පැරිස්හිදීය (රොයිටර්)
ඇමෙරිකා එක්සත් ජනපද හමුදා දීර්ඝ කාලීනව සිරියාවේ රැඳි සිටිය යුතු බව තමන් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට ඒත්තු ගැන්වූ බව ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්රෝන් සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් පැවැසීය.
සිරියානු රජයේ හමුදා අප්‍රේල් හත් වැනිදා කැරැලිකරුවන්ගේ පාලනයේ තිබෙන ඩූමා ප්‍රදේශයකට රසායනික අවි ප්‍රහාරයක් එල්ල කිරීමට ප්‍රතිචාර දැක්වීමක් ලෙස සෙනසුරාදා (14) ඇමෙරිකා එක්සත් ජනපදය, බ්‍රිතාන්‍ය සහ ප්‍රංශයේ සිරියාවේ ඩැමැස්ක් නුවර මිසයිල ප්‍රහාර 105ක් එල්ල කළේය. ඩැමැස්කස් නුවර පිහිටි රසායනික අවි ගබඩා කර ඇතැයි පැවසෙන ස්ථාන තුනකට එලෙස ප්‍රහාර එල්ල විය.
“ඇමෙරිකානු හමුදා සිරියාවෙන් ඉවත් විය යුතු බව ජනාධිපති ට්‍රම්ප් දින දහයකට පෙර කියා සිටියා. එහෙත් එය නොකළ යුතු බවත් ඇමෙරිකානු හමුදා සිරියාවේ රැඳි සිටිය යුතු බවත් අපි ඔහුට ඒත්තු ගැන්නුවා” යැයි ප්‍රංශ ජනාධිපතිවරයා කීය. ඉරිදා (15) මෙම සම්මුඛ සාකච්ඡාව ‘බී.එෆ්.එම් ටීවි’ රූපවාහිනි සේවය, ‘ආර්.එම්.සී රේඩියෝ’ ගුවන් විදුලි සේවය සහ මීඩියාපාට් අන්තර්ජාල පුවත් සේවය යන ප්‍රංශ මාධ්‍ය ඔස්සේ විකාශනය විය.
“ඇමෙරිකානු හමුදා දීර්ඝකාලීනව සිරියාවේ සිටීමේ අවශ්‍යතාව අපි ජනාධිපති ට්‍රම්ප්ට කියා සිටියා” යැයි ප්‍රංශ ජනාධිපතිවරයා කීය.
සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද් ධුරයෙන් නෙරපීමට හෝ සිරියානු සිවිල් යුද්ධයට හෝ මැදිහත් වීමට අවශ්‍ය නොවූ බවත් ප්‍රහාර එල්ල කළේ සිරියාවේ රසායනික අවි ගබඩා කර තිබෙන ස්ථානවලට යැයි ඇමෙරිකාව, බ්‍රිතාන්‍යය සහ ප්‍රංශය කීය.
විශේෂ ඉලක්ක වෙත පමණක් ප්‍රහාර ප්‍රහාර එල්ල කිරීමක් අත්‍යාවශයෙන්ම ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ මුල් සැලැස්මේ කොටසක් නොවන බව ද ප්‍රංශ ජනාධිපතිවරයා කීය.
රසායනික අවි ගබඩා කර ඇති ස්ථානවලට සහ විශේෂිත ඉලක්කවලට පමණක් ප්‍රහාර සීමා කළ යුතු බව අප ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට ඒත්තු ගැන්වූ බව ද ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්රෝන් පැවැසීය.
055
ශ්‍රී ලංකාවෙි ප්‍රංශ තානාපති ඒ. ජෙආන් ෆ්රැන්කොයිස් මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා අතර හමුවක් වීරකැටිය මැදමුලන නිවසේ
මහරගම නගර මධ්‍යයේ පිහිටා තිබූ බෝ ගසක අත්තක් අද රාත්‍රි 7 පමණ වර්ෂාවත් සමග ඇතිවූ සුළං තත්වය හමුවේ හදිසියේ කඩා වැටීමෙන් මාර්ගයේ ගමන් ගත් කාන්තාවක සහ පුද්
ඉකුත් මාස දෙකක කාලයේ ශ්‍රී ලංකාව රුපියල් මිලියන 983.7ක අපනයන ආදායමක් ලබා තිබෙන බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහ
අන්තර්ජාලය ඔස්සේ සිදු වන ළමා ලිංගික අපයෝජන සම්බන්ධයෙන් වාර්තා කිරීමේ නව මාර්ගගත ක්‍රමවේදයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28)
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු ලබන 04 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මාලිගාක
බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත්කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු වික්තිකරුවෝ ලබන 08 වැනිදා දක්වා තව දුරටත් රිම
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ඇමෙරිකානු හමුදා දිගටම සිරියාවේ සිටිය යුතුයි - ප්‍රංශ ජනපති
සතයපාල Monday, 16 April 2018 11:23 AM
ට්‍රම්ප් මෝඩයෙක්... අපි එයාව ගොනාට ඇන්දුවා කියන එක තමයි... මේ මිනිහා නොකියා කියන්නේ.. ප්‍රංශයටයි, එංගලන්තයටයි තෙල්... ඇමරිකාවට අබ සරණයි !!!
namal Monday, 16 April 2018 04:15 PM
මෝඩ කතාකියන්න එපා... ඇමරිකාව, එංගලන්තය, ප්‍රංශය නිසා තමා ලෝකය මේ විදිහට මුස්ලිම් අන්තවාදයෙන් හා චීන-රුසියා ඒකාධිපතින්ගෙන් නිදහස්ව ලෝකය බේරිලා තියෙන්නේ...
රවින් Tuesday, 17 April 2018 02:43 AM
ඔවු ඔවු හැම තැනම වැඩිමහල් උපදෙස් අවශ්‍යයි.