IMG-LOGO

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා


ඌවතැන්නේ සුමන හිමිට ජීවිතාන්තය දක්වා සිරදඬුවම්

(මනෝප‍්‍රිය ගූණසේකර)

2010 ජනාධිපතිවරණයට ආසන්න දිනයකදී මාලිගාවත්ත ශ්‍රී බෝධිරාජාරාම විහාරස්ථානයේ ටී-56 ගිනි අවියක් ලඟ තබා ගැනීමේ චෝදනාවට එම විහාරස්ථානයේ විහාරාධිපති ඌවතැන්නේ සුමන හිමියන් වරදකරු බවට තීරණය කළ කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳි මහතා උන්වහන්සේට ජීවිතාන්තය දක්වා වු බරපතල වැඩ සහිත සිරදඬුවම් අද (01) නියම කළේය.

ටී-56 ගිනි අවි ලඟ තබාගැනීමේ චෝදනා හැර අත් බෝම්බ 50ක් සහ ජීව පතුරම් 210ක් ලඟ තබා ගත් බවට ඌවතැන්නේ සුමන හිමියන්ට එරෙහිව නඟා තිබු සියළු චෝදනාවන්ගෙන් උන් වහන්සේ නිදොස් කොට නිදහස් කිරීමටද විනිසුරුවරයා වැඩිදුරටත් නියම කළේය.

ඌවතැන්නේ සුමන හිමියන් සමඟ එම නඩුවේ දෙවැනි විත්තිකරු වශයෙන් නම් කොට සිටි උන්වහන්සේගේ ගෝල හිමි නමක් වු මාවෙලතැන්නේ සුමේධ හිමියන්ට එරෙහිව එල්ල කොට තිබු සිය`ථ චෝදනා වලින් උන්වහන්සේ නිදොස් කොට නිදහස් කිරීමටද විනිසුරුවරයා වැඩිදුරටත් නියම කළේය.

2010 ජනාධිපතිවරණයට ආසන්න දිනයක් වන 2010 ජනවරී 20 වැනිදා හෝ ඊට ආසන්න දිනයක මාලිගාවත්ත ශ්‍රී බෝධිරාජාරාම විහාරයේදී ටී-56 ගිනි අවි 02ක් අත් බෝම්බ 50ක් සහ ජීව පතුරම් 210ක් ලඟ තබා ගන්නා ලද බවට විත්තිකරුවන්ට එරෙහිව චෝදනා නඟා තිබිණි.

මේ සම්බන්ධයෙන් දීර්ඝ නඩු විභාගයක් පවත්වන ලද අතර එම දීර්ඝ නඩු විභාගයේදී ඉදිරිපත් වු සාක්කි සැළකිල්ලට ගනිමින් සිය තීන්දුව ප‍්‍රකාශයට පත් කළ විනිසුරුවරයා මාවෙලතැන්නේ සුමේධ හිමියන්ට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව  ඔප්පු කොට නැතැයි තීරණය කරමින් උන්වහන්සේ නිදොස් කොට නිදහස් කිරීමට නියම කළේය.

මෙම නඩුවේදී පළමු විත්තිකාර ඌවතැන්නේ සුමන හිමියන්ට එරෙහිව ටී-56 ගිනි අවි 02ක් අත් බෝම්බ 50ක් සහ ජීව පතුරම් 210ක් ලඟ තබා ගන්නා ලද බවට නීතීපතිවරයා විසින් චෝදනා ඉදිරිපත් කොට තිබුණත් අත් බෝම්බ 50ක් සහ ජීව පතුරම් 210ක් ලඟ තබා ගන්නා ලද බවට උන්වහන්සේට එරෙහි එම චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව  ඔප්පු කොට නැතැයි තීරණය කරමින් එම චෝදනා වලින් උන්වහන්සේ නිදොස් කොට නිදහස් කිරීමට නියම කළේය.

ටී-56 ගිනි අවි 02ක් ලඟ තබා ගන්නා ලද බවට ඌවතැන්නේ සුමන හිමියන්ට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට ඇතැයි තීරණය කරමින් එම චෝදනාවට උන්වහන්සේ වරදකරු බවට තීරණය කළ විනිසුරුවරයා වරදකරු කළ චෝදනාවට උන්වහන්සේට ජීවීතාන්තය දක්වා වු බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කළේය.

