IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


ඇමැති තනතුරු අත්හළ මුස්ලිම් මන්ත්‍රීවරු මහින්ද හමුවෙති

(අජන්ත කුමාර අගලකඩ)
ආණ්ඩුවේ කැබිනට්, රාජ්‍ය සහ නියෝජ්‍ය ඇමැති ධුරවලින් ඉවත් වූ මුස්ලිම් මන්ත්‍රීවරු පිරිසක් අද (08) පෙරවරුවේ විපක්ෂ නායක කාර්යාලයේදී මහින්ද රාජපක්ෂ මහතා හමුවූහ.

රවුෆ් හකීම්, රිෂාඩ් බදියුර්දීන්, ඒ.ටී.එම්. ෆවුසි යන මහත්වරුන් ඇතුළු මුස්ලිම් මන්ත්‍රීවරු 7 දෙනෙක්ද, මහාචාර්ය ජී.එල්. පීරිස් හා මන්ත්‍රීවරුන් වන බන්දුල ගුණවර්ධන සහ කෙහෙලිය රඹුක්වැල්ල යන මහත්වරුද මෙම සාකච්ඡාවට සහභාගි වූහ.

එහිදී අදහස් දක්වා ඇති විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා මුස්ලිම් අමාත්‍යවරුන් ආණ්ඩුවේ තනතුරුවලින් එකවරම ඉවත්වීම තමා කිසිසේත් අනුමත නොකරන බව ප්‍රකාශ කර ඇත.

ජනවාර්ගික වශයෙන් නොබෙදී අන්තවාදය තුරන් කිරීමට සියලුදෙනා එක්ව කටයුතු කළයුතු බවද මහින්ද රාජපක්ෂ මහතා පැවසීය. මෙම සාකච්ඡාවට සහභාගී වූ මුස්ලිම් මන්ත්‍රීවරුන් ප්‍රකාශ කර ඇත්තේ මුස්ලිම් ජනතාවගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටළුවක් මතුවී ඇති බැවින් තමන් ආණ්ඩුවේ තනතුරුවලින් ඉවත් වූ බවයි. අන්තවාදයට තමන් විරුද්ධ බව ප්‍රකාශ කරඇති එම මන්ත්‍රීවරුන් සියලුම දෙනා එක්ව ජීවත්වන සමාජයක් බිහිකිරීම තම අපේක්ෂාව බවද සඳහන් කර ඇත.

 



අදහස් (44)

ඇමැති තනතුරු අත්හළ මුස්ලිම් මන්ත්‍රීවරු මහින්ද හමුවෙති

මංගල Saturday, 08 June 2019 07:23 AM

ඔය කවුරු එක්ක කතා කලත් බදුර්දීන්, අසාද් සාලි, හිස්බුල්ලා, මුජිබර් රහුමාන්, හකීම් වගේ අයව එකතු කර ගත්තොත් ඔයා ඊළග පාරත් ගෙදර තමයි මහත්තයො.

:       18       543

BamunuarachchiSaturday, 08 June 2019 10:27 PM

මුසල්මානුවන් සමග එකතු වුනොත් අපිත් මහින්දට ඡන්දය දෙන්නේ නැත.

:       1       92

chandimaSunday, 09 June 2019 02:49 AM

ගෙදර කොහේ යන්නද?

:       1       12

samanthaSunday, 09 June 2019 08:56 AM

පවතින ආණ්ඩුවේ ලොක්කෝ වගේ "ඩීල්" ගැහුවේ නැහැ. ගහන එකකුත් නැහැ. අපි පෙර තැබූ විශ්වාසයම තබමු, මෙතුමා නැවතත් රටට සැබෑ සාමය උදා කරයි...

:       185       426

harsha Saturday, 08 June 2019 07:28 AM

රට ජාතිය ගැන නොහිතා මේ ටික එකතු කරගෙන ආයෙත් ආණ්ඩුවක් අටවා ගත්තොත් ඔබ තුමා ගැන පොඩි හරි ගෞරවයක් තියෙනවනම් ඒකත් නැතිවෙලා යයි..

