IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


ඇමෙරිකාවේ මරණ ලක්ෂයට ළඟා වෙද්දි ට්‍රම්ප් ගොල්ෆ් ගසයි

නව කොරෝනා වයිරසය හෙවත් ‘කොවිඩ්-19’ ගෝලීය වසංගතය හේතුවෙන් ඇමෙරිකා එක්සත් ජනපදයේ මියගිය ගණන පළමු ලෝක යුද්ධයේදී යුද පිටියේ තුවාල ලබා මියගිය අය මෙන් දෙගුණයක් යැයි ‘ද නිව්යෝක් ටයිම්ස්’ පුවත්පත වාර්තා කරයි.

‘කොවිඩ්-19’ සම්බන්ධයෙන් ඇමෙරිකා ජනාධිපතිවරයා ගත් ක්‍රියාමාර්ග මේ වනවිට ඇමෙරිකා එක්සත් ජනපදයේ පුවත්පත්වල ඇතුළු අනෙකුත් මාධ්‍යවල දැඩි විවේචනයට ලක්ව තිබේ.

නව කොරෝනා වයිරසය හේතුවෙන් ඇමෙරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වන මරණ සංඛ්‍යාව ලක්ෂයකට ආසන්න වෙමින් තිබෙන මොහොතක ඇමෙරිකානු ජනාධිපතිවරයා පසුගිය සති අන්තයේදී ගොල්ෆ් ක්‍රීඩාවේ නිරත වූ අතර එය ද දැඩි විවේචනයට ලක්විය.

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගොල්ෆ් ක්‍රීඩාවේ නිරත වුවද වයිරසය ආසාදනය වී මියගිය අය සම්බන්ධයෙන් කිසිදු සඳහනක් නොකිරීම හේතුවෙන් ජනාධිපතිවරයා දැඩි විවේචනයට ලක්විය. මේ සම්බන්ධයෙන් ලිපියක් පළ කරන ‘ද නිව්යෝක් ටයිම්ස්’ පුවත්පත අතීත සිදුවීම් හා සැසඳීමක් ද කර ඇත.
ඒ අනුව පසුගිය සති 12ක කාලයේදී කොරෝනා වයිරසය හේතුවෙන් ඇමෙරිකා එක්සත් ජනපදයේ මියගිය ගණන ‘වියට්නාම සහ කොරියානු යුද්ධ’ දෙකෙන්ම මියගිය ගණන හා සමාන වේ. හිරෝෂිමාවට සහ නාගසාකි වෙත ඇමෙරිකාව හෙලූ න්‍යෂ්ටික බෝම්බ දෙක හේතුවෙන්, එම බෝම්බ පිපිරී ගිය අවස්ථාවේදී මියගිය ගණන මේ වනවිට ඇමෙරිකාවෙන් වාර්තා වන කොරෝනා ආසාදිත මරණ ගණනට සමාන වේ. ජපානයට හෙලූ එම න්‍යෂ්ටික බෝම්බ දෙක හේතුවෙන් බොහෝ පිරිසක් තවමත් මරණයට පත්වෙමින් සිටිති.

මේ වනවිට ඇමෙරිකාවෙන් වාර්තාවන කොරෝනා ආසාදිත මරණ ගණන, ඉරාක යුද්ධ 22 කින්, සැප්තැම්බර් 11 ප්‍රහාර 33කින්, ඇෆ්ගනිස්තාන යුද්ධ 41කින්, පර්ල් වරායට එල්ල වූ ප්‍රහාර 42කින් සහ බෙංගාසි ප්‍රහාර 25,000කින් මියගිය ඇමෙරිකානුවන් ගණනට සමාන වේ. බෙංගාසි ප්‍රහාරය යනු ලිබියාවේ බෙංගාසි නුවර පිහිටි ඇමෙරිකානු ගොඩනැගිලිවලට එල්ල වූ ප්‍රහාර මාලාවකි. එම ප්‍රහාරයෙන් ඇමෙරිකානුවෝ සිවුදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.

අර්බුදකාරී අවස්ථාවල ගොල්ෆ් ක්‍රීඩාවේ නිරත වීම නිසා ඇමෙරිකාවේ හිටපු ජනාධිපතිවරුන් වන ඩ්වයිට් ඩී. අයිසන්හවර්, ජෝර්ජ් ඩබ්ලිව්. බුෂ්, බැරැක් ඔබාමා යන අයද මේ අයුරින් දැඩි විවේචනයට ලක්විය.

