IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


එජාපෙ නඟන චෝදනා ප්‍රතික්ෂේප කරන බව මහින්ද කියයි

(නිමල කොඩිතුවක්කු)       
     
නඩු වලට බයේ ආණ්ඩුව බාරගෙන ඇති බවට එක්සත් ජාතික පක්ෂය නගන චෝදනා සම්පූර්ණයෙන්ම ප‍්‍රතික්ෂේප කරන බවත් තමන්ට එල්ල වී ඇති  ඕනෑම චෝදනාවකට අධිකරණයේ දී මුහුණ දිමට සුදානම් බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කොළඹදී පැවැසීය.

තමන් සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය අසත්‍ය ප‍්‍රචාර සිදුකරමින් සිටින බවත්  සඳහන් කළ රාජපක්ෂ මහතා තමාගෙන් දේශපාලන වශයෙන්  පලිගැනිම සඳහා අවශ්‍ය නඩු පවරා මේ වනවිට ඒ සම්බන්ධයෙන් අවශ්‍ය ක‍්‍රියාමාර්ග පවා ගෙන ඇති බවද සඳහන් කළේය.

නාරාහේන්පිට අභයාරාමයේදී අද (06) පැවැති උත්සවයකදී  මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්න වලට පිළිතුරු දෙමින් ඔහු මේ බව පැවැසීය.

 ‘‘අද ජනාධිපතිවරයා ඉන්නවා. ලේකම්වරු ඉන්නවා. ඒ ආණ්ඩුවේ අපි වැඩකරගෙන යනවා. නඩුවේ තීන්දුව පිළිබඳ  මට මුකුත් කියන්න බැහැ. දැන් අපේ අයගේ කරුණු ඉදිරිපත් කරලා තියෙනවා. මම හිතන්නේ එහි තින්දුව සඳුදා  වන විට ලැබේවී.

එතකන් අගමැතිවරයා ඉන්නවා. ඇමැතිවරු ඉන්නවා. හැබැයි මෙහෙයවන්න බැහැ. අභියාචනාධිකරණය ලබා දුන් ඒ තීන්දුවට අපි සම්පූර්ණයෙන්ම විරුද්ධයි. අපි මේ ගැන ශ්‍රේෂ්ඨාධිකරණය කරුණූ ඉදිරිපත් කරලා තියෙනවා. 

මේ වගේ දෙයක් ලෝකයේ කොහේවත්  සිදුවුණේ නැති දෙයක්.  ලෝකයේ පළමු වතාවට  තමයි පහළ අධිකරණයකින් මේ වගේ තීන්දුවක් ලබා දුන්නේ. අපි රජයේ සේවකයන්  නෙමෙයි. ඒ නිසා මේ තීන්දුව  වැරදියි කියන මතයේ තමයි අපි ඉන්නේ.

මැතිවරණයක් සඳහා  අපි සූදානම් වෙනවා. අපි  ආවේ මැතිවරණයක් තියන්නයි. අපි එදා බාරගනීද්දිත් මැතිවරණයක් ගැන  කිව්වා. දැනුත් කියන්නේ මැතිවරණයක් ගැනයි. 

මැතිවරණයක් පැවැත්වීම මගේ පෞද්ගලික උවමනාවක් නෙමෙයි. රටේ බහුතර ජනතාවගේ එකම පරමාර්ථය තමයි මැතිවරණයක් තියලා මේ රට ස්ථාවර කරන එක. අපි වැඩ කරන්නේ ජනතා කැමැත්ත අනුවයි."



අදහස් (12)

එජාපෙ නඟන චෝදනා ප්‍රතික්ෂේප කරන බව මහින්ද කියයි

rish Thursday, 06 December 2018 11:51 AM

ලෝකයේ කොහේවත් බහුතරයක් නැතුව ආණ්ඩු පෙරලලා අගමැතිකම් කරන්නෙත් නෑ

:       0       0

De Thursday, 06 December 2018 12:18 PM

අපිට මැතිවරණවත් , ඇමතිවරුවත් නෙවි ඕනි. ඔය 225 ම නැතත් කමක් නෑ, රටේ තියන ප්‍රශ්නවලට උත්තර විතරයි ඕන. කව්රු බලයේ හිටියත් ජනතාවට වැඩක් නෑ. හැමදාම දුක්විදින්න වෙනවට අපි කවුරුත් කැමති නෑ. ජනතාවට නිල්,කොළ ,රතු එපාවෙච්ච පාට ඕවා. අපි වගේ පුංචි රටකට මෙච්චර මොකටද? මේ ප්‍රකාශය දේශපාලන මතයක් නොවන බව කරුණාවෙන් දන්වමි

:       0       0

Buddika Thursday, 06 December 2018 12:42 PM

ප්‍රතික්ෂේප කරන්න පුළුවන්. එත් සත්‍යය ඒකනේ

:       0       0

Amila Thursday, 06 December 2018 01:34 PM

ඉතින් අපහාස කරා කියලා නීතියෙන් කටයුතු කරන්නකෝ

:       0       0

tommy Thursday, 06 December 2018 02:29 PM

මා සිතන්නේ මොහු ප්‍රකාශ කරන දේ ඇත්තක් බවයි.

