IMG-LOGO

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා


ඇමෙරිකාව උතුරු කොරියාව සමඟ යුද වදින්න ළඟයිලු

වොෂින්ටන්හිදීය (ඒ.එෆ්.පී)
 

ඇමෙරිකා එක්සත් ජනපදය උතුරු කොරියාව සමඟ න්‍යෂ්ටික යුද්ධයකට මැදි වීමේ සමීප අවස්ථාවක් වර්තමානය වනවිට නිර්මාණය වී ඇතැයි ඇමෙරිකා හමුදාවේ හිටපු ඉහළ පෙළේ නිලධාරියෙක් අනතුරු අඟවයි. 
 
ඇමෙරිකා එක්සත් ජනපදයේ ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානීන්ගේ කණ්ඩායමේ සභාපතිත්වය හෙබ වූ මයික් මලීන් ඒ බව පවසයි. ඇමෙරිකාව අද වන විට උතුරු කොරියාව සමඟ න්‍යෂ්ටික යුද්ධයකට යෑමේ ආසන්නයට පැමිණ ඇතැයි පෙන්වා ඔහු දෙයි. ඇමෙරිකා ජනාධිපතිවරයාගේ පාලන කඩකප්පල්කාරී ජනාධිපති පාලනයක් යැයි ද හෙතෙම පවසයි. 
 
“මට අනුව උතුරු කොරියානු අර්බුදය දැන් වඩාත් අවදානමක් තත්ත්වයකට පත්ව තිබෙනවා. මේ අර්බුදය කෙසේ අවසන් වනු ඇත්දැයි කියන්න බැහැ. අවිනිශ්චිත තත්ත්වයක් උද්ගත වී තිබෙනවා. අපි අද උතුරු කොරියාව සමඟ න්‍යෂ්ටික අර්බුදයකට යෑමේ ආසන්නයට පැමිණ තිබෙනවා. පෙර කිසිදු අවස්ථාවක නොතිබූ ආකාරයෙන් කොරියානු අර්ධද්වීපයේ අර්බුදකාරී තත්ත්වයක් නිර්මාණය වී තිබෙනවා. මේ අර්බුදය රාජ්‍ය තාන්ත්‍රික අයුරින් අවසන් වෙයි කියලා හිතන්න අමාරුයි. එවන්නකට අවස්ථාවක් නැති තරම්” යැයි ඔහු කියයි.
 
ඇමෙරිකා එක්සත් ජනපදයේ ඒ.බී.සී පුවත් සේවයේ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු එම කරුණු කීවේය. 
 
මයික් මලීන් ඇමෙරිකා එක්සත් ජනපදයේ ජෝර්ජ් ඩබ්. බුෂ් සහ බැරැක් ඔබාමා යන හිටපු ජනාධිපතිවරුන් දෙදෙනාගේම ඉහළම හමුදා උපදේශකවරයා වශයෙන් කටයුතු කර තිබේ. 
 
ඇමෙරිකාවේ ආරක්ෂක ලේකම් ජිම් මැටිස්, ජාතික ආරක්ෂක උපදේශක එච්.ආර්. මැක්මැස්ටර්ට හෝ ධවල මන්දිර කාර්ය මණ්ඩල ප්‍රධානී ජෝන් කෙලීට ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් පාලනය කරගැනීමට හැකිවනු ඇත්දැයි ද මලීන් ප්‍රශ්න කරයි.
“ඔහු දිගින් දිගටම මේ අයුරින් වචන හරඹවල නිරත වේවිද ? එහෙමත් නැතිනම් මේ ඔහු මේ ප්‍රශ්නය සාමකාමීව විසඳා ගනීද” යනුවෙන් ඔහු තවදුරටත් ප්‍රශ්න කරයි. 
 
055



අදහස් (17)

ඇමෙරිකාව උතුරු කොරියාව සමඟ යුද වදින්න ළඟයිලු

sandun Tuesday, 02 January 2018 08:34 AM

අනේ අපේ කෙනාට කියන සද්ද නැතිව ඉන්න කියල. දැන් නාල තියනව ඇතිනේ.

:       0       113

saliya Tuesday, 02 January 2018 08:52 AM

රුසියාව හෝ චීනය මෙම ප්‍රශ්නයට ඇදෙනු ඇත. එවිට මහා විනාශයක් සිදු විය හැක. කෙසේ වෙතත් අවසානයේ, උතුරු කොරියාව නම් රට ලෝක සිතියමෙන් ඉවත් වි යාවි. මායිම් රටවල් වන චීනය හෝ රුසියාව හෝ දකුණු කොරියාව මෙම භූමිය එක කර ගනීවි. උතුරු හා දකුණු කොරියානු වැසියන් ලක්ෂ ගණනින් මිය යාවි.

:       210       225

BamunuarachchiTuesday, 02 January 2018 11:40 AM

ඔබට එච්චරද පෙනෙන්නේ? අනේ හොඳා. අපි පුරුදුවෙලා තිබෙන්නේ අපට වාසියට සහ අපට පෙනෙන පැත්ත විතරක් බලන්නනේ.