:       49       1029

de silva Saturday, 08 June 2019 07:31 AM

මොවුන් එක්ක වැඩිපුර කතාවට ගියොත් පොහොට්ටුවට තිබෙන ඡන්ද ටිකත් නැති වේවි. මහා පක්ෂ දෙකෙන්ම පසුගිය අවරුදු 20 තුල ජනාධිපතිවරනෙට ඉදිරිපත් වෙලා ජයග්‍රහණය කරපු නායකයන් ඡන්ද පොරොන්දු ඉටු නොකර අපිව රවටමින් දිනෙන් දින රට අගාදෙට යවපු නිසා, අපි කොහොමත් කතිරේ ගහන්නේ උගත් බුධිමත්, අවංක දේශපාලනයට නැති මහා සංඝ රත්නයේ සහ කාදිනල් තුමාගේ අශිර්වාදය ඇති ජාතින් භේද බින්න නොකරන ස්වාධින අපේක්ෂකයෙක්ට. ඊට පස්සේ ඔහු විසින් පාර්ලිමේන්තුව විසුරුවලා දැම්මම, පාර්ලිමේන්තු ඡන්දෙට පරණ දේශපාලකයා නැති විද්වතුන් ගෙන් පිරුන සංඝ සභාවේ, කතෝලික සභාවේ ආශීර්වාද ඇති පෙරමුණකින් ඡන්දෙට ඉදිරිපත් වෙනවා .

:       12       293

chinthakaSunday, 09 June 2019 08:54 AM

ඔහු "ගෝඨාභය" නොවේද? ඔහුමයි ඒ රටම ඉල්ලන අපේක්ෂකයා...

:       461       957

SALIYA Saturday, 08 June 2019 07:56 AM

පෙරලෙන පැත්තේ හිටියට වැඩක් නෑනේ. හැබැයි මේ ගොල්ලෝ ගිය තැන විනාශ වෙනවා. මොකද මේ ගොල්ලන්ට තියෙන්නේ පුද්ගලික ඇජෙන්ඩා...

:       576       1916

saliya Saturday, 08 June 2019 08:01 AM

අවසානයේදී උපවාසය අනුමත නොකරන බවක් හා හාමුදුරුවෝ දේශපාලන වශයෙන් හුදෙකලා වූ බවක් පෙනී යයි..

:       11       707

thushara Saturday, 08 June 2019 08:02 AM

වැරදිලාවත් වැද්ද ගන්න එපා.. එහෙම වුනොත් 2020 ඇපවත් නැතුව යනවා පක්ෂෙට ...

:       321       3750

KamalSaturday, 08 June 2019 10:21 AM

113 හෝ තුනෙන් දෙක ලබාගැනීමට මුස්ලිම් මන්ත්‍රීවරුන්ව ගත්තොත් ඔබ මොනවද කරන්නේ?

:       1       21

ThinkerSaturday, 08 June 2019 11:04 AM

මට පේන්නේ ඒක තමා මේ අයට කරන්න ඕන වෙලා තියෙන්නේ. උදව් කරනවා වගේ ගිහින් තියෙන තැන නැති කරන්න වගේ හදන්නේ.

:       5       82

ගොට්ටාSaturday, 08 June 2019 02:37 PM

මහින්දගේ පැත්තට ආපු ගමන් මේගොල්ලෝ දේශප්‍රේමී වෙනවා.

