IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


උසස් අධ්‍යාපන ඇමැතිගේ ප්‍රකාශයකට ගුරු සංගමයෙන් විරෝධය

(උපාලි ආනන්ද)

ගුරු සහයකයින් 50,000 ක් බදවා ගැනීමට රජය තීරණය කර ඇති බවට බන්දුල ගුනවර්ධන අමාත්‍යවරයා කර ඇති ප‍්‍රකාශයට විරෝධය පළ කරන බවත් එම ප‍්‍රකාශය  තුලින් රජයේ පාසල් වලට ගුරුවරුන් බදවා ගැනීම  ශ‍්‍රි ලංකා ගුරු සේවා ව්‍යාවස්ථාවට  පටහැනි බවත්  ලංකා ගුරු සංගමයේ ප‍්‍රධාන ලේකම් ජෝශප්  ස්ටාලින් මහතා ප‍්‍රකාශ කරයි.
 
ලංකා ගුරු සංගමයේ ප‍්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් මහතා මේ  පිළිබදව තවදුරටත් අදහස් දක්වමින් මෙසේද සදහන් කළේය.
 
ගුරු සහයකයින් 50,000 ක් බදවා ගැනීමට රජය තීරණය කර ඇති බවට ඇමති ආචාර්ය බන්දුල ගුනවර්ධන මහතා කර ඇති ප‍්‍රකාශයට මෙරට සමස්ථ ගුරුවරුන් විරුද්ධයි ඊට හේතුව මෙම බදවා ගැනීම රජයේ පාසල් වලට ගුරුවරුරන් බදවා ගැනීෙමි ශ‍්‍රි ලංකා ගුරු සේවා ව්‍යවස්ථාව  උල්ලංඝණය කිරීමක් .

එක් අතකට මෙය ශ‍්‍රමය කොල්ලකෑමක් පාසල් වලට ගුරුවරුන් බදවා ගැනීමට අප විරුද්ධ නැහැ හැබැයි ඒ සියලු බදවා ගැනීම් සිදු කල යුත්තේ ශ‍්‍රි ලංකා ගුරු සේවා ව්‍යාවස්ථාවට අනුව විධිමත් ක්‍රම වේදයකටයි.

උසස් පෙළ සමත් පිරිස් වලට ගුරු සහයක පත්වීම් දෙනවාට අප විරුද්ධයි අපි කියන්නේ ගුරු පුරප්පාඩු පිරවීම සදහා ගුරුවරුන් ලෙස උපාධිධාරීන් පමණක් ශ‍්‍රි ලංකා ගුරු සේවා ව්‍යාවස්ථාවට අනුව බදවා ගන්නා ලෙසයි මීට පෙරද ධර්මාචාර්ය විභාගය සමත් පිරිසක් ගුරු සහයකයින් ලෙස බදවා ගත්තා ඔවුන්ට ගෙවන්නේ රුපියල් 10000 ක වැටුපක් පමණයි.මේ ලාබෙට ශ‍්‍රමය  කොල්ලකෑමක්  උසස් පෙළ සමත් වූවන් ගුරු සහයකයින් ලෙස බදවා ගැනීමට යාම මෙරට  අධ්‍යාපනයේ  ගුනාත්මක භාවය පහත දැමීමක් බන්දුල ගුනවර්ධන අමාත්‍යවයා කර ඇති මෙම ප‍්‍රකාශ පිලිබදව අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ ස්ථාවරය කුමක්දැයි අප ප‍්‍රශ්න කරනවා .
 