නව කොරෝනා වයිරසය සම්බන්ධයෙන් පසුගිය ජනවාරි මාසයේ සිටම අනතුරු අඟව තිබියදීත් ජනාධිපති ට්‍රම්ප් ඒවා ගණනකට නොගත් බවත් ඔහු දැනුත් ඒවා ගණන් නොගනිමින් සෞඛ්‍ය උපදෙස් නොතකමින් ජනාධිපතිවරණය ඉලක්ක කරගෙන කටයුතු කරන බවත් ඇමෙරිකානු මාධ්‍ය වාර්තා කරයි. ඇමෙරිකානු ජනාධිපතිවරයා මේ වනවිට රටේ ආර්ථිකය නැවත විවෘත කිරීම කෙරෙහි අවධානය යොමු කර ඇත.
ද නිව්යෝක් ටයිම්ස්’ පුවත්පතට අනුව ඇමෙරිකා එක්සත් ජනපදයෙන් අද (26) පස්වරු 5.30 වනවිට වාර්තා වූ කොරෝනා ආසාදිත මරණ ගණන 97,884කි.

කොරෝනා වයිරසය සම්බන්ධයෙන් ගණනය කරන තවත් වෙබ්අඩවියක් වන ‘වර්ල්ඩෝමීටර්ස්’වලට අනුව ඇමෙරිකා එක්සත් ජනපදයෙන් ඊයේ පස්වරු වනවිට වාර්තා වූ කොරෝනා ආසාදිත මරණ ගණන 99,300ක් විය.
 

ද නිව්යෝක් ටයිම්ස්’

055



අදහස් (25)

ඇමෙරිකාවේ මරණ ලක්ෂයට ළඟා වෙද්දි ට්‍රම්ප් ගොල්ෆ් ගසයි

Champa Monday, 25 May 2020 04:26 PM

ඇමරිකාවේ තාම ලක්ෂයයි මැරිලා තියෙන්නේ. ඒ මරණ සංඛ්‍යාව ඩොනල්ඩ් ට්‍රම්ප් අපේක්ෂාවෙන් හිටපු සංඛ්‍යාවට වඩා හුඟක් අඩුයි. ඒ හින්දා ගෙවල් ඇතුලේ ආරක්ෂිතව ඉන්න මිනිස්සු එලියට ඇදලා අරන් රෝගයට නිරාවරණය කරන්න ට්‍රම්ප් සෑහෙන ගේමක් දෙනවා.

:       0       0

රවින් Monday, 25 May 2020 04:36 PM

නියම ලෝක නායකයෙක් නේද?

:       111       2

සඳුන් Monday, 25 May 2020 05:15 PM

දැන දැන බෝම්බ ගහද්දි සිංගප්පූරුවේ ෂොපිං කවුන්ටර්වල හිටන් හිටපු ජනපතිවරයෙකුත් හිටියලු...

:       0       115

WalpenelaWednesday, 27 May 2020 09:35 AM

එයාගේ "ඉව" ගැන පැහැදුණු පක්ෂයක්... දැන් එයාට පක්ෂ සභාපතිකම පුදළාලු...

:       0       5

Dharme Monday, 25 May 2020 06:07 PM

ට්‍රම්ප් මොඩයා වුණත් ආගම සහ ජාතිය දේශපාලනයට පූට්ටු කරලා මෝඩයින්ගෙන් ඡන්ද බිලිබා ගන්නවා. ලංකාවේ අපි ඒවා බලලා "අපේ රටේ ඒවා බැහැ කියලා උජාරුවෙන් හිනාවෙනවා. හාහා හාහා....

:       100       37

Chandradewa Monday, 25 May 2020 09:52 PM

ලෝකයට යුද්ධ උපකරණ හදන රටවල් කොරෝනා සටහනේ උඩින්ම ඉන්නවා.

:       155       174

Sudath Monday, 25 May 2020 11:08 PM

රනිල් ජාතියේ කෙනෙක් තමයි. මතකයිනේ පාස්කු ප්‍රහාරයට පස්සේ...

