IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත අබේසේකර රිමාන්ඩ්

(ඔගස්ටින් ප්‍රනාන්දු)

හලාවත මහාධිකරණය විසින් නියම කර තිබු ඇප කොන්දේසි උල්ලංඝණය කිරීම නිසා පුත්තලම දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ  පාර්ලිමේන්තු මන්ත්‍රී වලිමුනි මෙන්ඩිස් ශාන්ත සිසිර කුමාර අබේසේකර මේ මස 17 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට හලාවත මහාධිකරණ විනිසුරු  වයි. ප්‍රනාන්දු මෙනෙවිය අද (10) දහවල් නියෝග කළාය.
 
2004 වසරේ අයුතු ජනරාශිය යටතේ නීති විරෝධී ගිනි අවි සන්තකයේ තබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා නගමින් මන්ත්‍රිවරයා ඇතුළු පුද්ගලයන් තිදෙනෙකුට එරෙහිව නඩුවක් හලාවත මහාධිකරණය හමුවෙහි  පවරා තිබුණි.
 
පසුව 2011 වසරේ මාර්තු මස 21 වන දින සැකකරුවන් හලාවත මහාධිකරණය මගින් ඇප මත මුදා හැර තිබුණි. එම ඇප කොන්දේසි මත සැකකරුවන් සෑම ඉරු දිනකම පෙරවරු කාලයේ දි හලාවත පොලිසිය හමුවෙහි වාර්තා කළ යුතුව නියම තිබුඅතර පසුව එම කොන්දේසිය ලිහිල් කරමින් සෑම මාසයකම අවසන් ඉරුදින හලාවත පොලිසියට වාර්තා කිරීමට නියම කර තිබුණි.
 
මෙම නඩුව යළි අද (10) මහාධිකරණය හමුවෙහි විභාගයට ගත් අවස්ථාවේ දි සැකකාර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා අවස්ථා හතරකදී මහාධිකරණය විසින් නියම කරණ ලද පොලිසියේ පෙනී සිටිය යුතුය යන කොන්දේසිය කඩ කර ඇති බව හලාවත පොලිසිය අධිකරණය වෙත වාර්තා කර තිබු බැවින් ඔහු ඔක්තෝබර් 17 වන දින දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීමට නියම කළාය.
 
මෙම නඩුවේ එක් සැකකරුවෙකු මිය ගොස් ඇති තඅර අනෙකා කොන්දේසි ඉටු කර තිබු බවත් හෙළිවිය.
 
රජයේ අධිනිතිඥ ප්‍රජාපාලි ඔබේසේකර මහත්මිය පැමිණිල්ල ඉදිරිපත් කර තිබු අතර නීතීඥවරුන් වන නිහාල් සුමනධීර, සුමුදු ජයමාන්න,  නුවන් ජයවීර යන මහත්වරු සැකකාර මන්ත්‍රිවරයා වෙනුවෙන් පෙනී සිටියහ.



අදහස් (6)

එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත අබේසේකර රිමාන්ඩ්

Dasuni Thursday, 10 October 2019 09:16 AM

මේ වගේ දේශපාලුවන්ව ආයනම් පත් කරන්න එපා.

:       0       52

MaheeThursday, 10 October 2019 09:35 AM

අනේ නෑ දසුනි, අපි හෙට අනිද්දම පත්කරගන්නේ ඊට වඩා වටිනා කියන හොර තක්කඩි රැලක්.

