IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


ඉන්ධන තොග ගබඩා කරන්න නව ටැංකි පද්ධතියක්

(දසුන් රාජපක්ෂ) 

මාසයක් සදහා ප්‍රමාණවත් ඉන්ධන තොග ගබඩා කර තැබිය හැකි නව ටැංකි පද්ධතියක් ස්ථාපනය කිරීමට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර ඇත.

ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සතුව පවතින සති දෙකක් සඳහා ප්‍රමාණවත් ඉන්ධන ටැංකි ප්‍රමාණවත් නොවන බැවින් අලුතින් ඉන්ධන ටැංකි ස්ථාපිත කිරීමට තීරණය කළ බව විදුලිබල හා බලශක්ති, මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා අප කළ විමසිමකදී අද (13) පැවසීය.

එමෙන්ම කොළඹ වරායේ සිට ඉන්ධන රැගෙන යාමට නව නල මාර්ගයක් ඉදි කිරීමට සැළසුම් කර තිබෙන බවද මහින්ද අමරවීර අමාත්‍යවරයා සදහන් කළේය.

ඉන්ධන ප්‍රවාහනය කරන බවුසර් නිසා මාර්ග තදබදය වැඩි වී තිබෙන බැවින් බවුසර් වෙනුවට දුම්රිය සේවාව යොදා ගැනීමට ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට උපදෙස් දී තිබෙන බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

ඒ සඳහා දුම්රිය එන්ජිමක් විදේශීය රටකින් මිලදී ගැනීමට කටයුතු යොදා ඇතැයිද ඔහු කියා සිටියේය.

පාරිභෝගිකයන් සඳහා ගුණාත්මක බැවින් ඉහළ ඉන්ධන පමණක් සැපයීමට සිය අමාත්‍ය ධූර කාලය තුළ පියවර ගන්නා බව අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.



අදහස් (11)

ඉන්ධන තොග ගබඩා කරන්න නව ටැංකි පද්ධතියක්

sasa Friday, 13 December 2019 09:07 AM

ත්‍රිකුණාමලයේ තියෙන ටැංකි ටිකට හෙන ගහලද අලුතින් හදන්නේ? අහ.. අහා.. මට අමතක වුණා. ඒවා ගත්තොත් කොමිස් නැහැනේ...

:       2180       2252

kamal koyralaFriday, 13 December 2019 10:40 AM

හරියට හරි..., මොකටද අලුත් ටැංකි, දුම්රිය කට්ටල.., ඩලසුත් ගේනවා... අර්ජුනත් ගේනවා. දුම්රිය මදිද සේරම ලංකා ආණ්ඩුවේ දුම්රිය සේවයට කරන්න පුළුවන්...

:       298       151

AmaraFriday, 13 December 2019 05:37 PM

ඇයි ඒවා වික්කේ නැද්ද?

:       0       15

BamunuarachchiSunday, 15 December 2019 04:19 AM

එහෙම කතා කොරන්න එපා. ත්‍රිකුණාමාලයේ ටැංකි හැදුවේ අපේ අවශ්‍යතාවයට නොවේ. යුද්දේ කාලේ සුද්දගේ උවමනාවලට. අපේ අවශ්‍යයතාවයට තෙල් ටැංකි හදනවානම් අපට උවමනා තැන වල තෙල් ටැංකි හදා ගන්න ඕනේ. ත්‍රිකුණාමලයේ ටැංකි බදු දෙනවා හැරෙන්න කනිජ තෙල් සංස්ථාවට ප්‍රයෝජනය අඩුයි. කොළඹ වරායෙන් ගන්න තෙල් කෙලින්ම යන්න මට්ටක්කුලිය "වෝල්ස් ලෙන්" එකේ තිබෙන විශාල ටැංකිවලට. නැතුව ඒවා ත්‍රිකුණාමාලයට පොම්ප කර නැවත කොළඹට ගෙන්වන්නේ නැත. වටපිටාව ගැන අවබෝධයක් නැතිව මේවා තේරුම් ගන්න අමාරුයි.

