IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ බලය පොහොට්ටුවට

(රංජන් කස්තුරි)

ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයෙන් ශ්‍රී ලංකා පෙදුජන පෙරමුණ කොට්ඨාස 17 ම ජයග්‍රහණය කිරීමට සමත් විය.

මැතිවරණ කොමිසන් සභාව අද (11) රාත්‍රීයේ නිකුත් කළ සමස්ථ ප්‍රතිඵලයට අනුව ඇල්පිටිය ප්‍රාදේශීය සභාවට අයත් අවිත්තාව,ඕමන්ත,මැටිවිලිය,ඉඳිපලේගොඩ,අමුගොඩ,කැටන්දොල,ඇලිපිටිය, නවදල,බටුවන්හේන, තලාව, කුඩාගල කදිරන්දොල, වල්ලඹගල පිටුවල,ඇල්ල අම්බනකහදූව පිනිකහ සහ තිබ්බොටුවාව යන කොට්ඨාස සියල්ලටම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයෝ තේරී පත්වූහ.



අදහස් (92)

ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ බලය පොහොට්ටුවට

චානක් ලොස් ඇංජලිස් Friday, 11 October 2019 05:10 PM

ජයවේවා.!

:       0       2

ifthik Friday, 11 October 2019 05:15 PM

56+13= 69% සජිත් ඔලුව කළුගලේ ගහගනීද මන්දා ? මොනා උනත් රනිල් ට නම් සතුටු ඇති..

:       0       3

Ruhunu Friday, 11 October 2019 05:19 PM

ජයවේවා..!!!

:       1405       2644

කරෝලිස් Friday, 11 October 2019 06:03 PM

දැන් ඉතින් දෙනවා කිව ඒවා දෙන්න ඕනා. ඉක්මනට. නැතිනම් ජනාධිපති වරණයේදී වැඩ වරදිනවා.

:       1       0

naradaFriday, 11 October 2019 06:45 PM

ආණ්ඩුවේ ඇමතිලා ඇල්පිටිය කියන්නේ පොහොට්ටු බලකොටුවක් කිව්වා නේද? එතකොට අත්තනගල්ල, හෝමාගම මොකද්ද? ඇල්පිටියේ 2002 ප්‍රාදේශීය සභාව එජාපය දිනුවේ...

:       402       422

නිහාල් Saturday, 12 October 2019 01:28 AM

හරි ඔයාල දිනුම්. දැන් මේ රටේ ජනතාවට අලුතින් ලැබෙන දේ මොකක්ද? මාද්‍ය නිදහසද, ස්වාධීන අධිකරනද, ණය බරින් තොර රටක්ද, අපි පිලිගන්නවා මේ රටේ බහුතර ජනතාව මේ නිදහසට, ප්‍රජතන්ට්‍රවාදයට කැමති නැහැ.

:       762       752

නිර්පාක්ෂකයාSunday, 13 October 2019 01:13 AM

නාරද ඔබේ අදහසට අදහසක් ඉදිරිපත් කළ නිහාල් කියනදේ ගැන අවධානයක් යොමුකිරීම සුදුසුයි.මෙම මැතිවරණයේදී ඡන්දය පාවිච්චි නොකළ පිරිස 11284 ක් වෙනවා.මෙයින් රෝගීන් හා වෙනත් හේතු මත ඡන්දය නොදුන් පිරිස 1284 ක් ලෙසට ගත්තත් 10000ක් දෙනා ඡන්දය දීමෙන් වැලකී සිටිනවා. ඔවුනුත් මෙරට මානව හිමිකම් ඇති පුරවැසියන් වෙනවා.මෙම 10000 නියෝජනය කරන්නේ කවුද? දැනට මේ රටේ පවතින මැතිවරණ ක්‍රමය, පවුල් පාලනය හා පවතින පක්ෂ දේශපාලන ගැන කලකිරුණු පිරිසක් සිටිනවා.ඔවුන් එලෙස ඡන්දය නුදුන්නා යැයි කිවහැකිය.එනිසා මෙම දිනුම ජයග්‍රහණයක් යැයි කවුරු හෝ සිතනවා නම් ඔවුන්ට ඒ ගැන නැවත සිතන්න කියන්න වෙනවා.

:       15       27

nayanaFriday, 11 October 2019 07:09 PM

මීට අවුරුදු 10 ට කලින් එජාපයේ තිබුන අල්පිටියෙන් 24% ගන්න කියන්නත් ලැජ්ජයි

:       0       1

විනිවිද Saturday, 12 October 2019 02:53 PM

ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ චන්දයට පෙරදිනයේ මහින්ද රාජපක්ෂ ප්‍රසිද්දියේ මාධ්‍යයට මෙසේ කියා සිටියේය " ඇල්පිටිය චන්දයෙන් රටේ සමස්ත මැතිවරණ ප්‍රතිපලය තීන්දු කිරීමට අපි මෝඩයෝ නොවෙ"

:       73       48

බද්‍රානි Friday, 11 October 2019 05:20 PM

ජයවේවා! ජනාධිපතිවරණයත් එහෙමම තමයි...

:       3404       5222

සමන් Saturday, 12 October 2019 01:31 AM

සහතික ඇත්ත, මම පිලිගන්නවා, ජනපතිවරනෙනුත් අනිවාර්යෙන්ම පොහොට්ටුව දිනනවා, ඒ කියන්නෙ ඔබතුමා කැමති, සරත් ෆොන්සේකා හිරේ දානවට, ශිරාණි බණ්ඩාරනායක අයින්කළ විදිහට, ලසන්ත මරපු විදිහට, රටේ ජනතාව ගැන දුකයි.

:       1134       584

gunadasa Friday, 11 October 2019 05:22 PM

ඇල්පිටියේ වීරයා රූපා කරුණාතිලක මැතිතුමාගේ ගෞරවය රකින්න ඔහුගේ පුතාට නොහැකී වීම ඇත්තටම කණගාටුයි. රූපා කරුණාතිලක ප්‍රදේශයේ හිටපු මන්ත්‍රී විදියට ඇල්පිටිය හැමදාම ජයග්‍රහණය කළා. අද එතුමාගේ පුතා මේ ආණ්ඩුවේ 4 වැනියා. ආණ්ඩු පක්ෂේ ප්‍රධාන සංවිධායක අනාගතයේ සභානායක වේ... අගමැති වෙන්න බලන් ඉන්නේ. එතුමාට මේක දිනන්න බැහැ කියන්නේ පක්ෂය ජනතාවගේ ඇත්වී තිබෙන තරමයි. අපේ පක්ෂේ වෙනත් අයගේ ඡන්ද බලන් ඉන්නතාක් අපිට දිනන්න බැහැ. ජේ අාර් දිනුවේ එජාප ඡන්දවලින් මිසක් හකීම්ලාගේ, සම්බන්ධන්ලාගේ ඡන්දවලින් නොවෙයි. ජේ ආර් දකුණු පළාතේ හැම ආසනයම දිනුව ඉතා විශාල වැඩි ඡන්දෙන්. ශ්‍රී ලංකා එකට හිටියේ රිචඩ්, දොඩන්ගොඩ දෙන්නා විතරයි.

