කොරෝනා වයිරසය හේතුවෙන් ඇමෙරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වන මරණ සංඛ්‍යාව 3,000ක ඉක්මවා ගොස් ඇත.
ගෝලීය වසංගතයක් බවට තිබෙන නව කොරෝනා වයිරසයේ ව්‍යාප්තියත් සමඟ ඇමෙරිකා එක්සත් ජනපදය මේ වනවිට දැඩි අර්බුදයකට මුහුණ දී සිටින අතර වෛද්‍ය සැපයුම්වලට දැඩි හිඟයකට ද මුහුණ පා ඇත.
රෝහල්වල ඇඳන්, ස්වසන සංවාතන යන්ත්‍ර හෙවත් වෙන්ටිලේටර්ස්, අත්වැසුම්, පෞද්ගලික ආරක්ෂණ මෙවලම් ආදී වෛද්‍ය සැපයුම්වල හිඟයක් මතුව ඇත. මේ හේතුවෙන් ඇමෙරිකාවේ නිව්යෝක් නගරයට එරට නාවික හමුදාවට අයත් රෝහල් නෞකාවක් ද පැමිණියේ නගර වැසියන්ට යම් බලාපොරොත්තුවක් ඇති කරමිනි. එම රෝහල් නෞකාවට නිව්යෝක් නගර වැසියන්ගෙන් උණුසුම් පිළිගැනීමක් ලැබිණි.
ගෝලීය සෞඛ්‍ය අර්බුදයක් නිර්මාණය කර තිබෙන නව කොරෝනා වයිරසය ව්‍යාප්ත වීමේ නව කේන්ද්‍රස්ථානය බවට පත්ව ඇත්තේ ඇමෙරිකා එක්සත් ජනපදයයි. එයින් ද වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ නිව්යෝක් ප්‍රාන්තයට සහ නිව්යෝක් නගරයටයි. කොරෝනා වයිරසය හේතුවෙන් ඇමෙරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වන මරණ ගණන 3,017ක් දක්වා ඉහළ ගොස් තිබෙන අතර සඳුඳා පමණක් එරටින් වාර්තා වූ මරණ ගණන 540කි.
ඊයේ පස්වරු වනවිට ඇමෙරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයන් ගණන 164,719ක් විය.
ඇමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාවට අයත් රෝහල් නෞකාව පිළිගැනීම සඳහා නිව්යෝක් සහ නිව්ජර්සි හි ජනතාව හඩ්සන් ගංඟාව දෙපසට පැමිණ සිටියහ. කුඩා නෞකා සහ හෙලිකොප්ටර් යානා පිරිවරා ගනිමින් රෝහල් නෞකාව නිව්යෝක් වෙත පැමිණි අතර ඇමෙරිකා එක්සත් ජනපදයේ පිහිටි ලෝප්‍රකට ‘ලිබර්ටි’ ප්‍රතිමාව පසු කරද්දි නෞකාවට ඉතා උණුසුම් පිළිගැනීමක් හිමිවිය.
කොරෝනා වයිරසය ආසාදනය වී නොමැති එහෙත් අත්‍යවශ්‍ය ශල්‍යකර්ම සහ ආසාධ්‍ය තත්ත්වයේ සිටින රෝගීන්ට මෙම නොකාව තුළදී ප්‍රතිකාර කෙරේ.
රොයිටර්
055
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු ලබන 04 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මාලිගාක
බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත්කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු වික්තිකරුවෝ ලබන 08 වැනිදා දක්වා තව දුරටත් රිම
සංවර්ධන ලොතරැයි මණ්ඩලය සිය වසර 40ක ඉතිහාසයේ වැඩිම ලාභය 2023 වසරේදී වාර්තා කර තිබේ.
කළුතර ප්‍රසිද්ධ පාසලක අද (28) දහවල් සිසුන්ට ලබාදුන් එන්නතින් පසු රෝගී වූ සිසුන් දස දෙනෙකු පමණ රෝහල් ගතකර ඇති බව කළුතර නාගොඩ ශීක්ෂණ රෝහල් ආරංචි මාර්ග සඳහන
ග්‍රෑන්ඩ්පාස්, සුගතදාස ක්‍රීඩාංගණය අසල පිහිටි ටයර් කඩයක ඇතිවූ ගින්නක් හේතුවෙන් තවත් ටයර් කඩයක් ඇතුළු කඩ තුනක් ගිනි ඇවිලමින් පවතී.
ශ්‍රී ලංකාවේ ජීවත්වන පුද්ගලයෙක්ට අවම මූලික අවශ්‍යතා ඉටුකරගැනීමට මසකට රුපියල් 17,014 ක මුදලක් අවශ්‍ය බව ජනලේඛණ හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ඇමෙරිකාවේ කොරෝනා මරණ 3000 ඉක්මවයි
jayath Wednesday, 01 April 2020 02:30 AM
මුලදී සමච්චල් කරා "මේ චීන වයිරසය " කියල දැන් ඉතින් හෙලිකොප්ටර් පිරිවරා ගෙන නැව් ගේනවා එත් රෝගය පාලනයක් නැහැ . පාලකයන්ගේ ඔලුව ඉදිමුනාම ඔහොම වෙනවා