IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


ඇමැති මංගල මාතරදී විහාරධිපතිවරුන් හමුවට

(ක්‍රිෂාන් ජීවක ජයරුක්)

තමන්ට පන්සල් තහනම් ඇත්තේ කුමන වරදකටද යන්න තමා නොදන්නා බවත් තමා ගම්පහ දිස්ත්‍රික්කය සහ ලංකාව පුරා පන්සල් ඇතුළු ආගමික ස්ථාන සංවර්ධනය කිරීමට තමන් විශාල මුදලක් වෙන් කර ඇති බවත් මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා මාතර දී පැවසීය.

විශේෂයෙන්ම ගම්පහ දිස්ත්‍රික්කයේ හා මාතර දිස්ත්‍රික්කයේ පන්සල් ඒ මහතා පන්සල් තුළට වැද්ද නොගැනීමට විහාරාධිපතිවරුන් පිරිසක් තීරණය කිරීම පිළිබඳව මෙම උත්සවයේ දී අදහස් දක්වමින් ඔහු ඒ බව කීය.

අමාත්‍ය මංගල සමරවීර මහතා සහභාගී වන උත්සව වර්ජනය කිරීමට ද මාතර දිස්ත්‍රික් විහාරාධිපති සංගමය තීරණය කර තිබු නමුත් මාතර උයන්වත්ත පාපන්දු ක්‍රීඩාංගනයේ පැවති සමෘද්ධි හිමිකම්පත් ප්‍රදානය කිරීමේ උත්සවයේ දී එවැන්නක් සිදු නොවීය.

ඒ සදහා විහාරාධිපති හිමිවරු ඇතුළුව භික්ෂූන් වහන්සේලා 40 නමක් පමණ වැඩම කර සිටියහ.

අමාත්‍ය මංගල සමරවීර මහතා වෙනදාට වඩා එම හිමිවරුන්ට සමීප වී කටයුතු කළ අයුරු දැක ගන්නට ද ලැබිණි.



අදහස් (45)

ඇමැති මංගල මාතරදී විහාරධිපතිවරුන් හමුවට

hasan Sunday, 09 June 2019 09:36 AM

හොඳ අයට ප්‍රශ්න, දුක්, කම්කටොලු, වෙඩි... බොරුවට බටර් ගහගෙන ඉන්න අයට කිසිම ප්‍රශ්නයක් නැහැ...

:       628       739

Kusal Sunday, 09 June 2019 09:46 AM

අපිව අන්දන්න අමාරුයි දැන් නම්...

:       293       786

kumaraSunday, 09 June 2019 11:03 AM

සිංහල බෞද්ධයින්ට තියන ලොකුම අභියෝගය පක්ෂවලට ගැති සමගියක් නැති සංඝ සමාජයයි.

:       9       1409

AsankaSunday, 09 June 2019 01:54 PM

සහතික ඇත්ත

:       0       227

Kriss Sunday, 09 June 2019 10:31 AM

මේ මොන්ටිසෝරි බබාලා කිසිම දෙයක් දන්නේ නෑ.

:       1       154

sirimal Sunday, 09 June 2019 10:35 AM

ඔය පැලැස්තරේ අලවාගන්න තිබුණේ කට වැහෙන්නයි. කොච්චර කාලයක් දේශපාලනේ කළත් ලංකාවේ මාධ්‍ය හැසිරීම වෙනස්වෙලා ඇති ආකාරය ගැන ඉගෙනගෙන නැතුවා වාගෙයි පෙනෙන්නේ...

:       0       90

ගාමිණී හේවා Sunday, 09 June 2019 10:37 AM

මුලු ආණ්ඩුවටම පන්සල් තහනම් කරමු.

:       113       841

ravi Sunday, 09 June 2019 10:39 AM

අද අපේ රටේ "වෙහෙර.. විහාරස්ථානවලට" නොයන තරමටම.. අපේ " බෞද්ධකම ආරක්ෂා වෙනවා"...

:       332       238

ෙක් ඩි ෙද්වප්‍රිය කතරගම Sunday, 09 June 2019 11:03 AM

අපි හිතුවේ හාමුදුරුවෝ අැත්ත කියනවා කියලා.. එකම කාසිය... අපිම රැවටෙනවා... පව් අපි..!!!

