ඉරාන විප්ලවවාදී හමුදාව විසින් සිදුකළ හමුදා අභ්‍යාසයකදී ඉන්දියානු සාගරයට දිගුදුර බැලස්ටික් මිසයිල ප්‍රහාර එල්ල කළ බව එරට රාජ්‍ය මාධ්‍ය වාර්තා කරයි.
ඉරානයේ මධ්‍යම කාන්තාර කලාපයේ සිට එල්ල කරන ලද මෙම මිසයිල, ඕමාන් බොක්ක සහ ඉන්දියන් සාගරයේ උතුරු ප්‍රදේශ ඉලක්ක කර එල්ල කර තිබේ.
මිසයිල වල පරාසය කිලෝමීටර් 1800ක් පමණ වෙයි.
මේ සම්බන්ධව අදහස් දක්වමින් මාණ්ඩලික ප්‍රධානී ජනරාල් මොහොමඩ් බකරි පැවසුවේ, "අපට කිසිඳු ආක්‍රමණශීලී චේතනාවක් නැහැ, දැන් කෙටි කාලයක් තුළ ඕනෑම සතුරු හා ද්වේෂ සහගත ක්‍රියාවකට ප්‍රතිචාර දැක්වීමේ හැකියාව අප සතුව තිබෙනවා." යනුවෙනි.
"අපගේ වැදගත්ම ආරක්ෂක ප්‍රතිපත්ති වලින් එකක් වන්නේ සතුරු ගුවන් යානා සහ යුද නැව්වලට එරෙහිව දිගුදුර බැලස්ටික් මිසයිල භාවිතා කිරීමයි. අපට දැන් සාගරයේ චලනය වන ඉලක්ක වලට පහර දිය හැකිය."
යනුවෙන් රාජ්‍ය මාධ්‍ය උපුටා දක්වමින් ආරක්ෂක හමුදා අණදෙන නිලධාරී මේජර් ජෙනරාල් හොසේන් සලාමි පැවසීය.
ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පාලනය සමග පැවති ආතතීන් පිරිහෙමින් පවතිද්දී මෙම අභ්‍යාස පවත්වන ලද බව නිරීක්ෂකයෝ පවසති.
ඇමරිකා ජනපති විසින් ඉරානයට එරෙහිව 2018 වසරේ සිට දැඩි සම්බාධක පනවා තිබෙන අතර ඉරාන සහ ඇමරිකා හමුදා අතර ගල්ෆ් කළාපයේ වරින් වර ගැටුම් ද පවතී.
කෙසේවුවද ඇමරිකාවේ තේරී පත්වී ඇති ජනාධිපති ජෝ බයිඩන් මහතා පවසා ඇත්තේ ඉරානය නැවත අනුකූලතාවයක් දැක්වුවහොත් ඇමරිකාව න්‍යෂ්ටික ගිවිසුමට නැවත එක්වන බවයි.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)
ශ්‍රී ලංකාවෙි ප්‍රංශ තානාපති ඒ. ජෙආන් ෆ්රැන්කොයිස් මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා අතර හමුවක් වීරකැටිය මැදමුලන නිවසේ
මහරගම නගර මධ්‍යයේ පිහිටා තිබූ බෝ ගසක අත්තක් අද රාත්‍රි 7 පමණ වර්ෂාවත් සමග ඇතිවූ සුළං තත්වය හමුවේ හදිසියේ කඩා වැටීමෙන් මාර්ගයේ ගමන් ගත් කාන්තාවක සහ පුද්
ඉකුත් මාස දෙකක කාලයේ ශ්‍රී ලංකාව රුපියල් මිලියන 983.7ක අපනයන ආදායමක් ලබා තිබෙන බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහ
අන්තර්ජාලය ඔස්සේ සිදු වන ළමා ලිංගික අපයෝජන සම්බන්ධයෙන් වාර්තා කිරීමේ නව මාර්ගගත ක්‍රමවේදයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28)
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු ලබන 04 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මාලිගාක
බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත්කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු වික්තිකරුවෝ ලබන 08 වැනිදා දක්වා තව දුරටත් රිම
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ඉන්දියානු සාගරයට දිගුදුර බැලස්ටික් මිසයිල