IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


එජාපය තරුණ නායකයකු යටතට පවරන්න යයි

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය, පක්ෂය තුළින්ම ගොඩනැගෙන තරුණ නායකයකුට පිරිනැමීමට කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කර තිබේ.

එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද රැස් වූ කෘත්‍යාධිකාරී මණ්ඩලය මෙම තීරණය ගෙන ඇත.

පසුගිය මහ මැතිවරණයේ ප්‍රතිඵල පිළිබඳව දීර්ඝ වශයෙන් සමාලෝචනය කළ එම පිරිස, පක්ෂයට අවශ්‍ය නායකත්වය අපේක්ෂා කරන සියල්ලන්ට ඒ සඳහා ඉදිරිපත් වීමට අවස්ථාව ලබාදුන්හ. පක්ෂයේ තරුණ නායකයන්ට නව වගකීම් පවරමින් ක්‍රියාකාරී යාන්ත්‍රණයක් සකස් කිරීමටද මෙහිදී කැමැත්ත පළකෙරිණි.

ඒ අනුව, ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙන අය අතරින් ජාතික අපේක්ෂාවන් හඳුනාගත්, රටට සහ පක්ෂයට ගැළපෙන,  තරුණ නායකත්වයක් තෝරාගැනීම සඳහා එහිදී එකඟතාව පළ විය.



අදහස් (36)

එජාපය තරුණ නායකයකු යටතට පවරන්න යයි

විජිත් Friday, 14 August 2020 10:18 AM

මෙයා කවදාවත් ඔය පෝස්ට් එක කාටවත් දෙන්නේ නැහැ. මිනිහගේ තාත්තගේත් ලොකු කැමැත්තක් තිබුණලු කවදාහරි ලංකාවේ අගමැති වෙන්න. එයත් එක්කම ඒ සිහිනය මිය ගියත්... මේ පුත්තරයා අගමැතිවෙලා හිටියත් එජාපයේ නායකත්වය අතහරින්න කීයටවත් කැමති වෙන්නේ නැහැ. ඊයේ කීවා කරූ කැමතියි කියලා. අද කියනවා තරුණ නායකත්වයක් හදනවාලු. ඒ කියන්නේ කරූ නොවෙයි.. කරූ කියන්නේ වයස පුද්ගලයෙක්. මෙයා මේ ගේන්න යන්නේ සාගලද..?

:       225       174

kasunFriday, 14 August 2020 10:33 AM

එක්සත් ජාතික පක්ෂෙ කියන්නේ අම්මගෙන් දුවටවත් , තාත්තාගෙන් පුතාට වත් , සහෝදරයාගෙන් තවත් සහෝදරයෙක්ට යන ජාතියේ පක්ෂයක් නෙවෙයි...

:       534       554

janahitha Friday, 14 August 2020 10:49 AM

ඇත්තද, හොඳයි.

:       56       21

janahithaFriday, 14 August 2020 10:53 AM

එජාපය කියන්නේ මොකක්ද ඇත්තට අර ගෙදර නිකන් තිබුනත් අව්වට නොදැම්මත් වේලෙන පොල් වගේ එකක්ද.?

:       67       57

janahithaFriday, 14 August 2020 10:55 AM

ඔබ හරි, ළමයි ඉන්න එපෑයැ එහෙම වෙන්න.

:       80       132

Athula GunasenaFriday, 14 August 2020 11:07 AM

රනිල්ගෙන් කාටවත් නොයන නායකත්වයක්.

:       24       92

Kumar (Galf)Friday, 14 August 2020 10:53 AM

එක්සත් ජාතික පක්ෂය කියන්නෙ කාටවත් දෙන එකක් නෙමෙයි.

:       0       42

NaviinFriday, 14 August 2020 11:39 AM

කවුද අපේ කරූට වයසයි කියලා කිව්වේ?

:       9       6

ABCFriday, 14 August 2020 01:47 PM

විජිත්, අසත්‍ය දේවල් විශ්වාස කරන්න එපා... ටිකක් ඉඳලා බලන්න.