මෙරට සියඵ ගුරු සංගම් වල සහ සමත්ත ගුරුවරුන්ගේ විරෝධය මැද ගුරු සහයකයින් බදවා ගැනීමට රජය කටයුතු කරන්නේ නම් ඊට විරෝධ්‍ය පල කරමින්  දිවයින පුරා ගුරුවරුන් වෘත්තීය ක‍්‍රියා මාර්ගයකට අවතීර්ණ වන බවටද අනතුරු හගවන ලංකා ගුරු සංගමයේ  ප‍්‍රධාන ලේකම් ස්ටාලිං  මහතා  ඊටද රජය ඇහුම් කන් නොදෙන්නේ නම් අධිකරණ ක‍්‍රියා මාර්ගයකට අවතීර්ණ වීමට ලංකා ගුරු සංගමය පසුබට නොවන බවද අවධාරණය කළේය.



අදහස් (29)

උසස් අධ්‍යාපන ඇමැතිගේ ප්‍රකාශයකට ගුරු සංගමයෙන් විරෝධය

Bamunuarachchi Wednesday, 04 December 2019 05:45 AM

බන්දුල සර්, ඔය තක්කඩි වෘත්තීය සංගම් කියන දේ අහන්න එපා. ඒ අය හදන්නේ අපේ ආණ්ඩුවක් හදන්න උදව් කළ දුප්පත් කොල්ලෙක්ට, කෙල්ලක්ට ආණ්ඩුවේ රස්සාවක් ගන්න තියෙන අවස්ථාව නැති කරන්න.

:       717       132

athuraWednesday, 04 December 2019 08:15 AM

මොකක්ද බමුණෝ තමුන්ගේ තියන ඔය වහල්කම ? හැම කෙනාටම සර් සර් කියාගෙන...... අපේ සිංහලකමට ලජ්ජා නොකර ඉන්න.

:       86       302

ගල්බමුණාWednesday, 04 December 2019 12:17 PM

සංගමේ ලේකම්ගේ විරුද්ධවීම ඉතාම සාධාරණයි. දැනට පාසැල්වල සිටින කාර්යාල කාර්ය සහයක තනතුරු දරණ සමහරක් කාන්තාවන් පාසැලට එන්නේ සාරියෙන් හෝ ඔසරියෙන් සැරසී ගෙනයි. ඔවුන්ට පත්වීම් දුන් දේශපාළුවන්ගේ උපදෙස් මත රාජකාරි දෙන්නේ කළමනාකරන සහායකලාට අයත් කටයුතුය. ඒනිසා එම අයට යටත්ව සිටීමට ගුරු භවතුන්ට සිදුවී තිබෙන අවස්ථා එමටයි. 1991 දී දාහේ පත්වීම් ලැබූ අයට යටත්ව පුහුණු ගුරු භවතුන්ට කටයුතු කරන්න සිදුවූවාසේ මෙලෙස පත්කරන්නට යන අයට යටත්ව සිටීමට දැනට සිටින ගුරු භවතුන්ටත් සිදුවේවි. මෙයට ඉඩ දුන්නොත් ගුරු සේවයට අබ සරණයි. අධ්‍යාපනයට දෙවි පිහිටයි. කොල්ලන්ට කෙල්ලන්ට රස්සාදීමට අපි අකමැති නැහැ බමුණෝ නමුත් රටේ අධ්‍යාපනය කඩා වැටෙනවාට අපි අකමැතියි

:       1       10

මුණසිංහWednesday, 04 December 2019 01:12 PM

රජයේ සේවිකාවක් සාරියක්, ඔසරියක් ඇදගෙන රාජකාරියට එනවා නම් කෙතරම් වටිනවද? රටේ සංස්කෘතියට ඉතාම ගැලපෙනවා. බමුණා ඊරිසියාවෙන් ක්‍රෝධයෙන් වෛරයෙන් කතා කරනවා වගේ. පාසලක ගුරුවරු දැන ගන්න ඕන තමන්ගේ අභිමානය රැකගෙන වැඩ කරන්න. ඒක ගුරුවරුන්ගේ වරද.