:       10       61

Appuhami Tuesday, 02 January 2018 09:08 AM

අපිට තුන වන ලෝක යුද්දෙත් බලලම මැරිලා යන්න පුලුවන් වෙයි වගේ...

:       16       14

Paraphoshitha Tuesday, 02 January 2018 09:23 AM

අපිට හාල් පොල් ටිකක් ගෙදර තියාගන්න වෙයි වගේ..............

:       0       42

Nandalal DE SILVA - France Tuesday, 02 January 2018 09:42 AM

උතුරු කොරියාවට ඇත්ත වශයෙන්ම න්‍යෂ්ටික අවි තිබේද කියා තවම කවුරුවත් දන්නේ නැහැ. " බුරන බල්ලෝ හපා නොකති " කියන්නේ කට කහනවට නොවෙයි. තුන්වැනි ලෝක යුද්ධය ආසියාවෙන් ආරම්භ නොවේවා කියන එකයි මගේ එකම පැතුම !!

:       56       84

රවින් Tuesday, 02 January 2018 09:43 AM

නුසුදුස්සා අනවශ්‍ය තැන් වලට පත්වීමේ ප්‍රතිපලය. නැතහොත් වඳුරාට දැලි පිහිය දීමේ ප්‍රතිපලය.

:       0       39

ukku banda Tuesday, 02 January 2018 10:59 AM

උතුරු කොරියාවේ නායකයත් ඉරාකයේ සදාම් හුසේන් වාගෙද අනේ මන්ද

:       9       5

ukku banda Tuesday, 02 January 2018 10:59 AM

උතුරු කොරියාවේ නායකයත් ඉරාකයේ සදාම් හුසේන් වාගේද අනේ මන්දා................

:       11       5

Sirimewan Tuesday, 02 January 2018 11:04 AM

ට්‍රම්ප් ට ආවඩපු අපේ සෙට් එක දැන් මොකද වෙන්නේ. වඳුරට දැලි පිහිය සහ නොයෙක් කතා.

:       82       57

Perera Tuesday, 02 January 2018 11:51 AM

හපොයි, තෝරු මෝරු ගහගන්නකොට ලංකාව වගේ හාල්මැස්සෝ තමයි තැලෙන්නේ!!!

:       26       42

Bamunuarachchi Tuesday, 02 January 2018 12:14 PM

පලස්තීනය සම්බන්දව අපි ට්‍රම්ප්ගේ පැත්තේ. උතුරු කොරියාව සම්බන්දවත් අපි ට්‍රම්ප්ගේ පැත්තේ. 1950 ගණන්වල රුසියාව කුබාවේ මිසයිල් සවිකිරීම සම්බන්දව යුද්දයක් ඇතිවීමට ඔන්න මෙන්න කියා තිබියදී එය නැතිවුනා. එහෙනම් මේකට යුද්දයක් කොහොමත් ඇතිවන්නේ නැත. ඒ කාලයේ ප්‍රජාචාරය විෂය කල ගුරු පියා අපේ කුඩා මොළවලට තේරුම් ගන්න හැකිවන සේ කියුබන් ප්‍රශ්නය අපිට කියා දුන්නා. මම කීවා සර් හෙට අනිද්දා ලෝක යුද්දයක් ඇතිවෙනවානම් අපි මොකටද ඉගෙනගන්නේ කියල මගේ ගුරුවරයා පිටට තට්ටුකර කීවා දරුවා කෘෂෙව්ලා වගේ ලෝක නායකයෝ මෝඩයෝ නොවෙයි කියලා. අදටත් එය වලංගුයි. බයවෙන්නෙපා කවරුත් ඔය බොත්තම මිරිකන්නේ නැත. ත්‍රස්තයින් ඉන්න තැනකට මිසයිලයක් ගැසීමට කීදෙනෙක් අනුමත කරන්න ඕනෙද කියා බැලීමට 'ද අයි ඉන් ද ස්කයි' සිනමාපටය නරබන්න

:       132       267

Perera Tuesday, 02 January 2018 06:18 PM

අමෙරිකාවත් උතුරු කොරියාවත් අතර තරගයක් නැත. අවශ්‍ය නම් උතුරු කොරියාව ලෝක සිතියෙමෙන් මකාදමන්ට තත්පර ගණනකින් ඇමෙරිකාවට හැකිය. තුන්වන ලෝක යුද්දයක් කවමදාවකවත් සිදුවන්නේ නැත. උතරු කොරියානු නායකයත් හරියට සදාම් හුසේන් සහ ගඩාෆි වගේම ඉල්ලගෙන කන්න හදනවා. මේ ප්‍රතිචාරයට සමහර අය එකග නොවෙනවා. නමුත් මේක තමා යථාර්තය

