IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


එජාප කෘත්‍යධිකාරී මණ්ඩලයේදී අධිකරණ ඇමැතිට චෝදනා

(හර්ෂණ තුෂාර සිල්වා)

අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යධිකාරී මණ්ඩල රැස්වීමේදී කිසිදු තීරණයක් ගෙන නැතැයි ආරංචි මාර්ග කියයි.

එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යධිකාරී මණ්ඩල රැස්වීම මීට සුළු මොහොතකට පෙර අවසන් විය.සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවැත්වූණු එම කෘත්‍යධිකාරී මණ්ඩල රැස්වීම 10.30ට පමණ ආරම්භ විය.
 
මැතිවරණයේදී පොරොන්දු වූ පරිදි දූෂණ වංචා සම්බන්ධ නඩු කඩිනම් කිරීමට පියවර නොගත්තේයැයි අධිකරණ ඇමැති  විජයදාස රාජපක්ෂ මහතා විවේචනයට ලක්විය. පැය දෙකක් තිස්සේ පැවැති කථිකාවෙන් පසු විජයදාස රාජපක්ෂ මහතා කියා ඇත්තේ තමා කිසිදු වරදක් කර නැති බවයි.
 
දූෂණ චෝදනා සම්බන්ධ නඩු කඩිනම් කිරීමට තමාට කළ හැකි දෙයක් නැති බව විජේදාස රාජපක්ෂ මහතා කීවද එය කිසිවකු පිළිනොගත් බව නියෝජ්‍ය ඇමැති හර්ෂද සිල්වා සිය ට්විටර් ගිනුමේ පණිවිවිඩයක් සටහන් කරමින් කියා ඇත.
 
හම්බන්තොට ගිවිසුම අවසන් කරන කරු ආපසුනොහැරෙන බවට  ප්‍රකාශයක් තමා නොකළ බව ද විජයදාස රාජපක්ෂ මහතා කීවේය.  

රැස්වීම අවසානයේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හා අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ මහතා පමණක් සාකච්ඡාවක් සඳහා වෙනත් ස්ථානයකට ගියහ.

සාමුහික වගකීම කඩකරන අය ගැන දැඩි තීන්දු ගන්නා බවට එජාප මහලේකම් රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන ඇමති කබීර් හසීම් මහතා පවසයි.

එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම සඳුදා (21) රැස්වෙන බවත් ඉන්පසු එම තීන්දු දැනුම් දෙන බවත් ඒ මහතා කියයි.

 



අදහස් (21)

එජාප කෘත්‍යධිකාරී මණ්ඩලයේදී අධිකරණ ඇමැතිට චෝදනා

sugath sanjeewa Thursday, 17 August 2017 07:16 AM

අනේ ඩීල්දාස මහත්තයෝ ..., බැලුවාම ඔක්කොම කරලා තියෙන්නේ අපි වෙන්න ඇති. ලොක්කා තනතුරේ තියා ගනීවිද දන්නේ නෑ පව් කියලා. මෙයා ගැන හරි තීරණය අද ගත්තේ නැතිනම්, පක්ෂයේ අවසානය අතලඟයි ...!!

:       4490       3167

ඩීල්දාසThursday, 17 August 2017 09:35 AM

පක්ෂයද, රටද වටින්නේ.. ඔය බොළඳ ආකල්ප වලින් පොඩ්ඩක් අයින් වෙලා රට ගැන හිතන්න පුරුදු වෙන්න.. ස්තූතියි..!!!

:       1330       2414

athura Thursday, 17 August 2017 10:21 AM

මහත්මයා රටගැන හිතනවා කියන්නේ හොරුන්ට විරුද්ධව කටයුතු නොකර ඉන්න එ්කටද?

:       1000       1150

අබරංThursday, 17 August 2017 03:48 PM

අතුල මහත්තයා, හොරු කියන්නේ මහ බැංකුවේ හොරුත් එක්කම වෙන්ටැති. එයාලව නම් ඉතින් විශ්වාස භංග කරන්න කලින් ඉල්ලා අස් කෙරෙව්ව නොවැ. මෙතුමා ගැන විශ්වාසය භංග වෙලා තියෙන්නේ වරාය ආපහු රටට අරන් දෙනවා කිව්වේ එ්කටලුනේ. එතුමත් ඔය බැංකුවක් කඩලා, ලයිට් කණුවක් විවෘත කරගෙන හිටියානං ඔහොම වෙන්නේ නෑ ඕං...

