IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


ඇමැති තොණ්ඩමන්ගේ ආදාහනය කොරෝනා මර්දන නීතිවලට

අජන්ත කුමාර අගලකඩ

ලංකා කම්කරු කොංග්‍රසයේ නායක, අභාවප්‍රාප්ත ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු කොරෝනා මර්දනය සඳහා රජය විසින් පනවන ලද නීතිරීතිවලට අනුව සිදුකරන්නැයි සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුම් දී ඇත.

තොණ්ඩමන් මහතාගේ අවසන් කටයුතු රාජ්‍ය අනුග්‍රහය ඇතිව අනිද්දා (31) පස්වරුවේ කොටගල, නෝර්වුඩ් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර ඒ සඳහා සීමිත පිරිසක් සහභාගී කරවා ගන්නැයි ද සෞඛ්‍ය අමාත්‍යාංශය දන්වා තිබේ.

සෞඛ්‍ය අමාත්‍යාංශය මේ බව ‍තොණ්ඩමන් මහතාගේ පවුලේ සාමාජිකයින්ට සහ නුවරඑළිය දිස්ත්‍රික් ලේකම්වරයාට ද දන්වා යවා ඇතැයි වාර්තා වේ.

තොණ්ඩමන් මහතාගේ අවසන් සිදුකෙරෙන නෝර්වුඩ් ක්‍රීඩාංගණයට විශාල පිරිසක් සහභාගී කරවාගැනීමට යන බවට ලැබී ඇති ආරංචි හේතුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය මෙම දැනුම්දීම කර ඇත.



අදහස් (28)

ඇමැති තොණ්ඩමන්ගේ ආදාහනය කොරෝනා මර්දන නීතිවලට

pradeepa Friday, 29 May 2020 05:03 PM

දැන් අශ්වයා ගිහින් ඉස්තාලය වැහුවට වැඩක් නැහැ.. දේහය වටේම ගෙනිච්චා... බොරුවට දැන් කොරෝනා පාලනය කරන්න හදනවා.

:       0       0

Prabha Friday, 29 May 2020 05:20 PM

රට වටේ දවස් ගාණක් ගෙනිහින් දැන්ද නීතිරීති මතක් වුණේ?

:       0       0

විජිත් Friday, 29 May 2020 05:50 PM

මේ ගොල්ලෝ මොනවද මේ කියවන්නේ..? මහින්ද රාජපක්ෂ තොන්ඩමන්ගේ අවමගුල් ගෙදර ගිහින් තොන්ඩමන්ගේ පුතාව සිප වැළඳ ගත්තේ කොරෝනා නීතිරීතිවලට අනුවද..? ඒ මරණය වුණු අවස්ථාවේ සිට මරණ ගෙදර ගිය, මිනියට ගෞරව කරන්න ගිය සියලුම මෝඩ, නූගත්, දේශපාලුවන්ට මේ රටේ බුද්ධිමත් මිනිස්සුන්ව තවත් රවට්ටන්නට බැරිවෙන විදිහට රූපවාහිනී ආයතන කිහිපයක සිදුවන ඇත්ත ප්‍රවෘත්තිවලට පෙන්වූවා. මියගිය තොන්ඩමාන් මහතාට අවසාන ගෞරවය දක්වන්න ගිය සියලුම දේශපාලුවන් සිටියේ එකිනෙකාට ගෑවී නොගෑවී වගෙයි.. මීටරයක දුරක් එකිනෙකා අතරේ තබාගත්තාද..? ඇත්ත මීටරය කියන්නේ කුමක්ද කියලාවත් දැනගන්න මේ දේශපාලුවන් පාසල් ගිහින් තියෙන්න ඕනෑනේ. දැන් මේ පැහැදිලි සාක්ෂි තිබෙද්දීත් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහත්මයා ( මම බොහොම ගරු කරන මහත්මයෙක් ) මේ ගැන කියන්නේ කුමක්දැයි අපි බලාගෙන සිටිනවා. කොරෝනා නීතිවලට පටහැනි ලෙස හැසුරුණු දේශපාලුවන් 250 ක් විතරත් ඒ අයගේ ගෝලබාලයින් 500 ක් විතරත් ගෙනියන මග දෙපස තෙරපි තෙරපී බලාසිටි 1000 විතර සාමාන්‍ය ජනතාවත් නිරෝධායනය කරමුද..? බැරි නම්.. ඇයි බයද...?