:       87       537

janatha anura Friday, 11 October 2019 07:06 PM

අපේ පක්ෂය ? එක අදහන ආගමට වඩා වැදගත් එකක්ද ?

:       0       0

senaFriday, 11 October 2019 07:20 PM

සජිත් මහත්තය බලන් හිටිය ඇති.......... දැන් පක්ෂයේ නායකත්වය ඉල්ලන්න තියෙන්නේ. මොකද දැන් වෙන ජනාධිපති අපේක්ෂකයෙක් දාන්නත් බැහැනේ.

:       0       8

සඳුන් Saturday, 12 October 2019 01:37 AM

ගුණදාස මහත්මය, මමත් ඔබතුමා එක්ක එකගයි. නමුත් දෙවෙනි කාරනේ තමා එජාප නායකයා, රටේ ජනතාවට කිසිම සහානයක් දුන්නෙ නැහැ, දිගුකාලීන වැඩ විතරයි එයා කලේ, පාරවල් හදන එක වගේ, ඇමතිවරුන්ට සැප වාහන ගන්න නම් එයාල කලබල වුනා. බදු ගෙවන පුද්ගලයින්ට දඩත් ගැහුවා බද්දට අමතරව. මංගල සමරවීරත් ඒවාට වග කියන්න ඕන.

:       19       266

Thilina Friday, 11 October 2019 05:23 PM

උදේ ඉඳන් මුළු ඇල්පිටියම කොළපාටින් බබලනවා කියලා මේකෙ එක එක නම්වලින් කමෙන්ට් කීයක් දැම්මද? අමතක කරන්න එපා බලයේ ඉන්නේ යූඑන්පී ප්‍රමුඛ ආණ්ඩුව. සජිත්ව තමයි මේ ජන්දෙදී ඉස්සරහට දැම්මේ. පූර්ණ රාජ්‍ය බලය යොදලත් මෙහෙම පැරදුණා නම් ආයේ ජනාධිපතිවරණයේදී ප්‍රතිඵල ගැන අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ...

:       733       2070

අසංක Saturday, 12 October 2019 01:43 AM

තිලින මහත්මය, ඒක අමතක කරන්නකො, මහින්ද මැතිතුමා පළාතෙන් පළාත රාජ්‍ය බලය යොදල චන්දෙ දිනපු හැටි මතකද? අධිකරණෙ ස්වාධීනත්වය රැකපු හැටි, මාද්‍ය නිදහස රැකපු හැටි, 18 වෙනි සංශෝධනය ඇතිකරලා අසීමි වාර ගණනක් ඉල්ලන්න හදපු හැටි. ගෝටාභය අනුන්ගේ ඉඩම් බලෙන් අත්පත් කරගත්ත හැටි. නමුත් අපේ රටේ ජනතාවට ඕන අන්න එහෙම පාලනයක්. ඒක තමා මේ පිළිබිඹු වෙන්නෙ.

:       658       570

SamanthaSaturday, 12 October 2019 03:33 AM

එහෙමවත් කියල හිත හදාගන්න පැටියෝ. දුකයි තමයි ඒත් මොනවා කරන්නද? අවුරුදු 4.5 බයිලා ගැහුවා මිසක් වැඩ කලේ නැහැනේ

:       205       345

Thilina Saturday, 12 October 2019 04:15 AM

දුකයි දුකයි.. අධිකරණයේ ස්වාධීන බව ගැන දිල්රුක්ෂි නෝනයි, සුහද ගම්ලත් දෙන්නයි කිව්ව නේද කොහොමද ගෝඨාභයට බොරුවට නඩු දාන්න කිව්වේ කියලා? පහුගිය අවුරුදු 4 කොහෙද අප්පා ඔයා හිටියේ? සිංහල මිනිහට මොනවද නොකලේ? සුළු ජාතීන් නලවලා අන්තිමට බෝම්බ ගහලා යනකම් මොනවද කලේ? ලැජ්ජයි ලැජ්ජයි ලැජ්ජයි

:       119       338

MaheeSaturday, 12 October 2019 05:14 AM

අසංක, 'රටකට ලැබෙන්නේ ඒ රටේ මිනිසුන්ට ගැලපෙන ආණ්ඩුවකි' කියන ප්‍රසිද්ධ කියමන මං නිතරම උපුටා දක්වනවා. හොරුන්ට හොරු කියන්න බය මිනිස්සු වගේම හොරුන්ව නිශ්ශබ්දව ඉවසන මිනිස්සුත් රටට කරන්නේ විශාල හානියක්. විශේෂයෙන් උගත් යයි සම්මත මිනිස්සු. එ්ත්, ඔබ කියනවා වගේ අපේ මිනිසුන්ට ගැලපෙන්නේ එවැනි ආණ්ඩුවකි...

:       183       160

Mahee Friday, 11 October 2019 05:24 PM

හරිම සතුටුයි...!

:       313       799

MaheeFriday, 11 October 2019 09:33 PM

කවුද මේ මගේ නමින් කොමෙන්ට්ස් දාන්නේ? මට කියන්න තියෙන්නේ, ජෝසෆ් ඩි මෙස්ටර් කිව්වා වගේ 'රටකට ලැබෙන්නේ ඒ රටේ මිනිසුන්ට ගැලපෙන ආණ්ඩුවකි'. එච්චරයි. ඒ කියන්නේ මෝඩයින් වැඩි රටකට ඔවුන් දක්කන ආණ්ඩුවකුත්, බුද්ධිමතින් වැඩි රටකට ඔවුන් රැවටිය නොහැකි ආණ්ඩුවකුත් ලැබෙන බවයි.

