(රංජන් කස්තුරි)
එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම රැස්කර ඔවුන්ගේ රහස් ඡන්දයෙන් ජනාධිපති අපේක්ෂකයා තෝරා ගන්නා ලෙස ඉල්ලමින් එජාප මන්ත්‍රිවරුන් පිරිසක් අගමැතිවරයා වෙත ලිපියක් යැවීමට කටයුතු කරමින් සිටිති.
එම ලිපියට අද (9) පස්වරු වන විට එජාප මන්ත්‍රීවරුන් 55 දෙනෙක් අත්සන් තබා තිබෙන බවද වාර්තාවේ.
එක්සත් ජාතික පක්ෂයේ සජිත් ප්‍රේමදාස හිතවාදී මන්ත්‍රීවරුන් පිරිසක් එම අත්සන් එකතු කිරිමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරති.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු ලබන 04 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මාලිගාක
බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත්කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු වික්තිකරුවෝ ලබන 08 වැනිදා දක්වා තව දුරටත් රිම
සංවර්ධන ලොතරැයි මණ්ඩලය සිය වසර 40ක ඉතිහාසයේ වැඩිම ලාභය 2023 වසරේදී වාර්තා කර තිබේ.
කළුතර ප්‍රසිද්ධ පාසලක අද (28) දහවල් සිසුන්ට ලබාදුන් එන්නතින් පසු රෝගී වූ සිසුන් දස දෙනෙකු පමණ රෝහල් ගතකර ඇති බව කළුතර නාගොඩ ශීක්ෂණ රෝහල් ආරංචි මාර්ග සඳහන
ග්‍රෑන්ඩ්පාස්, සුගතදාස ක්‍රීඩාංගණය අසල පිහිටි ටයර් කඩයක ඇතිවූ ගින්නක් හේතුවෙන් තවත් ටයර් කඩයක් ඇතුළු කඩ තුනක් ගිනි ඇවිලමින් පවතී.
ශ්‍රී ලංකාවේ ජීවත්වන පුද්ගලයෙක්ට අවම මූලික අවශ්‍යතා ඉටුකරගැනීමට මසකට රුපියල් 17,014 ක මුදලක් අවශ්‍ය බව ජනලේඛණ හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
එජාප මන්ත්‍රීවරු පිරිසකගෙන් අගමැතිට ලිපියක්
chandima Friday, 09 August 2019 04:55 PM
පාක්ෂිකයින්ට තමන්ගේ පළාතේ තමන් නියෝජනය කරන අපේක්ෂකයා තෝරාගැනීමට බලයක් නැති, මහජන නියෝජිතයින් යයි කියා පක්ෂයකයින් ගෙවන වැටුපට සහ සහන පැකේජයට සේවය කරන අයටවත් ජනාධිපති අපේක්ෂකයා තෝරාගැනීමට බලයක් නොමැති, පක්ෂ නායකයා විසින්ම නම් කරනු ලබන පක්ෂය විධායක සභාව යයි කියාගන්න කෘත්‍යාධිකාරී මණ්ඩලයකින් සැදී මේ උතුම් වූ තරුපහේ ප්රජාතන්ත්රවාදී පක්ෂයේ දිගින් දිගටම පැරදෙමින් යන නායකයාට විරුද්ධව ඉදිරිපත් කරන ලිපියක්ද...?
පුරවැසියා Friday, 09 August 2019 06:21 PM
ලිපි ලියා පලක් නොමැත. අලුත් මුහුණක්, අලුත් මුහුණුවරකින් අලුත් සලකුණක් සහිතව සටනක් දීමට රනිල් සහ සජිත් තීරණය කර ඇතිබව තවම නොදන්නේද?
