(අජන්ත කුමාර අගලකඩ)
ඇමෙරිකාව සමඟ අත්සන් කිරීමට යෝජිත සහශ්‍ර අභියෝගතා සංස්ථා (Millennium Challenge Corporation) ගිවිසුමේ සෑම වගන්තියක් ගැනම අධ්‍යයනය කිරීමකින් තොරව ඒ සම්බන්ධයෙන් තීන්දුවක් නොගන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කැබිනට් මණ්ඩලයට දැනුම් දී ඇතැයි වාර්තා වේ.
ජනාධිපති කාර්යාලයේ අද (25) පැවැති කැබිනට් රැස්වීමේදී ජනාධිපතිවරයා මේ බව දැනුම් දී ඇත.
යෝජිත ගිවිසුම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ජාතික ආර්ථික සභාවේ නිරීක්ෂණ ඇතුළත් වාර්තාවක් ද කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඇති බවද වාර්තා වේ.
එහිදී අදහස් දක්වා ඇති මුදල් ඇමැති මංගල සමරවීර මහතා මෙම ගිවිසුම හරහා ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 400 ක පමණ ප්‍රදානයක් හිමිවන බව පවසා ඇත.
ඉකුත් අවස්ථාවකද මෙම ප්රදානය ලබා ගැනීමට උත්සහ කළද එය අසාර්ථක වූ බව පවසා ඇති මංගල සමරවීර මහතා මේ ආණ්ඩුවේ යහපාලන ප්‍රතිපත්තිය නිසා එය ලබා ගැනීමට හැකිවූ බව සඳහන් කර ඇත.
සෑම පොලිස් ස්ථානයකම කාන්තා සහ ළමා අංශයක් ස්ථාපිත කිරීමට තමා උපදෙස් ලබා දී තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහභාගිත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් පැලවත්ත බුද්ධදාස ක්‍රීඩාංගනයේදී අද පැවැත්වෙයි..
මුහුදුබඩ දුම්රිය මාර්ගයේ වැල්ලවත්ත සිට දැඩි දුම්රිය ප්‍රමාදයක් ඇති වී තිබේ.
ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ. දුක්ප්‍රාප්තියට,කුරුසියට තබා ඇණ ගැසීම සහ මරණයට පත් වීම සිහිපත් කරන මහ සිකුරාදා දිනය නිමිති කොට ලොව පුරා කිතුනු බැතිමත්හු ස
රාගම ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක සහයකකුට යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනකු වෙඩි තැබීමට ගත් උත්සහය ව්‍යර්ථව ගොස් ඇතැයි පොලීසිය කියයි.
මෙරට පවතින ආර්ථික අපහසු තත්ත්වය හමුවේ රුසියානු පුරවැසි භාවය ලබා ගැනීමේ බලාපොරොත්තුවෙන් ශ්‍රී ලාංකිකයන් සිය ගණනක් රුසියානු හමුදාවට බැඳී ඇති බව එරට ස
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ඇමෙරිකා ගිවිසුම ගැන අධ්‍යයනයකින් තොරව තීන්දුවක් එපා
Raveendra Wednesday, 26 June 2019 02:10 AM
මේ අය මෙතෙක් කල් කරේ අධ්‍යයනයෙන් තොරව තීන්දු තීරණ ගත්ත එකනේ. ඉතින් අලුතෙන් වෙනම හිතන්න 225 ම මැරිලා ඉපදෙන්න ඕනේ.. එහෙම වෙලත් විස්වාස නැහැ
යසන්ත Wednesday, 26 June 2019 02:37 AM
මොන මෝඩ කතාවක් ද! කොයි තරම් පොඩි ගිවිසුමක් වුනත් හැම ඡේදයක්ම පරීක්ෂා කරන එක සාමාන්‍ය දෙයක්!
buddhika Wednesday, 26 June 2019 03:39 AM
අතිගරු ජනාධිපතිතුමනි, රටේ නායකයා වශයෙන් මෙම කරුණු පුද්ගලිකව සොයාබලා තම තීරණය රටට කියන්න. ඔබතුමා ජනතාව පත්කරගත්තේ රටේ නායකයා ලෙස සෘජු තීරණ ගැනීමටය. ඇමෙරිකාව වැනි රටවල් අමනාප නොකරගෙන රටේ අනාගතය පිටරට වලට නොවිකුණන අයුරින් කටයුතු කිරීම ඔබතුමාගෙන් බලාපොරොත්තු වෙමු
Nuwan Wednesday, 26 June 2019 05:51 AM
කරුණාකරලා මෙම භයානක ගිවිසුම ගැන අන්තර්ජාලයේ වෙනත් වාර්තා සහ ඔය ගිවිසුම නිසා ජපානය, පිලිපීනය වැනි රටවල් බැට කාපු හැටි සොයලා කියවලා බලන්න. කොටින්ම ඇමරිකානුවෙක් ඔබේ දරුවෙකුට අතවරයක් කලොත් ඊට විරුද්දව ලංකාවේ නීතිය යටතේ ඔබට මුකුත් කරන්න බැහැ.