IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


ඉන්ධන මිලෙහි සංශෝධනයක්

(රංජන් කස්තුරි)

ඉන්ධන මිල සඳහා වන මිල සූත්‍රය අනුව අද (13) මධ්‍යම රාත්‍රීයේ සිට ඉන්ධන මිල ඉහළ නංවා තිබේ.

ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 02 කින්ද, ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 04 කින්ද වැඩිකර තිබේ. සුපිරි ඩීසල් ලීටරයක මිල රු. 03 කින් වැඩිකර තිබේ.

ඔටෝ ඩීසල්හි මිල කිසිදු වෙනසක් සිදුකර නැත.

ඒ අනුව නව සංශෝධිත මිල ගණන් පහත දැක්වේ.

ඉන්ධන වර්ගය

වත්මන්
මිල (රු.)

සංශෝධිත
මිල (රු.)

මිලෙහි වෙනස (රු.)

ඔක්ටේන් 92 පෙට්‍රල්

136 /-

138 /-

02/-

ඔක්ටේන් 95 පෙට්‍රල්

159/-

163/-

04/-

ඔටෝ ඩීසල්

104/-

104/-

වෙනසක් නැත

සුපිරි ඩීසල්

131/-

134/-

03/-

 

 

 



අදහස් (13)

ඉන්ධන මිලෙහි සංශෝධනයක්

Bamunuarachchi Tuesday, 13 August 2019 12:13 PM

මොකක්ද මේ විහිළුව මිල පහල ගියාම පහළටත් ඉහල ගියාම ඉහළටත් නොයන කාලයක් රඳවා ගන්න පුළුවන් මද්‍යස්ථ මිලක් නියම කරන්න. මහලොකුවට බලයට ආපු ගමන් පැට්‍රොල් මිල අඩුකරලා පඩි වැඩි කරලා දැන් දෙකොන මූට්ටු කරගන්න බැරිව බදු ගහනවා. ඔවුන් පඩි වැඩි කරගත්තා හැරෙන්නට රටේ කිසිම සංවර්ධනයක් උනේ නැත.

:       44       290

saaliTuesday, 13 August 2019 03:00 PM

අධිවේග හදනවා. වරාය නගරය හදනවා. ගම්පළාත්වල පාලම් රැසක් හදනවා. ගොඩනැගිලි හදනවා. ඇස් හැර බලන්න. අඬබෙර සද්දෙ විතරයි නැත්තේ කලින් වගේ. නම්ගම් ගහගන්න පොරයකුත් නැහැ.

:       324       312

Hafeel Tuesday, 13 August 2019 04:04 PM

මහදවාලයේ බැංකු සුද්ද කරනවා. හොරුන්, මිනීමරුවන් ආරක්ෂා කරනවා. ආණ්ඩු පක්ෂේ මන්ත්‍රීලාට මාසිකව ලක්ෂ දෙකක් දීමනා දෙන්න දඟලනවා.

:       1       81

BamunuarachchiTuesday, 13 August 2019 05:18 PM

ඔය එකකින්වත් රටේ දරුවන්ට රැකියාවල් ලැබෙනවද? කර්මාන්ත ශාලා අතිවුණාද? ආයෝජකයන් ආවාද? බදු සල්ලිවලින් ගෙවල් හද හදා පිනට දීම රටේ සංවර්ධනය නොවේ.

:       22       29

මුණසිංහWednesday, 14 August 2019 01:03 AM

අපොයි ඔව්. අපේ ගෙවල් පැත්තේ "පාලමක්" හදනවා. දිග මීටර් 10යි. පළල මීටර් 8යි. පටන් ගත්තේ 2016 දී. දැනට වැඩ ඉවර මීටර් 10 යි, පළල මීටර් 4ක කොටසක් විතරයි. ඉතිරි මීටර් 4 පැත්ත තවම හාරනවා. ඒ තරම් වේගවත් වැඩ!

:       1       27

kolam bossTuesday, 13 August 2019 04:01 PM

අපේ රටේ රාජ්‍ය සේවය කියන්නේ තනිකරම සුදු අලියෙක්.. නිකන් ජනතා මුදලින් පඩි සහ විශ්‍රාම ගෙවනවා විතරයි. සේවයක් නැහැ. තනිකරම අකාර්යක්ෂමයි. අනික අපේ රටේ රාජ්‍ය සේවය කියන්නේ සේවා සැපයීම විතරයි. නිෂ්පාදන නැහැ. ඉතින් එය නඩත්තු කරන්න අමාරුයි. විශේෂයෙන්ම පුද්ගලයන් 8 දෙනෙක් එක රාජ්‍ය සේවකයෙක්ව නඩත්තු කරන්න බදු ගෙවන්න ඕනෑ. එම බදු මුදලින් ජීවත්වෙන ඒ රජයේ සේවකයා අර පුද්ගලයන් 8 දෙනාවම යටකරගෙන ඔවුන්ට ඉහළින් ඉන්නවා. නමුත් වැඩක් කරන්නෙත් නැහැ. ඉතින් කොහොමද රටක් දියුණු කරන්නේ..?

:       3       47

සුදත් Tuesday, 13 August 2019 01:13 PM

එක දෙයක්වත් ස්ථාවරව ගෙන යන්න බැරි ආණ්ඩුවක්.. මේ අයට වැරදෙන කොට කොහෙන් හරි බදුගහලා ජාමෙ බේරගන්න හදන අදාල ක්ෂේත්‍රයේ කිසිඳු දැනුමක් නැති වාචාල මෝඩ සෙට් එකක් තමයි රට හදන්න කියලා රට කන්නේ..