:       0       0

සඳුන් Friday, 29 May 2020 06:05 PM

ජනතාවගේ වෙහෙසකර කැපවීම උදුරාගත් ගෝත්‍රික දේශපාලනය. උන්ව සුරකින මහ හොරුන්. ඒ දෙස අසරණව බලාසිටින රාජ්‍ය නිලධාරීන්. ශ්‍රී ලාංකිකයින් කොතරම් අසරණද ?

:       0       0

Mr Don Friday, 29 May 2020 06:19 PM

අශ්වයා ගිය පසු ඉස්ථාලය වැසීම.. අහෝ අනිල් ජාසිංහ මහතාණෙනි...

:       0       0

Mahesh Friday, 29 May 2020 06:20 PM

බැරි වෙලාවත් තොණ්ඩමාන් UNP එකත් එක්ක එකතුවෙලා හිටියා නම් බලාගන්න තිබුණා.. අප්පොච්චිගෙයි, ගෝල නඩෙයි සද්දෙ... කෝ මේ පංචායුධ කුමාරයා..?

:       0       0

WCA Friday, 29 May 2020 11:05 PM

දැන් බයිලා ගහන්න එපා... ඔක්කොම නිරෝධායනය නීතිය කඩලා සමාජයෙන් විරෝධතාවය එනකොට කියනවා නිරෝධායනය නීතියට අනුවලු. 225රැල හිටපු හැටි අපි දැක්කා.. ලොක්කන්ට එකක් පොඩි එකාට තව එකක්..

:       0       0

බිංකුන්ඩා Saturday, 30 May 2020 01:11 AM

අසු ගිය පසු දොර වැසීලු..⁣ මෝරුන්ට දැල් නොදමනුය.. හාල්මැස්සන් අල්ලනුය.. ඛේදයකි නිරුවත නොවෙද වෙදැදුරනි..

:       0       0

chandima Saturday, 30 May 2020 01:32 AM

ඒ කියන්නේ මෙහෙම වුණේ කොරෝනා හැදිලා නිසාද?

:       0       0

සමිත සේනක අලුත්ගමගේ. Saturday, 30 May 2020 02:37 AM

මොන නිරෝධායන නීතිද ? මලමිනියත් උස්සගෙන ගිය ප්‍රචාරයේදී හොඳහැටි නීතිය උල්ලංඝනය උනේ? දැන් මොනවාද මේ කියවෙන කතා? මේවා කා රැවටීම පිණිසද?

:       623       1424

Thushara Saturday, 30 May 2020 03:24 AM

මෙච්චර කාලයක් ඔය කියන නීති කොහෙද තිබුනේ? විවෘත රථ වල නැගීගෙන රට වටේ මිනිය ගෙනියමින් මීටරය තියා අගලකවත් පරතරයක් තිබුනෙ නෑ. ආදහනය විතරක් එහෙම කලාම කොරෝනා බෝ වෙන්නෙ නැද්ද? බුදුන්ගේ තෙමගුල සැමරුවොත් විතරද කොරෝනා බෝ වෙන්නේ?

:       655       1367

ChandanaSaturday, 30 May 2020 09:03 AM

නෑ නෑ මුස්ලිම් අය මිනිය වැළලුවොත් විතරයි කොරෝනා බෝවෙන්නේ..

:       0       0

wijeSunday, 31 May 2020 02:18 AM

මසුරන් වටිනා අදහස.

:       0       0

rana Saturday, 30 May 2020 03:32 AM

නීති සියල්ලම අපිට පමණි... ඔය අයට බලපාන්නේ නැහැ.

:       0       0

Mahesh Saturday, 30 May 2020 03:48 AM

අනේ මහත්තයෝ නිකන් විහිළු සපයන්න එපා. අපි දැක්කනේ මීටරේ පරතරේ... මාස්ක්, හැමදෙයක්ම. ඇයි මෙයා පොහොට්ටුවට උදව් කරන හින්දනේ මේ ඔක්කොම... අනේ පව් රටේ නීතියට ගිය කලක්...

:       0       0

Bogala Savundiris Saturday, 30 May 2020 03:48 AM

අම්මෝ...!!! හිනාව හිරවෙලා තව පොඩ්ඩෙන් මම මැරෙනවා.

:       0       0

de silva Saturday, 30 May 2020 05:03 AM

අනේ නිකන් ලෝකේ හිනස්සන කතා කියන්නේ නැතුව ඉන්න... දකුණට දකුණේ නීතිය, වතුකරේට තොන්ඩමාන්ගේ නීතිය, උතුරට කරුණා නීතිය, මීගමුවට ලංස ගේ නීතිය, පොළොන්නරුවට හබරලිය මුදලාලිගේ නීතිය, උතුරට විග්නේශ්වරන් නීතිය, අපි හැමෝටම කොරෝනා නීතිය...

