ශ්‍රී ලංකාවේ දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානයට සබඳතා ඇතැයි සැකකරන පුද්ගලයින් හත්දෙනකු අද (10) අත්අඩංගුවට ගත් බව මැලේසියානු පොලිසිය පවසයි.
එම හත්දෙනා අතර දේශපාලනයේ නිරත පුද්ගලයින් දෙදෙනකු ද සිටින බව රොයිටර් පුවත් සේවය වාර්තා කර ඇත.
2014 වර්ෂයේ සිට මේ දක්වාම මැලේසියාවේ තහනම් සංවිධානයක් ලෙස නම් කර ඇති දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානයට උදව් කිරීම, අනුග්‍රහය දැක්වීම, සාමාජිකයින් බඳවා ගැනීම සහ අරමුදල් රැස් කිරීම යන චෝදනා ඔවුන්ට එල්ල වී ඇත.
ශ්‍රී ලංකාවේදී පරාජය කරන ලද එල්ටීටීඊ සංවිධානය නැවත ක්‍රියාත්මක කරවීමට උත්සාහ දරන බවට වාර්තා වූ ප්‍රථම අවස්ථාව මෙය නොවන බවත් මේ සම්බන්ධව දැඩි ක්‍රියාමාර්ග අනුගමනය කරන බවත් මැලේසියානු පොලිස් ත්‍රස්ත විමර්ශන ඒකකයේ ප්‍රධානී අයෝබ් ඛාන් මහතා මේ සම්බන්ධව අදහස් දක්වමින් පවසා ඇත.
(085)
අනුරාධපුර බන්ධනාගාරයේ එළිමහන් සිර කඳවුරෙ රඳවා සිටි සිරකරුවන් දෙදෙනෙකු ඊයේ (29) දහවල් පලා ගොස් ඇති බව වාර්තාවේ.
රාජ්‍ය අමාත්‍යවරයකුගේ පෞද්ගලික ලේකම්වරියකට, පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු දුරකථනයෙන් තර්ජනය කල බව පවසමින් එම ලේකම්වරිය අද (29) පැමිණිල්ල
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරික සහ කරන්දෙණිය මහජන සෞඛ්‍ය පරීක්ෂක දිලීප රොෂාන් කුමාර මහතාගේ ඝාතනය සම්බන්ධ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර
නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය ලක්ෂ 1,103 ක් හෙවත් රුපියල් කෝටි 11 කට අධික වටිනාකමකින් යුත් වාහන සහ දේපල රැසක් තහනම් කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යංශය
සිරුරින් බද්ධ වුණු, ඇබී සහ බ්‍රිට්නි නමැති ඇමෙරිකන් නිවුන් සොහොයුරියන් දෙදෙනා මවු පදවියට සූදානම් බව විදෙස් මාධ්‍ය පවසයි. මෙම සොහොයුරියන් දෙදෙනාට හිස
දේශීය ගොවීන් සහ දේශීය නිෂ්පාදකයන් ආරක්ෂා කිරීම සඳහා ක්‍රියාත්මක කෙරුණු විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ලබන ජනවාරි මාසයේ සිට අහෝසි කෙරෙන බව මුදල් රාජ්‍ය අමාත්
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
එල්ටීටීඊය සමඟ සබඳතා ඇතැයි සැකපිට 7 ක් මැලේසියාවේදී අත්අඩංගුවට
Bandara Thursday, 10 October 2019 08:47 PM
මෙහෙ ගෙනල්ල නිදහස් කරයි.
Dhammika Perera Thursday, 10 October 2019 09:48 PM
මේ වගේම ප්‍රවෘත්තියක් මීට කලින් තිබ්බ ඡන්දයක් ආසන්නයේ පල වුනා මතකයි.
wishwa Thursday, 10 October 2019 10:08 PM
තමන්ගේ රටටත් ලෝකයටත් ආදරය කරන පාලකයෝ සහ ආරක්ෂකයෝ ඉන්න රටක් ! දිගුකල් වැජඹේවා !!!
R. Senarathna Friday, 11 October 2019 02:02 AM
සංහිදියාව රැක ගැනීමට තිබෙනවා. දෙමල ඡන්ද ටික නිසා දෙමල්ලු තරහ කරගෙන බැහැ එනිසා වහාම නිදහස් කරන්න
sharm warn Friday, 11 October 2019 03:43 AM
මැලේසියාවේ රජයට තේරෙන දේවල් ලංකාවේ රජයට තේරෙන්නේ නැහැ.. හිතා ගන්න පුළුවන් ද මැලේසියාවේ මේ වගේ නැටුමක් නටන්න ගියා නම් කොටින්ට කොහොම සලකන්න තියෙන්න ඇති ද කියලා? ඒ තමයි රට සහ ජාතිය ගැන අවධානයෙන් ඉන්න රටවල්. අපේ තියෙන්නේ රට ජාතිය පාවලා දීලා පුළුවන් නම් ගානකට විකුනලා දාන්න බලාගෙන ඉන්න පාලකයෝ ටිකකුයි , අපිට පෙනෙන්න එක රංගනයක් ඉදිරිපත් කරගෙන යටින් වෙන වෙන ගේම් දෙන විපක්ෂයකුයිනේ. අපි මෙහෙමවත් ඉතුරු වෙලා ඉන්න එකත් පුදුමයක්..
විජිත් Friday, 11 October 2019 05:05 AM
පිළිතුර විකල්පයමයි. මහේෂ් ,නාගානන්ද, පල්ලෙවත්ත, අජිත් කොලොන්නේ ,ගාමිණී විජේසිංහ ,අජන්තා පෙරේරා... මේ අය අවංක චේතනාවකින් රට වෙනුවෙන් කැපකිරීමක් කරන්න පැමිණි අයයි. ඒ අයට අපගේ ඡන්දය දීමෙන් රට වෙනුවෙන් වටිනා යමක් ආයෝජනය කලාකියා අපට සදාකාලිකවම සතුටුවිය හැකියි කියා මම හිතනවා.
BamunuarachchiFriday, 11 October 2019 01:05 PM
කොහොමද දන්නේ අවංක චේතනාවෙන් ආවා කියලා.