IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


ඇඳිරිනීතිය කාලයේදී ගෘහස්ථ හිංසනය හා කෲරත්වය වැඩිවෙලා

(සිරංගිකා ලොකුකරවිට)
 

ඇඳිරිනීතිය පවතින කාලයේ දී ළමා අපයෝජන සිදුවීම් වර්තාවීම 33%කින් ඉහළ ගොස් ඇතැයි ජාතික ළමා ආරක්ෂණ අධිකාරියේ සභාපති මහාචාර්ය මුදිත විදානපතිරණ මහතා පවසයි. 
 
මේ පැමිණිලි සියල්ලම ගෘහස්ථ හිංසනය හා කෲරත්වය හේතුවෙන් සිදුවූ අපයෝජන බව ද ලිංගික අපයෝජනය සම්බන්ධ පැමිණිලි නොවන බවද හෙතෙම කියයි.
 
ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ ඇඳිරිනීතිය බලපැවැත්වෙන බැවින් අපයෝජකයා සහ වින්දිතයා වන දරුවන් ද නිවසට කොටුවී සිටීම මෙයට හේතුවක් බවයි.
 
ළමා අපයෝජනයක් යනුවෙන් හැඳින්වෙන්නේ ළමයෙකුගේ කායික හා මානසික තත්ත්වයට පිටස්තරව, ඔහු ගේ හෝ ඇයගේ යහපතට, හා මනා කල්ක්‍රියාවට එරෙහිව සිදු කරන කුමන හෝ අයහපත් ක්‍රියාවකි.
 
ඇඳිරිනීතිය පැනවීමට පෙර ළමයින් සම්බන්ධ පැමිණිලි දිනකට 40ක් පමණ ලැබුණු අතර ඉන් 10% පමණ ළමා අපයෝජන සම්බන්ද පැමිණිලි විය. ඇඳිරිනීතිය පැනවූ පසු ගත වූ දින 07ක කාලයේ දී ළමා ආරක්ෂක අධිකාරියට ලැබී ඇති පැමිණිලි  සංඛ්‍යාව 111 කි. ඉන් පැමිණිලි 36ක් ළමා අපයෝජන සම්බන්ධ පැමිණිලි බව සභාපතිවරයා සඳහන්  කළේය. 
''ඇඳිරිනීති කාල සීමාවේ දී ළමා අපයෝජන සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි සංඛ්‍යාත්මකව අඩුවී ඇතත් එහි ප්‍රතිශතය ඉහළ ගොස් තිබෙනවා. " යැයි හෙතෙම වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

මෙම පැමිණිලි වැඩිම ප්‍රමාණයක් ලැබී ඇත්තේ ළමා උපකාරක සේවාවේ 1929 හදිසි ඇමතුම් අංකයටය. එමෙන්ම වෙනත් දුරකථන මාර්ග ඔස්සේ ද ෆැක්ස් පණිවිඩ මගින් ද පැමිණිලි ලැබී තිබේ.මහාචාර්ය මුදිත විදානපතිරණ මහතා වැඩිදුරටත් මෙසේ ද කීවේය.
 

''ළමා අපයෝජනයන් සිදු කරන්නේ දරුවා හඳුනන අය වන දෙමාපියන්, වැඩිහිටියන් සහ දරුවන්ට රැකවරණය ලබාදෙන අය විසින්මයි. ඇඳිරිනීතියේ දී සිදුවන්නේ වෙනදා පාසල් ගිය, පන්ති ගිය දරුවන් ගෙදරට කොටුවීමයි. දෙපැත්තම ගෙදරට කොටුවීම නිසා ගෘහස්ථ හිංසනය, කෲරත්වය වැඩි වනවා, අපයෝජනය සිදුවෙනවා. 

ඉතින් මේ නිසා දෙමාපියන්ට ලොකු වගකීමකින් තියෙනවා දරුවන් නිසි පරිදි රැකබලා ගැනීමට. ඔවුන්ට ආදරය සෙනෙහස දැක්විය යුතුයි.  ළමයකුට පහරදීමෙන් ඒ ළමයා කායික හා මානසිකව තවදුරටත් හිංසනයට පත්වෙනවා. මේ වගේ අවස්ථාවක දී දරුවන් නිවෙස්වලට කොටුවී පීඩනයට පත්ව සිටින බව සියලු දෙමාපියන් වැඩහිටියන් තේරුම්ගත යුතුයි. අපිට පැමිණිල්ලක් ලැබුණාම අපි එ් සම්බන්ධයෙන් සොයා බලා අදාල අපයෝජකයා අත්අඩංගුවට ගන්නවා.