:       27       12

යාපා Thursday, 10 October 2019 09:38 AM

කුඩුකාරයෝ ,මිනීමරුවො, දල හොරු, බැංකු හොරු ඔය වගේ සමාජවිරෝදී අයමනේ ඔය පක්ෂෙ ඉන්නේ

:       1       18

රවින් Thursday, 10 October 2019 09:44 AM

නියමයි. අතිඋත්කෘෂ්ටයි.දේශපාලුවන් දැනගත යුතුම කරුණනම් මේ රටේ නිතිය කියලා දෙයක් තියනවා කියන එක. නීතිය හදන තැන ඉඳගෙන නිතිය හදන්න ඉස්සෙල්ලා පවතින නීතිය උල්ලංඝනය කළ අයට දැඩි දඬුවම් දිය යුතුමයි. හිතාගෙන ඉන්න ඇති නීතියට උඩින් කට්ටිය ඉන්නවාය කියලා.

:       0       182

GuneThursday, 10 October 2019 09:53 AM

අනේ ඔබේ අහිංසක ප්‍රාර්ථනය ඉටුවෙනවා නම් කොච්චර හොඳද? ඒ වුනාට මහත්තයෝ, මෑන්ස්ලා විතරක් නෙමෙයි වුමන්ස්ලාත් සැහෙන්න ඉන්නවා නීතියට උඩින්.

:       0       5

kap Thursday, 10 October 2019 12:24 PM

2015ට පෙර මෙම නඩුව දාපු පොලිස් නිලධාරියා මෙලහකටත් යාපනේ පාරවල් වල ට්‍රැෆික් වැඩ කරනු ඇත. මෙම යහපාලන ආණ්ඩුවේ එකම වෙනස මෙයයි..

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මැතිසබයෙන් දොස්තර හවුලක්
2024 අප්‍රේල් මස 25 106 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර සිටින වෛද්‍යවරුන්ගේ මූලිකත්වයෙන් පාර්ලිමේන්තු වෛද්‍ය මන්ත්‍රීවරුන්ගේ සංසදය නමින් නව සංසදයක් අද (25) පිහිටුවා ගනු ලැ


සන්නස්ගල අත්අඩංගුවට
2024 අප්‍රේල් මස 25 1372 1

චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීමට බව පවසා පුද්ගලයකුගෙන් රුපියල් ලක්ෂ 10 ක් ලබාගෙන නියමිත දිනට ලබානොදී විශ්වාසය කඩකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රවීණ උස


මාස හතරට රට රැකියා පැමිණිලි 1371ක්
2024 අප්‍රේල් මස 25 172 0

2024 වසරේ ගතවූ කාලය මාස හතරක කාලයේ විදේශ රැකියා සම්බන්ධ පැමිණිලි 1371ක් ලැබී ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය පවසයි.


පාස්කු ප්‍රහාරය දවසෙම ඊලඟ ඡන්දේ ප්‍රතිඵලය ලියැවුණා
2024 අප්‍රේල් මස 25 518 3

පාස්කු ප්‍රහාරය සිදුවූ දිනයේ ම ශ්‍රී ලංකාවේ ඊළඟ මැතිවරණ ප්‍රතිඵලය ලියැවුණු හෙයින් එය දේශපාලනයෙන් තොර ප්‍රහාරයක් ලෙස කිසිසේත් ම හැඳින්විය නොහැකි යැය


‘අතේ තියෙන වෙපන් එක පාවිච්චි කරන්න බය වෙන්න එපා‘
2024 අප්‍රේල් මස 25 914 5

අපරාධකරුවන් මේ රටින් තුරන් කිරීම පවක් නොවෙයි .අතේ තියෙන වෙපන් එක හරි දේට පාවිච්චි කරන්න බය වෙන්න එපා යයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා අද පැවසීය.


අප්‍රේල් 30න් පසු සා.පෙළ ටියුෂන් බෑ
2024 අප්‍රේල් මස 25 278 1

අධ්‍යායන පොදු සහතික පත්‍ර(සාමාන්‍ය පෙළ) විභාගය සඳහා පැවැත්වූ සියලුම උපකාර පන්ති මේ මස 30 වැනිදා මධ්‍යම රාත්‍රීයේ සිට අත්හිටුවන බව විභාග දෙපාර්තමේන්තු


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 310 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1695 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1538 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site