:       1       3

Gamage Wednesday, 04 December 2019 05:53 AM

මේ ගොල්ලන්ට ව්‍යවස්ථාව ගැන ප්‍රශ්නයක් නැහැ. වැඩකරපු ගෝල බාලයන්ව දාගන්න හදන්නේ. ගුරු සේවයට දෙවි පිහිටයි ! කෝ ලොක්කා කියපු රට ? පව් ඡන්දේ දීපු මහා ජනතාව.

:       1178       1510

lathaWednesday, 04 December 2019 06:42 AM

අපේ චාරයක් නොමැති ආණ්ඩුව............උපාධි පාස් අපිට දෙවි සරණයි.

:       21       261

PrasadWednesday, 04 December 2019 10:56 AM

උපාධි තියාගෙන දෙවි පිහිට ඉල්ලන අය ඉන්න රටක් කොහොමද දියුණු වෙන්නේ ?

:       2       0

DineshWednesday, 04 December 2019 06:46 AM

පෙරත් මේගොල්ලො උසස් පෙළ විභාග සහ අනෙකුත් විභාග වල ප්‍රශ්නකාරී තත්වයන් ඇතිකරා මිසක් ප්‍රමිතියක් ගැන බැලුවේ නහැ. දැන් කරන්න යන්නෙත් ඒ ටිකම තමයි.

:       3       296

PereraWednesday, 04 December 2019 07:29 AM

ගමගේ, මේක ලොක්කගේ වැඩක් නෙවේ. මේ අය ඉන්නේ තාම කලි යුගයේ.

:       63       9

Suranimala Wednesday, 04 December 2019 06:40 AM

නැවතත් ඉතින් අතිරික්තයක් හෙන්චයියන්ගෙන් පුරවලා රාජ්‍ය ආයතන විනාශ කරලා දාන්න හදන්නේ. රටේ සමස්ත අදායමෙන් මුළු ණය වාරිකයවත් ගෙවාගන්න බැහැ කියලා කව්ද ගිය සුමානේ පත්තරේ ලියලා තිබුනා.

:       125       621

sena Wednesday, 04 December 2019 06:40 AM

දැම්ම මේ විදිහට ව්‍යවස්ථාව කඩනවානම් - 2/3 හම්බ උනොත් කොහොම තියෙයිද?

:       164       550

ලුම්බිණි Wednesday, 04 December 2019 07:07 AM

මෙතුමා හැමදාමත් කිව්වේ මේ වගේ මෝඩ කතා. පුදුමේ කියන්නේ මේ ගොල්ලම තමයි හැමදාම ඇමතිලා.

:       1       279

ravinWednesday, 04 December 2019 09:51 AM

ගෝත්‍රික ඡන්ද වලින්...!!!

:       9       340

Mallikaa Wednesday, 04 December 2019 07:25 AM

බාහිර උපාධිධාරීන් ගැන බලනවා කිව්ව අය කෝ දැන් ?

:       1       255

රවින් Wednesday, 04 December 2019 07:53 AM

මෙයා මේ වැඩේ කරයි. එතකොටනේ මෙයාගේ පරණ පුරුදු රස්සාව දැන් කරන අයට සපෝර්ට් එක දෙන්න පුළුවන්. ආ තවත් ටියුෂන් කාරයින්ගේනුත් ඡන්දෙට මුදල් ගරාගන්න පුළුවන්. ටියුෂන් කාරයන්ටත් වෙනමම සම්මන්ත්‍රණයක් තිබ්බනේ පහුගිය ඡන්දෙට සපෝර්ට් එක ගන්න. අනික අර පහුගිය කාලේ කිවේ රුපියල් 2500.00 න් මාසයක් කන්න පුළුවන් කියලා. ඉතින් ඔය සහයක ගුරුවරුන්ට ඒ ගාණ දුන්නම ඇතියි කියලා හීන මවාගෙන ඇති. අධ්‍යාපනය කන තරමට තමා මේගොල්ලන්ගේ පැවැත්ම.