:       875       856

ධනුෂ්ක Thursday, 06 December 2018 02:39 PM

ජනතා කැමැත්ත අනූව වැඩ කරනවනම් ඉතින් 2015 ජනවාරී 08 වෙනිදා ජනතාව කැමති විදිහ පෙන්වලා දුන්නා. එ් අනුව වැඩ කරන්න එපැයි. නමුත් යහපාලකයන්ගේ නොහොබිනාකම්, දුර්වලතා, දූෂිත බව නිසා නැවත ජනතාව මෙතුමා වටා පෙල ගැහුනා.

:       556       526

Rata Perata Thursday, 06 December 2018 04:26 PM

ඔයා ප්‍රතික්ෂේප කරන්න, ඒත් ඇත්ත ඒක කියලා අපි හැමෝම දන්නවා.

:       2029       2121

Nm Thursday, 06 December 2018 06:10 PM

ජනතාවගේ කැමැත්තද ? ජනතා පරමාධිපත්‍යද ?

:       0       0

visaka Thursday, 06 December 2018 10:54 PM

රජයේ සේවකයෙක් නෙමෙයි නම් විශ්‍රාම වැටුප් ගන්නේ?

:       0       0

jaya Friday, 07 December 2018 12:08 AM

මෙහෙම රටේ පාලකයෝ අධිකරණය ගැන මත ඉදිරිපත් කිරීම නොකළ යුත්තක් .

:       55       101

බබානිස් අප්පු Friday, 07 December 2018 01:28 AM

2015 ජනවාරි 8 ට පෙර සිදුවුණු දේ මෛත්‍රීපාල මහතාට අමතක වුණාට රටේ ජනතාවට අමතක නැහැ

:       101       178

Bamunuarachchi Friday, 07 December 2018 05:10 PM

ඔබට විරුද්දව තිබෙන නඩු ඉක්මන් කොරන්නනේද අලුත් ඇමතියෙක් පත්කොලේ. කෝ අවුරුදු 4ක් බම්බු ගසුවාද නඩු ඉවරකර හිරේ දමන්නේ නැතුව.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉන්දීය ආධාර ගම්මාන හතරක් ජනතා අයිතියට
2024 අප්‍රේල් මස 24 66 0

ඉන්දියානු ආධාර යටතේ ඉදිකෙරුණු තවත් ගම්මාන හතක් ලඟදීම ජනතා අයිතියට පත් කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. කොළඹ, රත්නපු


වතු කම්කරු වැටුප ඉහළ දාන්න තීරණයක
2024 අප්‍රේල් මස 24 124 1

වතුකම්කරුවන්ගේ වැටුප ඉහල දැමීම පිළිබඳව රජය නිශ්චිත තීරණයක සිටින බව ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා පැවසීය.


ශ්‍රිලනිප වැඩ බලන සභාපතිට-ලේකම්ට වාරණයක්
2024 අප්‍රේල් මස 24 918 4

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපති , වැඩ බලන ප්‍රධාන ලේකම් ලෙස පසුගිය 21 වෙනි දින තේරී පත් වූ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාට හා සාරථි දුෂ්මන්ත මහත්ව


දමිතාට-සැමියාට ඇප
2024 අප්‍රේල් මස 24 648 3

කොරියාවේ රැකියා ලබා දෙන බව පවසා ලක්ෂ 30 ක පමණ මුදලක් වංචා කළා යැයි චෝදනා එල්ල වී තිබෙන දමිතා අබේරත්න සහ ඇයගේ සැමියාවන ලෙන්ලි ජොන්සන් එක් අයෙකුට රුපියල් ල


ඉරානයට තව සමීප වෙනවා
2024 අප්‍රේල් මස 24 1263 4

ඉරානය සමඟ මීටත් වඩා කිට්ටු සම්බන්ධතා ඇති කරගෙන ඉදිරියට යන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උමා ඔය ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වෙමින් ප


සජබ රජයකිනුත් අලුත් පාස්කු කොමිසමක්
2024 අප්‍රේල් මස 24 281 4

පාස්කු ප්‍රහාරයේ ඇත්ත නැත්ත හෙළිදරව් කර ගැනීම සඳහා සමගි ජන බලවේග රජයක් යටතේ විශේෂ විමර්ශන කොමිෂන් සභාවක් ස්ථාපිත කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ම


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 294 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1663 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1524 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site