:       18       141

rocky Tuesday, 26 May 2020 01:16 AM

ඉතින් මොකද? මිනිහාටත් මැරෙන්නද කියන්නේ? කාගේ හරි දොස් දකින්න ඕන වුණාම පස්සෙන් එලව එලවා ගහනවා. මෙහෙත් එහෙම තමයි. හූල්ට ගහන විදිහ පෙනෙනවානේ!

:       389       372

banana Tuesday, 26 May 2020 02:09 AM

පුදුම වෙන්න දෙයක් නෑ. මෙහෙත් සාප්පු සවාරි ගියා... ඒ වගේ අය හිටියනේ.

:       0       7

සමිත සේනක අලුත්ගමගේ. Tuesday, 26 May 2020 03:39 AM

ඇමරිකානු පුරවැසියා සිතන්නේ පතන්නේ මහා අමුතුම විදිහකටයි.ඒ බව මා ද පුද්ගලිකවම දන්නා දෙයක්.ඒ අයට බින් ලාඩන් ප්‍රමුඛ ත්‍රස්තයන්ගෙන් තිබුණේ මහා පුදුම වදයක් සහ බියක්.ඔවුන්ගේ සුදු ජාතික නායකයන්ට එම ප්‍රශ්ණය විසඳීමට නොහැකි වුණා.ඒ අවස්ථාවේ ඔවුන් කළේ මුස්ලිම් සම්භවයක් ඇති ඔබාමාව ජනපති කිරීමයි.ඔවුන්ගේ තීරණය නිවැරදියි. ඔබාමා ඉතාමත් ශුක්ෂමව බින් ලාඩන්ව ඉවරයක් කළා.යම් හෙයකින් එසේ නොවුණ නම්,එය අපටත් ඉතා අහිතකර ලෙස බලපානවා.ඇමරිකානු ජනතාවගෙන් අපහට ආදර්ශයක් ගතහැකි වුවත්,අපේ සමහර දෙනා තවමත් එය බුද්ධිමත්ව වටහාගෙන නැහැ.

:       15       3

Asanga Tuesday, 26 May 2020 04:15 AM

මම දැකපු කාලකණ්ණිම ජනපතිවරයෙක්... මේ වගේ අය පත්කරගැනීමේ විපාක ඔවුන්ම දැන් භුක්තිවිඳිනවා ඇති.... ඉස්සර අපිටත් එහෙමනේ තිබුණේ... නේද?

:       216       147

BamunuarachchiWednesday, 27 May 2020 08:10 AM

ඇමරිකාවට කොරෝනාව වසංගතයක් වුනේ රජය නියමකරන සීමාවලට ඇමරිකානුවෝ අනුගත නොවීමයි. ඇමරිකානුවන් බලෙන් කිසිම දෙයකට යොමුකරන්න බැරි තමන්ගේම ජාතික කොඩියට ගිනිතියන අමන රැලක්... ඉතින් ඕනේ මගුලක් කරගන්න කියා ලොක්කා ගොල්ෆ් ගහනවා. එ්කට ලොක්කාට බැනලා වැඩක් නැත. ජනතාව බුද්ධිමත් නම් තමන් විසින්ම සීමාව දාගෙන පරිස්සම් වෙන්න තිබුණා. අපේ රටේ සීමාවල් තීරණය කලේ සෞක්‍ය අංශයයි.., ආරක්ෂක අංශයයි ජනාධිපති ඒ තීරණ ක්‍රීයාත්මක කරන්න නියෝග කළා. ට්‍රම්ප්ගේ මල්ලි වගේ අපිට බෙහෙත් නියම කළේ නැහැ.

:       1       36

Lakshitha Tuesday, 26 May 2020 04:33 AM

ඇමරිකානු ජනාධිපතිගෙත් ඒ ඒ හැටි වෙනසක් නෑ...

:       0       4

jayath Tuesday, 26 May 2020 06:02 AM

අන්න නියම ජනාධිපතිවරු, ගෝඨා මහත්තයටත් පුළුවන් අඩු තරමේ ක්‍රිකට් හරි ගහන්න. එතකොට ඔය මෙහෙ මරණ ගණන් අඩුවීම හින්ද මාර දුකකින් ඉන්න පොරවල් වලට කියන්න මොනවා හරි තියේවි.