:       1       523

lalithm Wednesday, 04 December 2019 08:04 AM

රටක උපාධිධාරීන්ට විතරක් රස්සා දෙන්න ඕනේ කියනවා නම් ඒ උපාධිධාරීන් බිහි කරන්න බදු ගෙවලා බර ඇදපු මිනිසුන්ට කරන ලොකුම නිග්‍රහය. රටේ සමස්ත ශ්‍රම බලකායෙන් 20% වත් උපාධිධාරීන් නොවෙයි. ඔවුන් සිටිය යුත්තේ ව්‍යවසයිකයින් විදියට. වෙනත් රටවල් උපාධිධාරීන් බිහිකරන්නේ ව්‍යවසයිකත්වය දියුණුකරන්න මිසක් රැකියා ඉල්ලා හිඟාකන්න නොවෙයි. ඒ ගැනත් හිතලා බලන්න.

:       767       145

රජින්ද Wednesday, 04 December 2019 08:24 AM

ලංකාවේ අධ්‍යාපනේ ගැන 'උගතුන්' පිරිසක් මේකේ දාලා තියෙන අදහස් දැක්කම අප්‍රසන්නයි. ලංකාවේ උසස් පෙළ සමත්කමක් කියන්නේ නොසලකා හැරිය යුතු දෙයක්ද? ඉන්දියාවේ ඊටත් වඩා පහළ අධ්‍යාපනයක් තියෙන අයටයි උපාධි දීලා තියෙන්නේ. ගුරු සේවයේ සහායකයින් විදිහට උසස්පෙළ සමතුන්ව බදවා ගැනීම ඉතාමත් කාලෝචිතයි. එයින් අඩු වයසකදී සුළු වැටුපකට නමුත් රාජ්‍ය ගුරු සේවයට එක් වෙන්න ලැබීමත්, ඉන් එහාට එම සේවයේ ඇති සුදුසුකම් සපුරමින් තමන්ගේ වෘත්තීය මට්ටම ඉහලට ගොඩනගා ගැනීමට හැකි වීමත් ඒ දරුවන්ගේ අනාගතයට වඩාත් ඵලදායි වේවි. තවද මේවන විට ලංකාවේ බොහෝ පාසල්වල ඇති ගුරු හිඟයට හොඳ පිළිතුරක් ලැබෙනු ඇත.

:       477       34

rama Wednesday, 04 December 2019 08:27 AM

අපි කියන්නේ ගුරු පුරප්පාඩු පිරවීම සදහා ගුරුවරුන් ලෙස උපාධිධාරීන් පමණක් ශ‍්‍රි ලංකා ගුරු සේවා ව්‍යාවස්ථාවට අනුව බදවා ගන්නා ලෙසයි. දැනට ඉන්න අයගෙන් කී දෙනෙකුට උපාධිය තියෙනවද කියලා කියනවද? කොපමණ ගුරුවරු ඉන්නවද උපාධිය නැතුව ?

:       10       43

මුණසිංහWednesday, 04 December 2019 09:27 AM

ගුරු වෘත්තියට(රැකියාක් නොවෙයි) උපාධිය අමතර සුදුසුකමක් විතරයි. සමහර විෂයන් වලට(උසස් පෙළ ඇතුලු) උපාධිය අවශ්‍යයි. නමුත් ඒ සියල්ලට වඩා වෘත්තියමය ආකල්ප අවශ්‍යයි. සමහරු ගුරුවරු වෙන්න උත්සාහ කරන්නේ පැය 6 සේවය කියලා. සමහරු රැකියාවක් ඕනේ නිසා. මේ 2 ම හරියන්නේ නැහැ. සමහරු එන්නේ ටියුෂන් කරන්න බලාගෙන. මේ ගොල්ල නිසා අද පාසල් අධ්‍යාපනය පිරිහිලා තියෙන්නේ. යහපත් ආකල්ප නැත්නම් මේ වෘත්තිය තෝරගන්න එපා.

