IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


එස්.බී. දෙවැනි වතාවටත් වැඩ වරද්දා ගනීවි

(මහනුවර විශේෂ චමිල් රුපසිංහ)

ව්‍යවස්ථා විරෝධිව කටයුතු කල ජනපතිවරයා සමස්ථ රටත් ජනතාවත් ව්‍යසනයකට පත් කර ඇති බවත් එස්. බී. දිසානායක මහතා  දෙවන වතාවටත් වැඩ වරද්දාගන්න යන බවත් රංගෙ බන්ඩාර මහතා පැවසීය.

රංගේ බණ්ඩාර මහතා මෙසේ පැවසුයේ අද (10) උඩුනුවර එක්සත් ජාතික පක්ෂ පාක්ෂිකයින් විසින් සංවිධානය කර තිබු වත්මන් ජනාධිපතිවරයාට සහ මැති ඇමැතිකම් ගත් අයට විරෝධය පල කිරිම සදහා ගෙලිඔය නගරයේ පැවැති විරෝධතාවයේදිය.

විරෝධතාවයට එක්වු පිරිස් ගෙලිඔය නගරයේ විරෝධතාවය දක්වමින් ගමන් කළ අතර ඉන් අවසානයේ මෙත්‍රිපාල ජනාධිපතිතුමාගේ රුව සහිතව සැදු පඹයෙක්ද පුළුස්සා දමන ලදි.

රටේ ජනතාවගේ ප්‍රජාතන්වාදය සුරැකිම වෙනුවට ව්‍යවස්ථා විරෝධිව කටයුතු කරන ජනපතිට ජනවාරි 5 වෙනිදායින් පසුව පොලොන්නරුවෙන් හෝ කොළඹින් එලියට බැස යන්නට බැරිවෙන ලෙස රටේ ජනතාව කටයුතු කරනවා යයිද රංගේ බණ්ඩාර මහතා පැවැසීය.

එක්සත් ජාතික පක්ෂය තුල අගමැති කමට සුදුසුකම් ඇති කරූ ජයසුරිය, සජිත් ප්‍රේමදාස සහ තවත් තරුණ ඇමැතිවරුන් විශාල ප්‍රමාණයක් ඉන්නවා. අපි ඡන්දයට බය නැහැ... මේ සියල්ලන්ම අගමැතිකමට සුදුසු අය කියලා අපි බය නැතිව කියනවා.. යයි එහිදි අදහස් දැක්වු දයා ගමගේ මහතා  කිය.



අදහස් (17)

එස්.බී. දෙවැනි වතාවටත් වැඩ වරද්දා ගනීවි

Sudda Saturday, 10 November 2018 11:35 AM

ඇයි රනිල් වික්‍රමසිංහ සුදුසු නැද්ද? එයාගේ නම කපන්නද යන්නේ?

:       558       651

senarath Saturday, 10 November 2018 11:36 AM

මොකෝ මේ බයවෙලා...? බය නැතිව ඡන්දෙට යන්නකෝ...

:       3113       3624

lakmal Saturday, 10 November 2018 11:53 AM

මෙයාට තමන්ගේ කොල්ලා හදාගන්න බැරුව මොන රට හැදිලිද?

:       1737       2343

athura Sunday, 11 November 2018 04:59 AM

කොල්ලව යහමගට අරන් දෙන්නද කෝටි ගානකට මහින්ද මහත්මයා මෙයාව ගන්න හැදුවේ .......

:       179       73

menna Saturday, 10 November 2018 12:27 PM

ලංකාවේ මිනිසුන්ට වෙන වැඩ නැහැ. ප්‍රශ්නයක් නැති කමම ප්‍රශ්නයක්ද කියල හිතෙනවා. ප්‍රජාතන්ත්‍රවාදය කතා කරන මිනිසුන්ම ඒ මිනිසුන් විසින් පත් කල ජනාධිපති ගත් තීරණයට විරුද්ධව පාරවල් ගානේ රස්තියාදු ගහනවා. ලෝකෙට ණය වෙන එක අහන්න දෙයක්ද? අපිට අබ සරණයි. මේ තරම් මිනිසුන්ට කාලය ගෙවා දමන්න විවේකය තියෙනවද? විවේකය වැඩි කමම ප්‍රජාතන්වාදයට තියෙන බාධාවද? දේශපාලකයින්ගේ කතා අහලා ඒ ගොල්ලන්ගේ පස්සේ යන්න තරම් මිනිස්සු කම්මැලිද? හතර වටේ කුණු, ගෙවල්වල ඉඳන් අම්මට හෝ බිරිඳට ගෙවල්, වතුපිටි, ලස්සන කරන්න උදව් කරන්න බැරිද? තමා ජීවත්වෙන ප්‍රදේශයේ පොදු ස්ථාන පිරිසිදු කරන්න ස්වේච්ඡාවෙන් උදව් වෙන්න බැරිද? ප්‍රජාතන්ත්‍රවාදය යනු දේශපාලකයින්ගේ කතාවලට මනෝ ගැහීමද? මනෝ ගසා වටේ යෑමද?