:       159       149

Rasika Friday, 11 October 2019 05:24 PM

මේක තමා ජනාධිපතිවරනෙත් වෙන්නේ... ජයවේවා..! කොහොම වුණත් UNP එක දැන්වත් දැනගන්න ඕනේ මේ රටේ සිංහලයව නැතිකරලා, දෙමළ, මුස්ලිම් ඡන්දවලින් දිනන්න බැරිබව...

:       1387       3078

budFriday, 11 October 2019 05:58 PM

රසික ඔයාට පළාත් මැතිවරණය සහ ජනාධිපතිවරණය වෙනස තේරෙන්නේ නැහැ නේද ? මේක තමයි ලැබෙන්න තිබුන ප්‍රතිපලය. මෙවර යම් අපේක්ෂකයෙක්ට ජනාධිපතිවරණයෙන් 50% ඉක්මවා යාම අසීරු කාර්යයක් ඉතිහාසයේ පළාත් මැතිවරණ හා ජනාධිපත්වරණයේ ප්‍රතිපල බලන්න.

:       0       0

PerakumSaturday, 12 October 2019 01:02 AM

UNP එකට විතරක් නෙවෙයි කාටත් කියන තියන්නේ ඔච්චරයි. මේ රට දිනන්න නම් සිංහලයා ජයගන්න ඕන බව කවුරු කවුරුත් දැන ගන්න එක හොඳයි.

:       187       191

samanthaSaturday, 12 October 2019 09:24 AM

ජනාධිපතිවරණයේදී උගත්, බුද්ධිමත් අයගේ පක්ෂය " විදුලි බුබුල " දිනනවා නියතයි. මහේෂ් සේනානායක, නාගානන්ද, රොහාන් පල්ලෙවත්ත , අජිත් කොලොන්නේ, ගාමිණී විජේසිංහ...වැනි අවංක උගත් ..රට ගොඩගැනීමට හැකි අයට රටේ බහුතරයක් ජනතාව ඡන්දය දෙනවා. මොවුන්ගේ දැනුම, උගත්කම, හැකියාව තියෙන එකෙක් ශ්‍රී ලනිපයේ ඉන්නවද? එජාපයේ ඉන්නවාද...? ඔය පක්ෂ දෙකේ සිටින්නේ එකම එක ටයිටල් එකක් තියෙන දේශපාලුවෝයි. ඒ තමයි " හොර, බොරු, වංචා, දූෂණ "ටයිටල් එක".

:       155       196

Wasantha Friday, 11 October 2019 05:28 PM

මේක තමා ජනාධිපතිවරණ ප්‍රතිඵලය වෙන්නෙත්. මේ ප්‍රතිඵලය එක්ක පේනවා ලංකාවේම සමස්ත ජනතාවගේ ඡන්ද හැසිරීම... මේ ප්‍රතිඵලයම අාවොත් එක තමයි වෙන්න තියෙන හොඳම දේ රටට... මිනිසුන්ට වෙලා තියෙන්නේ පක්ෂ බේධ අමතක කරලා ටිකක් හරි බලාපොරොත්තුවක් තියෙන ආණ්ඩුවක් හදාගන්න.

:       68       730

sirimal Friday, 11 October 2019 05:32 PM

මම දැක්කා "ඇල්පිටිය වගේ පොඩි ප්‍රාදේශීය සභාවක ඡන්ද ප්‍රතිඵලයකින් ජනාධිපතිවරණයේ ප්‍රතිඵල මනින්න කිසිසේත්ම නොහැකි බව" මහින්ද රාජපක්ෂ මහතා කියනවා...

:       754       355

රජින්ද Friday, 11 October 2019 05:34 PM

හුඟක් අය ඇල්පිටිය ඡන්දය ගණන් නොගත්තට මෙම ඡන්දය වැදගත් වන්නේ පූර්ව ප්‍රක්ෂේපණ මුලධර්මයන්ටය.

:       462       285

budFriday, 11 October 2019 06:31 PM

ඔය ප්‍රක්ෂේපනය හිත හදාගන්ට වෙන්ටෑ...

:       304       473

ගල්කටස් Friday, 11 October 2019 05:44 PM

සජිත් දිනුම් කියලා හිත හදාගත්ත කට්ටිය එන්න. ඔහොම තමා ජනාධිපතිවරණයෙත් ප්‍රථිඵලය. පොහොට්ටු ශ්‍රී.ල.නි.ප එකතුව 70%ක් අන්තවාදීන් නැතුව දිනන්නේ මෙහෙමයි...

:       669       1344

Thilina Friday, 11 October 2019 05:59 PM

සිරිමල් කියන හාදයා උදේ ඉඳන් පාරම් බෑවා නේද මුළු ඇල්පිටියම කොළ පාටින් හවසට දිදුලනවා කියලා . ඇයි මේ දැන් බොරු බේගල් ඇද බාන්නේ ?? අපිනම් දැක්කෙ මහින්ද පැහැදිලිවම කියනවා මේ ජන්දෙන් ජනාධිපතිවරණයේ ප්‍රතිඵලය බලාගන්න පුලුවන් කියලා

:       0       0

Soma dubayi Friday, 11 October 2019 05:59 PM

මුළු රටේම මනාපය එකසත් ජාතික පක්ෂයටයි.

:       1       0

sirimal Friday, 11 October 2019 06:04 PM

2015 ජනාධිපති වරණයේදී ඇල්පිටිදී මහින්ද රාජපක්ෂ චන්ද 42015 ක් ලබාගත් අතර මයිත්රිපාල සිරිසේනට ලැබුනේ ඡන්ද 28287 කි. මහ මැතිවරණයේදී මහින්ද රාජපක්ෂගේ පක්ෂය ඡන්ද 34275 ක් ලබාගත් අතර රනිල් වික්‍රමසිංහගේ පක්ෂයට ලැබුනේ ඡන්ද 26559 ක් පමණකි. මෙවර පොදු ජන පෙරමුණ චන්ද 23372 ක්ද එක්සත් ජාතික පක්ෂය චන්ද 10113 ක්ද ලබාගෙන ඇත. පෞද්ගලික මාධ්‍ය ආයතනයකින් අවසරයකින් තොරව ඇල්පිටියේ ඡන්ද ප්‍රතිඵල ප්‍රසිද්ධ කිරීම හේතුවෙන් ඇල්පිටිය ප්‍රාදේශීය සභා ජන්දයේ නිල ජන්ද ප්‍රථිපල ලේඛනයට අත්සන් තැබීම මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ප්‍රතික්ෂේප කර ඇති බවත් දැනගන්නට තිබෙනවා.

