IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


එජාපයට නව ආසන සංවිධායකවරු 6 ක්

 (නිමල කොඩිතුවක්කු)
 
ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු ආසන සංවිධායකවරුන් දෙදෙනෙකු ඇතුලූ හයදෙනෙකු එක්සත් ජාතික පක්ෂයේ නව ආසන සංවිධායකවරුන් ලෙස පත් කර තිබේ.
 
 අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් අරලියගහමන්දිරයේ අද(11) පැවති උත්සවයකදී මෙම නව අසාන සංවිධායක ධුර පිරිනමනු ලැබීය.
 
 
ඒ අනුව හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයකු මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අරනායක ආසන සංවිධායක ලලිත් දිසානායක මහතා එක්සත් ජාතික පක්ෂයේ අරනායක ආසන සංවිධායක ලෙසත් පලාත් සභා හිටපු අමාත්‍යවරයකු සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සෙංකඩගල ආසන සංවිධායක තිලිණ බන්ඩාර තෙන්නකෝන් මහතා එක්සත් ජාතික පක්ෂයේ පාතදුම්බර  ආසන සංවිධායක ලෙසත් පත්කර තිබේ.
 
 පාර්ලිමේන්තු මන්ත‍්‍රී කාවින්ද ජයවර්ධන මහතා මීගමුව ආසන සංවිදායක ලෙසත් ජනප‍්‍රිය  ගායන ශිල්පී රූකාන්ත ගුණතිලක මහතා දඹදෙනිය ආසන සංවිදායක ලෙසත් පත්කරනු ලැබිය.


මංජුල බණ්ඩාර මහතා වාරියපොල ආසන සංවිධායක ලෙසත් උදය විජේනායක මහතා හිරියාල ආසන සංවිධායක ලෙසත් පත්කරනු ලැබිය.


මෙම අවස්ථාව සදහා එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අකිල විරාජ් කාරියවසම්, අමාත්‍යවරුන් වන සාගල රත්නායක, මලික් සමරවික‍්‍රම යන මහත්වරුන් ඇතුලූ පිරිසක් එක්වූහ.

(ඡායාරූප -ලහිරු හර්ෂණ)

 



අදහස් (23)

එජාපයට නව ආසන සංවිධායකවරු 6 ක්

Sunil Monday, 11 February 2019 08:04 AM

පක්ෂය විනාසය අභිමුකයේ.

:       109       210

sandy123Monday, 11 February 2019 08:48 AM

අපිට නම් සංවිධායකවරු හිටියත් එකයි නැතත් එකයි. අපිට අපි හිටියම හොදටම ඇති. අපිව විකිණින්නේ නැතිව ඉන්න අපි වග බලාගන්න ඕනේ. අපිට අපිම දෙන්න ඕනේ අවවාදය එච්චරයි.

:       8       172

chandimaTuesday, 12 February 2019 03:15 AM

විනාශ වෙන්න පක්ෂයක් තියෙනවද? මේක ඒ අයගේ බුදලයක්නේ. පෙන්නේ නැතිද අයිතිකාරයගෙයි, බටයගෙයි හිනාව? හරියට කිරිජ්ජපල්ල අතගාල වගේ.

:       0       2

thridu Monday, 11 February 2019 09:47 AM

ඒ.ජා.පෙ. කාගේවත් පුද්ගලික බූදලයක් නොවේ.. අැයි හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක මහත්තයාව ගන්නේ නැත්තේ...? හිටපු මහ ලේකම් සිරිසේන මහත්තයා ප්‍රතිවාදියා මහින්ද මහත්තයාව අගමැති කරගත්තා නම් අැයි තිස්ස මහත්තයාව අාසන සංවිධායකයෙක් ලෙස ගන්න බැරි..? කට්ටියගේ කුහකකම තමයි.

:       229       127

Chanak los angelesTuesday, 12 February 2019 04:39 AM

තිස්ස ඉන්න ඕනේ හිරේ ... රටේ වගකිවයුතු සිවිල් සේවයේ නියුතු පුද්ගලයෙක් ව්‍යාජ ලියවිල්ලක් සකස් කර හොර අත්සනක් යොදා කරන ලද වංචාවේ බරපතලකම නොදන්නවානම් දන්නා කෙනෙකුගෙන් අහලා දැනගත්තොත් හොඳයි. වෙන රටකනම් මෙවන් දුෂිතයන් සදාකාලිකවම අසාදු ලේකනගත වෙනවා.

:       0       0

kamil Monday, 11 February 2019 09:51 AM

තිස්ස අත්තනායක, හිටපු මහා ලේකම්ව ගන්නේ නැත්තේ ඇයි? එක්සත් ජාතික පක්ෂය කාගේ කාගේත් බුදලේ නෙමෙයි.. පාක්ෂිකයාගේ පක්ෂයයි. එමනිසා පක්ෂයේ ජය ගැන හිතලා නායකයා ඇතුළු කෘත්‍යාධිකාරි මණ්ඩලය වැඩකළ යුතුයි නේද...?

