IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


උඩ ඉඳන් යටටම හොරකම

ඉහළ සිට පහළට වංචාව හොරකම සහ දූෂණය ගලාගිය මේ රටේ දේශපාලන සංස්කෘතිය එකවර වෙනස්කළ නොහැකි නමුත් අවංකව කටයුතු කරන සහ රටට ආදරය කරන දේශපාලනඥයින් පිරිසක් බිහි කිරීමේ දුෂ්කර කටයුත්තට වත්මන් රජය උරදී සිටින බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

කුමන නින්දා අපහාස සහ චෝදනා හමුවේ වුවද එම අභියෝගය ජය ගනිමින් ජනතාව අපේක්ෂා කරන පිරිසිදු දේශපාලන සංස්කෘතිය රට තුළ ගොඩනැගීමට කටයුතු කරන බව ද ජනපතිවරයා පැවසීය.

විවේචන සහ චෝදනා කොතෙක් එල්ලවුවද කිසිදු රජයක් ඉටු නොකළ වැඩකොටසක් වත්මන් රජය ඉතා කෙටි කලක් තුළ රටටත් සහ ජනතාවට ඉටුකළ බව ද සිරිසේන මහතා පවසයි.

රජය ප‍්‍රමුඛතාවය ලබාදී තිබෙන්නේ ගොවි ජනතාවගේ ආර්ථිකය සවිමත් කර ඒ තුළින් ජාතික ආර්ථිකය ගොඩනැගීමේ කාර්යය සඳහා බවද ඒ මහතා ප්‍රකාශ කරයි.
 
ජනපතිවරයා මේ බව පැවසුවේ මහවැලි එච් කලාපයේ ගොවි ජනතාවට ඉඩම් ඔප්පු ප‍්‍රදානය වෙනුවෙන් අද (12) තලාව කී‍්‍රඩාංගණයේ පැවති උත්සවය අමතමිනි.

මෙම උත්සවයෙන් අනතුරුව එප්පාවල සමූපකාර සමිති පරිශ‍්‍රය වෙත ගිය ජනපතිවරයා තමා එහි සැපයුම් නිලධාරියකු ලෙස සේවය කළ අවධියේ තමන් සමග කටයුතු කළ හිතවත් සේවකයින් හමුවී සුහද කථා බහක නිරත විය.
 



අදහස් (26)

උඩ ඉඳන් යටටම හොරකම

raveendra Saturday, 12 August 2017 11:47 AM

අනේ මන්දා අඟහරු ලෝකේ තියෙන ශ්‍රී ලංකාවේ මුල් පුරවැසියද කොහෙද මේ කතාකරන්නේ? පෘථිවි ගෝලයේ තියෙන ශ්‍රී ලංකාවේ නම් උඩම ඉන්න තක්කඩියාගේ සිට පහලම ඉන්න තක්කඩියා වෙනකම් හොරකම්ම තමයි.

:       43       405

anura Saturday, 12 August 2017 11:50 AM

හොරකම විතරක් නෙවෙයි. අපි පස් පව් සලකන විට බොරු කීමත් අති භයානක වැරදි වැඩ. බොරු කීම සහ රැවටීම. ඒක වචනයෙන් පමණක් නොව ක්‍රියාවෙන්ද කළ හැක. මම හිතන විදිහට ද්‍රෝහි කමත් මේ ගණයට වැටෙනවා. මම කෙළින් සඳහන් නො කෙරුවාට මේවා සිදුකළ පුද්ගලයන් කවුද කියළා කවුරුත් දන්නවා.

:       69       410

raveendraSaturday, 12 August 2017 01:17 PM

ඔබගේ අදහස ඉතා නිවැරදි බැවින් පෘථිවි ගෝලයේ තිබෙන ශ්‍රී ලංකාවේ මුල් පුරවැසියා ඔබගේ අදහස කියවිය යුතුමය.

:       0       8

Hafeel Saturday, 12 August 2017 11:59 AM

අපිට සතුටුයි ගොවි ජනතාවට ඉචම් ඔප්පු ප්‍රදානය කිරීම පිළිබඳව. පහුගිය රජය කාලේ මැති ඇමැතිවරු සහ ඔවුන්ගේ පවුලේ අය රජයේ ඉඩම් තමන්ගේ නමින් ලියාගත්තා.