:       0       0

පතෝල වැලට මැස්ස ගහන්න ඕනේ පැත්ත පේනවා Friday, 11 October 2019 06:04 PM

දැන් ඉතින් දල්ල හැරෙන තන්පත්ත දැක්ක. පතෝල ඕනේ නම් මැස්ස ඒ පැත්තට ගහපන් මාමේ. නැතිනම් වැලත් නෑ පතෝලත් නා සජිත් මාමාගේ.

:       0       0

k perera Friday, 11 October 2019 06:04 PM

දැන් පොහොට්ටුවේ සමහරක් ප්‍රීතියෙන් ඉපිලෙනවා ඇති... මේක තමයි ජනාධිපතිවරණ ප්‍රතිඵලය කියලා...

:       548       202

chandiFriday, 11 October 2019 06:46 PM

ඔයාට දුකයිද?

:       204       539

SujeewaFriday, 11 October 2019 06:50 PM

පෙරේරා මහතාණෙනි, නැත්නම් අලියා පැරදුණා කියලා අඬන්නද කියන්නේ? මෝඩ කතා කියා කියා, කඩේ යන එක දැන්වත් නවත්වන්නකෝ අයියෝ...

:       104       94

Sapna Friday, 11 October 2019 06:05 PM

මැතිවරණ ඉතිහාසයේ ඇල්පිටියෙන් එජාපය ගත් අඩුම ඡන්ද ප්‍රතිශතය 24% මෙවර වාර්තා වී ඇත...

:       8       655

badra Friday, 11 October 2019 06:11 PM

මේ විදියට සිංහල මිනිස්සුන්ට අපිව පෙන්නන්න බැරි වුනේ අපේම වැරදිවලින්... බදුර්දීන්ගේ ඡන්ද 35000 ගන්න ගිහින් අපිට නැතිවුනේ ලක්ෂ 30ක ඡන්ද... අපේ නායකයන් වෙනස් වෙන්නේ නැත්නම් අපිට ගෙදරින් එළියට එන්න බැරිවෙයි. ගමේ මිනිස්සුන්ට මුහුණ දෙන්නේ කොහොමද?

:       300       450

Mahesh Friday, 11 October 2019 06:11 PM

මම ගෝඨාට සුබ පතනවා ඔහුගේ ජයග්‍රහණයට...!!!

:       63       466

kosgodaUNP Friday, 11 October 2019 06:13 PM

අද අපව සිංහල මිනිස්සු ගණන් ගන්නේ නැහැ. නායකයන් වෙනස් වෙන්නේ නැතිනම් අපි ඡන්දෙ දාන්න යන්නේ නැහැ..

:       415       475

chandima Friday, 11 October 2019 06:14 PM

අලියයි අලි පැටියයි දෙකම එකතු වුණත් දිනන්න බැහැනේ? ඒ මදිවට අපේ බුද්ධිමතාගේ පක්ෂයට තියෙන 2435 එකතුවෙලත් මදි. අපිට මෙව්වා බලලා අනේ අපොයි කියන්න තමයි වෙන්නේ? ඒ මදිවට මහා ඡන්දෙදී එක්සත් ජනතා නිදහස් සන්ධානයට ඔයදේම වුණොත් අායෙත් සජිත් උපනායකකම් කරලා ඉවරයි.

:       58       245

chandimaFriday, 11 October 2019 09:05 PM

හැබැයි ඉතින් මේ රාජපක්ෂලගේ ගමේ තත්වේ.ඒ ගොල්ලෝ යන්තම් සියයට පනහ ඉක්මවද්දී අනිත් කට්ටියගේ එකතුව ඒ ලඟම තියෙන්නේ. ගමේ ඔහොම උනාට වෙන තැන්වල ඔහොම්මම නැහැ. ජනපතිවරණේ දිනන එකේ විවාදයක් නැති උනත් පාර්ලිමේන්තුවේ සියයට පනහක් ගනීවිද කියලනම් හිතාගන්න අමාරුයි. බලමු ජනාධිපතිවෙලා ගහන්න තියෙන සමහර ජාත්‍යන්තර ගිවිසුම් වලින් ජනතාව අනික් පැත්ත ගහන්නත් බැරි නැහැ. මීළඟ පාර්ලිමේන්තු මැතිවරණෙට කලින්. කොටි වලිගේ අල්ලගත්ත වගේ වෙයිද?

:       1       0

නර ලොව විපරම් Friday, 11 October 2019 06:15 PM

මෙන්න තවත් ප්‍රතිඵලයක්... ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ බල ප්‍රදේශයේ වෙසෙන ජනතාවගෙන් 38,758 ක් ගෝත්‍රික වහල් භාවයෙන් තවමත් මිදී නැති මෝඩ, නූගත් පිරිසක් බව හෙළිවේ. මේ දත්ත අප වහාම එක්සත් ජාතීන්ගේ සංගමය වෙත යවා, වහාම මේ ගෝත්‍රිකයින් වෙසෙන ඇල්පිටිය ප්‍රදේශය ආරක්ෂක ප්‍රදේශයක් ලෙස, එහෙමත් නැතිනම් ලෝක උරුමයක් ලෙස නම්කරන ලෙස ඉල්ලමු. 21 වෙනි සියවසේ අග සිටින ලෝකයේ මෙවැනි නූගත්, පල් මෝඩයින් ලෝකයේ කිසිම තැනකින් සොයාගෙන නැත. වාර්තා වී ඇති එකම ගෝත්‍රිකයින් පිරිස අද සවස වනවිට ඇල්පිටියෙන් සොයාගෙන ඇත.

:       2263       1927

RanjanFriday, 11 October 2019 07:01 PM

මී හරක් හේවත් ගොන් තර්ක කියන්නෙ මේවට තමා

:       0       0

naweenFriday, 11 October 2019 07:11 PM

90% ක් මහින්ද දිනනකන්ද බලන් ඉන්නේ? එතකොට අපේ පක්ෂය මොකටද තියෙන්නේ? අපි ගිහිල්ලා මුස්ලිම් කොන්ග්‍රස් එකට බැදෙමු.

:       0       0

කරුණාරත්න Friday, 11 October 2019 07:46 PM

පව් ඔයා. උණ හැදිලා වගේ. කොත්තමල්ලි බොන්න. යහපාලනය ආපු ගමන්ම මිල අඩුකළ එකම දේ නේ කොත්තමල්ලි.

