IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


ඌව මහ ඇමැතිට අධ්‍යාපන ඇමැතිකම දීම ගැන ගුරු සංගම් විරෝධය


 
තරිඳු ජයවර්ධන
 
බදුල්ල දෙමළ බාලිකා විද්‍යාලයයේ විදුහල්පතිනිය දණ ගැස්වීයැයි කියන සිද්ධියට අදාළ පරීක්ෂණ තවම අවසන්ව නොතිබිය දී ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතාට යළිත් අධ්‍යාපන ඇමැතිකම ලබාදීම සම්බන්ධයෙන් විරෝධය පළ කරන බව ලංකා ගුරු සංගමය කියයි.
 
මෙම සිද්ධිය සම්බන්ධ අධිකරණ ක්‍රියාමාර්ගය මෙතෙක් අවසන් වී නැතැයි ද, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ විමර්ශනයේ වාර්තාව තවමත් ලබා දී නැතැයි ද, එසේ තිබිය දී මහ ඇමැතිවරයාට යළිත් අධ්‍යාපන ඇමැතිකම ලබා දීම සදාචාර සම්පන්න නැතැයි ද එම ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පැවසීය.
 
මැතිවරණ සමයේ මහඇමැතිවරයාගෙන් අධ්‍යාපන ඇමැතිකම ගලවා රංගනයක් කර ඇතැයි මින් පෙනෙන බව කී ස්ටාලින් මහතා විදුහල්පතිනියට සාධාරණයක් කරනවා වෙනුවට දසනායක මහතාට අධ්‍යාපන ඇමැතිකම ලබාදීම සම්බන්ධයෙන් ඉදිරියේදී වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීමට බලාපොරොත්තු වන බව ද සඳහන් කළේය. 
 
බදුල්ල දෙමළ බාලික විද්‍යාලයේ විදුහල්පතිනිය සිය නිල නිවසට කැඳවා ඇයට බැණ දණගැස්වීයැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශන දෙකක් පැවැත්වේ.



අදහස් (7)

ඌව මහ ඇමැතිට අධ්‍යාපන ඇමැතිකම දීම ගැන ගුරු සංගම් විරෝධය

P.Ilangaratne Monday, 16 April 2018 10:26 AM

අයියෝ සිරිසේන. කොලේ ඉරාගෙන ඇඟේ හලාගෙන මොනවද මේ කරන්නේ?

:       51       213

Sunil Monday, 16 April 2018 10:30 AM

ඉතින් අධ්‍යාපන ඇමැති වෙන්න අවැසි ඉහළම සුදුසුකම් එතුමා ලඟදී සැපිරුවානේ. එහෙමනම් මොකටද විරුද්ධ වෙන්නේ?

:       0       130

PRIYANTHA Monday, 16 April 2018 03:41 PM

අධ්‍යාපන ඇමැතිකම දෙන්න ඕනේ ඉගෙන ගත්තු කෙනෙකුටයි. මේ දේශපාලකයෝ රට විනාශ කරනවා.

:       0       3

de silva Monday, 16 April 2018 08:32 PM

උගත් කෙනෙකුට අධ්‍යාපන ඇමතිකම දීල වැරදිලාවත් ඔහු අධ්‍යාපනය දියුණු කරලා රටේ ජනතාවගෙන් වැඩි ප්‍රමාණයක් උගත් බුධිමතුන් බවට පත් වුනොත් බොරු පොරොන්දු දෙන හොර මැර වංචා කරන දේශපාලකයන්ට මිනිස්සු ඡන්දෙ දෙන්නේ නැතුව යනවා , නුගත් කෙනෙකුට මේක දුන්නම රටේ අධ්‍යාපනය දිනෙන් දින පිරිහෙන කොට රටේ නුගතුන් වැඩි වෙන කොට ඔවුන්ව රවටා ඡන්දය ගැනීම පහසුවෙනවා , එම නිසා මොන ප්‍රශ්න ආවත් දේශපාලන ලොක්කෝ මොවුන්ට මේ තනතුරු දෙනවා.

:       0       0

ලුම්බිණි Tuesday, 17 April 2018 12:45 AM

මේකෙන්ම පෙනෙනවා අපේ රටේ දේශපාලන නායකයෝ කියන අයට රටේ මිනිසුන් ගැන කිසිම අවබෝධයක් නැහැ කියලා.

:       0       0

Shan Tuesday, 17 April 2018 06:21 AM

අපේ රටේ ආණ්ඩුවක් තියෙනවද කියආ හිතෙනවා මේ වෙන වැඩ දැක්කම...

:       0       0

A.Samathasena. Wednesday, 18 April 2018 08:53 AM

ඉස්කෝලේ නොගිය, උගත්කම නැති, විදුහල්පතිනියන් දණ ගැස්වූ, පල් මෝඩයින්ට අධ්‍යාපන ඇමතිකම් දෙන එකම රට ශ්‍රී ලංකාවයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

චීන කොමියුනිස්ට් දූතයෝ රුවන් හමුවෙති
2024 අප්‍රේල් මස 24 191 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය සන් හයියන් (Sun Haiyan) මහත්මිය ඇතුළු චීන දූත පිරිස සහ දේශගුණික විපර්යාස පිළිබඳ


ඉරානය සමග ගිවිසුම් පහකට අත්සන් තබයි
2024 අප්‍රේල් මස 24 520 0

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තැබූ බව ජනාධිපති කාර්යාලය පවසයි.


ශ්‍රීපාදයෙන් පැන්න තරුණයා හමුවේ
2024 අප්‍රේල් මස 24 1285 0

ශ්‍රී පාද උඩමළුව ආසන්නයේ රත්නපුර මාර්ගයේ ආරක්ෂක වැටකින් පහළට පැන ඉකුත් (19)දා සිට අතුරුදන්ව සිටි තරුණයා දින (05)කට පසුව නල්ලතන්නිය පොලිස් වසමට අයත්, රාජමල


රනිල්ට ඉස්සර වෙන්නැයි බැසිල් කියයි
2024 අප්‍රේල් මස 24 1558 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනපතිවරණයට තරඟ කරන බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු පොදු ජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයා සම්බන්ධයෙ


දකුණේ දේශපාලකයෙක් කොරියාව පෙන්වා කෝටි 3 ක් ගරාගෙන
2024 අප්‍රේල් මස 24 502 0

දකුණේ ප්‍රබල දේශපාලනඥයකු තරග විභාගයකින් තොරව කොරියා රැකියා දෙන බව පවසා තරුණයන් 500කගෙන් රුපියල් කෝටි දෙක හමාරකට ආසන්න මුදලක් ලබාගෙන ඇතත් තවමත් රැකියා


මැතිසබේ පාස්කු පෝස්ටර්
2024 අප්‍රේල් මස 24 235 0

පාර්ලිමේන්තු සභා ගර්භයේ සඟවා තිබී පාස්කු දා ප්‍රහාරය සම්බන්ධ විරෝධතා පාඨ සහිත පුවරු හතක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් පිරිසක් විසින් අද (24) පෙරවර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 303 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1673 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1533 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site