අදහස් (11)

ඇඳිරිනීතිය කාලයේදී ගෘහස්ථ හිංසනය හා කෲරත්වය වැඩිවෙලා

MD Wednesday, 25 March 2020 09:25 AM

දුවන මිනිසා හඳුනාගත ‌නොහැකිය. නැවතුන පසු ‌ලේසියෙන් හඳුනාගත හැකි ‌නේද? ඔන්න දරුවනේ සැබෑ ආදරය හඳුනාගන්න අවස්ථාව. ‌දෙමාපියන්ගේ වැරදි ආදරයෙන් ‌පෙන්වා ‌දෙන්න. ‌මෙච්චර දවස් ඔයාලා දිව්වා.දිව්වා. හති වැටෙනතුරු දිව්වා මතකද? ‌මොනවද ‌හොයාගත්තේ ? සල්ලිද? අධ්‍යාත්මයද? ආදරයද? කරුණාවද? වෛරයද? ඉරිසියාවද? පළිගැනීමද? ධර්මයට නැඹුරු ‌ෙවෙන්න. ඔබට සැමදා සතුටින් සිටිය හැකි ‌වෙයි. අත්දැකීමෙන් කියන්නේ.

:       0       312

RaveendraWednesday, 25 March 2020 09:59 AM

ඔබගේ ඉතා වටිනා අදහස් අපිි අගයන්නෙමු. අද සමාජයේ බොහෝ පවුල් තුළ එකට එක මේසයේ කෑම වේලක් ගැනීමත් ඉතා අසීරු කරුණක් උවත් අඩුතරමින් මෙම දින කිහිපය තුළ දෙමාපියන්ට මෙන් දු දරුවන්ටද දුර්ලබ අවස්ථාවක් ලැබිලා තියෙනවා එය සපුරා ගැනීමට.එය සියල්ලෝම ප්‍රයෝජනයට ගනිත්වා !!

:       0       94

රවින් Wednesday, 25 March 2020 09:48 AM

"වැඩක් නැති එකාගේ ඔලුව යකාගේ කම්මල" වගේ කියන්නේ ඇත්ත නේද? ඇඳිරි නිතිය එලියට බහින්න විදිහක් නැහැ. ඉස්සර තිබුනා වගේ පොඩි හරි වත්තක් පිටියක් නැහැ. ළඟ පාතක ගෙයකටවත් යන්න බැහැ. ඒගොල්ලොත් කොරෝනාවට බයේ. හැම තැනම තට්ටු නිවාස. දවස පුරාම කරන්න දෙයක් නැති උනහාම ? මොනවා කරන්නද? පොඩි උන්ටවත් ළඟ පාතක යාළුවන් එක්ක සෙල්ලම් කරන්න යන්න දෙන්නවත් බයයි. දැන් ටික දවසකට ඉස්සරනම් පොඩි උන්ට අමතර පන්ති, අමතර ක්‍රියා කාරකම් . දැන් එකත් නැහැ. පොඩි කට්ටියගේත් මොලේ තියෙන්නේ මොකද අපි කරන්නේ කියලා. එතකොට ගෙදර උන්දැ. ළමයි අමතර පන්ති ගෙනියන්න තියනවා , කඩේ ගිහින් බඩු නොගත්තත් රවුමක් ගහලා හරි එන්න පුළුවන්, වට පිට ගෙදරක ඉන්න යාලුවත් එක්ක කයියක්වත් ගහන්න පුළුවන්. දැන් ඔක්කොම හබක්. ආ ජංගම දුරකතනේ? ඒකට සල්ලි දාගන්න විදිහක් නැහැ. ඔක්කොටම ඩෝන් ගිහිල්ලා. ඇයි සුපුරුදු රටාව වෙනස් වෙලා. එකම දේ තමා හොස්ස ලඟින් මැස්සා ගියත් තරහා ගන්න එක. එක නිවාගන්න එළියට යන්න බැහැ. ඇඳිරි නිතිය.. චීනයේ වුහන් පළාතෙත් දික්කසාද 300% කින් වැඩිවෙලාලු. පුරුවේ පිනකට දියවන්නාවේ 225 ගෙදර. නැතිනම් මොලේ ඩබල් කචල්. කොහොමද පෙරලිය.

:       0       113

Asanka Wednesday, 25 March 2020 10:07 AM

මේ අය මිනිස්සුද ? ‌ෙමේ ‌ෙගෙවල් වලටම ‌‌ෙකොටු වුනු දරුවන්ට වද ‌දෙන්නේ ? ‌කොරෝනා හැදිලා මැරිලා යන්න සුදුසු ‌මේවගේ අය. ඇයි ‌දෙයියනේ තමන්ගේ ‌ලෙයින් හැදුනු දරුවන් ආදරෙන් බලාගන්න බැරි ?

:       0       33

samantha Wednesday, 25 March 2020 10:16 AM

පෙරදිග රටවල් කාර්මික දැනුමෙන් දුප්පත් වුවත්, අධ්‍යාත්මික දැනුමෙන් පොහොසත් පිරිසක් ලෙසයි මිනිසුන් සලකන්නේ. නමුත්, මේ පුවතින් දක්වන්නේ, අපේ රට හැම දෙයින්ම දුප්පත් රටක් බවයි. මෙයට වගකීම ගත යුත්තේ දේශපාලකයින් නොව, රටේ වාසය කරන මිනිසුන්මයි.