:       3       135

chris Saturday, 08 June 2019 08:16 AM

මේ කොයි කෙනත් එකයි. තමාගේ යැපීම වෙනුවෙන් ඕනෑම පැත්තක් ගන්න මැලි නොවේ රටේ සිංහල දෙමල හෝ මුස්ලිම් ජන කොටස් බෙදා ඒ බෙදීම් වාසියට හරවා ගනිමින් සාමාන්‍ය ජනකොටස් මුලාකරමින් හැසිරෙන පිරිසක් මිස නායකයන් නොවේ. මේ අයගෙන් තොර ශ්‍රී ලංකික දේශපාලනයක් පේනතෙක් මානයක නැත

:       3       154

banda Saturday, 08 June 2019 08:18 AM

හා එහෙනම් කවුරුත් මෙදා පාර පොහොට්ටුවෙන් ඡන්දෙ ඉල්ලමු

:       114       43

පී. සී. රුද්‍රීෙගා්. Saturday, 08 June 2019 08:20 AM

සෑම ලාංකිකයෙකුම එකම නීති පද්ධතියකින් පාලනය වීම මුස්ලිම් ඇමතිවරු මේ මොහොතේ පිළිගත යුතුය.

:       5       44

සේන Saturday, 08 June 2019 08:21 AM

වරද වරදක් සේ දකිනතුරු ඔවුනට නිවැරදි විය නොහැක. ලෝකයම 2020 ⁣ට සූදානම් වන්නේ සත්‍ය දකින විවෘත මනසකින් ය. ගොත්‍රික අදහස් සහ ගල් යුගයේ සිතුවිලි 2020 සමඟ සමපාත නොවන වග පටු මනසක් ඇති දුර්වල මිනිසුන්ට වැටහේවා.

:       0       28

sirimal Saturday, 08 June 2019 08:30 AM

මහින්ද මහත්තයා මේ කට්ටිය නැවත වතාවක් එකතු කර ගත්තොත් බොහෝ මාධ්‍ය මඟින් ඒ මොහොතේ සිට ඒ සියලුම දෙනා ක්ෂණික ජාතික වීරයින් බවට නම් කරනවා ෂුවර්...

:       516       391

saman Saturday, 08 June 2019 08:41 AM

මහින්ද මහතාගේ ගමනක අවසානය... එතුමා මේ අවස්ථාවාදීන් වැද්ද ගත්තොත් සිදුවේවි. මම එතුමා වෙනුවෙන් තුන් පාරක් කතිරය ගැසූ කෙනෙක්.

:       183       314

BamunuarachchiSaturday, 08 June 2019 10:23 PM

ඔබ හරි මොවුන් වද්ද ගත්තොත් මහින්දගේ ඡන්ද කැඩී යනු ඇත. එත් අපි දන්නේ නැහැ නේද මොවුන් මොකට හමු වුනාද කියා. අනික මොවුන් ඇමතිකම්වල නොසිටීම රටට ප්‍රශ්නයක්ද? අපේ මුස්ලිම් විරෝදය වෙනස්වෙන්නේ නැත.

:       1       27

Anada Saturday, 08 June 2019 09:28 AM

වැඩක් නැත

:       0       0

NUwan Saturday, 08 June 2019 10:31 AM

ජාතියේ ගැලවුම්කාරයෝ නොවන බව දැන්වත් පේනවද. මේක දැන්මම දැනගත්ත එක හොදයි

:       327       187

Abey Saturday, 08 June 2019 11:17 AM

ජුනි තුන්වනදා වන විට රටේ මුස්ලිම් වරුන්ට එරෙහිව ඇති කර තිබුන තත්වය දෙස බලන විට සියලු මුස්ලිම් ඇමැතිවරුන්ට ඉල්ලා අස්වීම හැර විකල්පයක් නැතිවා වන්නට ඇති.

:       0       73

susantha Saturday, 08 June 2019 11:22 AM

අපිද අන්තවාදය පතුරවන්නේ

:       58       12

පාල ගාල්ලගේ Saturday, 08 June 2019 01:12 PM

දැන් දේශද්‍රෝහීන් නෙවෙයි.

:       17       193

Saman Saturday, 08 June 2019 03:54 PM

රිෂාඩ් හොඳයිද දැන්... ?

:       1       207

BamunuarachchiSaturday, 08 June 2019 10:02 PM

කොහොමද හොඳ වෙන්නේ කෙනෙක් කතා කල පලියට? මේ කරන්නේ මොකක් හරි ගැටයක්.