මෙම නඩුව මුලින්ම පවරන ලද අවස්ථාවේදී ඌවතැන්නේ සුමන හිමියන් මාවෙලතැන්නේ සුමේධ හිමියන් සමඟ කරුණා පාර්ශවයේ ආධාරකරුවන් බව කියන ජී. බාලන්, කේ. තමිල් චෙල්වන් සහ සන්දීපන් සුබ‍්‍රමනියම් නමැති තිදෙනකුද චෝදනා ලැබ සිටියේය.

එම විත්තිකරුවන් තිදෙනාට එරෙහි නඩුව තවදුරටත් ඉදිරියට ගෙන නොයන බවට 2018 ජුනි මස 24 වැනිදා නීතීපතිවරයා කළ දැනුම් දීමක් පිළිගත් විනිසුරුවරයා එම විත්තිකරුවන් තිදෙනා නිදොස් කොට නිදහස් කළේය.

ඔවුන්ට එරෙහි නඩුව නීතීපතිවරයා ඉවත් කර ගත්තත් ඌවතැන්නේ සුමන හිමියන් මාවෙලතැන්නේ සුමේධ හිමියන්ට එරෙහි නඩුවේ සාක්කි මෙහෙයවන ලදී.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව විනිසුරුවරයා අදාළ තීන්දුව ප‍්‍රකාශයට පත් කළේය.

 

 

 

 

 

 

 



අදහස් (28)

ඌවතැන්නේ සුමන හිමිට ජීවිතාන්තය දක්වා සිරදඬුවම්

priyantha Monday, 01 June 2020 01:00 PM

එතකොට පාතාලයින්ගෙන් තුවක්කු අහු වුණාම මාසෙන් දෙකෙන් එළියට එන්නේ කොහොමද? දඬුවම සාධාරණයි... නමුත් හැමෝටම එක විදිහට වෙන්න ඕනෑ...

:       84       655

lalMonday, 01 June 2020 11:43 PM

මටත් එම ප්‍රශ්නයම තියෙනවා. සමහර අය කුඩු, ළමා අපචාර දූෂණ කරපු අය ඇපපිට එළියට එනවා. නමුත් අවියක් ළඟ තබාගත්තට ජිවිතාන්තය දක්වා හිර කළහැකිද? හිමිනමක් මෙසේ කළා නම් එය කිසිසේත් අනුමත නොකරන නමුත් නීතිය ඇත්තේ කාටත් එකලෙස සැලකිමට නම් මෙය සාධාරණද?

:       27       15

RaveendraTuesday, 02 June 2020 05:57 AM

ඔබගේ අදහස් 100% නිවැරදිය. පාතාලයන් නිදහස් වෙන්නේ දේශපාලුවන්ගේ මෙන්ම මුදල් ඉදිරියේ ඕනෑම අසුචි ගොඩක් දිව්‍ය භෝජන ලෙස හැඳින්වීමට දක්ෂ ගම් කබරයින්ගේ බොරුබේගල් ගොන්තර්ක, විතර්ක නිසාවෙන්ය.

:       0       16

සමිත සේනක අලුත්ගමගේ. Monday, 01 June 2020 01:26 PM

අනේ...! දෙවියනේ...! .. ශාසනයකට ගිය කළ.. තුවක්කු ආදිය තියෙන්න ඇත්තේ ධර්මය රකින්න වෙන්න ඇති.. දාමරිකයින් මැරයන්, වංචනිකයින් බුද්ධ චීවරයට රිංගා ඇත.. වගකිවයුතු නායකාධිකාරීන් අන්ධය, ගොළුය, බිහිරිය...