:       0       1

RanasigheFriday, 11 October 2019 10:27 PM

මා දන්නා තරමින් වහල් බව තියන්නේ ජ වී පෙ පමණයි අවුරුධු 50 60 පුල්ටය්ම් කරන මිනිස්සු එදා ඉදන් අද වෙනකම් තාප්ප වල පාප්ප ගානකොට ලගදී ආපු උදවිය කාර් වලින් යනවා රට යනවා වසරකට 10 15 වතාවක් අර පාප්ප උලන මිනිස්සු හිතන් ඉන්නේ එ අ ය දුර්වල වහල්ලු ජාතියක් කියලා නැතිනම් ඕකෙ ඉදීද

:       2       101

anandaSaturday, 12 October 2019 01:00 AM

මහත්තයා ,මට හිතෙන විදියට ඇල්පිවියේ එදා ඉඳලම ඉන්න 10000 ක විතර ගව පට්ටියට ලැබුන පැටව් ( 2019 වෙනකොට චන්ද බලය ලබා ඇති) තරමක් වෙනස් ආකාරයකට හිතන මොලේ ඇති මනුශ්‍යයන් බවයි. මේ ප්‍රතිපල බලපුවම හිතෙන්නෙ ඔවුන් තනකොල නොකන පිරිසක් බව දැනගන්න ඇත.ඒ අනුව බලන කල ගවයන්ට මනුශ්‍ය පැටව් ලැබෙන ප්‍රදේශයක් ලෙස හඳුනා ගත හැක.

:       48       15

kamaniSaturday, 12 October 2019 09:36 AM

ගවයට ලැබුණු මනුෂ්‍ය පැටවුන්ට තවමත් නැට්ට තියෙනවනේ...

:       0       17

AraSaturday, 12 October 2019 02:17 AM

මට පෙන්නේ ඔක්කෝටම කලින් ඔයාගේ ඔලුව සුද්ද කරන්න වෙයි.

:       1       33

ArunaSaturday, 12 October 2019 03:42 AM

මේ අයට කියන්නේ වහලුන් කියල නෙමෙයි. ත්‍රස්තවාදීන්ට අකමැති අය කියල. ඔයා හරිම මන්දබුද්ධිකයිනෙ..

:       115       160

kamaniSaturday, 12 October 2019 09:33 AM

ත්‍රස්තවාදීන් කියන්නේ කව්ද..? ඒ අය ත්‍රස්තවාදී වැඩ කලේ කව්රු වෙනුවෙන්ද..? රටේ දුප්පත් ජනතාව වෙනුවෙන්... ඔවුන් සටන් කලේ අසාධාරණයට විරුද්ධවයි. අවුරුදු 71ක් රට කොල්ලකාපු හොරුන්ට විරුද්ධවයි. රටේ ජනතාවට ලැබෙන අවසන් අවස්ථාව ලබන ජනාධිපතිවරණයයි. ඔබ වැනි මොලේ කළඳක් නැති මෝඩයින් සිටින තාක් කල් මේ රට මෙහෙම්මම තියේවි...

:       22       36

kingsly Friday, 11 October 2019 06:24 PM

හකීම් නම් එච්චර කමක් නැහැ බදුර්දීන් මොකට ගණන් ගන්නවද . සජිත් මහතාට කොන්දක් නැද්ද . මහින්ද ට හිස්බුල්ලාට එන්න එපා කියන්න පුළුවන් නම් සජිත් මැතිතුමාට බැරි ඇයි

:       0       0

neetha Friday, 11 October 2019 06:28 PM

මේ විදියට එජාපය සුළුජාතික පක්ෂ දාලා පෙරමුණක් හැදුවොත්, ඔවුන් එහි නායකත්වය බලෙන් ගන්නත් ඉඩ තියෙනවා. ඔවුන්ගේ ඡන්ද පෙන්නලා...

:       165       224

janahitha Friday, 11 October 2019 07:12 PM

නරලොවේ උගතුන් නැහැ. අන්ත දක්ෂිණාංශික දේශපාලන අඳ බාලයින් පමණක් සිටිනවා. පාරම්පරික මෝඩයන් ඉන්නේ ඇල්පිටියේ. රටේ ජනතාව ගෝත්‍රික වහල් භාවයෙන් තවමත් මිදී නැති මෝඩ, නූගත් පිරිසක් බව කියන්නේ ගෝත්‍රික දේශපාලනය කරන ඔබ පමණි.

:       0       0

noyel Friday, 11 October 2019 07:13 PM

අවංකව මම හිතුවේ 45% ක් 24% ක් ගත්තා කියන්නේ අපිට 76% කැමති නැහැ කියලනේ.

:       0       1

ranjith Friday, 11 October 2019 11:34 PM

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හොද එදිරි අනාගතයක් තිබුන එම තත්වය පවා දුන්න

:       93       3

lelwala Friday, 11 October 2019 11:50 PM

ඉදිරියටත් ප්‍රතිපලය ඕකම තමා .

:       1       114

sanjeewa Saturday, 12 October 2019 12:51 AM

unp එක මේ සැරේ කොහොමත් පරදිනවා...රනිල් සජිත්ගේ පහනින් එලිය බලන්න ගිහිල්ලා සජිත්ට තියන ජන්ද ටිකත් නැති කරන්න හදන්නේ පේනවානේ ......මාර පරාජය......ඉන්න හිතෙන අැල් පිටියක්...... හිටං.....෴

:       2       74

kamal Saturday, 12 October 2019 12:56 AM

මේ ප්‍රතිපලය අනුව ජනාදිපතිවරණයේ වාසිය තියෙන්නේ එජාපයට,

:       176       9

mp Saturday, 12 October 2019 12:57 AM

ජනාධිපතිවරණයේ සහ පාර්ලිමේන්තු ඡන්දයේ ප්‍රතිඵලත් මේකම තමා කියල හිතාගත්තොත් හොඳයි. නෝනල දැඟලුවාට වැඩක් නැහැ.

:       0       136

Saman Saturday, 12 October 2019 01:00 AM

ඇල්පිටිය එජාපය විසින් මෑතකාලීනව ජයග්‍රහණය කර ඇත්තේ 2002 පළාත්පාලන මැතිවරණයේදී පමණි. මහින්ද රාජපක්ෂ අන්ත පරාජයට පත්වූ 2015 ජනාධිපතිවරණයේදීද ඔහු බෙන්තර ඇල්පිටිය ආසනයේ ඡන්ද සංඛ්‍යාවෙන් 59.08%ක්ම ලබාගෙන ඇත. මෙම තත්වය සළකා බලන කළ ඇල්පිටිය යනු සමස්ථ දිවයිනේ ඇතිවන දේශපාලන ප්‍රවණතාවලට සංවේදී වීම ඉතාම අවම ප්‍රදේශයක් බව පෙනීයයි.