:       605       98

Lal Saturday, 12 August 2017 12:10 PM

අමතක කරන්න එපා... ඔබතුමා මේ රටේ සුපිරි බලතල සහිත විධායක ජනාධිපති බව. කඩුව දුන්නේ යුද්ධකිරීමට මිස කොස් කොටන්න නොවෙයි. මේ ජරාජීර්ණවූ දේශපාලන ක්‍රමය වෙනස් කරන්න.

:       0       701

Damitha Saturday, 12 August 2017 12:11 PM

ඉස්සෙල්ලාම ඔබතුමා අසලම ඉන්න ඡන්දෙනුත් පැරදිච්ච හොර භූතයෝ ටික අයින් කර ගත්තොත් ඔය කතාවේ තේරුමක් තියනවා.

:       0       803

de silva Saturday, 12 August 2017 12:19 PM

මට පෙනෙන විදිහට ජනාධිපතිතුමාගේ සිහිබුද්ධියේ මොකක හරි අවුලක් වගේ... ගිය ආණ්ඩුවේ හොරුන් ඇල්ලීම කෙසේවෙතත් මේ ආණ්ඩුවේ දැන් හතු පිපෙන්නා වගේ අලුත් හොරු බෝවෙලා මහා බැංකුවත් හොර කාලා. ඉස්සර 8%- 9% තිබුණු ව්‍යාපාරික සහ නිවාස ණය දැන් 16%-19% එම නිසා වියපර වැඩි දියුණු කිරීම, අලුතෙන් ආරම්භ කිරීම අඩාල වෙලා , රටේ රැකියා ප්‍රශ්න වැඩි වෙලා, දුප්පතාගේ වාහනය වන ත්‍රිරෝද රථයටත්, යතුරු පැදියටත් නොසෑහෙන ලෙස බදු වැඩි කල, පරිසර හිතකාමී හයිබ්‍රිඩ් වාහන වලටත් අමතර බදු ගහනවා. රට කරවන ඔබතුමා ඇතුළු ලොක්කෝ ගොඩක් ප්‍රශ්න වලදී කෙලින් තීරණ නොගෙන කාලයට ප්‍රශ්න විසඳීමට ඉඩදී පැත්තකට වී සිටීම නිසා රටේ ආර්ථිකය කඩා වැටිලා ජනතාවට ප්‍රශ්න මතුවෙලා. අපි ජිවත් වෙන්නේ කොහොමද? අලිබබා කල්ලිය රට පාලනය කරන කාලයේ හොරකම් කළත් රටේ යම්කිසි සංවර්ධනයක් වුණා. මිනිස්සු අතේ සල්ලි ගැවසුණා. ජනතාව අතේ සල්ලි සංසරණය වෙනකොට රජයට බදු අාදායම් ලැබුණා.

:       9       516

perakumSaturday, 12 August 2017 02:25 PM

අපේ රටේ ඉතිහාසය හොඳින් බලන්න. අලුතෙන් පත්වන සෑම රජයක්ම කලින් තිබූ රජයට වඩා හොරකමට දක්ෂයි. පුදුම වෙන්න එපා තුන්වන ලෝකයේ කොහෙත්ම එහෙම තමයි.

:       16       118

Hafeel Saturday, 12 August 2017 12:22 PM

එහෙමනම් ඇයි දැන දැනම කිසිසේත්ම සම්බන්ධ නැති ලොතරැයි මණ්ඩලය රවීගේ විදේශ අමාත්‍යාංශයට පැවරුවේ ඇයි?

:       1       360

raveendraSaturday, 12 August 2017 01:27 PM

ඇයි උන්නැහේ දන්නැද්ද රවී ලෝක වෙළඳපළට සුවිප් අපනයනය කරන්නේ..? ඒ හොයාගත්ත සල්ලි තමා හාදය ගෙදර ගෙනිච්චේ. ඉතින් මොකක්ද වැරැද්ද?

:       14       129

vishwa Saturday, 12 August 2017 12:38 PM

උඩ ඉඳන් යටටම හොරකම . .......? ඒ කියන්නේ ඩී පී ව්‍යාපෘතියේ අංක එකෙන් දැක්වෙන මහා පෝරිසාදයාගේ ඉඳලා අන්තිම පුරුක වන පී.එස්. එකට රිංග ගන්න අන්තිම කෙනා දක්වා ලංකාවේ ඉන්නේ හොරු කියන එකනේ... එ්කෙන් තමුන්වත් ගැලවෙන්නේ නෑ කියන එක නේද ගම්‍ය වෙන්නේ? කතාව ඇත්ත. කට බොරු කිව්වත් දිව බොරු කියන්නේ නැහැනේ අනේ අනේ මගේ රටට ගිය කල දසාවක් පත්තරවල කාටුන් බලලා වත් කියවලාවත් අපේ මිනිස්සුන්ට හැදෙනට බෑනේ....

