(නිමල කොඩිතුවක්කු)
එක්සත් ජාතික පක්ෂයේ මූලිකත්වයෙන් ප්රජාතන්ත්රවාදී ජාතික පෙරමුණේ නව පුළුල් සන්ධානය කඩිනමින් පිහිටවූවත් ජනාධිපතිවරණ අපේක්ෂකයකු පත්කිරීම සම්බන්ධයෙන් එතරම් හදිස්සියක් නොමැති බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා කොළඹ දී පැවසීය.
ජනාධිපතිවරණයට මාසයක් තබා ජනාධිපතිවරණ අපේක්ෂකයා නම් කිරීම වඩාත් සුදුසු යැයි තමන් සිතන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
කොළඹ අරලියගහ මන්දිරයේ දී අද (19) පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවැසීය.
එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා මෙසේ ද කීවේය.
‘‘සන්ධානය ස්ථිරවම හදනවා. ඒ පිළිබඳ අවසන් තීරණාත්මක සාකච්ඡා සිදුකරමින් පවතිනවා. එම සාකච්ඡා ඉතා ඉක්මණින් අවසන් කිරීමට බලාපොරොත්තු වෙනවා.
මම කිසිම අපේක්ෂකයෙක් ගැන බලන්නේ නැහැ. සන්ධානය සම්බන්ධයෙන් සාකච්ඡා වලට මම යනවා. මම බලන්නේ මේ මාස හතර ඇතුළේ පුළුවන් තරම් අපේ අමාත්‍යාංශයේ වැඩ ටික අවසන් කරන්නයි.
මම එක්සත් ජාතික පක්ෂයේ නෙමෙයි. අපේක්ෂකයා සහ ඒ තියෙන ගැටලූ ගැන එක්සත් ජාතික පක්ෂය සාකච්ඡා කරලා ඊළඟට සන්ධාන නායකත්ව මණ්ඩලයත් එක්ක සාකච්ඡා කරලා අවසන් තීරණයක් ගත යුතුයි.
අපිට අවශ්‍ය වන්නේ හොඳ සන්ධානයක් හදලා කතාවෙන් පමණක් නෙමෙයි ක්‍රියාවෙනුත් කරන්න පුළුවන් හරි ප්‍රතිපත්ති මාලාවක් ඉදිරිපත් වුණාහම තමයි මම පෞද්ගලිකව තීරණය කරනවා මොන තැනද මම හිටගන්නේ කියලා.
මේ අපේක්ෂකයො කවුරුත් මම විවේචනය කරන්නෙත් නැහැ, මම කාගෙවත් හොඳ කියන්නෙත් නැහැ. මම බලන් ඉන්නවා හරි පුද්ගලයා කවුද කියලා.
හැම පක්ෂයකටම විනයක් අවශ්‍යයි. සමහර තරුණ මන්ත්‍රීවරු හිතන්න හොඳ නැහැ. ඒ අයම හිතන දේ හරි කියලා. මම නම් හිතන්නේ අපට රටට ආදරය කරන දැක්මක් එක්ක රටක් දුවන්න පුළුවන් නායකත්වයක් අවශ්‍යයි.
සුළු පක්ෂ සියල්ලක්ම වගේ අද එක්සත් ජාතික පෙරමුණත් එක්ක ඉන්නවා. අපිට දාන කෙනා කවුද කියලා අදාල නැහැ. අපේක්ෂකයා ගැන අපි දැම්මට පස්සේ තීරණයක් ගන්නවා. මට නම් වලින් වැඩක් නැහැ. එන පුද්ගලයා කවුද කියලා ඔහුත් එක්ක වැඩ කරන්න පුළුවන්ද කියලා බලා අපි තීරණයක් ගන්නවා.
මහජනතාව අපේන් කවදාවත් බඩු අඩු කරන්න කියලා ඉල්ලූවේ නැහැ. අපෙන් ඉල්ලූවේ ප්රජාතන්ත්රවාදය ඇති කරන්න කියලා. අපි ප්රජාතන්ත්රවාදය වැඩියෙන් ඇති කළා. ඒක එක ප්‍රශ්නයක් විදියට මම දකිනවා.
අපේ කැබිනට් මණ්ඩලයේ හිටියා මේ ගැන හැමදාම කතාකරන ඇමැතිවරුන් සිව් දෙනෙක්. අන්තිමේදී ඒ හතරදෙනාටම ඇතිවෙලා දැන් මේ ගැන වචනයක්වත් කතා කරන්නේ නැහැ.
අවුරුදු හතරහමාරක් ගියාට පස්සේ ඇවිත් දැන් හොරු අල්ලන්න පුළුවන්ද බැරිද කියලා මම දන්නේ නැහැ. නමුත් 2015 මිනිස්සු අපෙන් බලාපොරොත්තු වුණේ මෙයට වඩා වෙනස් ක්‍රමයක්. අපි අතින් ඒක සිද්ධ වුණේ නැහැ කියලයි මම හිතන්නේ’’ යැයි ද අමාත්‍යවරයා එහිදී පැවසීය.
ඡායාරූපය - ළහිරු හර්ෂණ
වත්මන් අර්බුද විසඳීමට පාඨලී චම්පික රණවක මහතා නිවැරදි වැඩපිළිවෙළක් ඉදිරිපත් කර ඇතැයි ශ්‍රී ලංකා මහජන පක්ෂය සඳහන් කළේය .
