IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


ඉඩම් විශේෂ විධි විධාන පනත් කෙටුම්පතේ පෙත්සම් විභාගය අවසන්

( තිළිණි ද  සිල්වා සහ රංජන් කටුගම්පොළ )

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති රජයේ ඉඩම් විශේෂ විධිවිධාන පනත් කෙටුම්පතේ ඇතැම් වගන්තින් ආණ්ඩුක‍්‍රම ව්‍යස්ථාවට පටහැනි බවත් ඒවා සම්මත කිරීමට නම් පාර්ලිමේන්තුවේ 3/2 බහුතර ඡන්දයකින් සහ ජනමත විචාරණයකින්  අනුමත විය යුතු බවට තීන්දුවක් ලබාදෙන මෙන් ඉල්ලා පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් දෙදෙනෙකු ඇතුළු පස්දෙනෙකු ගොනු කර තිබූ විශේෂ පෙත්සම් විභාගය අද (12) අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය ඒ පිළිබඳ තීන්දුව ඉදිරියේ දී කතානායකවරයාට දැනුම් දෙන බව නිවේදනය කළේය.

එසේම පෙත්සම සම්බන්ධයෙන් වන ලිඛිත දේශන 15 වැනිදා අධිකරණය හමුවේ ගොනු කරන්නැයිද ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම්කාර සහ වගඋත්තරකාර පාර්ශවයන්ට නියෝග කළේය.

මෙම පෙත්සම් බුවනෙක අළුවිහාරේ, ප‍්‍රසන්න ජයවර්ධන සහ එල්.ටී.බී.දෙහිදෙණිය යන මහත්වරුන් හමුවේ සළකා බැළිණි.

පෙත්සම්හි වගඋත්තරකරු ලෙස නීතිපතිවරයා නම්කරනු ලැබ ඇත.

පෙත්සම්කාර මන්ත‍්‍රීවරු ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කළ පෙත්සම් වලින් පෙන්වා දෙන්නේ ඉකුත්දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබූ යෝජිත රජයේ ඉඩම් විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත තුළින් බලපත‍්‍ර  හිමි ඉඩම්ලාභීන්ට ඒවායේ අයිතිය පවරා දීම සඳහා යෝජනා ඉදිරිපත් කර ඇති බවයි.

එම යෝජනා ප‍්‍රගතිශීලී ඒවා ලෙස බැලූ බැල්මට පෙනී ගිය ද ඇමෙරිකාව සමඟ ත‍්‍රිකුණාමලයේ සිට කොළඹ දක්වා පිහිටුවීමට යෝජිත ආර්ථික තීරුව සඳහා ඉඩම් සම්පාදනය කර ගැනීමේ අරමුණෙන් රජය මෙම පනත් කෙටුම්පත ගෙන ඒමට සූදානම් වන බවට තොරතුරු දැන ගන්න ලැබී තිබෙන බවද පෙත්සම්කරුවෝ පෙන්වා දේ.

ඉඩම් විෂයට අදාළ මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර දිවයිනේ සියලූ පළාත් සභා වලින් ඒ පිළිබඳව අදහස් ලබා ගැනීම ආණ්ඩුක‍්‍රම ව්‍යස්ථාව යටතේ සිදුකළ යුතු  අත්‍යවශ්‍ය කටයුත්තක් වුවද එසේ පළාත් සභාවලින් අදහස් ලබා ගැනීමට රජය කටයුතු කර නොමැති බව ද පෙත්සම්කරුවන් කියා සිටී.

ආණ්ඩුකම ව්‍යස්ථාවට පටහැනි ලෙස ඉදිරිපත් කර තිබෙන මෙම පනත් කෙටුම්පතේ වගන්ති බොහොමයකින් මූලික අයිතීන් ද උල්ලංඝණය වන බවත් පෙත්සම්කරුවෝ කියා සිටිති. මෙම පනත් කෙටුම්පත සම්මත කිරීමට අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් සහ ජනමත විචාරණයකින්  අනුමත විය යුතු බවට තීන්දුවක් ලබාදෙන්නැයි ද පෙත්සම්කරුවෝ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටිති.



අදහස් (3)

ඉඩම් විශේෂ විධි විධාන පනත් කෙටුම්පතේ පෙත්සම් විභාගය අවසන්

susantha Friday, 12 July 2019 01:32 PM

ලංකාවේ රජයේ ඉඩම් ලබාගත් ගොවීන් හා අනෙකුත් පාර්ශවයන් පසුව කාට හරි විකුණා දමති. ගොවීන් බොහෝවිට විකුණා අඳ ගොවියන් වශයෙන් ඉඩම් මිලට ගත් මුදලාලිලා ළඟ වැඩ කරති. අන්තිමට ඉඩම් ලබාගත් ගොවියාට ඉතුරුවන්නේ අමුඩය පමණි. ඉඩම් ලබාගත් ගොවින් 80%ක් පමණ මෙම ඉරණම අත්වේ. මහවැලි ප්‍රදේශවල ඉරණමත් මෙයයි. මේ නිසා වරින්වර අයිතිය නියාමනය කර නියම අයිතිකරුට ඉඩම් ලබාදිය යුතුයි. මේ අතර කිසියම් වැඩසටනක් මහා පරිමාණයෙන් ක්‍රියාත්මක කර මෙම ඉඩම් ලබාගැනීමට කටයුතු කළහොත් අපේ ගොවීන් ඉඩම් ටිකදී කොහේ හෝ යනවා ස්ථිරයි. මධ්‍යම රජයේ පාලනය හා නියාමනයක් දිගටම තිබීම අත්‍යවශ්‍යයි.

:       1       404

ඇණයා Friday, 12 July 2019 03:49 PM

ගොවිතැන් කිරීමට අදක්ෂ නමුත් ඡන්ද මගෝඩි කිරීම නිසා රජයේ ඉඩම් නොමිළයේම ලබාගත් හෙංචයියෝ අමුඩ ඇඳගෙන සහනාධාර ඉල්ලා ඩෙඟානැටීම රටටම හෙනයකි. එය වැළැක්වීම සඳහා ඔප්පු ලබා දීමේදී අමුඩය ගලවා රජයට බාරදෙන ලෙස නියම කළ යුතුයි.

:       150       219

sudath Friday, 12 July 2019 07:25 PM

මෙය ඉඩම් මුදලාලිට විකිනීමට වඩා දුර යන තත්වයකි. විදේශික බහුජාතික සමාගම් වැඩි කල් නොගොස් මෙම ඉඩම් අයිතිය මිලට ගනු ඇත. කනගාටුවෙන් වුවත් කිව යුත්තේ ඇතැම් පාලකයන්ගේ වුවමනාව එයයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 104 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 236 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 1015 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 128 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 318 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 295 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 322 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site