:       26       225

dias Saturday, 12 August 2017 01:10 PM

ඔබතුමා බලතල මීට වඩා පාවිච්චි කරන්න. හොඳ අධිකරණ ඇමැතිවරයෙක් පත්කොට සියලුම හොරුන්ට ඉක්මනින් දැඩි දඬුවම් දෙන්න. දැන් නම් අපට කතාවක් නොව ක්‍රියාවන් අවශයි. අපි තවමත් යහ පාලනයට කැප වෙමු.

:       211       232

hesa Saturday, 12 August 2017 01:11 PM

"යා දෙක නොකර රත "එකට පෑහීමක් නැත" කිසිම දින...

:       0       46

Senarath Saturday, 12 August 2017 01:12 PM

මේ අවුරුදු 2ට හොරකම අඩුවුණාද ? වැඩි වුණාද? ගත්තු ණය මුදල් සහ මේ ටිකට කෙරුණු වැඩ ප්‍රමාණයෙන් ඉතාම පැහැදිලියි නේ හොරකම වැඩිවුණු බව... ඒක තවත් හොඳටම ඔප්පු වෙලා තියෙනවානේ...මහබැංකු හොරකමෙන්. තවමත් මේ රටේ ජනතාව ගොනාට අන්දන්නද හදන්නේ?

:       37       318

de silva Saturday, 12 August 2017 01:52 PM

සමහරවිට රවී ලොතරයි මණ්ඩලය විදේශ කටයුතු අමාත්‍යාංශයට අරගෙන ගිය එක ජනාධිපතිතුමා දැනගන්න ඇත්තේ පත්තරේ බලපුවහමයි.

:       0       157

Gamini Saturday, 12 August 2017 04:09 PM

මේ රටේ සියලු අවංක ජනතාව ජනාධිපතිතුමා සමග එක්වෙමු. රටේ ජනතාව බලගන්වමු.

:       815       845

upul Saturday, 12 August 2017 08:41 PM

අාප්ප කාලා පනින එකත් නියම හොරකමක් තමයි. මහබැංකුව වගේම... ඔක්කොම වෙනසට මෙයත් වග කියන්න ඕනෑ...

:       140       340

Saman Sunday, 13 August 2017 01:46 AM

ඕස්ට්‍රේලියාවේ ගහපු ඒවා කව්රුත් මතක් කරන්න. ඔක්කොම හොරු...

:       76       201

බණ්ඩාර - කැකිරාව Sunday, 13 August 2017 03:22 AM

මොන බොරුද ගාමිණි.... රටේ ජනතාවට අද වෙලා තියෙන්නේ ගලෙහි පහරපු බල්ලාට වුණ දේ තමයි.

:       12       33

Shanaka Sunday, 13 August 2017 07:50 AM

ඒක තමයි හිටං.. මහත්තයෝ. මෙයා නම් හොරකම් ගැන දන්නේ නැහැ. පව් හුරතල් පාටයි.

:       0       20

lakmal Sunday, 13 August 2017 09:20 AM

ඔබතුමාගේ කතාව නම් තියනවා ලංකාවේ ඉන්න වැඩිදෙනෙක් මෝඩ මිනිස්සු රවට්ටන්න පුළුවන් විදියට... එ්කනේ ඔබතුමා ඇතුලත් ආණ්ඩුව අද අපිට ලස්සනට බර පටවල හොඳට හොරා කන්නේ. මතක තියාගන්න ඔබතුමාගේ නම ඉතිහාසයේ ලියැවෙන්නේ ලංකාවේ පත්වුණු හොඳම බොරු කියපු ජනාධිපති විදියට කියන එක....

:       12       60

rohana Sunday, 13 August 2017 09:24 AM

ජනාධිපතිතුමනි, ආණ්ඩුව බලයට පත්වීමට පෙර පොරොන්දු වූ පරිදි දූෂණ වංචා ගැන සෙවීමට විශේෂ අධිකරණයක් මෙතෙක් පිහිටුවා නොමැත. පිහිටුවන්න. රට ගැන සිතන්න. ජාතිය ගැන සිතන්න. දූෂිතයන් පන්නා දමන්න. විනිවිද භාවයෙන් කටයතු කරන ලෙස මැති ඇමතිවරුන්ට නිතර නිතර කියන්න.