:       0       0

පිටිගල මිලානෝ Wednesday, 25 March 2020 10:16 AM

ස්වභාවධර්මයාට මිනිසාව පසෙකට ඇද, ගෙවල් අස්සටම දමා ස්වභාවධර්මයාට මිනිසා විසින් කල අපරිමිත හානිය යලි සකස් කර ගනිමින් පවතී. වාතය පිරිසිදුවෙමින් පවතින අතර ඕසෝන් ස්ථරයේද පලුදු වූ තැන සැකසෙමින් පවතී.

:       0       0

Mano Wednesday, 25 March 2020 10:34 AM

කොරොන්ටයින් මිසක් ‌කොරොල් ටයිම් ‌නෙවේ.

:       0       16

මුණසිංහ Wednesday, 25 March 2020 10:48 AM

පාසල් ගියා නම් හොදයි කියලා ‌නේද ‌මේ කියන්නේ ? පාසල් තුළ ගුරුවරුන්‌ගේ ආදරය දෙමාපියන්ට වඩා ලැබෙන බවයි ඔය කියන්නේ.

:       0       7

ravi Wednesday, 25 March 2020 10:50 AM

නිදහසේ දහදුරාවේ යන්න බැරිවෙනකොට ‌මේ වගේ ප්‍රශ්න ඇතිවෙනවා.

:       0       77

Kamal Wednesday, 25 March 2020 12:27 PM

බුදු බණට හීලෑ වුන යක්කු ඉන්නෙ කිව්ව නේද? මේ දවස්වල බන අහන්න විදිහක් නැති නිසා හීලෑ ගතිය අඩු වෙලා ඇති.

:       2       18

bandula Wednesday, 25 March 2020 02:07 PM

මෙම ප්‍රශනය ලොව පූරා පැතිරිලා. මේ නිසා ඔස්ට්‍රලියාවේ තවම පාසල් වහලා නැහැ, බොහෝ පාසල් ගෙවල් වලට ළඟ නිසා. මත් පැන් පානය වැඩි වෙලා.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආරවුලින් එක් දරු පියා මරුට
2024 අප්‍රේල් මස 23 609 0

මින්නේරිය විදුලිබල මණ්ඩලය ආසන්නයේ අද රාත්‍රියේ පුද්ගලයන් තිදෙනකු අතර ඇති වූ ගැටුමක් දුරදිග යාමෙන් තියුණු ආයුධ පහරකින් එක්දරු පියකු ජීවිතක්ෂයට පත්ව


ජනපති පුටුවට හතක් පෝලිමේ
2024 අප්‍රේල් මස 23 1363 0

ජනාධිපතිවරණ උණුසුම දිනෙන් දින වැඩිවෙමින් පවතිද්දී එම මැතිවරණය සඳහා ඉදිරිපත්වීමට තීරණය කර ඇති අපේක්ෂකයන් සංඛ්‍යාවද 7 ක් දක්වා ඉහළ ගොස් ඇත.


ජී.එම්.ආර්ගේ මරණය පොලිසියට සැකයිලු
2024 අප්‍රේල් මස 23 1582 0

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගේ මරණය සම්බන්ධයෙන් සාධාරණ සැකයක් පවතින බැවින් හදිසි මරණ පරීක්ෂණයක් පමණක් පවත්වා අවසන් කිරීම ප්‍රමාණවත් නැතැයි අනුරා


සජිත් - අනුර විවාදයට සත්කාරකත්වය නීති ශිෂ්‍ය සංගමයෙන්
2024 අප්‍රේල් මස 23 928 0

ජාතික ජන බලවේගය සහ සමගි ජන බලවේගය අතර පැවැත්වීමට නියමිත විවාදය නීති විද්‍යාලයේ පැවැත්වීමට සිය සංගමය, පක්ෂ දෙකේ නායකයන්ට යෝජනා කර ඇති බව ශ්‍රී ලංකා නීත


රටට ඔබින හොඳ අධ්‍යාපන ක්‍රමයක් අවශ්‍යයි
2024 අප්‍රේල් මස 23 244 0

අධ්‍යාපනය දේශපාලන පාපන්දුවක් බවට පත් කර ගතහොත් අවසානයේ පරාජයට පත් වන්නේ රට බැවින් පෞද්ගලික මත පසෙකලා සියලු දෙනා එක්ව සාකච්ඡා කර රටට ඔබින හොඳම අධ්‍යාප


උමාඔය විදුලි ජනන යන්ත්‍ර දෙකට කාන්තා නම්
2024 අප්‍රේල් මස 23 2065 0

උමාඔය භූගත විදුලි බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර දෙක එහි ඉදිකිරීම් ක්‍රියාත්මක වන කාලයේ සේවය කළ සුළු සේවිකාවන් දෙදෙනකුගේ සේවය ඇගයීම වෙනුවෙන් ‘දසුනි’ සහ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 283 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1640 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1517 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site