:       31       1

surangaThursday, 17 August 2017 09:36 AM

රටේ අනාගතයට මොනවා වුණත්, පක්ෂයේ අවසානය ගැන කතා කරන ඔබ දේශපාලනික වශයෙන් කොච්චර කුහකද?

:       419       273

raveendraThursday, 17 August 2017 10:14 AM

සුගත් සංජීව මයාවෙත, අපට පාසල් යන අවධියේ කියාදුන් වැදගත් වාක්‍ය කීපයක් අප ඔබ සැමගේ දැනගැනීමට සඳහන් කරමි. පළමුව රට, දෙවනුව ජාතිය... තුන්වනුව ආගම. අප විශ්වාස කරනවා පළමුව සහ දෙවනුවත් රට විය යුතුයි කියා....

:       337       201

දීල්දාස Thursday, 17 August 2017 10:36 AM

රටටද මහින්දටද පළමු තැන? අපි වහල්ලු නම් 1. රජතුමාට 2. රටට..., පළමුව හොරකම, දෙවනුවත් හොරකම, තුන්වෙනුත් හොරකම.... මහින්දගේ පිරිස බේරාගන්න අපි වගේ වහලුන්ගේ යුතුකම..

:       380       68

Rizwan Dubai Thursday, 17 August 2017 07:21 AM

විජයදාස රාජපක්ෂ මහතා විවේචනයට ලක්වූවා නම් ඉතින් මොනවටද තව බලබලා ඉන්නේ? තවත් ඔඩාක්කුවේ තියා නලවන්නේ නැතුව මිනිහව යැව්වා නම් හරි....

:       2082       743

lalinda Thursday, 17 August 2017 07:39 AM

මේ මොහොතේ මොහුව ඉවත් නොකොළොත් මීළඟ මැතිවරණයේදී එජාපයට නැවත විපක්ෂයට යාමට සිදුවීම අනිවාර්යයි. තීරණය එජාප නායකයින් අතයි.

:       2948       1058

kapilaThursday, 17 August 2017 09:42 AM

කවුරු ඉවත් කළත් නොකළත් එ්ක නවත්වන්නම බෑ. සක්කරයට වත්.... විපක්ෂයට ගියොත් එ්ක ලොකු දෙයක් ගෙදරම නොයා...

:       1010       622

nisa Thursday, 17 August 2017 08:25 AM

දැන් විශ්වාසභංගය භංග වුණාද?

:       2       31

siri Thursday, 17 August 2017 09:10 AM

රටේ සම්පත් විකුණගෙන කන එකට කෙලින් කතා කරපු එකද වරද? විජේදාස මහතා හැර අන් සියළුදෙනා ඉදිරියේදී අම්මා, තාත්තවත් විකුණගෙන කයි. මෙහෙම අය පත් කරපු ජනතාවට ඉදිරියේදී හූල්ලන්න වෙනවා සිකුරුයි.

:       1163       1187

athuraThursday, 17 August 2017 10:18 AM

මේවා බදු දෙන්නේ නැතුව එන එන ආණ්ඩුවෙන් දේශපාලන පත්වීම්දිදී තිබුණානම් නිකන්ම ලාභ ලබනවා නේ.

:       12       41

Praba Thursday, 17 August 2017 09:13 AM

හොරකම් කරපු පක්ෂයේ ලොක්කන්ට චෝදනා කළේ නැතිද?

:       333       206

ජගත් ලියනගේ Thursday, 17 August 2017 10:21 AM

මට මතක නැහැ, මම දන්නේ නැහැ කියපු එක්කෙනා ගැන කතා වුණෙ නැතෙයි .

:       73       34

husen-riyad Thursday, 17 August 2017 01:14 PM

ඇමැතිකමින් විතරක් නෙමෙයි පක්ෂෙනුත් නෙරපන්න ඕනේ. ඊළඟට තියෙන්නේ.., පහුගියදා සති අන්ත පුවත් පතක පළවූ අධිකරණ සංකීර්ණයේ මිලියන 10,000 කොල්ලයයි. ඒවාටත් එක්ක නඩු ගොනු කරලා දඬුවම් දීමත් අත්‍යාවශ්‍යයි. ඕවාට නැළවිලි බොරු... හැබැයි, එවැනි උදවිය වැටුණත් වැටෙන්නේ ... රාජපක්ෂවරුන්ගේ ඔඩොක්කුවේ. මදැයි.. කණේ ඉඳන් අඟ කෑවා. මෙහෙම අයටත් මිනිස්සු ඡන්දේ දෙනවනේ අම්මපා.

