද්ගලයකු ගිනි තබා ‌ගෙන
2024 අප්‍රේල් මස 20 1489 1

ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක


ඉරානයේ යුද ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 20 2986 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා


උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 1923 2

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 236 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1551 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1455 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site