:       0       15

RNG Saturday, 10 November 2018 12:34 PM

එහෙනම් දෙන්න හදපු වෙලාවේ අගමැතිකම ගන්න එපැයි.. ඒකට හිටපු බලලෝභී අගමැති ඉඩ දෙන්නේ නෑ .. ඔයාලට නොතේරුණාට ඒකයි ප්‍රශ්නේ.. රටේ ජනතාව දන්නවා ඒ ගැන..

:       0       29

sirimal Saturday, 10 November 2018 12:36 PM

මේ මහත්තයා වසන්ත සේනානායක එක්ක පවතුවා යයි කියන දුරකථන සංවාදයක් දැන් අන්තර් ජාලයට එකතු කරලා තියෙනවා. එකෙන් නම් හැඟී යන්නේ මෙයත් පනින්න ඔන්න මෙන්න කියල හිටිය කෙනෙක් වගෙයි. මොකද එකේ දෙන්නාම පක්ෂ නායකයා පිළිබඳව ඇති අප්‍රසාදය ප්‍රකාශ කරන බව පැහැදිලිවම ඇසෙනවා. ගියේ නැත්තේ මොන කාරණයක් නිසාද පස්සේ දුරකථන සාකච්චා එලියට දැම්මේ මොකද කියන එක ගැන නම් අපි දන්නේ නැහැ.

:       0       0

Chanak Los angeles Saturday, 10 November 2018 06:17 PM

වැඩ වරදින්නේ දේශපාලකයින්ට නොවේ. ආයුබෝවන් ... හැමදාම දේශපාලකයින්ට රැවටෙන ජනතාවටයි.. නීතිය තවමත් ඔවුන්ට හිතකර ලෙස පවතින නිසා ජනතාවට ඔවුන්ගේ සුභ සිද්ධිය සඳහා ගන්නා ක්‍රියාමාර්ග ඔවුන් විසින් අවහිර කරනවා. නිදර්ශනයක් වශයෙන් පිලිපීනය කොතරම් දුර්දාන්ත පාලනයක් පවතින රටක් වුනත් ජනතාවට ද්‍රෝහී වුනු මාකස් බිරිඳට නීතියෙන් දඬුවම් ලැබුණා.. ඒකට අපේ රටේ හොරකම් කර නඩු දමා තිබෙන දේශපාලකයන් නැවත එම මර්මස්ථාන වලටම පත් වෙලා..

:       0       0

kAVANTISSA Saturday, 10 November 2018 06:39 PM

මෙහෙම පිස්සෝ වාගේ කෑ ගහන උදවියට මොන ප්‍රජාතන්ත්‍රවාදයද?

:       0       0

samantha Saturday, 10 November 2018 07:40 PM

එතකොට කොල්ලෝ හදාගන්න බැරි වාචාලයට දේශපාලනේ කැපයි ද?

:       0       0

Bamunuarachchi Saturday, 10 November 2018 10:16 PM

හලෝ ඇත්තටම රට ව්‍යසනයකින් බේරා ගත්තා. මහා බැංකුව කොල්ලකෑම සාදාරනීය කරන ඔබලාගෙන් මේ අවුරුදු තුනහමාරට රටට උන්සේවය කුමක්ද? ඔබලා සමග ජනාධිපති වැඩකළ කාලය තුල සිදුවූ දේවල් ජනාධිපති කතාවේදී ජනතාවට හෙලිකලා. අපි ඒවා අත්දැකීමෙන් සත්‍යබව පිළිගත්තා. දැන් ඔබලාට මේ කල්පයේ බලයට එන්න ලැබෙන්නේ නැත.