:       1       0

රවින් Friday, 13 December 2019 11:46 AM

කොහොම කොහොම හරි හැකි ඉක්මණින්ම කොමිස් වැඩේ පටන්ගන්න වගේ හදන්නේ? ත්‍රිකුණාමලේ තියන තෙල් ටැංකිවලින් වැඩිකොටසක් අලුත්වැඩියා කළහැකි ඒවා නොවේද? අලුත් නළ මාර්ගයක අවශ්‍යතාවය දැන් දිගුකලක් පවතින්නක්... මතක හැටියට නම් 2011වගේ හෝ ඊට පෙර ඉඳන් තියෙන ප්‍රශ්නයක්... තවමත් උත්තර නැද්ද? නැතිනම් ඉල්ලන කට්ටියට හම්බවෙන කුට්ටියේ මදිකමක්ද?

:       115       220

NAKSunday, 15 December 2019 04:27 AM

ජනපතිතුමාගේ වියදම් අඩු කිරීමේ ප්‍රහිපත්තියට අනුව නම් ත්‍රිකුණාමලේ ටැංකි කිහිපයක් ඉන්දියාවෙන් පිනට ඉල්ලා ගැනීම දැනට සුදුසුම ක්‍රියා මර්ගයයි. පිනට ඉල්ලා ගැනීමට සිදුව ඇත්තේ ඒවා ඉන්දියාවට දැනටම පිනට දී ඇති බැවිනි.

:       0       1

Jaya Friday, 13 December 2019 02:42 PM

පහුගිය දවස්වල ත්‍රිකුණාමලේ ටැංකි ටික ඉන්දියාවට විකුණනෝ කියලා මොරදුන්නු කට්ටිය දැන් අලුතෙන් ටැංකි හදන්න හදනවා. වැඩේ තේරෙනවා නේද? අර ඛනිජතෙල් සංස්ථාවේ සූරවීර වෘත්තීය සමිතිනායකතුමාලා එහෙම දැන් වර්ජනය කරනවද? නැත්නම් අලුතෙන් ටැංකි ලබාගැනීම ඉතාම කාලෝචිත පියවරක් වශයෙන් දකිනවද?

:       150       222

වෙනස මාරයි Friday, 13 December 2019 09:38 PM

බලයට පත්වුණු ගමන් කල ප්‍රදානම වැඩ - ගිය ආණ්ඩුවෙන් වරායෙන් හොරබඩු පිටවීම වැලක්වීමට ගෙන ක්න්ටේනර් ස්කෑන්කරන යන්ත්‍රය ගැනීමට මුල්‍ය අක්‍රමිකතා වූ බව පවසා එම යන්ත්‍රය භාවිතය නැවත්වීම. දැන් එතනෝල් ඇතුළු හොරබඩු පහසුවෙන් ගෙනව හැකියි. වැලි ප්‍රවාහනය සදහා බලපත් අත් හිටවීම මගින් වැලි හා පස් හොරුන් රජකරවීම. - විද්‍යාත්මක ඇමති මණ්ඩලය- කලින් එවුන්ගේ ඇමති මණ්ඩලයට හිනුන මුන් පත්කළ ඇමති මණ්ඩලය මාරම විද්‍යාත්මකයි. කොහොමද හොරු රජ වුණම වෙනස. වෙනස මාරයි, මර සැපයි. වෙනස දැන් නම් මර සැපයි නේද. දෙගොල්ලටම පවු,