:       174       8

මුණසිංහ Wednesday, 04 December 2019 08:37 AM

ගුරු සේවයට උපාධිධාරීන් පමණක් ගන්නවනම් විද්‍යාපීඨ පත්වීම් දෙන්නේ කොහොමද? ස්ටාලින් කියන්නේ ගුරු සේවය විනාශ කරපු අයෙක්. 1-5 ශ්‍රේණිවල ඉගැන්වීම් කිරීමට ගුරු සහායකයින් අත්‍යාවශ්‍යයි. දියුණු රටවල එම ක්‍රමය පවතිනවා. අනෙක උසස් පෙළ විශාල ගුරු හිගයක් තියෙනවා. විද්‍යා විෂයන් ඉගැන්වීමට ගුරුවරු හිගයි. ඒකට උපාධිධාරින් බදවා ගන්න. ස්ටාලින් මේවා ගැන කතා කරන්නේ නැහැ. අනෙක විද්‍යා පීඨ සියල්ලම උපාධි(අධ්‍යාපනවේදී) පිරිනැමීමේ ආයතන බවට පත්කරන්න ගන්නා උත්සාහය ප්‍රශංසනීයයි. ඉදිරියේ දී ගුරු ව්‍යවස්ථාව සංශෝධනය කරලා මේ යෝජිත ක්‍රම ක්‍රියාත්මක කරන්න.

:       219       67

දිමුත් Wednesday, 04 December 2019 09:02 AM

මේ කරන්නෙ තමන්ට ඡන්ද වැඩ කරපු අයට සලකන්න ජොබ් දීමක් වගේ දෙයක්.

:       17       286

sisira Wednesday, 04 December 2019 10:41 AM

අනේ ඔය විහිළු ගණන් ගන්න එපා. මෙයාමනේ කිව්වේ රුපියල් 2500 න් පවුලකට කාලා බීලා හොඳට ජීවත් වෙන්න පුළුවන් කියලා. අන්දරේ හිටියනම් අන්දරේගේ ජොබ් එකත් ගහලා යනවා මෙයාගේ දස්කම් නිසා.

:       1       122

Gamarala Wednesday, 04 December 2019 10:45 AM

මේ ගුරු සංගම් කරුණාකරලා කියන්න අවංකවම තම සේවය පාසල් දරුවන්ට දෙනවද කියලා. එහෙමනම් අමතර පන්ති මොනවටද? එහෙමනම් අමතර පන්තිකාරයින්ට විරුද්දව කටයුතු කරන්න

:       0       3

Suzi Wednesday, 04 December 2019 10:46 AM

මේ රජයේ ඉන්න සේරම බමුණුට සර් වෙලා

:       0       69

rohan perera Wednesday, 04 December 2019 11:08 AM

රටම පොහොට්ටුවට කඩේ යවන්න හදන්නේ බොහොම හොදයි අපි බලන් ඉමු

:       1       18

Gimhan Wednesday, 04 December 2019 11:23 AM

දැන් එතකොට මේ ස්ටාර්ලින් මහත්තයා උසස් පෙළ ළමයිට උගන්වන්නේ නැතිද? උසස් පෙළ විභාග රාජකාරි යන්නේ නැතිද? උසස් පෙළ ලියන්නේ මෝඩයෝද? ඒ ළමයින්ට මොලයක් නෑ කියලාද කියන්නේ, උසස් පෙළ සමත් අය ගුරු සේවයට ගන්න බෑ කියලා ලංකාවේ නීති පොතේ කොතනක හෝ තියෙනවාද? ඔබතුමා උසස් පෙළ සමත් නොවීය වෙනත් ක්‍රමයකින් ද උසස් අධ්‍යාපනය ලබාගෙන ගුරු වෘත්තියට ආවේ? එතකොට ලංකාවේ අධ්‍යාපනය පිලිබදව තීරණ ගැනීමේ අවසන් බලධාරියා ඔබතුමාද? කරුණාකරලා මේ ප්‍රශ්න වලට පිළිතුරු දෙන්න.