chandimaSaturday, 10 August 2019 02:31 AM
මොන තීරණද මල්ලි? ඒ හොරෙන් කුටු කුටු ගෑවේ මේ පාර ඡන්දෙ පැරදුනාම සුපුරුදු විදියට අනික් පැත්තට කට්ටියත් එක්කලා ගිහින් හේත්තුවෙලා අවුරුදු හතරක් ගතවුණාම අායෙත් අාපසු එන කූට උපාය ගැන. එදා කරු ඒ පැත්තට උදව්ව දුන්නා. මෙදා මෛත්‍රී මේ පැත්තට උදව් දුන්නා, කරු වයස නිසා මීළඟ පාර යන්න ඉන්නේ සජිත්. හොරෙන් කාමරේට අරන් මේ ඇස්බැන්දුම තමයි විග්රහ කලේ. අපි ඉතින් හරක් නිසා ඔව්වා වැටහෙනවා අඩුයි.
sirimal Friday, 09 August 2019 06:39 PM
"එක්සත් ජාතික පෙරමුණ ප්රමුඛ පක්ෂ සහ කණ්ඩායම් විසින් පුළුල් ප්රජාතන්ත්රවාදී පෙරමුණක් සඳහා ජාතික ප්රජාතන්ත්රවාදී පෙරමුණ නමින් පසුගිය 5 වෙනිදා හැදීමට ගිය සංධානය බකල් කළේ කව්දැයි දැන් හෙලිවේගෙන එන බවත් කියනවා...
Chanak los angeles Friday, 09 August 2019 08:54 PM
සජිත්ලාගේ මුළු පවුලම බුදුදහම අතහැර අන්‍ය ආගමකට ගොසින්ය. ඒක නිසා බෞද්ධයින් මේ ගැන හොඳට සිතත්වා..!!!
sudath Friday, 09 August 2019 10:13 PM
බලය තමා වෙතම තබා ගැනීමට විවිධ උපක්‍රම යොදාගැනීම නායකත්වයේ සිරිතයි..
kuma Saturday, 10 August 2019 05:21 AM
ජනාධිපති අපේක්ෂකයා තෝරාගැනීමට බලයක් නොමැති, පක්ෂ නායකයා විසින්ම නම් කරනු ලබන පක්ෂ විධායක සභාව යයි කියාගන්න කෘත්‍යාධිකාරී මණ්ඩලයකින් සැදී මේ උතුම් වූ තරුපහේ ප්රජාතන්ත්රවාදී පක්ෂයේ දිගින් දිගටම පැරදෙමින් යන නායකයාට විරුද්ධව ඉදිරිපත් කරන ලිපියක්ද?
බණ්ඩාර Saturday, 10 August 2019 05:57 AM
මොන සන්ධානයකින් ආවත්, කවුරු ආවත් යූ.එන්.පී එක මේ පාර අනිවාර්යයෙන් පරදිනවා. කැපුවත් කොළ මානසිකත්වයකින් ඉන්න උදවිය සජිත් වගේ කෙනෙක් ආවොත් ඡන්දය භාවිතා කරාවි.. ඒත් මධ්‍යස්ථ ඡන්ද නම් ඔවුන්ට ලැබෙන්නේ නැහැ. සිංහල ජනතාවට යූඑන්පී සියළුදෙනා එකතු වෙලා කරපු කෙනෙහිලි කම්වලට මොවුන්ට ජනාධිපතිවරණයේදී නියම පිළිතුර ලැබේවි. මෙහෙම කියන්නේ මමත් 2015දී මේ අය වෙනුවෙන් ඡන්දය භාවිතා කළ අයෙක් නිසයි.
ත්‍රස්තයා Saturday, 10 August 2019 06:54 AM
දැන් යහපත් පුරවැසියන්ට අවශ්‍ය, බලලෝභී නොවන, උගත්, ජාත්‍යන්තරය සමග උරෙන් උර ගැටෙන්න පුළුවන් ලෝකයම පිළිගන්නා කෙනෙක්. තව දුරටත් බලයට කෑදර, පැරදුණාම ගෙදර නොයන, පුරාවස්තු කොල්ලකන, මේ රට අයිතිය තියෙන්නේ අපේ අප්පොච්චිලාටයයි නොසිතන නීතිගරුක මහත්මයෙක්. එහෙම නොවුනොත් මේ රට තව දුරටත් ඉතුරු වෙන එකක් නැහැ. අසුර ලෝකය ලෙස ලංකාව නම් කරන එක නතර කරන්නත් බැහැ.