:       1       220

BamunuarachchiSunday, 09 June 2019 11:48 AM

අපි ක්‍රස්තියානි ආගම වැළඳ ගනිමු.

:       160       75

raviSunday, 09 June 2019 01:28 PM

නැහැ ... අපි තවදුරටත් බෞද්ධයන් වෙමු. එ්ත් .. බුදුරජාණන් වහන්සේ සහ උන්වහන්සේගේ ධර්මය මේ .... චීවරධාරීන් සමග කිසිඳු සම්බන්ධතාවයක් නැති බවද.. සැබෑ කර ගනිමු ..!

:       0       232

BamunuarachchiSunday, 09 June 2019 04:50 PM

රවී, මේ සිංහල බෞද්ධ රටේ අවුරුදු 2500 බුද්දාගම රැකුණේ ජාතියට සිංහලයාගේ රට ජාතිය ආගම රැකගැනීමට අවංකව ඉදිරිපත් වූ ජාතීහිතයිෂී භික්ෂූන් නිසාය. එමනිසා ඒ භික්ෂූන්ට අවලාද කීමෙන් වලකින්න.

:       25       95

dias Sunday, 09 June 2019 11:25 AM

මේ දෙගොල්ලන්ටම එක්කෙනෙක්ට එක්කෙනෙක් නැතුව බෑ. හැමදාමත් රැවටුනේ මේ අයගේ ලණු කාපු ඡන්ද දායකයන්...

:       0       78

Bamunuarachchi Sunday, 09 June 2019 11:46 AM

මට කුමන හේතුවක් නිසා හෝ අනාගතයේ බෞද්ධ භික්ෂුවකට වඳින්න සිදුවේවි. හිතට එකඟව මට එය කළ නොහැක. එමනිසා ප්‍රතිපත්ති ගරුක පූජකයින් සිටින ක්‍රිස්තියානි ආගම වැළඳ ගන්න සුදානම් වෙමි. මා හා එකතුවීමට කැමති අය සිටිනවා නම් දන්වන්න. එවිට අපිට ප්‍රසිද්ධියේම එය කළ හැකියි.

:       431       556

asithSunday, 09 June 2019 12:36 PM

හොඳ අදහසක්...

:       209       149

රාහුල හිමිSunday, 09 June 2019 01:26 PM

බමුණුආරච්චිගේ සැබෑ අනන්‍යතාව තහවුරු වූ ඒ ඓතිහාසික මොහොත...

:       23       241

channaSunday, 09 June 2019 02:01 PM

බයවුණා වත්ද?

:       55       30

WijeSunday, 09 June 2019 02:47 PM

හාමුදුරුවරුනි, මේ බමුණා ගැන මට හරි සැකයක් තියෙනවා. අදහස් ප්‍රකාශය සම්පුර්ණයෙන්ම අන්තවාදියි.

:       5       106

BamunuarachchiSunday, 09 June 2019 05:48 PM

තමන් හරි කියා සිතන මතය කෙලින්ම ප්‍රකාශ කිරීම අන්තවාදී නම් මම අන්තවාදියෙකි.

:       38       39

BamunuarachchiSunday, 09 June 2019 06:10 PM

බමුණා අන්තවාදී බව ඇත්ත දෙපැත්තටම නැතුව වැනි වැනි ඉන්නේ නැත. එත් ඔබට ඇති සැකය මොකක්ද?

:       0       125

BamunuarachchiMonday, 10 June 2019 02:07 PM

හාමුදුරුවනේ, බමුණුඅාරච්චිගේ අනන්‍යතාවය සොයන ඔබ මුසල්මානුවන්ට නැවත ඇමතිකම් දෙන්න කියන භික්ෂූන්ගේ අනන්‍යතාවය බැලුවද?

:       0       2

priyantha Tuesday, 11 June 2019 04:49 AM

100% මම බමුණු සමග එකඟවෙනවා. මේ වගේ තුප්පහි හොරු සිවුරට, ආගමට කරන විනාසේ දැක්කම මටත් හදවතින්ම එ්ක හිතුණා... අඩුම ගානේ අපේ කියලා නායකයෙක් බය නැතුව ඇඟිල්ල දික්කරලා පෙන්නන්න පුළුවන්. එතකොට අනේ බුදු සමිඳාණනේ අපිට සමාවෙන්න. ඔබ වහන්සේගේ උතුම් ධර්මය, ශාසනය අමුඅමුවේ විනාශ කරනවා. මේවා බලන් ඉඳලා විකල්ප මාර්ග හොයන්න.. අපගේ මසැසත් විකල් වෙලා...