:       20       261

tharindu Tuesday, 26 May 2020 07:22 AM

මහලොකුවට ලෝකෙට පේන්න කයිවාරු ගැහුවට ලෝකයේ ලොකුම පාලකයා ඉන්නේ ඇමෙරිකාවේ කියලා මේ වෙනකොට ඔප්පුකරලා ඉවරයි.. ඔය මිනිස්සුන්ට වැඩ බැරිනම් අර අප්‍රිකානු රටවල මිනිස්සුත් දක්ෂයිනේ... ඕක තමයි කියන්නේ කතාව දෝලාවෙන් ගමන පයින් කියලා...

:       1       754

Pradeep Tuesday, 26 May 2020 08:21 AM

රෝමය ගිනිගන්න කොට නීරොත් වීණා වාදනය කළාලුනේ..

:       104       36

චමින්දWednesday, 27 May 2020 02:13 AM

ප්‍රදීප්ගේ අදහස ඉතාම නිවැරදියි.

:       0       0

BamunuarachchiWednesday, 27 May 2020 07:59 AM

රටේ කොරෝනා තිබුණා කියලා මෙයා අත්දෙක පොරවාගෙන ඉන්නද? ක්‍රියාකාරී මිනිස්සු ඔහොම තමයි.

:       0       13

Bamunuarachchi Tuesday, 26 May 2020 09:29 AM

ලංකාවේ ඉන්න මෙයාගේ මල්ලි මොනවා කරයිද දන්නේ නැහැ...

:       106       115

BamunuarachchiWednesday, 27 May 2020 07:57 AM

මෙයාගේ මල්ලි අපිට කීවේ මෙයා බොන මැලේරියා පෙති බොන්න කියලනේ. කොහොමද බලයට ආවා නම් ගෙවල්වලට මැලේරියා පෙති නොමිලේ බෙදයි. බොනවද කියලා බලන්නත් එයි.

:       0       41

vipula Tuesday, 26 May 2020 03:38 PM

හරියට අපේ සිරි පියා වගේ.... වෙලාවට ගෙදර ඇරියේ..

:       0       0

බද්රානි Wednesday, 27 May 2020 08:48 AM

"ඇමරිකාව හා ඇමරිකානු ජනතාව පළමුව" යන දැඩි ජාතිවාදී ප්‍රතිපත්තියක් හෙලිදක්වමින් ඡන්දය ජයග්‍රහණය කළ ට්‍රම්ප් මහත්තයා, දැන් ඉතින් ගොල්ෆ් නොගහා, මරණ ගෙවල් වලට ගොස් අඬඅඬා කඳුළු සලමින් ජීවත්වෙයි කියලද දේශප්‍රේමියෝ රැල හිතාගෙන ඉන්නේ..? ඇමරිකානු දේශප්‍රේමීන්ටයි, අමරිකාවටයි වෙලා තියන දේ දැන් පේනවනේ? ලෝකෙන්ම පළමුවැන්නා වෙලා..

:       12       6

ජයකුමාර් Wednesday, 27 May 2020 10:36 AM

නැව ගිලුණත් බෑන්ඩ් චූන්...

:       0       0

BamunuarachchiThursday, 28 May 2020 06:11 AM

ට්‍රම්ප් ෆිට් එකේ ඉන්න මනුස්සයෙක්... එයා ගොල්ෆ් ගහන්න තරම් ෆිට් එකට ලංකාවේ ඉන්න එයාගේ මලයට ඉනිමගක නැග ගන්න වත් බැහැ. හැබැයි මලයා අපිට අයියා බොන බෙහෙත් බොන්න කීවා. බිව්වා නම් තමයි වැඩේ...

:       7       27

Bamunuarachchi Thursday, 28 May 2020 01:31 PM

"ඇමෙරිකාවේ මරණ ලක්ෂයට ළඟාවෙද්දි ට්‍රම්ප් ගොල්ෆ් ගසයි" නැතුව මෙයා මළ ගෙවල්වල වෙස්සන්තර ජාතකය කියන්නද? විකාර..!

:       19       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තැනින් තැනට පොඩි වැස්සක්
2024 අප්‍රේල් මස 20 6 0

බස්නාහිර.සබරගමුව,වයඹ,ඌව සහ මධ්‍යම පළාත්වලත් අනුරාධපුර, වවුනියාව, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇ


නාවික කොමදෝරු දෙකක් කුඩු සමග මාට්ටු
2024 අප්‍රේල් මස 19 1328 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 281 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 1374 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 1355 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 1540 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 223 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1537 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1432 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site