:       1       11

liyanage Friday, 14 August 2020 09:47 PM

එක්සත් ජාතික පක්ෂය තරුණ නායකයකු යටතට ලබා දෙන්නේ නම් එය රුවන් විජේවර්ධනට ලබාදිය යුතුවේ. පක්ෂ නායකත්වය වෙනස පක්ෂ නායකත්වයට පමණක් සීමා නොවිය යුතුවේ. පක්ෂයේ සිටින වර්තමාන සියලු තනතුරු වෙනස් විය යුතුවේ. පක්ෂයේ නායකත්වයට පත්වන තරුණ නායකයා පළමුව දේශපාලකයකු විය යුතුවේ. ඔහුට ලේකම්වරයකු අත්‍යවශ්‍ය වේ. සත්‍ය වශයෙන්ම මෙය නායකයාගේ ප්‍රශ්නයක් නොවේ. සජිත් සහ පිරිසගේ තනතුරු සහ අවස්ථාවාදී ක්‍රියා නිසා පාක්ෂිකයා පක්ෂයෙන් ඈත්විය... වර්තමාන රජය සහ ජනතාව අතර පවතින සම්බන්ධය දිගුකල් පවතින්නේ නැත. මෙම රජය බොහෝ ආර්ථික, සමාජීය විරැකියාව, සංචාරක පමණක් නොව සුළුජාතික ප්‍රශ්න නිසා ගැටළු බොහෝ නිර්මාණය වනු ඇත. ජනතාව රජය විවේචනය කිරීමට පටන් ගන්න අවස්ථාව වනවිට තරුණ නායකයා එයට නායකත්වය ලබාදිය යුතුවේ. වර්තමාන තත්වයේ සිට ලංකාව තවතවත් පහළට යාමක් මිස කිසිඳු ආකාරයක වර්ධනයක් සිදුනොවනු ඇත. covid -19 නිසා ඇතිව ඇති තත්වය තේරුම්ගෙන ක්‍රියා කිරීම නුවණට හුරුවේ.

:       2       31

saman Saturday, 15 August 2020 01:23 PM

එක්සත් ජාතික පක්ෂයේ හිටපු ලේකම් අකිල විරාජ් වර්තමාන නායකයාගේ විශ්වාසය දිනාගත් තරුණ දේශපාලකයෙකි. හිටපු අගමැතිවරයාගේ උපදෙස් මත ඔහු අධ්‍යාපනය වෙනුවෙන් බොහෝ සාධනීය වෙනස්කම් කිරීමට දායක විය. නමුත් පසුගිය මැතිවරණ වේදිකාවලදී (කුරුණෑගල) ඔහු ප්‍රසිද්ධියේ කියා සිටියේ පක්ෂයේ ඉහළම තනතුරක් ඔහුගේ පළාතට ඔහු ගෙන එන බවකි. ඔහු මේ කියා තිබෙන්නේ පක්ෂයේ නායකත්වය පිළිබඳවද කියා පැහැදිලි නැති නමුත් එම ප්‍රකාශය ඔහුගේ මතයද පක්ෂයේ නායකත්වයේ උපදෙස් මත කලේද කියා දන්නේ ඔහුම පමණි..

:       3       0

sunil Friday, 14 August 2020 10:25 AM

ඕක ගසන ලද ගැටයක්.

:       200       159

upula nishanta Friday, 14 August 2020 10:41 AM

රුවන් මහතා?

:       205       2613

bandaFriday, 14 August 2020 01:58 PM

උපුල් මහත්තයෝ. ලබන ඡන්දෙදී ඔය තියෙන ආසනෙත් නැතිවෙනවා.

:       1138       4154

samanFriday, 14 August 2020 08:20 PM

මේ තවත් කළු සුද්දෙක්. මේ මනුස්සයාට තවම කෙලින් සිංහල කතා කරන්නට බැහැ...

:       0       1

nirodayana Friday, 14 August 2020 10:53 AM

අනේ මෙහෙමත් පක්ෂයක්.

:       222       229

Mangala Friday, 14 August 2020 10:56 AM

නටපු නැටුමකුත් නැත. බෙරේ පලුවකුත් නැත. කොළඹ පමණක් නොවේ මුලු රටෙේම එජාප සාමාජිකයින් සිය ඡන්දය මගින් ප්‍රකාශකරලා තියෙනවා තමන්ගේ නායකයා කවුද කියලා. මේ අය අන්ධ කයිප්පු කාලා වගේ විකාර කියවනවා.

:       826       870

saman Friday, 14 August 2020 11:21 AM

රනිල් ඔතැනින් ඉවත් වුවහොත්, ඉර බටහිරින් පායනු ඇත.

:       405       438

banda Friday, 14 August 2020 11:44 AM

රනිල් මැරෙනකම් නායකයා... කාටවත් දෙන්නේ නැහැ.

:       1210       1259

K Perera Friday, 14 August 2020 11:57 AM

පක්ෂය වැටිලා තිබෙන ප්‍රපාතය හැටියට නම් ආයේ ආයේ ගොඩඑනවා බොරු... එකම විකල්පය තමයි සමගි ජනබලවේගය සමග එකතුවෙලා පුළුල් ප්‍රතිසංවිධාන වැඩ පිළිවෙළක් හදාගැනීම...

:       825       880

de silva Friday, 14 August 2020 12:09 PM

සජිත් හැර වෙන කෙනෙකුට එජාප පාක්ෂිකයා ඡන්දෙ දෙන්නේ නැහැ. දුරකථනයට ලැබුණේ එජාප ඡන්ද...

:       830       848

රට වැසියා Friday, 14 August 2020 12:15 PM

රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයෙන් අයින් කිරීමට හැකි කිසියම් ස්වාභාවික හේතුවකට පමණි. 1994 වසරේ සිට තමන්ව මෙම පක්ෂයේ නායකත්වයෙන් අයින් කළ නොහැකි බව ඔහු ඔප්පු කර ඇත. මේ කොළවල ලියා ඇති දේවල් වලට එච්චර කලබල නොවෙමු!