:       124       331

විජිත් Monday, 01 June 2020 02:04 PM

මෙහෙමයි...සමිත, මේ ඇවිල්ලා සිවුරු පොරොවාගත් වෘකයින්... කොටියට සපෝට් කළත්, ආණ්ඩුවට සපෝට් කළත්... විරුද්ධ පක්ෂයට සපෝට් කළත්... බුද්ධ පුත්‍රයෙකුට අකැප දෙයක් මෙයා කරලා තියෙන්නේ. බුදුන් වහන්සේගේ උතුම් සිවුරට මුවාවෙලා මේ වගේ ඇට්ටර වැඩ කරන ''ජූජක බමුණන්" අදටත් පක්ෂ විපක්ෂ දෙකේම ඉන්නවනේ. මේ වගේ නරුමයින් නිසා සුපෙක්ශාකාමී ස්වාමීන් වහන්සේලාටත් ප්‍රශ්න ඇතිවෙලා ඇති.. මේ ප්‍රශ්නයට එකම විසඳුමයි තියෙන්නේ.. "ධම්ම සංගායනාවක්" පවත්වලා.. සිල්වත් ස්වාමින් වහන්සේලා පමණක් තියාගෙන අනිත් දුස්ශීලයින් ශාසනයෙන් පමණක් නොවෙයි රටෙන්ම පන්නා දැමිය යුතුයි. මේ රටේ එකම දේශපාලුවෙක් වත් ධම්ම සංගායනාවක් තියන්න කැමති නැහැ. බොරුවට කියවනවා විතරයි. මොකද..ඒ දේශපාලුවන්ට පිරිත් නූල් මීටර් ගණන් බඳින්න, ටීවී එකට ගිහින් පච හලන්න... පාතාලයින්ට අනුශාසනා කරන්න පමණක් නොවෙයි, මරණ දණ්ඩනය නියම වූ මිනීමරු කුඩු දේශපාලුවෙක්.. අනාගත බුදුන් වහන්සේ වෙනවා වැනි බොරු පතුරවන්න ඉන්න මේ හොර සෙට් එක ධම්ම සංගායනාවෙන් පස්සේ ශාසනයෙන් විසිවෙන බව දේශපාලුවන් දන්නා නිසයි.. දේශපාලුවන් සහ හොර සෙට් එක අතරේ අත්හැරිය නොහැකි සහජීවනයක් තියෙනවා..

:       0       49

සමිත සේනක අලුත්ගමගේ.Wednesday, 03 June 2020 01:50 AM

විජිත්,අපේ බුදු හාමුදුරුවන්ගේ උතුම්වූ දහම සියලු සක්වල පවතින පිරිසිඳු සත්‍යයයි.එය බොරු කිරීමට මොනම ජගතෙකුට හෝ බැහැ.එයද සත්ත්‍යයක්.බුද්ධ වචනය නම්, " ධර්මය රකින්නා ධර්මය විසින්ම ආරක්ෂා කරනු ලබනවා" එසේම,ධර්මය වනසන්නා ධර්මය විසින්ම වනසන බවත්,අපට සිතා ගැනීමට පුළුවන්.අපි ඉවසීමෙන් නෙත් දල්වාගෙන බලා සිටිමු.

:       0       0

kusal02Monday, 01 June 2020 09:25 PM

ඕකට ගැලපෙන ජාතක කතාව, එයාලම අපිට ළඟදීම දේශනා කරාවි .. එයාල මොනවා කෙරුවත් .. එකට ගලන ජාතක කතාවකුත් තියනවමනේ...

:       79       6

ගමරාලTuesday, 02 June 2020 12:39 AM

බුද්ධ ශාසනයට කෙනෙකු ඇතුල්වෙන්නේ මාරයා පරදා නිවන් අවබෝධ කිරීමටයි. මේ උන්නාන්සේ භාවනා කිරීම් වලට වඩා තුවක්කු වලින් මාරයා පරදවන්න බලන්න ඇති. (1972 අවුරුද්දේ බණ්ඩාරවෙල සිටි කස්තුරිරත්න මහතාගේ පොතක භික්ෂූන් ධර්මය වනාන්තර ගතකර බොරු ප්‍රතිපත්තියක් පිටට පෙන්වමින් ධර්මයත් ප්‍රතිපත්තියත් ආමිසයට යටපත් කර දමනවා ඇත යනුවෙන් දක්වා තිබේ.)

:       2       10

අසේල Monday, 01 June 2020 02:59 PM

මැරයින්ට හැංගෙන්න හොඳම තැන තමයි සිවුර...

:       76       8

lankasri Monday, 01 June 2020 03:05 PM

එතකොට අපරාධකාරයින් 3 දෙනෙක් නීතිපති නිදහස් කරලා...

:       0       12

Shan Monday, 01 June 2020 04:22 PM

T56න් වෙඩි තියන අයත් මෙහෙම තීන්දු දෙයි කියලා සිතමි..

:       0       16

බණ්ඩා Monday, 01 June 2020 04:38 PM

පිස්තෝලයක් අතේ තියාගෙන ලෝකෙටම පේන්න දුවගෙන ආපු හම්බන්තොට නගරාධිපති එළියෙ, හාමුදුරුවො ඇතුලෙ. සිංහල බෞද්ධ රට මේක...

