IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


උතුරේ හර්තාල්

(රොමේෂ් මධුෂංඛ)

           

උතුරේ දෙමළ ජනතාවගේ අයිතීන් උල්ලංඝනය කරමින් වත්මන් රජය කටයුතු කිරීමට විරෝධය පාමින් අද (28) උදෑසන සිට උතුරු පළාතේ හර්තාලයක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇත.

ඉලංගෙයි තමිල් අරුසු කච්චි පක්ෂය ඇතුළු දෙමළ පක්ෂ කිහිපයක් විසින් අද දිනයේදී ක්‍රියාත්මක කරනු ලබන හර්තාලයට සහය ලබදෙන ලෙසට කරන ලද ඉල්ලීමකට අනුව උතුරේ වෙළඳ සංගම්, පෞද්ගලික බස් සංගම් එයට සහය දීමත් සමඟ වෙළඳසැල් හා බස් ගමනාගමනය නැවතී  තිබිණි.

හිටපු කොටි නායකයකු වූ ත්‍යාගදීපන් දිලීපන් නැමැත්තාගේ ගුණ සැමරුම සැමරීමට නොදී අධිකරණ තහනම් නියෝගයක් ගැනීමත් සමඟ උතුරේ ස්ථාන කිහිපයකින් දේශපාලන නියෝජිතයින් හා සිවිල් සංවිධානයන් හි විරෝධතා සංවිධානය කෙරිණි.

මියගිය වැසියන් සිහිකිරීමට ඕනෑම අයෙකුට අයිතියක් ඇති බවටත් වත්මන් බලධාරීන් විසින් දෙමළ ජනතාවගේ අයිතීන් උල්ලංඝනය කරමින් දෙමළ කර තිබේ.

යාපනය දිස්ත්‍රීක්කයේ ආපනශාලා සහ ඖෂධහල් පමණක් විවෘතව තිබෙන අතර අනෙක් සියලුම වෙළඳසැල් වසාදමා ඇති අතරම ලංගම බස් පමණක් ධාවනය කෙරෙන අතර සියලුම පෞද්ගලික බස් ධාවනයෙන් ඉවත්ව හර්තාලයට සහය දී ඇත.



අදහස් (11)

උතුරේ හර්තාල්

thushara Monday, 28 September 2020 04:41 AM

(ඩෝ)සර් එක්ක ඔය සෙල්ලම් බෑ

:       8       21

සිරිබිරි Monday, 28 September 2020 04:57 AM

එතකොට උතුරට තියෙන්නෙ වෙනම නීතියක්ද? පුදුම වැඩ නේ මේවා.

:       4       17

ලුම්බිණි Monday, 28 September 2020 05:05 AM

කල්පනාවෙන් කටයුතු කල යුතු කාලයක් එළඹෙමින් පවතී.

:       4       18

eresh S kumara Monday, 28 September 2020 05:36 AM

උතුරත් ලංකාවේද.? දන්නේ නැති නිසා අහන්නේ.

:       4       15

BamunuarachchiMonday, 28 September 2020 12:24 PM

2009 උතුර ලංකාවට අයිතිකර ගත්තා. 2015දී නැවත ලංකාවෙන් ඉවත්කර දමලා පාලනයට ඉඩ දුන්න 2020 නැවත ලංකා රජයේ පාලනයට නතුකර ගත්තා.

:       8       6

BamunuarachchiTuesday, 29 September 2020 01:28 AM

උතුර අපේ පාලනය ගත්තාට විරුද්ධ අය ඩිස්ලයික් දාලා. මෙහෙම ගොයියෝ ලක්ෂ 55ක් ලංකාවේ ඉන්නවා.

:       0       0

ප්‍රභූ Monday, 28 September 2020 07:32 AM

හැමදාම හර්තාලේ කරගෙන යන්න දෙන්න ඕන , එතකොට ඔය පැතිවල මිනිස්සුන්ට හර්තාලුත් එපාවෙලා ඔය පැත්තේ ඉන්න අන්තවාදී දමිල නායකයෝත් එපා වෙනවා.

