IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


ඉන්දියාවේ කඳවුරක සිට මන්නාරමට ආ පියාට-දියණියට සහය දුන් 6ක් අත්අඩංගුවට

(රොමේෂ් මධුෂංඛ)

කොරෝනා වයිරස් අවදානම හේතුවෙන් ඉන්දියාවේ සරණාගත කඳවුරක සිට මුහුදු මාර්ගයෙන් මන්නාරමට දෙදෙනෙකුට පැමිණීම සඳහා සහය දුන් පුද්ගලයින් 06 දෙනෙකු මඩු හා මන්නාරම් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ඉන්දියාවේ පවතින කොරෝනා වයිරස් අවදානම හේතුවෙන් පසුගිය 02 වනදා පියෙකු සහ දියණියක් ඉන්දියාවේ තමිල්නාඩු සරණාගත කඳවුරක සිට මුහුදු මාර්ගයේ බෝට්ටුවකින් තලෙයිමන්නාරම් මුහුදු තීරයට මන්නාරම් පණ්ඩිවිරිච්චාන් ප්‍රදේශයට පැමිණ සිටියදී මඩු පොලිස් නිලධාරීන් විසින් පොලිස් භාරයට ගෙන පූනානි නිරෝධායන මධ්‍යස්ථානය වෙතට යොමු කිරීමට පියවර ගෙන තිබුණි.

අනතුරුව එම දෙදෙනාට මුහුදු මාර්ගයෙන් අනවසරයෙන් පැමිණීමට සහය දුන තලෙයිමන්නාරම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් 06 දෙනෙකු මන්නාරම් පොලිස් බුද්ධිඅංශ නිලධාරීන්ගේද සහය ඇතිව අත්අඩංගුවට ගෙන මන්නාරම් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇති බවටද පරික්ෂණ සිදු කරන මඩු පොලීසිය වැඩ දුරටත් පැවසීය.
 



අදහස් (5)

ඉන්දියාවේ කඳවුරක සිට මන්නාරමට ආ පියාට-දියණියට සහය දුන් 6ක් අත්අඩංගුවට

සමිත සේනක අලුත්ගමගේ. Sunday, 07 June 2020 06:30 AM

වෙලාවට හසුවුනේ ! බුද්ධි අංශ නිලධාරීන් ඇතුළු ඒ සඳහා වෙහෙස වූ සැමට තුති ! මේ උදව් කරපු සැවොම නිකන්ම නිකං අය වෙන්නට බැහැ .. කලිනුත්,මත් ද්‍රව්‍ය ගෙනත් පළපුරුද්දක් ඇති ඇතැම්විට.

:       0       253

Bishan Sunday, 07 June 2020 07:03 AM

ගහෙන් වැටුණු මිනිහාට ගොනා ඇන්නා වගේ...

:       303       32

mahinda Sunday, 07 June 2020 08:08 AM

අනේ ඔය නීතිය අර තොන්ඩමාන්ට ක්‍රියාත්මක නොවුනු හැටි, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් තුමාට පවා තර්ජනය කර අමු අමුවේ නිරෝධායන නිතී කැඩූ බැරිස්ටර්ට නිහඬ එම ජාතිකත්වයටම අයත් තවත් පුරවැසියන්ට නීතිය ක්‍රියාත්මකයි.

:       145       49

Siva Sunday, 07 June 2020 08:13 AM

තොණ්ඩමන්ලාට නැති නීතිය මේ මිනිස්සුන්ට විතරක් අකුරටම ක්‍රියාත්මක වෙලා... පොඩ්ඩක් ඉන්න. අපි ගෙදරින් පෑන් අරගෙන ඇවිල්ලම ඡන්දෙ දාලා ඔයාලව පාර්ලිමේන්තු යවනවමයි..

:       302       20

LakshithaSunday, 07 June 2020 11:08 AM

අසරණයො පව් නේද? ඉන්දියාවේ ඉන්න ඔය වගේ ලක්ෂ 100ක් 200ක් ගෙන්නගමු මෙහෙට... හොඳ කරලා යවන්න බැරියෑ. මෝඩ කතා කියන්න කලින් පොඩ්ඩක් හිතලා ඉන්න. ඔවුන් ඔහොම ඇවිත් මෙහේ බෝ කරොත් අපි මාස ගාණක් ගත්තු මහන්සිය අනතුරේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

විදුලි සේවකයෝ ඔක්කොම නඩු දැම්මත් පනත හකුලන්නේ නෑ
2024 අප්‍රේල් මස 19 3 0

විදුලි සේවකයන් විසිහතරදහසම නඩු දැම්මත් නව විදුලිබල පනත හකුලා නොගන්නා බවත් වැඩි පිරිසක් අධිකරණයට යෑමෙන් වඩාත් හොඳ පනතක් නිර්මාණය කිරීමේ හැකියාව ලැබෙ


දෙවුන්දරින් ඇල්ලූ මත්ද්‍රව්‍ය රස පරීක්ෂකට යවන්නැයි නියෝග
2024 අප්‍රේල් මස 19 122 0

දෙවුන්දර මුහුදු තීරයේදී නාවික හමුදාව මගින් අත්අඩංගුවට ගත් රුපියල් කෝටි 380 කට අධික වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය තොගය රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරී


ප්‍රදේශ කිහිපයකට පැය 12ක ජල කප්පාදුවක්
2024 අප්‍රේල් මස 19 72 0

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට ලබන 24 වැනිදා පැය 12 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.


සුනාමි කුලුනු 77න් 55කම පණ ගිහින්
2024 අප්‍රේල් මස 19 158 2

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දිවයිනේ වෙරළබඩ ප්‍රදේශ ආවරණය වන පරිදි දිස්ත්‍රික්ක දාහතරක කෝටි 13 කට වැඩි වියදමකින් ස්ථාපනය කෙරුණු සුනාමි සහ සුළි සුළං සඳහ


මළ මිනියක් අරන් ණයක් ගන්න බැංකුවට එයි
2024 අප්‍රේල් මස 19 1907 1

බ්‍රසීලයේ රියෝ ඩි ජෙනෙයිරෝ බැංකුවට රෝද පුටුවක තබා ගත් මළ සිරුරක් රැගෙනවිත් එම මියගිය පුද්ගලයාගේ නමට ඇමෙරිකානු ඩොලර් 3250 ක (ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 10 කට ආ


නවකවදය මට්ටු කරන්න මෛත්‍රී මාසය එයි
2024 අප්‍රේල් මස 19 538 1

විශ්ව විද්‍යාලවල නවක වදය අඩුකිරීම සඳහා වෙසක් සමයේදී මෛත්‍රී මාසය යන තේමාව යටතේ නවකවද විරෝධී වැඩසටහනක් ආරම්භ කිරීමට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය ක


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 208 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1513 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1417 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site