:       0       0

Bamunuarachchi Saturday, 10 November 2018 10:21 PM

සජිත් ප්‍රේමදාස මෙරටේ අගමැතිවෙන්න තිබෙන සුදුසු කම මොකක්ද? තාත්තා ජනාධිපතිවී සිටිය නිසාද? විකාර කියවන්න එපා හලෝ.

:       0       0

Lakmal Sunday, 11 November 2018 01:47 AM

මහින්ද රනිල් හොඳයි ..මෛත්‍රී නරකයි

:       0       46

Lakvidu Sunday, 11 November 2018 02:00 AM

අප්පට සිරි එතන ඉන්න ජන ගංගාව දැක්කහම පුදුම හිතෙනවා මල්ලියෝ...........

:       59       113

Symith Sunday, 11 November 2018 02:01 AM

දැන් ජනතාවට වැදගෙන එන්න ...... මේ පාර කීයක් ගෙදර යයිද?

:       0       47

පිටිගල මිලානෝ Sunday, 11 November 2018 02:07 AM

එස්බී කියන්නේ ජනතාව එලවපු කෙනෙක්.

:       21       128

Bamunuarachchi Sunday, 11 November 2018 06:13 AM

එස්බී විතර නොවෙයි රනිල් සහ සමාගම 30 වතාවක් එලෙව්වයි කියලයි කියන්නේ.

:       63       181

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආරවුලින් එක් දරු පියා මරුට
2024 අප්‍රේල් මස 23 209 0

මින්නේරිය විදුලිබල මණ්ඩලය ආසන්නයේ අද රාත්‍රියේ පුද්ගලයන් තිදෙනකු අතර ඇති වූ ගැටුමක් දුරදිග යාමෙන් තියුණු ආයුධ පහරකින් එක්දරු පියකු ජීවිතක්ෂයට පත්ව


ජනපති පුටුවට හතක් පෝලිමේ
2024 අප්‍රේල් මස 23 436 0

ජනාධිපතිවරණ උණුසුම දිනෙන් දින වැඩිවෙමින් පවතිද්දී එම මැතිවරණය සඳහා ඉදිරිපත්වීමට තීරණය කර ඇති අපේක්ෂකයන් සංඛ්‍යාවද 7 ක් දක්වා ඉහළ ගොස් ඇත.


ජී.එම්.ආර්ගේ මරණය පොලිසියට සැකයිලු
2024 අප්‍රේල් මස 23 541 0

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගේ මරණය සම්බන්ධයෙන් සාධාරණ සැකයක් පවතින බැවින් හදිසි මරණ පරීක්ෂණයක් පමණක් පවත්වා අවසන් කිරීම ප්‍රමාණවත් නැතැයි අනුරා


සජිත් - අනුර විවාදයට සත්කාරකත්වය නීති ශිෂ්‍ය සංගමයෙන්
2024 අප්‍රේල් මස 23 508 0

ජාතික ජන බලවේගය සහ සමගි ජන බලවේගය අතර පැවැත්වීමට නියමිත විවාදය නීති විද්‍යාලයේ පැවැත්වීමට සිය සංගමය, පක්ෂ දෙකේ නායකයන්ට යෝජනා කර ඇති බව ශ්‍රී ලංකා නීත


රටට ඔබින හොඳ අධ්‍යාපන ක්‍රමයක් අවශ්‍යයි
2024 අප්‍රේල් මස 23 151 0

අධ්‍යාපනය දේශපාලන පාපන්දුවක් බවට පත් කර ගතහොත් අවසානයේ පරාජයට පත් වන්නේ රට බැවින් පෞද්ගලික මත පසෙකලා සියලු දෙනා එක්ව සාකච්ඡා කර රටට ඔබින හොඳම අධ්‍යාප


උමාඔය විදුලි ජනන යන්ත්‍ර දෙකට කාන්තා නම්
2024 අප්‍රේල් මස 23 1708 0

උමාඔය භූගත විදුලි බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර දෙක එහි ඉදිකිරීම් ක්‍රියාත්මක වන කාලයේ සේවය කළ සුළු සේවිකාවන් දෙදෙනකුගේ සේවය ඇගයීම වෙනුවෙන් ‘දසුනි’ සහ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 281 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1633 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1516 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site