:       2       35

ajith Saturday, 14 December 2019 02:29 AM

මේ මොකද මේවට තියෙන හදිස්සිය. ඉදිරි මැතිවරණෙට වියදම් කරන්න හොඳ කොමිස් පාරක් දාන්න වගේ කියල ජනතාව සැක කරනවා.. ඇමතිතුමා,මේවා නොවෙයිනේ මතිවරනේදී කිව්වේ. කියපුවයින් එකක් දෙකක් හරි කරන්න. සරසවි දරුවන්ගේ මහපොළ වැඩි කරන්න.වැඩිහිටි දීමනාව වැඩි කරන්න, රුපියල් 3000/- පෝෂණ මල්ල, මවුවරුනට දෙන පෝෂණ මල්ල වටිනාකම වැඩි කරන්න. ගොවියන්ට පොහොර නොමිලේ දෙන්න. ජනතාවට සහනයක් වෙන විධියට බදු මිල අඩු කරන්න. කොපමණ දේවල් තියෙනවද කියපු ලැයිස්තුවෙ පෙට්රෝල් ටැංකි සති දෙකටයි තියෙන්නේ කිව්වට මෙපමණ කලක් එක ප්‍රශ්නයක් වුණේ නැහැනේ?.

:       0       59

ධම්ම Saturday, 14 December 2019 02:01 PM

මෙයාලා ගෝඨාභය මහත්තයාටත් විනකටියි වගේ...

:       0       2

athula Saturday, 14 December 2019 10:04 PM

අපේ රටේ ඉතින් ජනතාව හොරුන්ට රටම බාරදීලා 71 වසරක් ම බැන බැන ඉන්නවා. මේ දෙගොල්ලම රට මෙච්චර කාලත් මේ බත් කන හරක්ට නොතේරන හැටි. ඇස්පනාපිට අපිට අමිල වූ සම්පතක් වන ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණය............අනේ දෙවියනේ ! කාට කියන්නද ? රට හදන්න පුළුවන් ඒ වගේම අවංක මිනිසුන්ට බලය නොදී හොරුන්ටම කාලා විනාශ කරන්න බලය දෙන නරුම ජනතාවක් ඉන්න රටක්.

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බොරතෙල් - රන් මිල හිටිහැටියේ ඉහළට
2024 අප්‍රේල් මස 19 39 0

ඉරානයට ඊශ්‍රායල මිසයිල ප්‍රහාර එල්ල කිරීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් සහ රත්තරන් මිල ඉහළ ගොස් ඇතැයි විදේශ මාධ්‍ය වාර්තා කළේය.


විදුලි සේවකයෝ ඔක්කොම නඩු දැම්මත් පනත හකුලන්නේ නෑ
2024 අප්‍රේල් මස 19 302 0

විදුලි සේවකයන් විසිහතරදහසම නඩු දැම්මත් නව විදුලිබල පනත හකුලා නොගන්නා බවත් වැඩි පිරිසක් අධිකරණයට යෑමෙන් වඩාත් හොඳ පනතක් නිර්මාණය කිරීමේ හැකියාව ලැබෙ


දෙවුන්දරින් ඇල්ලූ මත්ද්‍රව්‍ය රස පරීක්ෂකට යවන්නැයි නියෝග
2024 අප්‍රේල් මස 19 178 0

දෙවුන්දර මුහුදු තීරයේදී නාවික හමුදාව මගින් අත්අඩංගුවට ගත් රුපියල් කෝටි 380 කට අධික වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය තොගය රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරී


ප්‍රදේශ කිහිපයකට පැය 12ක ජල කප්පාදුවක්
2024 අප්‍රේල් මස 19 124 0

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට ලබන 24 වැනිදා පැය 12 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.


සුනාමි කුලුනු 77න් 55කම පණ ගිහින්
2024 අප්‍රේල් මස 19 204 3

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දිවයිනේ වෙරළබඩ ප්‍රදේශ ආවරණය වන පරිදි දිස්ත්‍රික්ක දාහතරක කෝටි 13 කට වැඩි වියදමකින් ස්ථාපනය කෙරුණු සුනාමි සහ සුළි සුළං සඳහ


මළ මිනියක් අරන් ණයක් ගන්න බැංකුවට එයි
2024 අප්‍රේල් මස 19 2155 1

බ්‍රසීලයේ රියෝ ඩි ජෙනෙයිරෝ බැංකුවට රෝද පුටුවක තබා ගත් මළ සිරුරක් රැගෙනවිත් එම මියගිය පුද්ගලයාගේ නමට ඇමෙරිකානු ඩොලර් 3250 ක (ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 10 කට ආ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 208 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1514 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1417 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site