:       79       159

GihanThursday, 17 August 2017 03:42 PM

ඔයාලගේ අර ගස් වැද්දා කපපු විල්පත්තු කැලේ ගස් හිටවලා, පවුලේ අයට අරන් දුන්නු ඉඩම් ගැන හොයලා එන්න ඉස්සෙල්ලම....

:       0       0

සමන්-ඕමානය Thursday, 17 August 2017 02:48 PM

විජේදාස මහත්මයා තමන්ගේ පෞද්ගලික වාසි, තනතුරු, ගැන නොහිතා රට වෙනුවෙන් අදහස් ප්‍රකාශ කරපු එක විශිෂ්ටයි. එතුමාට ඉදිරියටත් නිර්භයව රට, ජාතිය, ආගම වෙනුවෙන් අදහස් පලකිරීමට හා වැඩ කිරීමට ශක්තිය හා ධෛර්යය ලැබේවා !!!

:       40       131

sunil Thursday, 17 August 2017 04:40 PM

රැස්වීම් මුලස්ථානයේ නම් රහසිගත සාකච්චා වෙන තැන් වල මොනවටද?

:       0       0

gunawardana Friday, 18 August 2017 04:36 AM

කනකොක් සුද පෙනෙන්නේ ඉගිලෙන විටලු . දැන් ඩීල් දාසගෙ නියම සුද රටටම පේනවා

:       0       0

sathyayaa Monday, 21 August 2017 12:10 AM

"හම්බන්තොට ගිවිසුම අවසන් කරන කරු ආපසුනොහැරෙන බවට ප්‍රකාශයක් තමා නොකළ බව....." මේ කිව්වා මේ මතක නැහැ. කුඩු ගහන ජාතියක නියාමකයින් ගේ මතකයටත් ඔහොම වුනා නම්, රටේ හෙට ගැන අමතක කරන එක හොඳයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

විදුලි පනත මැති සබයට
2024 අප්‍රේල් මස 25 33 0

විදුලි බල පනත් කෙටුම්පත විදුලි බල හා බල ශක්තිය අමාත්‍ය කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවට මීට ස්වල්ප වේලාවකට පෙර ඉදිරිපත් කළේය


සම්බන්ධන්ට පඩි සහිත තුන් මසක නිවාඩු
2024 අප්‍රේල් මස 25 97 0

හිටපු විපක්ෂ නායක ත්‍රිකුණාමල දිස්ත්‍රික් මන්ත්‍රී ආර්. සම්බන්ධන් මහතාට මාස තුනක කාලයක නිවාඩුවක් ලබාදීමට පාර්ලිමේන්තුව අද අවසර ලබා දුන්නේය.


නුවරඑළියේ ස්ටෝබෙරි ගමක් හදයි
2024 අප්‍රේල් මස 25 169 0

ශ්‍රී ලංකාවේ පළමු ස්ට්‍රොබෙරි වගා ආදර්ශ ගම්මානය නුවරඑළියේ ස්ථාපිත කිරීමට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව කටයුතු යොදා තිබේ.


ශ්‍රිලනීප නායකත්වය ගන්න යන කෙනෙක්ට සුසිල්ගෙන් ටොක්කක්
2024 අප්‍රේල් මස 25 611 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයෝ වෙන්න දඟලන අය ජීවතේට අත ලකුණින් තරඟ කර නැතැයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.


රට පුරා සන්නද්ධ හමුදා කැඳවයි
2024 අප්‍රේල් මස 25 1002 1

රටේ ආරක්ෂාව සඳහා සන්නද්ධ හමුදා කැඳවීම සඳහා විශේෂ ආඥාවක් ජනාධිපතිවරයා විසින් නිකුත් කරනු ලැබ ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට


රිය අනතුරින් තරුණයා මරුට
2024 අප්‍රේල් මස 25 828 2

මදුරන්කුලිය නගරයේ සිට පයින් යමින් සිටි තරුණයකු කොළඹ සිට පුත්තලම දෙසට ධාවනය කරමින් තිබු වෑන් රථයක ගැටිමේන් බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත්කිර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 308 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1686 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1536 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site