:       0       0

Thushara Sunday, 13 August 2017 09:33 AM

මෙයා කටවහගෙන ඉන්න තරමට මෙයාටත් හොඳයි රටේ ජනතාවටත් හොදයි. මොකද මෙයාලා බොරු කියලා පව් පුරවා ගන්නවා. ජනතාව කෝප වෙලා පව් පුරවා ගන්නවා.

:       13       42

babi Sunday, 13 August 2017 10:21 AM

අැයි රවීට ඇමති පහසුකම් දෙන්නේ. හොරුන්ව සදාකාලිකවම දේශපාලන භූමියෙන් අතු ගා දමමු. රජ වුණත් හොරා නම් හොරාමයි. කියකියා ඉන්නේ නැතුව වැඩේට බහින්න ඕනෑ.

:       0       0

Senarat Sunday, 13 August 2017 11:15 AM

එ්කට තමා ජනතාව ඔබතුමා ගැන බලාපොරොත්තු තියලා ඡන්දේ දුන්නේ. දැන් ඕවා අපිට කියලා වැඩක් නැහැ. හොරු එළවලා වැඩේ හරියට කරලා පෙන්නන්න ඕනේ. එ්ත් එහෙම වෙන බවක් නම් පෙනෙන්න නැහැ. ආපු ගමන්ම කලේ ඡන්දෙන් පරදවලා ගෙදර යවපු හොරු ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ගත්ත එකයි. ඒ වගේ කෙනෙකුට මුදල් ඇමතිකමත් දුන්නා. පරදේශිකයෙකුට මහබැංකු අධිපතිකම දුන්නා. දැන් ප්‍රතිඵල පෙනෙනවා නේද ? මේවට ඔබතුමාත් 50% ක් වගකියන්න ඕනේ.

:       0       0

ravi Sunday, 13 August 2017 05:06 PM

කියන එකත් ඉන්නේ ඔය කියන ලයිස්තුවේ උඩම තමා දැන් සුදාන වෙන්න හැදුවට.

:       0       10

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

චීන කොමියුනිස්ට් දූතයෝ රුවන් හමුවෙති
2024 අප්‍රේල් මස 24 91 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය සන් හයියන් (Sun Haiyan) මහත්මිය ඇතුළු චීන දූත පිරිස සහ දේශගුණික විපර්යාස පිළිබඳ


ඉරානය සමග ගිවිසුම් පහකට අත්සන් තබයි
2024 අප්‍රේල් මස 24 242 0

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තැබූ බව ජනාධිපති කාර්යාලය පවසයි.


ශ්‍රීපාදයෙන් පැන්න තරුණයා හමුවේ
2024 අප්‍රේල් මස 24 628 0

ශ්‍රී පාද උඩමළුව ආසන්නයේ රත්නපුර මාර්ගයේ ආරක්ෂක වැටකින් පහළට පැන ඉකුත් (19)දා සිට අතුරුදන්ව සිටි තරුණයා දින (05)කට පසුව නල්ලතන්නිය පොලිස් වසමට අයත්, රාජමල


රනිල්ට ඉස්සර වෙන්නැයි බැසිල් කියයි
2024 අප්‍රේල් මස 24 900 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනපතිවරණයට තරඟ කරන බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු පොදු ජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයා සම්බන්ධයෙ


දකුණේ දේශපාලකයෙක් කොරියාව පෙන්වා කෝටි 3 ක් ගරාගෙන
2024 අප්‍රේල් මස 24 332 0

දකුණේ ප්‍රබල දේශපාලනඥයකු තරග විභාගයකින් තොරව කොරියා රැකියා දෙන බව පවසා තරුණයන් 500කගෙන් රුපියල් කෝටි දෙක හමාරකට ආසන්න මුදලක් ලබාගෙන ඇතත් තවමත් රැකියා


මැතිසබේ පාස්කු පෝස්ටර්
2024 අප්‍රේල් මස 24 162 0

පාර්ලිමේන්තු සභා ගර්භයේ සඟවා තිබී පාස්කු දා ප්‍රහාරය සම්බන්ධ විරෝධතා පාඨ සහිත පුවරු හතක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් පිරිසක් විසින් අද (24) පෙරවර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 302 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1673 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1532 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site