:       1       89

Saman Saturday, 08 June 2019 04:00 PM

එක්කෝ ඊයේ දිනය වනතෙක් ත්‍රස්තවාදියා ලෙස හැඳින්වුණු බදූර්දීන් අද දහවල් වනවිට දේශප්‍රේමියකු වී තිබිය යුතුය.

:       34       159

Sumith Saturday, 08 June 2019 04:03 PM

රිෂාඩ් බදූර්දීන්ට යළි 'දේශප්‍රේමී ' භාවය ලැබෙයි. විශ්වාසභංගය දැන් අවශ්‍ය නැත,

:       30       257

Bamunuarachchi Saturday, 08 June 2019 10:14 PM

මහින්දට අපේ මනාපේ ලැබෙන්නේ නැත. මගේ ඡන්දය බොල් වෙනවා.

:       71       1

Mohomed Sunday, 09 June 2019 12:38 AM

ඔය පැන්නේ බළලා මල්ලෙන් එලියට.

:       77       2

Saman Sunday, 09 June 2019 02:03 AM

'මහින්ද , මුස්ලිම් අමාත්‍යවරුන් ආණ්ඩුවේ තනතුරුවලින් එකවරම ඉවත්වීම තමා කිසිසේත් අනුමත නොකරන බව ප්‍රකාශ කර ඇත.' ඥාණසාර, රතන හාමුදුරුවරු.... ගම්මන්පිල, විමලේ... කෝ?

:       8       67

Soysa Sunday, 09 June 2019 02:08 AM

ලැජ්ජ ඇත්නම් ආයෙත් උපවාස කරන එකක් නෑ...

:       0       3

chandima Sunday, 09 June 2019 02:43 AM

කට්ටියම එකතුවෙලා දඟලන්නේ සාෆිව බේරගන්න වගේ?

:       133       2

Asela Suraweera Sunday, 09 June 2019 05:01 AM

එක පක්ෂයකටත් වැඩි බලයක් දෙන්න නැතිනම්...... අඩු බලයක් තියෙන පක්ෂයට කරදර නොකර අවරුදු පහ කරගෙන යන්න දුන්නහම ඔය අයියලා නිකම්ම දන ගස්සන්න පුළුවන් මේ ගැන හොදට හිතල බලන්න බල ලොබ වෙන්නේ නැතුව රට ගැන හිතලා වැඩ කරන්න...

:       0       0

athura Sunday, 09 June 2019 05:35 AM

අර බමුණුආරච්චි මහත්මයා එහෙම මේ පැත්තෙන් ගියේ නැතෙයි...

:       0       52

pakeer Sunday, 09 June 2019 05:57 AM

මේක තමයි ඉතින් ක්‍රමේ... අපි මොවුන්ගෙන් වෙන මොනවා බලාපොරොත්තු වෙන්නද?

:       0       18

LAWRENCE Sunday, 09 June 2019 08:23 AM

මෙතන තමයි කෙළවෙන තැන ....

:       0       27

dilan Sunday, 09 June 2019 08:51 AM

මම මේ කල්පනා කරේ ආණ්ඩුවේ මානසික වහලුන් කොපමණ මානසික පරිහානියකට පත්වී ඇත්ද කියායි.... දැන් කොතනද තියෙන්නේ තිස් අවුරුදු යුද්ධය අවසන්කරපු අසහාය නායකයා මේ මුස්ලිම් ඇමතිවරු තැනගේ රජයට එකතුකර ගන්නවා කියලා? කොහෙවත් නැහැ..... ඒක තමයි රටට තේරෙන, ආණ්ඩුවේ ගැත්තන්ට නොතේරෙන ඇත්ත

:       1       1019

Sisil Sunday, 09 June 2019 08:55 AM

දැන් ඉතින් නම් පොහොට්ටු කුක්කෝ ටික කියාවි මේ මුස්ලිම් මැති ඇමැතිවරු ටික නියම දේශප්‍රේමී, ජාතිමාමක නියම බඩු ටිකක් කියලා. හුරේ..!! හිප්.. හිප් හුරේ...