:       159       6

ratneSaturday, 12 October 2019 04:24 AM

මහින්ද රාජපක්ෂ 2015 ජනාධිපතිවරණයේදී ඡන්ද ලක්‍ෂ 58 (47% වැඩි) අන්ත පරාජයට පත්වූ නම්, මෙවර යූ.එන්.පී 24% ගත්ත එක දිනුම්ද?

:       4       107

SamanSunday, 13 October 2019 02:37 AM

එහෙමනම් කියමුකෝ මහින්ද පරාද වුන ඡන්දෙදි කියලා.

:       0       0

Rohitha Saturday, 12 October 2019 02:30 AM

ප්‍රාදේශීය චන්දෙකන් පුලුවන්ද ජනාදිපති තෝරන්න. උතුරු නැගෙනහිර දෙමල මුස්ලිම් හැමෝගෙම සහය සජිත් ඇමති තුමාට. මේ පාර දකුණේ නටන උන්ට හොද පාඩමක් උගන්නනවා.

:       182       134

sunil Saturday, 12 October 2019 02:30 AM

අපේ පක්ෂයේ ඇතැම් මහත්වරු කියල තිබුන හරිනම් පොහොට්ටුවට 90% ලැබෙන්න ඕන කියල . එතකොට අපිත් ජවිපෙ වගේ 5% ක් ගන්නද බලන් ඉන්නේ . මෙහෙම අපව පක්ෂය ඇතුලේ අසරණ කන්න එපා. අපිට ගෙම්බෝ වෙන්න බැහැ.

:       2       10

jayanath Saturday, 12 October 2019 02:57 AM

ඇල්පිටියේ අතීතේ ඉඳන්ම හිටියේ වීරයෝ. මුළු රටේම ඒ වගේ තන කොළ නොකන උන් ඉන්නවනං රටම දිනුම් I

:       5       104

narada Saturday, 12 October 2019 02:57 AM

ඇල්පිටිය 2002 දී එජාපය දිනුවේ සන්දාන ප්‍රතිශතය 39% කරලා .

:       0       17

nimal Saturday, 12 October 2019 03:10 AM

ජයවේව ! අපි සේරම මෙහෙම යමු ජනාධිපති වරනේටත් . ජයවේවා පොහොට්ටුවට . ජනාධිපති වරනෙට ඩබල් දෙමු

:       3       234

Rohana Saturday, 12 October 2019 03:17 AM

පොහොට්ටුවට අකමැති කොටසක් සන්ධානයේ වෙනම ඉන්න බව පේනවා. හේතුව අනුරධපුරයෙදීත් සන්ධානය එකතුවුනට පස්සේ උනත් චන්දදකය සන්ධානයට වෙනම චන්දයට දී තිබෙනවා. මෙම චන්ද ප්‍රමාණය සැලකියයුතු ගණනක්. මේ අනුව පොහොට්ටුවය් සන්ධානයි එකතු කරලා 70% ඇති බව කීම නිවැරදි නැහැ.

:       62       16

sayuraSaturday, 12 October 2019 04:18 AM

ශ්‍රී ලංකා එක පොහොට්ටුව එක්ක ගිවිසුම අත්සන් කළ නිසා 12% ගත්තා. නැත්නම් 3%ක් වත් නැහැ.

:       0       28

H.M.Nawarathna Banda Saturday, 12 October 2019 04:24 AM

අපිට දැන් ජනාධිපතිවරණය ගැන හිතාගන්න පුළුවන්.. ඒක තමයි මහජනයාගේ මතය... එ්ක වෙනස් කරන්න බැහැ. රට දියුණු කරන රජයක් නැවත ඇවැසියි බය වෙන්න එපා... 17 වැනිදාට ගෝඨාභය තමයි ජනාධිපති වෙන්නේ මහජනයාගේ කැමැත්තෙන් ජය වේවා රටට සහ ශ්‍රී ලංකා ජනතාවට තෙරුවන් සරණ වේවා සැමට...

:       2       254

raviSaturday, 12 October 2019 09:26 AM

ජනාධිපතිවරණයේදී ගෝඨා නාගන්නවා. රෙදි නැතිව යන්න වෙන්නේ. විකල්පය උඩින් දිනනවා. සජිතුත් අනාගන්නවා.

:       129       79

kamaniSaturday, 12 October 2019 02:26 PM

ගෝටාට තව නඩු 9ක් තියෙනවා.වැඩි හරියක් මිනීමැරුම් නඩු.චන්දෙට කලින් මිනිහා බලු කුඩුවට යනවා.ගෝටා වගේ යුද්ධයට බයේ පැනලාගිය බය ගුල්ලෙක් රටේ ජනාධිපති කරන්න දඟලන පහත් මානසිකත්වයක් තියෙන පල් මෝඩයින් ඉන්නේ දකුණේ විතරයි.

:       258       71

karuSaturday, 12 October 2019 10:48 PM

අපි ඔක්කොම මහේෂ්ලා සමගයි.අවරුදු 70ක්ම රට කාපු පක්ෂ දෙකම ජනාධිපතිවරණයේදී පරාජය කරමු.අවරුදු 70 දී ඒ අය හැදුනා. නමුත් රට හැදුනේ නැහැ.රට කෑවා. අන්තිමට ඒ දෙගොල්ලම එකතු වෙලා කුඩුත් ගෙනාවා.කොල්ලෝ කෙල්ලෝ ටික විනාශ කළා.රටම විනාශ කළා.අපේ රටේ ගොඩක් දෙනෙක් මේ අයට වහල්ලුන් වගේ වැඩ කළා.අපි ගහමරා ගත්තා. "මැරුණා එකා මලා.ඌ මෝඩයා .." කියමින් දෙපැත්තේම දේශපාලුවෝ එකතුවෙලා ජය පැන් බිව්වා.අදත් බොනවා.අපි අපිව කොටවනවා. දැන් ඇති .....අපි මේපාර වෙනසක් කරනවාමයි. අපිට උගත් බුද්ධිමත් රටට ආදරේ කරන ඔබ සැමගේ උදව්ව අවශ්‍යම මොහොතයි මේ.මහේෂ්, නාගානන්ද, රොහාන් පල්ලෙවත්ත, අජිත් කොලොන්න, ගාමිණී විජේසිංහ....වැනි අයගෙන් සමන්විත විකල්ප දේශපාලනයට සහය දෙමු.