thilakasiri Saturday, 10 August 2019 08:13 AM
සජිත් වැරදි මගක යවපු සැමදෙනාම රටට වැරදි ආදර්ශයක් දෙමින් ඉන්න බව දැනගත යුතුයි. පක්ෂයක් ලෙස තීන්දුව ගන්න පෙර තමන් ජනපති අපේක්ෂකයා බව රටට ප්‍රකාශ කිරීමම විනයක් නැති පහත් ගතියකි. තමන්ට තැන නොලැබුණත් එසේ නොකිය යුතු නොවේද? හරියට පොඩි ළමයි වගේ. රටේ පාලකයෝ කියන කරන දේවල් නිසා ඔවුන්ව ඔවුන් විසින්ම පහත් තත්වයට ඇද දමාගන්නවා. බුද්ධිමත් වැඩිහිටියන් අතර සජිත් අද හොඳටම සවුත්තු වෙලා තියෙන්නේ එයා නැතුව වෙන කාටවත් කරන්න බැරි නිසා ජනාධිපතිකම එයට ලියල දිලා වගේ කියන කතා නිසයි. සද්දේ දාලා බිය ගන්නලා කරන්න බැහැ. නිශ්ශබ්දව ක්‍රම සහ විදි අනුව පමණයි කරන්න පුළුවන් වෙන්නේ. එජාපය පරාද වුනත් සජිත් හා එයාව මෙලෙස පුම්බන අය කියන තාලෙට නැටුවොත් මෛත්‍රිට දීලා වූ වින්නැහියට වඩා වින්නැහියක් තමයි වෙන්නේ. 1994 වෙත්දී අන්තයටම ජනතා අප්‍රසාදයට පත්ව තිබුණු එජාපය අද තත්වයට ගන්න ගල්පාර වලට පවා ලක්වෙමින් රනිල් බැටකමින් මහා මෙහෙවරක් කලේ රනිල්ගේ සියුම් ප්‍රඥාවෙන් හා උපාය කෞශල්‍ය ඥානයෙන්. නැතුව සජිත්ගේ හපන්කමකින් නොවෙන බව කිව යුතුය.
Gamarala Sunday, 11 August 2019 01:55 AM
පක්ෂයයි, රටයි දෙකම කෑවා මිසක් කරපු කෙහෙල් මලක් නැහැ. සජිත් නැතිව වෙනත් විකල්පයක් එජාපයට නැහැ. එ්කයි මූලික හේතුව...
දේශප්‍රේමී Saturday, 10 August 2019 08:40 AM
කවුරු ආවත් අපගේ රට කනවා.
Rata Perata Saturday, 10 August 2019 09:49 AM
ලියුම් ලියලා හරි රට වෙනුවෙන් සරත් ෆොන්සේකා දාන්න. සජිත්ගේත් අතීතය සුදුම නෑනේ. ආපහු අම්මා, අක්කා, නෝනා ඔක්කොම ජනාධිපති මන්දිරේ පාලනය අතට ගනීවි...
sirimal Saturday, 10 August 2019 10:14 AM
11 වෙනි ඉරිදා කැළණි පන්සලේදී බලාගන්න ලැබෙයි "ඡන්දදායකයින්ට ඇස්බැන්දුමක් සපයමින්" දේශපාලන ප්‍රචාර සාර්ථකව කරන්න ඕනෑ කොහොමද කියලා. හයිරන් පාර්ට් මඟින් නාමයෝජනා ලබාගැනීමේ වැඩ පිළිවෙලේ තවත් පියවරක් ලෙසට12 වෙනි සඳුදා බදුල්ලේ වීල්ස් ක්‍රීඩාංගණයේදී කරන්න යන නාඩගම ඡන්ද ව්‍යාපාරයක්ද, නැත්නම් තමන්ගේ පක්ෂය විනාශ කිරීමේ කුමන්ත්‍රණයක්ද කියලත් වැඩිකල් යන්නට පෙර කාටකාටත් තේරෙයි.