IMG-LOGO

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා


එළිසබෙත් රැජිනගෙන් පසු පොදු රාජ්‍ය මණ්ඩලයේ ප්‍රධානියා තේරීමට රහස් සාකච්ඡාවක්

ලන්ඩන්හිදීය (ඒ.එෆ්.පී/රොයිටර්) 
 
බ්‍රිතාන්‍යයේ දෙවැනි එළිසබෙත් මහ රැජිනගෙන් පසු පොදු රාජ්‍ය මණ්ඩලයේ ප්‍රධානියා ලෙස පත්විය යුත්තේ කවුදැයි තීරණය කිරීම සඳහා රහස් සාකච්ඡා පවත්වා ඇතැයි වාර්තා වේ. 
 
ලන්ඩන් නුවරට එක් රැස් වූ පොදු රාජ්‍ය මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ස්ථාන කිහිපයකදී මෙම සාකච්ඡා පවත්වා තිබේ. බි්‍රතාන්‍ය මහ රැජිනගේ මරණයෙන් පසු ඊට පත්විය යුත්තේ කවුරුන්දැයි සම්බන්ධයෙන් මේ වනවිට ගැටලුවක් මතුවී තිබේ. 
 
වසර 1953 දී ඔටුණු පැළැඳීමෙන් පසු මේ දක්වා පොදු රාජ්‍ය මණ්ඩලයේ ප්‍රධානියා වශයෙන් කටයුතු කළේ මහ රැජිනය. එම අවස්ථාවේදී පොදු රාජ්‍ය මණ්ඩලයේ සාමාජික රටවල් 8ක් වූ අතර ඇය ඉන් 7කම රාජ්‍ය නායිකාවද වූවාය.  
 
රැජින මියගිය විට ඔටුන්න ඉබේම වේල්සයේ කුමරු එසේත් නැතිනම් චාල්ස් කුමරුට හිමි වේ. මේ වනවිට පොදු රාජ්‍ය මණ්ඩලයීය සංවිධානය රටවල් 53කින් සමන්විත වන අතර ඔටුණු පැළැඳීමෙන් පසු චාල්ස් කුමරු රටවල් 15ක රාජ්‍ය නායකයා ලෙස ද පත්වනු ඇත. 
 
කෙසේ නමුත් පොදු රාජ්‍ය මණ්ඩලයේ ලේකම්වරයා මෙම පුවත් වාර්තා ප්‍රතික්ෂේප කරයි. පොදු රාජ්‍ය මණ්ඩලයේ මීළඟ නායකයා කවුදැයි තීරණය කිරීම පිළිබඳව කිසිදු සාකච්ඡාවක් නොපැවැත්වුණු බව ඔහු පවසා තිබේ. 
 
 
055



අදහස් (5)

එළිසබෙත් රැජිනගෙන් පසු පොදු රාජ්‍ය මණ්ඩලයේ ප්‍රධානියා තේරීමට රහස් සාකච්ඡාවක්

නුමා Wednesday, 14 February 2018 11:21 PM

ලංකාවෙ ඕනනම් ඉන්නව කෙනෙක්, ප්‍රාදේශීය සභා ඡන්දයක් දිනල අගමැතිකම ඉල්ලන. එයත් ඔය තනතුරට ගැලපෙනව කැමතිනම්. ලංකාව පැත්තෙනුත් යහපතක් වෙන්නෙ පත්කර ගන්නවනම්.

:       0       0

බණ්ඩා Thursday, 15 February 2018 01:59 AM

අපේ ලොක්කා තමයි ඉතිං තේරෙන්න ඉන්නේ...

:       0       0

KANDEPOLA Thursday, 15 February 2018 02:54 AM

දැන් අපිට ඊළඟට තියෙන ලොකුම ප්‍රශ්නය..ඒකද?

:       0       0

don Thursday, 15 February 2018 02:57 AM

ආප්ප සිරා.. මම තරයේම මීට යෝජනා කරමි.

:       0       0

කුමාර් (ගල්ෆ්) Thursday, 15 February 2018 07:23 AM

අර චාල්ස් නම් මේ වැඩේට ගාවගන්න එපා.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සිසුවා කාසල්රී ජලාශයේ සැඟවේ
2024 අප්‍රේල් මස 18 103 0

කාසල්රි ජලාශයේ දිය නෑමට ගොස් පාසල් සිසුවකු අතුරුදහන් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


කුඩ්ඩාට සපෝට් කළ එස්.අයි සහ සාජන් මාට්ටු
2024 අප්‍රේල් මස 18 136 0

මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන ජාවාරම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටින සැකකරුවකුට ඩුබායි සිටින මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකු දුරක


අනතුරින් තුවාල ලැබූ සිසුවා මියයයි
2024 අප්‍රේල් මස 18 257 0

හික්කඩුව -බද්දෙගම මාර්ගයේ ගෝනපිනුවල ප්‍රදේශයේදී යතුරු පැදියක් ලොරියක ගැටීමෙන් තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් ස


හමුදාව හැරගිය අයට සමා කාලයක්
2024 අප්‍රේල් මස 18 78 0

නිවාඩු නොගෙන සේවයට වාර්තා නොකර සිටින යුද හමුදා සාමාජිකයන්ට හෙට (20) සිට ලබන මස 20 වැනිදා දක්වා යුද හමුදා සේවයෙන් නීත්‍යානුකූලව ඉවත්වීමට පොදු සමා කාලයක් ප්


ප්‍රදීප් කුරුකුලසූරියට යූ.එන් ලොකු වගකීමක්
2024 අප්‍රේල් මස 18 251 0

එක්සත් ජාතීන්ගේ ප්‍රාග්ධන අරමුදලේ විධායක ලේකම්වරයා ලෙස ආචාර්ය ප්‍රදීප් කුරුකුලසූරිය මහතා පත්කළ බව එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශ කළේය.


ඩයලොග් අලුත් මාවතකට
2024 අප්‍රේල් මස 18 463 0

ඩයලොග් ආසිආටා පීඑල්සී, ආසිආටා බර්හාඩ් සමූහය සහ භාරතී එයාර්ටෙල් සමාගම ශ්‍රී ලංකාවේ තම මෙහෙයුම් ඒකාබද්ධ කිරීමට අදාළ නිශ්චිත ගිවිසුමකට අද (18) අත්සන් කළේය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 202 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1496 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1402 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site