:       5       46

ishani Saturday, 12 October 2019 10:56 PM

සහතික ඇත්ත කමනි, දකුණේ විතරමයි වහල් මානසිකත්වයකින් යුත් ගෝත්‍රිකයින් ජීවත්වන්නේ. ඒ අතරෙත් ඉතා උගත් බුද්ධිමතුන් ටික දෙනෙකුත් දකුණේ ජීවත්වෙනවා ඔය වර්ගයේ ගෝත්‍රික අය ලෝකයේ වෙන කොහෙවත් නැහැ. මුළු දකුණෙම ඉන්න ගෝත්‍රික වනචාරීන් පවුල් පිටින් අල්ලන් ඇවිල්ලා සත්ව උද්‍යානයක් වගේ විශාල තැනක ගාල් කලොත් විදේශිකයින්ට පෙන්වලා විදේශ විනිමයක් හොයන්න පුළුවනි. හෙට අනිද්දට විදේශිකයින් ඒවි ඇල්පිටියට ගෝත්‍රිකයින් බලන්න.

:       0       49

Amila Saturday, 12 October 2019 04:50 AM

මහ ලොකු කයිවාරු ගහන ගයන්තගේ ආසනේ. මෙයාලා පාක්ෂිකයින්ට සහ ආසනයට වැඩකරලා නෑ කියන එක හොඳින් පෙන්වන තවත් ප්‍රතිඵලයක්. මේ වගේ අයට දෙන ඇමතිකමුත් අපරාදේ. අඩුමගානේ 35%ක් වත් ගතයුතුව තිබුණා.... වැඩකරලා තිබේ නම්... පොහොට්ටුව ඒ අතින් ඔවුන්ගේ ඡන්ද පදනම පොඩ්ඩ පොඩ්ඩ වැඩිකරගෙන තියෙනවා. පසුගිය ප්‍රාදේශීය ඡන්දේ වටේ තියෙන අනිත් ආසන එක්ක බලද්දී..

:       0       121

damith Saturday, 12 October 2019 05:30 AM

මහින්ද 2015 59% ක් ඇල්පිටියෙන් ගන්න කොට ලංකාවෙන් ගත්තේ 47% යි . ඒ කියන්නේ මේ පාර ඇල්පිටියේ 56% නිසා ලංකාවෙන් පොහොට්ටුවට ගන්න පුළුවන් 43% යි නේද? මෛත්‍රීගේ පක්ෂයට ඡන්දේ දෙන්නෙත් රාජපක්ෂ පවුල් පාලනයට විරුද්ධ අය තමයි. මේ ගොල්ලෝ ජනාධිපතිවරණයේදී ගෝඨාට ඡන්දේ දෙන්නේ නැහැ. ඒ කියන්නේ ඇල්පිටියේ ඡන්දෙට අනුව එජාපය ජනාධිපතිවරණයේදී 55% කට වැඩි බලයක් ගන්නවා. මගේ ගණන් වැරදි නම් නිවැරදි කරන්න...

:       146       4

ChandiSaturday, 12 October 2019 08:48 AM

මොන පිස්සුද? SLFP හින්දා මිලියනයක ඡන්ද නිකන්ම ලැබෙනවා. UNP එකට රෙදි ගැලවෙනවා

:       1       88

samanSaturday, 12 October 2019 10:43 AM

අල්පිටිය 2015 ප්‍රතිපල එජාපේ. 40% සහ මහින්ද (ශ්‍රීලංකා ) 52% - බලන්න වෙබ් එක . එතකොට අද එජාපේ 24% ට බැහැල මහින්ද 56% ඉහලට

:       0       26

pakeer Saturday, 12 October 2019 05:39 AM

ලංකාවේ ඉන්න බූරුවන්ගේ තරම මේකේ දාන කමෙන්ට් වලින්ම පේනවා. එකඑකාගේ පැත්ත අරන් අසූචි නාන උෟරන් වගේ.. මේ අයට කවදාවත් තේරෙන්නේ නැහැ.. මේ අය මේ එන්නේ ජනතාවට සේවය කරන්න කියලා... කතාවට ගියාම නම් කියන්නේ, කවුරු අාවත් කමක් නැහැ.. රට හදනවා නම් කියලා. දැන් මෙතන නාහෙන් අඬනවා... අනේ මෙහෙමත්...

:       45       29

sudda Saturday, 12 October 2019 06:29 AM

කොහෙද දැක්කේ, හීනෙන්ද?

:       0       0

Ossan Salam Saturday, 12 October 2019 06:40 AM

පළාත් පාලන චන්දය යනු නෑදෑයින්ගේ අහලපහලවුන්ගේ සහ යාලුමිත්රාදීන්ගේ චන්දයකි. එය මුළු ලංකාවේම නියෝජනයවන චන්දයක් නොවේ. මෙම චන්දයම යාපනයේ තිබ්බ නම් ඒ හා සමාන ප්‍රතිපලයක් අනෙක් පක්ෂවලට ලබාගැනීමට හැකිව තිබුණි.

:       16       56

බද්රානි Saturday, 12 October 2019 08:03 AM

පල් මෝඩයින් බිහිකරන්න මේ රටේ අධ්‍යාපනය වෙනුවෙන් වැයකරන මුදල් අපරාදේ කියලා හිතෙන්නේ මට විතරද? ඒ වැයකරන මුදල්, කිරි ගවයින් වෙනුවෙන් වත් වැය කළා නම්, නවසීලන්තේ කිරිපිටි වලට වැයවෙන මුදලුත් ඉතිරි කරගෙන ලෝකෙටම කිරි සපයලා,ලැබෙන ජාතික ආදායමෙන් අපට ෂපාන් එකේ ජීවත් වෙන්න තිබුනා. උඩින් කොමෙන්ට් එකක් දාල තියන "බද්‍රනිට" එහෙම හිතුනේ නැද්ද නිකමටවත්?

:       2       20

jayasingha bandara Saturday, 12 October 2019 09:12 AM

දැන් ඔය වටේ හිටි එවුන් පනින්න බලයි එකෙක්කෙවත් කොන්දේසිවලට යටවෙන්න එපා ගෝඨ අපි ඉන්නවා ජයවේවා.