:       133       43

daya Monday, 11 February 2019 09:53 AM

අැයි දුමින්ද දිසානායක, අප්පච්චිමලෝ, ලාව ගත්තේ නැත්තේ...?

:       0       65

CiscoMonday, 11 February 2019 10:53 AM

මේ ගොල්ලෝ අනෙක් පක්ෂයේ ඉන්න එක හරියට තමන්ට් උදව් කරන ක්‍රීඩකයෙක් තමන්ගේ ප්‍රතිවාදී පිලේ ඉන්න එක වගේ නිසා.

:       1       26

sarath samaranayake Monday, 11 February 2019 10:01 AM

මේවා දැකලා පන පලයන් පෙරේදා

:       4       38

sirimal Monday, 11 February 2019 10:20 AM

ආයෙත් සැරයක් නොමිලයේ කොන්ඩේ බූගාව ගන්නද කොහේදෝ ඔය හදන්නේ...?

:       0       94

jagath Monday, 11 February 2019 10:50 AM

තරිදු , කමල් , ඔයාලා දෙන්නම හරි හැබැයි තිස්ස අත්තනායක මහත්තයා පක්ෂයක් හැදුවොත් යු .එන්. පි . කාරයෝ ලක්ෂ 10 කට වැඩි කොටසක් යන එක නියතයි අන්න එදාට තමයි නායකයෝ ... වෙන්න ඉන්න නායකයෝ තක්කු මුක්කු වෙන්න එතකොට අස්වයා ගිහින් ඉවරයි.

:       124       22

සමන්ත Tuesday, 12 February 2019 04:57 AM

මිත්‍රයා, එයාට කියන්නකෝ හදන්න කියලා. එතකොට ඔහෙලට බලාගන්න පුළුවන් ඇත්ත ගැන. නොදන්නා දේශපාලනය ගැන කතා කරන්න එපා.

:       0       0

irntha Monday, 11 February 2019 11:05 AM

ඔය රූකාන්ත මට මතකයි ඒ කාලේ මහින්දගේ වේදිකාවේ සෝත්‍ර ගායනා කළා සිංදු කිව්වා... දැන් අසන සංවිධායක... ලබුත් තිත්ත වෙනකාලේ..

:       54       32

kamalaani Monday, 11 February 2019 11:08 AM

තිස්ස අත්තනායක අලුත් පක්ෂයක් පිහිටපු දාට බලමු..?

:       138       18

thnuja Monday, 11 February 2019 11:12 AM

මගෙත් කොන්ඩේ කපා ගත්තා නම් මටත් ආසන සංවිධායක කමක් ගන්න තිබ්බා. සිංදු කිව්වම ඡන්ද ගන්න සුදුසුයි කියලා මෙයාලා හිතුවට... ඡන්ද දායකයා හිතන්නේ වෙන විදියක් ..

:       16       51

janith Monday, 11 February 2019 11:16 AM

මෙහෙම යනකොට මාකඳුරේ සංවිධායක මදුෂ් කිව්වේත් අපි පුදුම වෙන්නේ නෑ... මේ නායකයයි, ගෝලාපාලයෝ ටිකයි මේ කරන විදියට...

:       67       29

kaanthi Monday, 11 February 2019 11:18 AM

දැන් රටේ මිනිස්සුන්ට රූකාන්තගේ සින්දු විතරයි අඩු... ඒකත් හරි.. පිස්සු නැත්තන් ශෝක්...

:       32       57

සඳුන් Monday, 11 February 2019 01:00 PM

බඹර පහස ලබන සමනල්ලු ...!

:       68       116

chandima Monday, 11 February 2019 02:01 PM

දඹදෙණියේ අපි කවුරුවත් යෝජනා නොකරපු, අපේ කැමැත්තකින් තොර , කෙනෙක්ව අපේ පාර්ලිමේන්තු නියෝජිතයා කරන්න තියෙන අයිතිය මොකක්ද? ඒ කියන්නේ අපි පාර්ලිමේන්තුවට යැවිය යුත්තේ අපේ නියෝජිතයෙකු නොවන වගද? කෝ ඔය ප්‍රජාතන්ත්‍රවාදය? මේ පත් කිරීම ගැන අපේ පක්ෂ කාර්යාල වලින් විමසුවද? පක්ෂ කාර්යාල වලට හෝ පක්ෂයේ සාමාජිකයින්ට තමන්ගේ නියෝජිතයා නම් කිරීමට අවස්ථාවක් දුන්නද? ඔන්න නියම ඒකාධිපති වාදය.