:       31       18

සපුමල්Wednesday, 03 June 2020 10:38 AM

සිල්වත් හාමුදුරුවරු තුවක්කු පාවිච්චි කරන්නේ නැහැ. ඒවා කරන්නේ දුස්සීලයන්.මේ දෙකේ වෙනස වත් දන්නේ නැද්ද?

:       0       12

මෝ Monday, 01 June 2020 05:07 PM

යකාගෙ නීතියක්නෙ... තුවක්කුවෙන් වෙඩිතියල මරපු එකා ජීවිතාන්තෙට හිරේ යන්නෙ නෑ. තුවක්කුවක් ළඟ තියාගත්තම ජීවිතාන්තෙට හිරේ යනවා. අනික බෝම්බ පතුරම් තියා ගත්ත එකට නිදහස්. එහෙමනං හාමුදුරුවො තියං ඉඳලා තියෙන්නේ පතුරම් නැති තුවක්කුවක්. කිසිවෙකුට හානියක් කරන්න බෑ. හාමුදුරුවන්ට කියන්න තිබුණේ තුවක්කුව තියාගත්තේ බල්ලන්ට ගහන්න කියලා.

:       13       48

Prabha Monday, 01 June 2020 06:00 PM

කරුණාගේ ගෝලයින් නඩුවෙන් ඉවත්කර තියෙන්නේ ගිනි අවි අකැප පූජ්‍ය පක්ෂයට විතරක් නිසාද?

:       0       7

මංගල Monday, 01 June 2020 06:14 PM

මිමි 50 තුවක්කු කාලතුවක්කු බෝම්බ තියාගෙන මිනීමරලා හාමුදුරුවන්ව පවා මරපු ත්‍රස්තයින්ටත් මේ වගේ දඬුවම් දුන්නද? තුවක්කු දෙකකට ජීවිතකාලයක් හිරේ.. ලංකාවේද මේ?

:       0       4

Ranjith Tuesday, 02 June 2020 12:33 AM

නියමයි, අර කොම්පඤ්ඤවීදියේ කඩු තියන් හිටපු අයට බඩුම තමයි...

:       0       36

vijitha Tuesday, 02 June 2020 01:00 AM

ජීවිතාන්තය දක්වා හිර දඩුවම් ලැබෙන්නේ ස්ත්‍රී දූෂණය වගේ දේවල් වලට නේද? ගිනි අවියක් ළඟ තබා ගත්ත මර්වින් සිල්වාගේ පුතා නිදහස් වුනේ කොහොමද?

:       3       77

sadis Tuesday, 02 June 2020 01:22 AM

බයවෙන්න එපා හාමුදුරුවනේ... දේශප්‍රේමී හිමිවරු පෙරට එයි... නැත්නම් පොහොට්ටුවට පනින්න!

:       0       51

මුණසිංහ Tuesday, 02 June 2020 02:11 AM

ස්වාමීන් වහන්සේනමක් ගිනි අවියක් ළඟ තබා ගැනීම නම් අනුමත කළ නොහැකියි! නමුත් ගිනි අවිය භාවිතා කරල තිබිලත් නැත්නම් ජීවිතාන්තය දක්වා සිර දඬුවම් ලැබීම නම් පුදුමයි! ඒ ලංකාවේ මිනී මරපුවටත් සමහර වෙලාවට ඊට අඩු දඬුවම් ලැබෙනවා. ස්ත්‍රී දුෂකයන්ට අවුරුදු 5ක දඬුවම් ලැබෙනවා! පුදුමයි.

:       1       41

Mahesh Tuesday, 02 June 2020 02:25 AM

කවුරුහරි මැරුවාද? එක්කෝ මරන්න උත්සාහ කරාද? එහෙම මොකවත් නැතුව ඡන්දයක් පෙනී පෙනී මේ වගේ දේවල් ටිකක් ප්‍රශ්නකාරියිනේ. අර සෙල්ලම් පිස්තෝල නගරාධිපති නම් යස අගේට එළියේ.... හාමුදුරුවෝ ඇතුලේ..

:       0       86

Athula Tuesday, 02 June 2020 02:34 AM

එක ටී 56ක් තියන් හිටපු කෙනා ජීවිතේටම හිරේ... එතකොට හොර අායුධ නැවක් තියන් හිටපු ගෝඨාභය මහතා යටතේ එදා හිටි නිස්සංක කියන කෙනා අදටත් එළියේ... එ්කට විරුද්ධව කතාකරපු මිනිස්සුන්ටත් අසයි දැන් නඩු.. මේක පුදුම නීතියක්නේ... අැවන්ට් ගාර්ඩ් එක කියන්නේ ඔය හොර අවි ජාවාරම...