:       0       2

Thilina Sunday, 09 June 2019 12:24 PM

අපේ සමාජය කොච්චර නොදියුණුද? මේ කතාවෙන්ම පේනවා.. මේ වෙන්කරන්නේ සහ බෙදලා දෙන්නේ සහ ඒ වගේම හොරකම් කරන්නේ අපේම සල්ලි මිසක් මුන්දලා ගෙනාපුවා නෙමෙයි.. අනික් දේ සල්ලි සහ තුටු පඬුරු වෙනුවෙන් නැවෙන අපේ සංඝ සමාජය.. තමන් කියපු දේ වෙනුවෙන් මාසයක් පෙනී ඉන්න බැරි හැටි...

:       11       506

Raveendra Sunday, 09 June 2019 12:27 PM

ගුටිකන මුහුණ තිබෙනත් අපේ සමනලගේ..// හිත ඇති රවටන්න මිනිසුන්වත් සැමදාම..// ඔව් ඔව් අපි මේ ඉන්නේ ගමටම එනදිනනේ..// දෙන්නම් ඇට්ටි හැලෙන්නටම හොඳේ..//

:       18       207

Prabha Sunday, 09 June 2019 02:33 PM

දේශපාලකයෝ, පූජකයෝ එයාලා හැමෝම දිනුම්... මොකද ප්‍රතිපත්තියක් නැතිකම හින්දා. එයාලා ගහන බයිලාවලට විසිල් ගහන, හුරේ දාන අපි හැමදාමත් පරාදයි.

:       0       26

BamunuarachchiMonday, 10 June 2019 11:53 PM

ඉතින් ඇයි අපි එහෙම කරන්නේ? අපි ආසයි දෙන පිළිතුර බලන්න.

:       0       0

Jph Sunday, 09 June 2019 02:47 PM

බමුණුඅාරච්චි මොන මෝඩයෙක්ද? භවයකදී ලබන්න පුළුවන් ඉතාම තර්කානුකූල දර්ශනයක් තියෙන ලෝකයේ ඇති නිදහස්ම ආගම උප්පත්තියෙන්ම දායක කරගන්න වාසනාව ලැබිලා මේ කොහෙවත් යන අය කියන දේකට තමාගේ ආගම වෙනස් කරන්න දඟලන තව කවුරුහරි දේශපාලනයෙකුට කඩේ යන්න...

:       18       540

jayampathi Sunday, 09 June 2019 09:57 PM

මේ ආයතන තහනම් කල නම් කොහොමද එහෙට ගියේ මේ ඇම්බැට්ටය?

:       0       17

nimal Monday, 10 June 2019 12:32 AM

බුද්ධාගම ආරක්ෂා කරන අය ඒ ධර්මය පිලිපදින්නේ නැති එක තමයි අවාසනාව.

:       0       2

Anurudda karunathilaka Monday, 10 June 2019 03:14 AM

බමුණු මහතා ඔබ අන්‍යාගමික කරණය සඳහා වක්‍රව උදව් කරන කෙනෙකු බවට පේන්නේ

:       15       12

BamunuarachchiMonday, 10 June 2019 06:07 AM

අනුරුද්ධ, ඔබට මේ ගැන හිතා "සංඝං සරණන් ගච්චාමි" කියන්න පුලුවන්ද? මට නම් බැරිය... එසේ නම් මම කොහොමද හරියාකාරව බුදුන් වඳින්නේ? බැරි නම් මම බෞද්ධයෙක්ද? මෙවන්නන්ට "සංඝං සරණං ගච්ඡාමි" කියන්න බැරි බෞද්ධයින් මා සමග එකතුවන්න. පස්පවින් වැළකුණු හොඳ බෞද්ධයෙකුට ඉතා හොඳ කිතුණුවෙක් වීමට පුළුවනි.

:       0       27

BamunuarachchiMonday, 10 June 2019 11:49 PM

වක්‍රව? වක්‍රව නොවෙයි කරනවානම් කෙලින්ම පේන්නම හේතු පෙන්වා කරන්න.