:       120       56

apeksha Monday, 10 June 2019 07:08 AM

දෙන්නම් ඡන්දෙ එන්නකෝ...!!!

:       112       0

jagath Monday, 10 June 2019 08:59 AM

මෙයාගේ ප්ලෑන් එකක් වගෙයි... මෙයාලා ඉල්ලා අස්වුනේ...

:       114       1

ismayil Monday, 10 June 2019 09:12 AM

ඔන්න දැන් මුස්ලිම් දේශපාලකයන් දේශප්‍රේමීන් වෙලා වගෙයි... ඉස්සරහට කබරයෝත් තලගොයි වේවි...

:       102       1

jinasena Tuesday, 11 June 2019 04:28 PM

මෙන්න ඇත්ත මෙයාලා මෙහෙය වන්නේ මහින්ද

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රේගුවට ටෙන්ඩර් ඉදිරිපත් කරන පුද්ගලයන් බියකරන කල්ලියක්
2024 අප්‍රේල් මස 25 380 1

රේගු දෙපාර්තමේන්තුව රාජසන්තක කළ භාණ්ඩ ඩෙන්ඩර් කැඳවා අළෙවි කිරීමේදී ටෙන්ඩර් ඉදිරිපත් කරන පුද්ගලයන් බියගැන්වීමට මෙරටින් පැනගොස් සිටින පාතාල සාමාජික


මැණික් ව්‍යාපාරිකයින්ගෙන් කෝටි 50ක් වංචා කළැයි අයෙක් රිමාන්ඩ්
2024 අප්‍රේල් මස 25 376 0

මැණික් ව්‍යාපාරිකයින්ට වටිනා මැණික් ලබා දෙන බවට පවසමින් රුපියල් කෝටි පනහකට අධික මුදලක් වංචා කළේ යැයි කියන සැකකරුවෙකු ලබන 07 දින දක්වා රක්ෂිත බන්ධනාගා


ලක්ෂ 27ක මත්කරල් ඔරුගොඩවත්තෙන් අල්ලයි
2024 අප්‍රේල් මස 25 118 0

රුපියල් ලක්ෂ 27 ක් වටිනා මත්කරල් 27,000 ක් ජාවාරම් කිරීම සදහා ත්‍රිරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටි ‘බම්පින් කුමාර‘ නැමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවක් අද (


ඇමෙරිකාවෙන් යුක්රේනයට දුරදිග මිසයිල
2024 අප්‍රේල් මස 25 1278 2

රහසිගතව ඇමෙරිකාව ලබා දුන් දිගු දුර බැලස්ටික් මිසයිල ප්‍රථම වතාවට යුක්රේනය ක්‍රිමියාවේ රුසියානු ඉලක්ක වෙත පහරදීමට භාවිත කර ඇතැයි ඇමෙරිකානු බලධාරීහු


පලස්තීනය වෙනුවෙන් ලංකාව හැමවිටම කැපවෙනවා
2024 අප්‍රේල් මස 25 334 1

පලස්තීන ගැටලුවට සාධාරණ හා පුළුල් සාකච්ඡා සහිත දේශපාලන විසඳුමක් වෙනුවෙන් සහය දැක්වීමට ශ්‍රී ලංකාව අඛණ්ඩව කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ම


දුම්රියේ වැඩ ආවරණයට ප්‍රවාහන අධ්‍යක්ෂ ජනරාල් පත්කරයි
2024 අප්‍රේල් මස 25 386 0

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා ලෙස කටයුතු කළ එච්. එම්. කේ. ඩබ්.බණ්ඩාර මහතාගේ හදිසි අභාවය හේතුවෙන් පුරප්පාඩු වූ දුම්රිය සාමාන්‍යාධිකාරි තනතුරට සුදුසු නි


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 317 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1703 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1547 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site