IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


එජාප ප්‍රබලයන් සමග සම්බන්ධන් සාකච්ඡාවක

සිරාජ් හසීම්

එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයෙකු සහ එම පක්ෂය නියෝජනය කරන රජයේ ප්‍රබල අමාත්‍යවරයෙකු දකුණේ කලබලකාරී දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් විපක්ෂනායක ආර්.සම්බන්ධන් මහතා හමුවී අද (14) පස්වරුවේ සාකච්ඡා කොට ඇතැයි වාර්තා වේ.
 
මෙම සාකච්ඡාව කොලඹදී සිදුව ඇති අතර පළාත් පාලන මැතිවරණයෙන් පසු දේශපාලන ධාරාවේ හටගත් දැඩි අර්බුදකාරී තත්වයත් සමඟ එක්සත් ජාතික පක්ෂ තනි ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානයේ සහාය ලබාගැනීම පිළිබඳව මෙහිදී විශේෂයෙන් සාකච්ඡා වී ඇත.
 
දෙමළ ජාතික සන්ධානයේ ස්ථාවරය එක්සත් ජනතා නිදහස් සන්ධානයත් එක්සත් ජාතික පක්ෂයත් එක්ව පවත්වාගෙන යන ජාතික ආණ්ඩුව ශක්තිමත්ව පැවතිය යුතුය යන්න විපක්ෂනායකවරයා මෙහිදී පෙන්වා දී ඇති බවද ඔහුට සම්බන්ධ ආරංචිමාර්ග පවසයි.
 
විපක්ෂනායකවරයා මේ කරුණ සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ රජයේ සෙසු මැති ඇමතිවරුන් සමගින් සාකච්ඡා කිරීමටද සූදානමින් සිටියි.
 
කෙසේ වෙතත් දෙමළ ජාතික සන්ධානයේ ජ්‍යෙෂ්ඨයින්ද මේ කරුණ සම්බන්ධයෙන් අදහස් දක්වමින් සඳහන් කර සිටියේ එජාපයෙන් හෝ වෙනත් කිසිදු පාර්ශවයකින් ආණ්ඩු පිහිටුවීමේ සහාය මෙතෙක් ඉල්ලා නොමැති බවය.එසේ ඉල්ලීමක් සිදුකරන්නේ නම් දෙමළ ජාතික සන්ධානය තුළ සාකච්ඡා කොට තීන්දුවක් ගන්නා බවය.
කෙසේ වෙතත් දෙමළ ජාතික සන්ධානයේ තවත් නියෝජිතයින් සඳහන් කර සිටින්නේ එජාපය හෝ කිසිදු පක්ෂයක් සමගින් එක්ව ආණ්ඩු පිහිටුවීමට දෙමළ ජාතික සන්ධානය ඉදිරිපත් නොවන බවත්.එමෙන්ම පවතින රජය ශක්තිමත් කිරීමට කටයුතු කරන බවත්ය.



අදහස් (1)

එජාප ප්‍රබලයන් සමග සම්බන්ධන් සාකච්ඡාවක

sirimal Wednesday, 14 February 2018 05:52 PM

ඔයිට වැඩිය හොඳ නැද්ද? එක්සත් ජාතික පක්ෂයේ ජේෂ්ඨ නායකයින් සියලුදෙනාම එකතුවෙලා බලු කපුටු දානයක් දීලා, හරියට රට කරවන හැටි දන්නා කෙනෙකුට ඒ වැඩේ බාර දීලා,.. ගෙදර ගිහින් වකුටුවෙලා නිදා ගත්තා නම්...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 97 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 230 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 990 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 123 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 313 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 289 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 322 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site