:       0       0

sujeewa Monday, 10 June 2019 03:36 AM

බමුණුආරච්චි කියන්නේ පොහොට්ටුවට වාසි වෙන ඕනෑම දෙයක් මෙයා කියනවා

:       142       19

JPH Monday, 10 June 2019 03:38 AM

බමුණුආරච්චි මොන මෝඩයෙක්ද? භවයකදී ලබන්න පුළුවන් ඉතාම තර්කානුකූල දර්ශනයක් තියෙන ලෝකයේ ඇති නිදහස්ම ආගම උප්පත්තියෙන්ම දායක කරගන්න වාසනාව ලැබිලා මේ කොහෙවත් යන අය කියන දේකට තමාගේ ආගම වෙනස් කරන්න දඟලන්නෙ, තව කවුරුහරි දේශපාලනයෙකුට කඩේ යන්නද, එහෙම නැතිනම් කාව හෑල්ලු කරන්නද, එහෙමත් නැතිනම් තමන්ගෙ බුද්ධි මට්ටමේ තරම නිසා ද.

:       1       19

BamunuarachchiMonday, 10 June 2019 06:17 AM

වතුර පොල්කටුවකට ආරවුලක් ඇතිකර ගත් සංඝයා නිසා සංඝයාගෙන් මිදී බුදුරජාණන් වහන්සේ පාරිලෙයිය වනයට වැඩි බව ඔබ දන්නවා ඇති සිතමි. එසේනම් මුස්ල්මානුවන් රටේ පාලනයට එකතුකර ගන්න හදන බුද්ධාගමට විරුද්ධව කතා කරන මිසදිටු දේශපාලකයින්ට නූල්බඳින මේ සංඝයින් අත්හැර අපි යාම වරදක්ද?

:       0       15

BamunuarachchiTuesday, 11 June 2019 12:14 AM

JPH හැමදේම පටලවා ගන්න එපා. මෙතන දේශපාලනයක් ප්‍රස්තුත කරගත්තේ නැහැ. මූලික වුයේ නොහික්මුණු ප්‍රතිපත්තියක් නොමැති බෞද්ද භික්ෂූන් නිසා බුද්දාගම එපාවීමයි. ඒදවස සිදුහත් කුමරුට සසර කලකිරී මහණවීමට මහණෙක් දැකීම හේතු පාදක උනා. අද දවස මහණුන්ගේ මේ ක්‍රීයා පටිපාටිය දැක්කාම බුද්දාගම හැරයන්න හේතු පාදක වෙනවා. එදා සිදුහත් කුමරු මෙවන් මහනුන් දැක්කානම් මහනවෙන්න සිතයිද?

:       0       0

dilal Monday, 10 June 2019 05:48 AM

මම අසා ඇත්තේ මංගල, හාමුදුරුවරුන්ගේ අඩි පාරේ යන කෙනෙක් කියා.

:       42       0

thisara Monday, 10 June 2019 09:18 AM

වර්ජනය කළා කියන්නේ මහින්ද රාජපක්ෂලාගේ දේශපාලන කඩ කරන අය වෙන්න ඇතැයි සිතේ..

:       39       1

Bamunuarachchi Monday, 10 June 2019 02:03 PM

හාමුදුරුවරුන්ගේ අත් අල්ලන් කතා කරන්නේ මොන බෞද්ධයාද...?

:       0       0

BamunuarachchiMonday, 10 June 2019 11:46 PM

ඉතින් මෙහෙව් කෙනා බෞද්ධ විරෝදී කතා කීම පුදුමයක්ද?

:       0       0

BamunuarachchiTuesday, 11 June 2019 02:58 AM

කතා කරන කෙනා බෞද්ධයෙක්ද?

:       0       0

Kriss Tuesday, 11 June 2019 02:02 AM

මා වර්තමානයේ පවතින කිසිම ආගමික රාමුවකට අයිති නැහැ. ඒත් බුදුන් වහන්සේ සහ ජේසු තුමා මා මගේ ගුරුවරුන් ලෙස සලකනවා. මේ රට විනාශවීමෙන් වලකාගන්නට හැකි ප්‍රබලම බලවේගය වන්නේ සංඝයා වහන්සේලායි. එහෙත් අවාසනාවට උන්වහන්සේලා අතර එක මතයක් නැහැ. මා ඉතා ගෞරවයෙන් සංඝයා වහන්සේලාට ආරාධනා කරනවා රට ජාතියේ නාමයෙන් එක අරමුණකට ඒම සඳහා කටයුතු කරන ලෙස.