රථවාහන වරදක් සම්බන්ධයෙන් නඩු නොපවරවා සිටීමට ත්‍රී රෝද රථ රියදුරෙකුගෙන් රුපියල් 500/-ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවට වරදකරු රථවාහන රාජකාරියේ නිරත පො
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා මහනුවර දී අද මල්වතු අස්ගිරි මහා නා හිමිවරු බැහැදුටුවේය.
මේ රට අයිති සමස්ත ශ්‍රී ලාංකිකයන්ට මිසක් එක් පවුලකට නොවන බව සියලු දේශපාලන පක්ෂ සහ නියෝජිතයින් අවබෝධකරගත යුතුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා
අනුරාධපුර බන්ධනාගාරයේ එළිමහන් සිර කඳවුරෙ රඳවා සිටි සිරකරුවන් දෙදෙනෙකු ඊයේ (29) දහවල් පලා ගොස් ඇති බව වාර්තාවේ.
රාජ්‍ය අමාත්‍යවරයකුගේ පෞද්ගලික ලේකම්වරියකට, පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු දුරකථනයෙන් තර්ජනය කල බව පවසමින් එම ලේකම්වරිය අද (29) පැමිණිල්ල
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
එජාපයට ජනපති අපේක්ෂකයකු පත් කිරීමට එතරම් හදිස්සියන් නෑ
kamal Monday, 19 August 2019 09:43 AM
මනමාලිව අන්තිම මොහොත දක්වා හංගගෙන ඉන්නේ ඇයි කියලා කවුරුත් කතාවෙනවා.
Palitha Lakshman Monday, 19 August 2019 09:50 AM
මේ තව එක දේශපාලකයෙක්...!!
ගල්කටස් Monday, 19 August 2019 09:52 AM
අනේ අනේ ඔයාගේ බණ අපිට එපා. අර සජිත් මහත්මයා මං එනෝ කියකියා රවුම් ගහන්නේ එයා නෙමෙයිද ඔහෙලාගේ අපෙක්ෂකයා? ජීවන වියදම අඩුකරලා අපිට පුංචි කාර් එකක රවුම් ගහන්න පුලුවන් කිව්වේ ඔහෙලානේ මහත්තයා... ඉතිං දැන් අපි ඔයාලගේ පුංචි කාර් එකෙන් ගිහින් මල්ලිගේ නායකයාට කතිරේ ගහනවා හරිද?
Cisco Monday, 19 August 2019 09:58 AM
මෙයාත් මෛත්‍රීෙග් පළාත්සභා ගුලිය කාලා වගේ...
sirimal Monday, 19 August 2019 10:02 AM
ඔබතුමාලට හදිස්සි නැති වුණාට එක්කෙනෙක් නම් දැනටමත් තරඟයට අවතීර්ණ වෙලා කියලයි කියන්නේ. අර බ්‍රේකින් නිවුස් කණ්ඩායමේ තල්ලුවෙන්න එයා බලහත්කාර කමෙන්ම නාමයෝජනා ගන්නයි හදන්නේ ඔන්න. 23 වැනිදා මාතරදීත් බලය පෙන්වන ජාතියේ කෝලම් නර්තනයක් කරනවා කියලා කියන්නේ.
lalith Monday, 19 August 2019 10:31 AM
හදිස්සියක් නැද්ද, එහෙමත් නැත්නම් කෙනෙක් නැද්ද...?
Bandara Monday, 19 August 2019 10:53 AM
බැට් එක අරගෙන ජනේලයෙන් පැන්නේ මෙයා නෙවෙයි කියලා මට දැන් හිතෙනවා.
Bandula. Monday, 19 August 2019 11:28 AM
හදිස්සියක් නැද්ද! නැත්නම් වෙන්න බලාගෙන ගෙන ඉන්න කට්ටිය වැඩිද මන්දා, කාට දෙන්නද නේද?
sharm warn Monday, 19 August 2019 12:17 PM
ආහ්.... අපි හිතුවා සජිත් නැටුවට අන්තිමේ එයාට හුළං කියලා.. ඔය පැන්නේ තව බළලෙක් මල්ලෙන්.. මේ බළලා හැර තවත් බළලුන් සිටිත්ද?
ධම්ම Monday, 19 August 2019 04:46 PM
ඉම්රාන් පාකිස්තානයට ක්‍රිකට් ලෝක කුසලානය ගෙනාවා. දැක්මක් ඇතිව දේශපාලන පක්ෂයක් බිහිකළා. කට්ට කාගෙන ගිහිල්ලා අරමුණ කරා ලඟාවුණා. අද ඔහු පාකිස්තානයේ අගමැති. 96 ලෝක කුසලානය අහම්බයක්ද කියා හිතෙනවා. පක්ෂයක නැට්ටේ එල්ලිලා ඔබ මේ කියන දේවල් ඇහෙනකොට...
siri Monday, 19 August 2019 07:45 PM
ඇත්ත නේන්නම්
Bamunuarachchi Tuesday, 20 August 2019 12:47 PM
ඔව් අනේ මොකට හදිස්සි වෙනවාද?