:       2       10

Walter White Monday, 28 September 2020 07:38 AM

ඒ මිනිස්සුන්ට ශුද්ධ අයිතියක් තියෙනවා තමන්හට හිතකර යෝජනා සම්බන්ධයෙන් විරෝධතා දක්වන්න, අපි ලොකු රවුමක් ගහල ආපහු මුලටම ඇවිත්, දැන් ආයෙත් උද්ගෝෂණ කැරළි යුද්ධ. අපේ මිනිස්සුන්ට ඉතිහාසය අමතක කරන්නේ ඇයි?

:       4       4

ferna Monday, 28 September 2020 07:59 AM

සතියක් ඔහොම ඉන්න දෙන්න. ඉබේට හරියාවි අමාරුව. පොලිසිය හමුදාව නොයවා බලා සිටිමු. ඉබේට ප්‍රශ්නය විසඳේවි..

:       3       8

hasantha Monday, 28 September 2020 10:18 AM

ඒ මිනිස්සුන්ට මියගිය ඥාතීන් සමරන්න අයිතියක් නැතිනම්, දකුණේ ඉන්න සිංහලයින්ටත් මියගිය ඥාතීන්, දේශපාලුවන් සමරන්න අයිතියක් නැත. මුළු ලංකාවටම තියෙන්නේ එකම නීතියකි. දියුණු ලෝකය අපේ රට දිහා බලන්නේ ගෝත්‍රිකයින් රැසක් ජිවත්වන දුපතක් ලෙසයි. අපි ජීවත්වන්නේ 21 වන සියවසේ බවවත් මේ රටේ පාලකයින් දැනගත යුතුය. බොරු සෝබන එපා, බටහිර රටවල් සහ එක්සත් ජාතින් එකතුවෙලා ඒ අයගේ හමුදාව මෙහෙයවලා අපේ රට බෙදලා දැම්මොත් අපි මොනවා කරන්නද..? උන් එක්ක සටන් කරන්නද..?

:       7       8

Nimal Monday, 28 September 2020 10:26 AM

ඔය සේරටම මුල විග්නේශ්වරන්.

:       2       6

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වඩයයි - පේලේන්ටියයි අටසීයට දුන් සංචාරක මඟ පෙන්වන්නා කූඩුවට
2024 අප්‍රේල් මස 18 2032 0

බෙල්ජියම් ජාතිකයකුට රුපියල් 800 ක මුදලකට උළුඳු වඩේ එකක් සහ ප්ලේන්ටියක් අලෙවි කළ බව කියන සංචාරක මග පෙන්වන්නකු අත්අඩංගුවට ගත් බව සංචාරක පොලිසියේ නිලධාරි


එල්ලුම් ගහට කොකා පෙන්නූ චුදිතයෙක් දසක තුනකට පසු මාට්ටු
2024 අප්‍රේල් මස 18 1044 0

විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවකු අමානුෂික ලෙස ඝාතනය කර ශරීරය කොටස්වලට කපා සඟවා තැබීම සම්බන්ධයෙන් මහාධිකරණ මරණ දඩුවම නියමව වසර 35 ක් සැගව සිටි චූදිතයකු පූ


ශ්‍රීලනිපයට වෙන්න යන දේ දයාසිරි මතක් කරයි
2024 අප්‍රේල් මස 18 812 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නායකයා ඉවත් කර මේ කොහේවත් ඉන්න නිදිකුම්බා නායකයකු පක්ෂයේ නායකයා කරගෙන පක්ෂය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඔඩොක්කුවේ තැබීම


සිසුවා කාසල්රී ජලාශයේ සැඟවේ
2024 අප්‍රේල් මස 18 382 0

කාසල්රි ජලාශයේ දිය නෑමට ගොස් පාසල් සිසුවකු අතුරුදහන් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


කුඩ්ඩාට සපෝට් කළ එස්.අයි සහ සාජන් මාට්ටු
2024 අප්‍රේල් මස 18 656 0

මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන ජාවාරම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටින සැකකරුවකුට ඩුබායි සිටින මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකු දුරක


අනතුරින් තුවාල ලැබූ සිසුවා මියයයි
2024 අප්‍රේල් මස 18 589 0

හික්කඩුව -බද්දෙගම මාර්ගයේ ගෝනපිනුවල ප්‍රදේශයේදී යතුරු පැදියක් ලොරියක ගැටීමෙන් තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් ස


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1505 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1407 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site