:       0       8

priyantha. Tuesday, 11 June 2019 04:40 AM

ඔතන ඉන්න කට්ටිය සිවුර ගලවලා සරමක් ඇඳගෙන මංගල එක්ක ඕනෙ සෙල්ලමක් දාගන්න. නමුත් අපි ශාසනේ රකින වහන්සේලා කියලා කියන්න එපා... අනේ අපේ නායක උන්වහන්සේලා නිදාගෙන...

:       0       72

thilakasiri Tuesday, 11 June 2019 07:39 AM

වැරදිලාවත් නොකළ යුතු ප්‍රකාශයක් මංගල ප්‍රකාශ කරපු හැටි විද්‍යුත් මාධ්‍ය ඔස්සේ මට පැහැදිලිවම ඇසුණි. මගේ කණේ දෝෂයක්දැයි මට දැන් හිතේ. මාධ්‍ය ඔස්සේ මොහුකළ ප්‍රකාශය නැවත වරක් අහන්නට ඇත්නම් හොඳයි කියා මට හිතේ. මේ රට සිංහල බෞද්ධ රටක් නොවේ නොකියා ඓතිහාසික සිංහල බෞද්ධ රටක් වූ මේ රට ඉංග්‍රීසි පාලකයින් ඇටවූ උගුල නිසා අද සිංහල බෞද්ධ රටක් යයි කියන්න බැරි තත්වයකට දේශපාලනඥයින්ගේ බල ලෝභය නිසා දෙමළ හා මුස්ලිම් ජාතීන් වර්ධනය වී ඇත කියා කීවා නම් අවනම්බුවක් නැහැ වගෙයි. මංගල ඔබ කළ වරද හරියට අවමගුල් ගෙදරක කථා පවත්වන්න ගිහින් මංගල සභාවෙන් අවසරයි කිව්වා වගෙයි. ඔබ කළ වරද දන්නේ නැහැ කීම ජනාධිපති මෛත්‍රීපාල කරන කියන දේ වැනිය. තනතුරේ බලතල නිසා බලෙන් වැජඹෙන්න හදන ඔබලා වැනි අයව බහුතරය ප්‍රතික්ෂේප කරන අතර මරණින් මතුත් දුක් විපාක ලබන ගැලවිය නොහැකි ආත්ම ලබන හැටි මට නම් පැහැදිලියි. අංගුලිමාල මිනීමරා රහත් වූ අයුරු ඔබට නොවැටහුණාට මම හොඳාකාරවම දනිමි. මින් මිදිය හැක්කේ අනුන් නොරවටා දැන්වත් ඔබකළ වරදට රටේ මුළු ජනතාවගෙන්ම සමාව ගත්තොත් පමණි. තවමත් ඔබට කාලය ඇත. අද බහුතරය එදා මෙන් රවටන්න බැරි බව දැනගත යුතුය.

:       0       15

priyantha Tuesday, 11 June 2019 12:03 PM

බත්කන බූරුවන් ලංකාවේ ඉන්නකන් සමනල්ලු දිනුම්... වේදනාව කහ සිව්රු පොරවාගත් හාමුදුරුවරු මේ රට බෞද්ධ රටක් නෙවේ කියන අය ළඟ ඉන්න එක... මැදපෙරදිග ඉන්නේ මුස්ලිම් අපි ඒවාට කියන්නේ මුස්ලිම් රටවල් ඉන්දියාවට කියන්නේ හින්දුස්ථාන්... ලංකාව... මංගලගෙන් අහන්න. අනේ හාමුදුරුවනේ අපිට පව් පුරවන්න එපා. ඔබවහන්සේලා මේ අයට නූල් බඳින්ඩ ඉස්සර මේ අය අපේ ඉතිහාසය දන්නවද කියල බලන්න... ජාතිය වනසන්ඩ ආපු සේතන්ලා

:       0       63

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 148 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 318 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 1379 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 201 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 411 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 369 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 324 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site