:       205       144

Prabha Friday, 14 August 2020 12:26 PM

ඔය තටමන්නේ ජේ.ආර්. මාමා බෑණාට දීලා ගියාවගේ මෙයත් මෙයාගේ ඊළඟ පරම්පරාවට තෑගි දෙන්න.

:       314       427

ABCFriday, 14 August 2020 01:43 PM

රාජපක්ෂ පවුල ගැන මොකද කියන්නේ? පාර්ලිමේන්තුවේ කී දෙනෙක් ඉන්නවද?

:       1       30

JANITH Friday, 14 August 2020 03:10 PM

ඒක ඉතා හොඳයි..

:       0       0

vidya Friday, 14 August 2020 03:56 PM

ඕකනේ ජේ.ආර්. ජයවර්ධන කිසි කෙනෙකුට පනින්න නොදී අස්වීමේ ලිපිය කලින්ම ගත්තේ... රනිල් ගෙදර ගිහින් ටික කලක් පාඩුවේ හිටියොත් හොඳ නැද්ද?

:       4       2

chandima Friday, 14 August 2020 04:00 PM

මෙයත් මාමණ්ඩි තරුණ සම්මේලනයට ගියා වගේ බෝ, ටයි බෙල්ලේ ගැටගහගෙන ආයෙත් එන්න වගේ යන්නේ.. එහෙම නැතිනම් කවුරු හරි ඉන්නවද තරුණ පහේ?

:       0       1

lanka Friday, 14 August 2020 04:07 PM

දැන් ඔය මොන බල්ටි ගැහුවත් එජාපෙ තව අවරුදු 10කට ගොඩ එන්නේ නැහැ. මක්නිසාද යත්, බහුතරයක් සිංහල බෞද්ධ ඡන්ද තවමත් දෝලනය වී තිබෙන්නේ රාජපක්ෂ කඳවුරටයි...

:       0       225

sisira12 Friday, 14 August 2020 04:16 PM

එජාපයේ, එක්සත් කමක් තියෙනවා නම් මේ තනතුර සජිත්ට ලබාදිය යුතුයි. එහෙම තමයි එක්සත් වෙන්නේ. එහෙම නැතිනම් මේක ගුටිකෙළගැනීමක් වගේ වෙයි.

:       409       880

tharunaya Friday, 14 August 2020 07:10 PM

තරුණ නායකයෙක් කිව්වාම කරූව මතක් වුණා.

:       4       0

Saththaya Saturday, 15 August 2020 01:37 AM

කොහොම හරි කමක් නැහැ මලපෙරේතයින්, භූතයින්, පින්ගූත්තරයින් අතට නායකත්වය යන්න නොදී කල් අරගෙන හෝ මහත්මා ගතිගුණ ඇති යහපත් පුරවැසියෙක් අතට නායකත්වය ගියොත් නම් හරි...

:       0       204

WCA Saturday, 15 August 2020 03:59 AM

රනිල් තමයි තරුණ නායකයා වෙන කව්ද?

:       0       2

kamal Saturday, 15 August 2020 05:33 AM

කොණ්ඩෙ කලු කරලා ගත්තහම ඕනෑම වයසක කබරගොයෙක් තරුණ තලගොයෙක් කළ හැකි බව ලඟදීම ඔප්පුවෙනවා.

:       0       6

banda11 Saturday, 15 August 2020 11:27 AM

ඉස්සෙල්ලාම නින්දා, අපහාස එක්ක හොඳ ගුටි කෙළියක් දකින්න ලැබේවි..!! ඊට පස්සේ අලුත් අලියෙක් බිහිවේවි..!!!

:       0       221

BamunuarachchiWednesday, 19 August 2020 04:53 AM

ඒ වෙනකොට රටත් හාන්සියි, ඡන්ද දායකයිනුත් හාන්සියි.

:       0       0

de silva Saturday, 15 August 2020 03:58 PM

ඔය පක්ෂය ගොඩගන්න නම්, පාක්ෂිකයාගේ ඡන්දයෙන් නායකයා තෝරන ක්‍රමයකට යන්න ඕනේ..

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ට්‍රම්ප්ට එරෙහි නඩුව අසද්දී පුද්ගලයකු ගිනි තබා ‌ගෙන
2024 අප්‍රේල් මස 20 583 0

ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක


ඉරානයේ යුද ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 20 1983 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා


උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 1466 0

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


විශේෂඥ දොස්තරවරු 350ක් රට හැර ගිහින්
2024 අප්‍රේල් මස 20 828 0

රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.


පාලිත සැමට සමු දෙයි
2024 අප්‍රේල් මස 20 2018 0

මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ


තැනින් තැනට පොඩි වැස්සක්
2024 අප්‍රේල් මස 20 98 0

බස්නාහිර.සබරගමුව,වයඹ,ඌව සහ මධ්‍යම පළාත්වලත් අනුරාධපුර, වවුනියාව, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 231 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1548 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1437 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site