:       17       160

SAMAN Tuesday, 12 February 2019 02:57 AM

කැනඩාවේ පුරවැසි රූකාන්ත ඡන්දෙන් පස්සේ අල්ලන්න නම් කැනඩාවට යන්න වෙනවා දඹදෙණියේ මිනිස්සුන්ට

:       0       0

CHANDIMA Tuesday, 12 February 2019 03:10 AM

කෙනෙකුගේ අවසාන භාගයේ සිතේ තිබෙන ආශාවන් සම්පුර්ණ කරදීම මහඟු පිනක්. දැන් බලන්න රනිල් මහත්තයාගේ ඔටුණු පැළඳීමේ සිහිනය සාක්ෂාත් කරගැනීමට කුලියට හෝ මේ විදියට සහභාගිවීමෙන් රූකාන්ත මහත්තය මෙරටටත් එරටටත් බලපාන තරමින් පින් රැස්කරගන්න අන්දම? ගැන ගෙවනවා කිව්වේ කැනඩාවේ බැංකුවකටද? ඔය විදියට ගානක් පොරොන්දුවෙලා ඡන්දෙ ඉල්ලපු රණවිරුවෙකුට අන්තිමේ තරු විතරයි ඉතුරු උනේ, නිදහස් උත්සවේ පැත්ත පළාතටවත් එන්න දුන්නේ නැහැ. ඔයාවත් ඡන්දෙන් පස්සේ හපයක් වෙනවා සිකුරුයි. එක නිසා දෙන ගානක් දැම්ම ඉල්ලගෙන වැඩේට බහින්න.

:       0       7

Janahitha Tuesday, 12 February 2019 06:26 AM

රාජධානියක් වූ දඹදෙණිය ට ගොරක ගායකයෙක් පත්කිරීම ගැන දඹදෙණියේ ජනතාව ලජ්ජාවට පත්විය යුතයි. දඹදෙණිය යනු උගතුන් සිටින වැදගතුන් සිටින ආසනයක් බව අමතක නොකලයුතුයි. අර අකිලය හිනාවෙන්නේ දඹදෙණියේ ජනතාවට ද ? නැත්නම් උගේ නායකයාටද? මම හිතන්නේ ජනතාව නිවැරදි තීන්දුවක් ගනීවි. කොහොමටත් මම නම් යූඅන්පී නොවෙයි. එත් මටත් ලජ්ජා හිතෙනවා.

:       0       0

kamil Tuesday, 12 February 2019 08:36 AM

ඔය නායකතුමා වටේ ඉන්න ඔක්කොමට වඩා ......තිස්ස අත්තනායකගෙන් පක්ෂෙට විශාල සේවයක් වුණා කියලා මම නිර්භීතව කියනවා ..... ඔය සින්දු කියන, බයිලා කියන , කවි කියන , බණ කියන, බොරු කියාන අයට වඩා තිස්ස මහමෙරක් වටීවි........ පාක්ෂිකයාට අපි ඡන්දෙදි බලමු ....මතකයිනේ පලාත්පාලන මැතිවරණෙ .. කට්ටිය පොදි බැදගෙන හිරේ යන්නත් සුදානම් වෙන්න

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

විල්ගමුව පොලිසියෙන් අතුරුදන් වූ ගිනි අවිය බුදු කුටියකින් මතුවෙයි
2024 අප්‍රේල් මස 24 50 0

මාතලේ - විල්ගමුව පොලිසියේ මුර කුටියේ රාත්‍රී සේවය කරමින් සිටි පොලිස් නිලධාරියාගේ ගිනි අවිය අතුරුදන් වී මසකට පසු හමුවු බැවි විල්ගමුව පොලිසිය කියයි.


වැටුප් ප්‍රශ්නය විසදන්න ගුරු බලය සංවිධානයට ලිපියක්
2024 අප්‍රේල් මස 24 285 1

ගුරු විදුහල්පති සේවයන්හි වැටුප් විෂමතාවක් නැතැයි පවසමින් ගුරු බලය සංවිධානයට ලිපියක් යැවූ ගුරු ආයතනයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරියගෙන් ඒ සම්බන්ධයෙන් ක


ෆොක්ස්හිල් අනතුරේ රියදුරන්ට ඇප
2024 අප්‍රේල් මස 24 291 0

දියතලාව නරියාකන්ද ෆොක්ස්හිල් මෝටර්රථ අනතුර සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි තරගකරුවන් දෙදෙනා බණ්ඩාරවෙල මහේස්ත්‍රාත්


’’ගෝඨාභය පොත ලිව්වේ පව් සෝදා ගන්න’’
2024 අප්‍රේල් මස 24 307 0

ගෝඨාභය පොත ලියා ඇත්තේ ඔහු විසින් කළ පව් සෝදා ගන්නට යැයි සමගි ජන බලවේගයේ කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රී කබීර් හෂීම් මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.


ඉන්දීය ආධාර ගම්මාන හතරක් ජනතා අයිතියට
2024 අප්‍රේල් මස 24 592 1

ඉන්දියානු ආධාර යටතේ ඉදිකෙරුණු තවත් ගම්මාන හතක් ලඟදීම ජනතා අයිතියට පත් කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. කොළඹ, රත්නපු


වතු කම්කරු වැටුප ඉහළ දාන්න තීරණයක
2024 අප්‍රේල් මස 24 493 5

වතුකම්කරුවන්ගේ වැටුප ඉහල දැමීම පිළිබඳව රජය නිශ්චිත තීරණයක සිටින බව ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 294 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1667 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1527 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site