IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


ඉන්දීය බුද්ධි අංශ නිවැරදි තොරතුරු දුන් බව නි.පොලිස්පති ජයසුන්දර තහවුරු කරයි

(දසුන් රාජපක්ෂ)

කුමන දේවස්ථානයටදැයි නිශ්චිතව සඳහන් නොවුවද, ලංකාවේ දේවස්ථාන මුල්කරගෙන පුද්ගලයන් 6දෙනෙකු මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ හැකි බව පාස්කු ඉරු දින බෝම්බ ප්‍රහාර මාලාවට පෙර ඉන්දීය බුද්ධි අංශ මගින් මෙරට ජාතික බුද්ධි සේවාවට දැනුම් දුන් බව විශේෂ කාර්ය බලකායේ අණ දෙන නිලධාරීන් නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතා පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාර මාලාව පිළිබඳව විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමින් අද(02) ප්‍රකාශ කළේය.

තමා වෙත ලැබුණු එම බුද්ධි තොරතුර ඇතුළත් ලිපිය ත්‍රස්ථ විමර්ශන කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයාට හා සහකාර පොලිස් අධිකාරීවරයකු වෙත පෙන්වා ප්‍රහාරයක් එල්ල විය හැකි බව ඔවුන් වෙත දන්වා සිටිය බවද, නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතා සඳහන් කළේය.

අද(02) පෙරවරුවේ මෙම ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි දුන් හිටපු අභියාචනාධිකරණ විනිසුරු එම්.එම්.ඒ.ගපූර් මහතා සහරාන් විසින් මුස්ලිම් ආගම හා කුරානය ඔහුගේ දේශන හරහා විකෘති කරනු ලැබ ඇතැයි කියාසිටියේය.

එමෙන්ම 2012 වර්ෂයේ එක්තරා දිනක නුවරඑළියේදී විදේශීය කණ්ඩායමක් බුදුදහම විකෘති කළ පත්‍රිකා බෙදීමේ සිද්ධියක් ගැන ජනාධිපති කොමිසම දැනුවත් කළ ගපූර් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඒ බව දැනුම් දී ඒ පිරිස අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ බවද, සාක්ෂි දෙමින් දන්වා සිටියේය.

කාර්මික සංවර්ධන මණ්ඩලයේ අලෙවි අධ්‍යක්ෂ සරත් උදයසිරි මහතා දෙවැනි දිනයටත් මෙම ජනාධිපති කොමිසම හමුවේ අද(02) පස්වරුවේ සාක්ෂි ලබාදුන්නේය.

මෙම ජනාධිපති කොමිසම අභියාචනාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ ස්ථාපිත කොට තිබෙන විශේෂ කාර්යාලයේදී අද(02) රුස්විය.

පාස්කු ඉරු දින බෝම්බ ප්‍රහාර මාලාව පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම හෙට(03) යළි රැස්වීමට නියමිතය.



අදහස් (1)

ඉන්දීය බුද්ධි අංශ නිවැරදි තොරතුරු දුන් බව නි.පොලිස්පති ජයසුන්දර තහවුරු කරයි

සමිත සේනක අලුත්ගමගේ. Thursday, 02 July 2020 02:23 PM

ඉන්දියානු තොරතුරු නිවැරදිව කලට, වේලාවට ලැබුණත් අපගේ හිටපු සේනාධිනායක මෛත්‍රීපාල සිරිසේන ඒ සම්බන්ධයෙන් කිසිඳු පියවරක් ගත්තේ නැහැ. ඒත් ඔහු ඊළඟ ඡන්දෙටත් තරඟ වදින්නයි සූදානම... වරදකරු නිදැල්ලේ... රටේ මුදල් මේ කොමිසම්වලට නිරපරාදේ නැති නාස්ති වෙනවා. රජයේ ඔඩොක්කුවේ සිරිසේන හුරතල් වෙනවා. කරුණු එසේ තිබියදී, නිරපරාදේ රටේ මුදල් නැති නාස්ති වෙනවා. මේවා මෙහෙම වෙන්නේ රටේම කරුමයකටයි.

:       0       60

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 115 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 252 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 1078 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 139 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 336 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 314 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 322 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site