:       31       39

denin Wednesday, 04 December 2019 04:09 PM

උසස් පෙළ සමතුන් විද්‍යා පීඨ වලට බඳවාගන්න පුහුණුකර ගුරුවරු වශයෙන් පාසල්වලට යවන්න.

:       0       8

නඳුන් ඩිල්ශාන් Tuesday, 07 July 2020 12:32 PM

ගුරුවරයා උපාධියක් තිබූ පමණින් බිහි නොවේ... විෂයානුබද්ධ කරුණු වලදි බුද්ධිය වැදගත් සේම ගුරුවරයා සතුව තුන් කල් දක්නා නුවණක් මෙන්ම ප්‍රඥා සහිත විය යුතුයි.

:       0       1

නුවන් සමීර Saturday, 24 October 2020 03:15 PM

උපාධිය ගත්තට ගුරුවරයෙක් ලෙස ළමයි තෙරුම් ගෙන ඔවුනට ඉගැන්වීමට නොහැක. මන්ද ඔවුන් අධ්‍යාපන මට්ටමින් උසස් උවත් ළමයි තේරුම් ගෙන ඉගැන්වීමට නොහැක. ගුරු සහයකයන් ලෙස උසස් පෙළ සමතුන්ට මෙය තෙරුම් ගත හැකිය . මෙය සෑම කෙනෙකුට අදාල නොවේ.

:       0       3

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වඩයයි - පේලේන්ටියයි අටසීයට දුන් සංචාරක මඟ පෙන්වන්නා කූඩුවට
2024 අප්‍රේල් මස 18 2034 0

බෙල්ජියම් ජාතිකයකුට රුපියල් 800 ක මුදලකට උළුඳු වඩේ එකක් සහ ප්ලේන්ටියක් අලෙවි කළ බව කියන සංචාරක මග පෙන්වන්නකු අත්අඩංගුවට ගත් බව සංචාරක පොලිසියේ නිලධාරි


එල්ලුම් ගහට කොකා පෙන්නූ චුදිතයෙක් දසක තුනකට පසු මාට්ටු
2024 අප්‍රේල් මස 18 1047 0

විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවකු අමානුෂික ලෙස ඝාතනය කර ශරීරය කොටස්වලට කපා සඟවා තැබීම සම්බන්ධයෙන් මහාධිකරණ මරණ දඩුවම නියමව වසර 35 ක් සැගව සිටි චූදිතයකු පූ


ශ්‍රීලනිපයට වෙන්න යන දේ දයාසිරි මතක් කරයි
2024 අප්‍රේල් මස 18 817 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නායකයා ඉවත් කර මේ කොහේවත් ඉන්න නිදිකුම්බා නායකයකු පක්ෂයේ නායකයා කරගෙන පක්ෂය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඔඩොක්කුවේ තැබීම


සිසුවා කාසල්රී ජලාශයේ සැඟවේ
2024 අප්‍රේල් මස 18 382 0

කාසල්රි ජලාශයේ දිය නෑමට ගොස් පාසල් සිසුවකු අතුරුදහන් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


කුඩ්ඩාට සපෝට් කළ එස්.අයි සහ සාජන් මාට්ටු
2024 අප්‍රේල් මස 18 656 0

මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන ජාවාරම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටින සැකකරුවකුට ඩුබායි සිටින මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකු දුරක


අනතුරින් තුවාල ලැබූ සිසුවා මියයයි
2024 අප්‍රේල් මස 18 591 0

හික්කඩුව -බද්දෙගම මාර්ගයේ ගෝනපිනුවල ප්‍රදේශයේදී යතුරු පැදියක් ලොරියක ගැටීමෙන් තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් ස


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1505 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1407 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site