:       4       130

athuraWednesday, 14 August 2019 05:51 AM

නැතුව නැතුව මෙයාලා බදුගහලා ගෙදර ගෙනියයි. අදාල දේ ගැන හසල දැනුමක් තියන විමල්ලා රෝහිතලා ඇවිල්ලා රට හදයි පට්ට හැදිල්ලක්... අන්න එදාට එයාලව ඉල්ලන අයට වෙන්නේ බඩගාන්න තමයි..

:       0       2

rohana Tuesday, 13 August 2019 02:05 PM

බමුණා හැමදාම බනිනවා ඇරෙන්න වෙන කිසිදෙයක් දාන්නේ නැහැ..

:       98       31

BamunuarachchiTuesday, 13 August 2019 05:12 PM

ඉතින් දෙයියනේ... මේ අවුරුදු 5 බදු ගහනවා හැරෙන්නට රටට කරපු හොඳදේ කියන්නකෝ. දැක්ක එකමදේ තමයි දෙමෙල්ලුයි, හම්බයෝයි සිංහලයින්ට තර්ජනය කරනවා.

:       54       12

ධම්ම Tuesday, 13 August 2019 02:53 PM

කරුණාකර මන්ත්‍රීවරුන්ගේ ඉන්ධන දීමනාවද මේ අනුව වැඩිකර දෙන්න. පව් එයාලා.

:       0       15

de silva Tuesday, 13 August 2019 05:48 PM

ඔක්ටේන් 92 සහ 95 අතර ඉන්ධන මිලේ විශාල වෙනසක් තිබෙනවා මේක විශාල අසාධාරණයක්.., ඔක්ටේන් 95 භාවිතා කරන කොට පරිසරයට පිටවන විෂදුම් අඩු නිසා යම් තරමින් පරිසර සුරැකිමක් වෙනවා. හරිනම් රජය 95 පෙට්‍රල් භාවිතයට ජනතාව දිරිමත් කළයුතුය. විෂදුම් අඩු පරිසර හිතකාමී දෙමුහුන් වර්ගයේ වාහන වලට වැඩියෙන් බදු ගහන, දුම්කෝච්චි මෙන් දුම් පිටකරමින්, පාරේ දුවන ලේලන්ඩ් බස්වලට අඩුවෙනුත් බදුගහන, නීති හදන ගමන් එම බදු මුදල් ලීටරයකට කිලෝමීටර 5 වත් යන්න බැරි v8 වැනි වාහන ඇමතිවරුන්ගේ පාවිච්චියට ගන්න දේශද්‍රෝහී පාලකයින් ඉන්න රටක් මේක..

:       1       65

de silva Wednesday, 14 August 2019 04:34 AM

හරි නම් වාහන මෙරටට ගෙන්වනකොට ගහන විශාල බද්ද ලංගම සහ දුම්රිය යන පොදු ප්‍රවාහන සේවා සහ මාර්ග පද්ධතිය දියුණු කිරීම සඳහා පමණක් භාවිතා කළ යුතුය. එතකොට නැති මිනිහාටත් යම්කිසි සහනයක් තිබෙනවා. ඔය ඇමතිවරුන්ට ඉන්ධන අධික ලෙස වැයවෙන වාහන දීම නතර කළ යුතුයි.

:       0       17

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

යලේ වී වගා සල්ලි ලබන සතියේ සිට ගොවි ගිණුම් වලට
2024 අප්‍රේල් මස 24 46 0

2024 යල කන්නයේ වී වගා කටයුතු සඳහා රජය ලබා දෙන මුල්‍යමය සහනාධාරය ලබන සතියේ සිට ගොවි ගිණුම් වලට බැර කරන බව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව පවසයි.


පුත්තලම කාති උසාවි විනිසුරුවරයෙක් අල්ලස් දැලේ
2024 අප්‍රේල් මස 24 323 0

දික්කසාද නඩු තීන්දුවකට අදාල දික්කසාද සහතිකය ලබාදීම සඳහා රුපියල් පන්දහසක අල්ලස් ගත් බව කියන පුත්තලම කාති උසාවියේ විනිසුරුවරයයෙක් එම උසාවිය තුළදී අල්


ඇස් රෝහලේ තරුණ වෛද්‍යවරයෙක් මරුට
2024 අප්‍රේල් මස 24 1087 0

කොළඹ ජාතික අක්ෂි රෝහලේ තරුණ වෛද්‍යවරයකු හදිසියේ මියගොස් ඇතැයි රෝහල් ආරංචි මාර්ගවලින් පැවසේ.


යාපනේ කෝවිලක සාරියක් ලක්ෂ 16 ට වෙන්දේසි වෙයි
2024 අප්‍රේල් මස 24 571 0

යාපනය පුන්කුඩිතිව් කන්නකි අම්මාන් කෝවිලේ තිර්ත මංගල්‍ය උත්සවයේදී කෝවිලේ කන්නකි අම්මාන් දේව මාතාව වෙනුවෙන් පුජා කිරීම සදහා වෙන්දේසි කරන ලද සාරියක් ර


පළාත් කිහිපයකට සවස් කාලයේදී වැස්ස
2024 අප්‍රේල් මස 24 91 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යමසහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍ය


ආරවුලින් එක් දරු පියා මරුට
2024 අප්‍රේල් මස 23 1593 0

මින්නේරිය විදුලිබල මණ්ඩලය ආසන්නයේ අද රාත්‍රියේ පුද්ගලයන් තිදෙනකු අතර ඇති වූ ගැටුමක් දුරදිග යාමෙන් තියුණු ආයුධ පහරකින් එක්දරු පියකු ජීවිතක්ෂයට පත්ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 289 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1648 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1521 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site