:       0       0

Siri Sean Saturday, 30 May 2020 05:51 AM

අනේ අපේ රටට දියසේන කුමාරයාවත් රජ වුණොත්. අනේ එ්ත් එයත් මේ වගේ අන්තිමට “ හිටන් “ වෙලා මිස පුටින් වගේ වෙන්නේ නැහැ.

:       0       0

chinthana Saturday, 30 May 2020 06:31 AM

මළගෙවල් හතරක් තිබ්බනේ ඔය මොන නීතියක්වත් නැතුව. ජනතාව කිසිම පරතරයක් නැතුව පෝලිමේ ඇවිත් අවසන් ගෞරව දැක්කුවේ. මේ අන්තිම වෙලාවේ මොකටද නීති? බෝවෙන කෙනකුට දැන් බෝවෙලා ඉවරයිනේ.

:       0       0

Rata Perata Saturday, 30 May 2020 07:04 AM

දේශපාලකයා පිනවන්න තමයි මේවා තියෙන්නේ. මේක ඉතාම බාල වැඩක්.

:       0       0

Mg perera Saturday, 30 May 2020 07:19 AM

අශ්වයා පැනලා ගියාම තමයි ඉස්තාලෙ වහන්නේ...

:       0       0

nimesh Saturday, 30 May 2020 07:50 AM

දැන් තමයි තදවෙලා තියන්නේ...

:       0       0

Deepal Nirosh Saturday, 30 May 2020 10:15 AM

ඒ පාර මොකටද මේ එන්න හදන්නේ? දැන් දින කීයක් මෘත දේහය අනාරක්ෂිතව ප්‍ර‍දර්ශනය කළාද? ඇරත් එක තැනක විතරද? තව මොන නිරෝධායන නීතියක් කඩ කරන්නද? නාවික හමුදාව, කුවේට් ආගමනික වගේ තව එක පොකුරක් හැදුනොත් මුහුණ දෙන්නයි දැන් සූදානම් විය යුත්තේ... බොරුවට නීති නොදා...

:       0       0

විපරමා Saturday, 30 May 2020 11:06 AM

මාර්කටින් කෙරුවට පස්සේ දෙන් ඉතින් මොන නීතිද?

:       0       0

Lion Saturday, 30 May 2020 12:24 PM

කාටද හලෝ බොරු කියන්නේ..? අපි ගොන්නු කියලා හිතුවද? අපි දැක්කා ඔහෙලගේ කෙරුවාව..

:       0       0

Perakum Saturday, 30 May 2020 02:13 PM

තුෂාර, මොනවද මේ කියවන්නේ? බුදුන් වැන්දට ඡන්දෙ දිනන්න පුලුවන්ද?

:       0       0

vidya Saturday, 30 May 2020 09:17 PM

කෝ අර කොවිඩ් විද්වත් මණ්ඩලේ? දැන් කව්රුවත් පේන්න නෑ. අගමැති පවා මුඛවාඩම් නැතිව තෙරපි තෙරපී මිනිස්සු වැළඳගත්තේ. ඉතින් මෙතන රෝගබීජ තිබුණා නම් ඕන කෙනෙකුට බෝවෙන්න පුළුවන්නේ. කොහොමද මෙහෙම විශේෂ උත්සවාකාරයෙන් කරන්නේ? කෝ ගම්මන්පිලලා, අබේතිස්සලා, වීරවංශලා, සජිත්ලා, රනිල්ලා, ජෙප්පෝ කිසිම සද්දයක් නැහැනේ... ලබන මැතිවරණයට දැන් පටන් ගත්තා වෙන්න ඇති... වතුකරයේ මිනිසුන් හිඟානොකා හිඟා කනවා.. ඔය නායකයින් කියන මිනිසුන් කොළඹට වෙලා සැප විඳිනවා.. වතුකරයේ මිනිස්සු චූටි දරුවොත් එක්ක පුදුම දුකක් විඳිනවා...

:       0       0

sunanda Sunday, 31 May 2020 03:47 AM

සියවසේ විහිළුව...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කුඩු - අයිස් සමග නාවික හමුදා ලොක්කෝ 2ක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 591 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 112 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 819 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 840 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 1232 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 1113 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 217 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1534 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1427 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site