:       429       575

eresh S kumara Tuesday, 02 June 2020 03:07 AM

අර මාලිගාවත්තේ කඩු, කිනිසි වලට මොකද වුණේ..?

:       0       92

Perera Tuesday, 02 June 2020 03:44 AM

බුද්ධ ශාසනය විනාශ කරන්නේ එය තුළ සිටින අයමයි.

:       0       0

P.D GOONAWARDENA Tuesday, 02 June 2020 03:48 AM

අනේ අගර දඟරටත් ඔය විදිහමද? වේවා...

:       2       7

Rata Perata Tuesday, 02 June 2020 06:16 AM

මම හැමදාම කියනවා වගේ, කිසිම ස්ථාවර ප්‍රතිපත්තියක් නැති නීතිපද්ධතිය නම් දුෂිතයි... ඕනෑම කෙනෙක් බලපත්‍ර නැතුව අවි ළඟ තබා ගැනීම වැරදියි, එ්ත් දෙන දඬුවම් වල ස්ථාවර භාවයක් තිබිය යුතුයි.

:       0       2

kusal02 Tuesday, 02 June 2020 07:34 AM

සුමන චීවරධාරියා කියන්නේ උපසම්පදාව ලබපු චීවරධාරියෙක්..! ඉතින් මොවුනුත් මේ විදිහට හැසිරෙන කොට, මොකද්ද මෙයාලගේ තියන බෞද්ධකම..? එහෙමත් නැත්තම් කහකඩයක් කරේ දාගත්ත මුඩුක්කු කාරයෝද?

:       0       1

Kamal Tuesday, 02 June 2020 07:53 AM

කවුද නඩු තීන්දුව දුන්නේ? හොයලා බැලුවොත් හොයාගන්න පුළුවන් වෙයි.

:       38       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වඩයයි - පේලේන්ටියයි අටසීයට දුන් සංචාරක මඟ පෙන්වන්නා කූඩුවට
2024 අප්‍රේල් මස 18 162 0

බෙල්ජියම් ජාතිකයකුට රුපියල් 800 ක මුදලකට උළුඳු වඩේ එකක් සහ ප්ලේන්ටියක් අලෙවි කළ බව කියන සංචාරක මග පෙන්වන්නකු අත්අඩංගුවට ගත් බව සංචාරක පොලිසියේ නිලධාරි


එල්ලුම් ගහට කොකා පෙන්නූ චුදිතයෙක් දසක තුනකට පසු මාට්ටු
2024 අප්‍රේල් මස 18 44 0

විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවකු අමානුෂික ලෙස ඝාතනය කර ශරීරය කොටස්වලට කපා සඟවා තැබීම සම්බන්ධයෙන් මහාධිකරණ මරණ දඩුවම නියමව වසර 35 ක් සැගව සිටි චූදිතයකු පූ


ශ්‍රීලනිපයට වෙන්න යන දේ දයාසිරි මතක් කරයි
2024 අප්‍රේල් මස 18 128 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නායකයා ඉවත් කර මේ කොහේවත් ඉන්න නිදිකුම්බා නායකයකු පක්ෂයේ නායකයා කරගෙන පක්ෂය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඔඩොක්කුවේ තැබීම


සිසුවා කාසල්රී ජලාශයේ සැඟවේ
2024 අප්‍රේල් මස 18 179 0

කාසල්රි ජලාශයේ දිය නෑමට ගොස් පාසල් සිසුවකු අතුරුදහන් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


කුඩ්ඩාට සපෝට් කළ එස්.අයි සහ සාජන් මාට්ටු
2024 අප්‍රේල් මස 18 237 0

මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන ජාවාරම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටින සැකකරුවකුට ඩුබායි සිටින මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකු දුරක


අනතුරින් තුවාල ලැබූ සිසුවා මියයයි
2024 අප්‍රේල් මස 18 351 0

හික්කඩුව -බද්දෙගම මාර්ගයේ ගෝනපිනුවල ප්‍රදේශයේදී යතුරු පැදියක් ලොරියක ගැටීමෙන් තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් ස


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 202 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1496 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1402 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site