:       4       109

vipula Saturday, 12 October 2019 03:01 PM

අපි සිංහල මිනිස්සු... අපි ඡන්දෙ දෙන්නේ ගෝඨාභයට... අපිට පෞද්ගලිකව කිසිම උපකාරයක් කරලා නැහැ. නමුත් රටේ වැදගත් ප්‍රශ්න වැදගත් විදිහට විසඳන්න උදව් කරලා තියෙනවා. ඔබත් සිංහල මනුස්සයෙක් නම් ගෝඨාභය දිනවමු..

:       98       352

සනත් වීරකෝන්Saturday, 12 October 2019 06:50 PM

ගෝඨා ඇමරිකන් C I A ඒජන්ත කෙනෙක් කියල දැන දැනම ඡන්දේ දීලා ජනාධිපති කෙරුවොත් අපේ රට ඇමරිකන් ආධිපත්‍යයට යටත් වෙනවා කියලා මේ මෝඩයින්ට තේරුම් ගන්න බැරි මොකද?

:       23       2

MaheshSunday, 13 October 2019 03:56 AM

හම්බන්තොට පැත්තේ සභාපති පිටරට කාන්තාක් දූෂණය කරලා පිරිමියෙක් මරන කන් උඩ බලන් හිටපු, බේරුවල ගැටුම ජාතීවාදී කෝලහලයක් වෙනකන් උඩ බලන් හිටපු, යුද්ධය අවසන් කරපු හමුදාපති හිරේ යවලා උඩ බලන් හිටපු, බන්ධනාගාරයේ රැදවියෝ ආයුධ ගන්නකන් උඩ බලන් හිටපු, රැදවියෝ මරනකන් දන්නේ නැති, මාධ්‍ය ආයතන ගිනි තියනකන් උඩ බලන් හිටපු, මාධ්‍යවේදීන් මරනකල් උඩ බලන් හිටපු විතරක් නෙමේ කොටි තමන්ට බෝම්බයක් ගහනකන් දන්නේ නැති මනුස්සයෙක් කොහේද රටක් පාලනය කරන්නේ? අනික මෙලෝ දේශපාලන පලපුරුද්දක් නැති මනුස්සයෙක් නියම විහිලුවක් තමා.

:       14       0

siri Saturday, 12 October 2019 05:00 PM

''මේ ප්‍රතිඵලය ඉතාමත් පැහැදිලියි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම ඔවුන්ගේ තනතුරු, වරප්‍රසාද වෙනුවෙන් පක්ෂය පාවා දුන්නාට පාක්ෂිකයින් ශ්‍රීලනිපය අතහැරලා නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශ කළ පොහොට්ටු පක්ෂයට ඔවුන්ගේ විරෝධය පළ කරලා තියන්නේ සන්ධානය පරදිනවා කියලා දැන දැනත් සන්ධානයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීමෙන් බවත් මන්ත්‍රීවරු පාවා දුන්නට ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයා වෙනස් වෙලා නැහැ. ඔවුන් ඇල්පිටියේදී ඒ බව පෙන්නුවා. අපි පැහැදිලිව කියනවා ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින් වන අපි මෙදා ජනාධිපතිවරණයේදී 'පොහොට්ටුවට' නිසි පාඩමක් උගන්නනවා.

:       4       0

Kumar Sunday, 13 October 2019 12:55 AM

ඇල්පිටියේ පළාත් සහා ඡන්දය ජනපතිවරණයකට සමකරන්න පුළුවන් කමක් නෑ. ජනපති ඡන්දයේ රටේ සියලු දෙනාගේම ඡන්ද එක හා සමානයි. කොළඹ වැනි පැතිවල ඉන්න අය පොහොට්ටුවට ඡන්දය නොදුන්නොත් ජනපති වීමට හැකියාවක් නැති බවයි පෙනෙන්නේ.

:       7       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දෙවුන්දරින් ඇල්ලූ මත්ද්‍රව්‍ය රස පරීක්ෂකට යවන්නැයි නියෝග
2024 අප්‍රේල් මස 19 107 0

දෙවුන්දර මුහුදු තීරයේදී නාවික හමුදාව මගින් අත්අඩංගුවට ගත් රුපියල් කෝටි 380 කට අධික වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය තොගය රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරී


ප්‍රදේශ කිහිපයකට පැය 12ක ජල කප්පාදුවක්
2024 අප්‍රේල් මස 19 65 0

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට ලබන 24 වැනිදා පැය 12 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.


සුනාමි කුලුනු 77න් 55කම පණ ගිහින්
2024 අප්‍රේල් මස 19 146 2

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දිවයිනේ වෙරළබඩ ප්‍රදේශ ආවරණය වන පරිදි දිස්ත්‍රික්ක දාහතරක කෝටි 13 කට වැඩි වියදමකින් ස්ථාපනය කෙරුණු සුනාමි සහ සුළි සුළං සඳහ


මළ මිනියක් අරන් ණයක් ගන්න බැංකුවට එයි
2024 අප්‍රේල් මස 19 1867 1

බ්‍රසීලයේ රියෝ ඩි ජෙනෙයිරෝ බැංකුවට රෝද පුටුවක තබා ගත් මළ සිරුරක් රැගෙනවිත් එම මියගිය පුද්ගලයාගේ නමට ඇමෙරිකානු ඩොලර් 3250 ක (ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 10 කට ආ


නවකවදය මට්ටු කරන්න මෛත්‍රී මාසය එයි
2024 අප්‍රේල් මස 19 533 1

විශ්ව විද්‍යාලවල නවක වදය අඩුකිරීම සඳහා වෙසක් සමයේදී මෛත්‍රී මාසය යන තේමාව යටතේ නවකවද විරෝධී වැඩසටහනක් ආරම්භ කිරීමට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය ක


ගැබිනි මවට බෝට්ටුව තිඹිරිගෙයක් වෙයි
2024 අප්‍රේල් මස 19 640 0

යාපනය නාගදීප ප්‍රදේශයේ දී ප්‍රසව වේදනාවෙන් සිටි මවක් රෝහලට මුහුදු මාර්ගයෙන් රැගෙන යමින් සිටිය දී මගී යාත්‍රාවක් තුල දී බිළිඳෙකු ප්‍රසූත කර ඇති බවට වා


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 208 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1513 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1417 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site