:       145       5

ධනුෂ්ක Wednesday, 03 January 2018 12:30 AM

උතුරු කොරියාව ස්වෛරී රටක් අැයි අැමරිකාවට යටත් විය යුත්තේ. බලගතු රටවල් විනාශකාරී අයුධ රැස් කර, විනාශකාරී දේවල් සිදු කර තම අරමුණ ඉටු කරගත් පසු අනික් රටවලට නීති පනවනවා එ්වා සිදු නොකිරීමට. අැමරිකාව විනාශකාරී අවි තබා ගෙන අනෙක් රටවල් යටත් වැසියන් සේ තබා ගැනීම සාධාරණද. අැමරිකාව මේ වන විට රටවල් කීයකට පහර දී විනාශ කර අස්ථාවර කර තිබේ ද. උතුරු කොරියාව කොරියන් යුද්ධයෙන් පසු එක රටකටවත් පහර දී තිබේද. අැමරිකාව තම නියෂ්ඨික අවි ඉවත් කරනගමන් උතුරු කොරියාවට ද එසේ කරන ලෙස කීම සාධාරණය. නැත්නම් උ. කොරියාවේ අාරක්ෂාව සහතික කරන්නේ කොහොමද. එම අවි නමැතිනම් අද උ. කොරියාවකුත් නෑ

:       0       133

Bamunuarachchi Wednesday, 03 January 2018 01:35 AM

සඳුන් අපේ එක්කෙනාට වෙන්නේ අලියට උදවු කරන්න ගිය වඳුරාට වෙච්චදේ, අන්තිමට වඳුරාත් ඇතුලේ

:       48       69

rocky Wednesday, 03 January 2018 02:48 AM

එම්බල පෙරේර ලොක්ක! භය නොවෙනු. සිංහයා ලකුණ දරන අපි ඔය සියලුම රටවලට වඩා බලවත් අභිමානවත් ජාතියක් වන්නෙමු. ණය ගැහිල්ලෙන් ඔය සියලුම රටවල් කම්බස් කිරීමට තරම් බලයක් අපට තිබෙන බව අමතක නොකරව!

:       81       1

manoj Wednesday, 03 January 2018 05:30 AM

හොඳින් බැරි උනොත් පරමාණු බෝම්බයක් ගහල හරි ඇමරිකාව මේක දිනනවා.

:       62       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉරාන නැවියෝ මෙරට නැවියන් 21 බේරා ගැනෙති
2024 අප්‍රේල් මස 17 1051 0

ඕමාන මුහුදේදී අනතුරට පත් ඉන්ධන ප්‍රවාහන නෞකාවක සිටි ශ්‍රී ලාංකික නාවිකයන් 21 දෙනකු බේරා ගැනීමට ඉරාන හදිසි සේවා සමත් වී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය.


‘‘එක්වරක් රැවටුණා‘‘
2024 අප්‍රේල් මස 17 1027 0

පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන බවට කළ පොරොන්දුවකින් එක වාර්තාවක් අතපුච්චාගත් බවත් බලයට පැමිණි පසු පාස්කු දින ත්‍රස්ත ප්‍රහ


කොන්ත්‍රාත්කරුවෝ පැනයති:අනුරාධපුර රෝහලේ ගොඩනැගිලි පැලවෙති
2024 අප්‍රේල් මස 17 1201 0

අනුරාධපුර ශික්ෂණ රෝහලේ විවිධ අංශවල ප්‍රයෝජනය සඳහා රුපියල් කෝටි ගණනක් වියදම් කරමින් ඉදි කිරීම් ආරම්භ කළ දැවැන්ත ගොඩනැගිලි සංකීර්ණ කිහිපයක් විනාශ වෙම


පාතාල කල්ලි මඩින පොලිසියේ 100 ක් එස්.ටී.එෆ් පුහුණුවේ
2024 අප්‍රේල් මස 17 464 0

සංවිධානාත්මක අපරාධ කල්ලි මර්දනය කිරීම සදහා පොලිස් නිලධාරීන් 100 ක් පොලිස් විශේෂ කාර්ය බළකාය යටතේ පුහුණුවීම් සිදුකරමින් පවතින බව පොලිස් මූලස්ථානය පවසය


සගයාගේ අවසන් කටයුතු ගැන බලන්න ’’මහ ගෙදරින්’’ යයි
2024 අප්‍රේල් මස 17 5010 0

අභාවප්‍රාප්ත හිටපු රාජ්‍ය අමාත්‍යවරයකු මෙන්ම මානවහිතවාදී දේශපාලනඥයකු වූ පාලිත තෙවරප්පෙරුම මහතාගේ අවසන් කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා එක්


සිරිල් ගාමිණි පියතුමා සි.අයි.ඩී.යට කැඳවයි
2024 අප්‍රේල් මස 17 1328 0

ඥානාර්ථ ප්‍රදීපය කතෝලික පුවත්පතේ ප්‍රධාන කර්තෘ සිරිල් ගාමිණී පියතුමා අනිද්දා(19) පෙරවරු 10.00 ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැදවා තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 182 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1468 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1384 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site