(රේඛා තරංගනී ෆොන්සේකා)
මාර්තු මාසයේ දී පැවැත්වීමට නියමිත අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට අපේක්ෂිත සහ නිවෙස් ගත නිරෝධායනයට යොමුකරනු ලබන ආශ්‍රිතයන් අතරින් හදිසියේ කොවිඩ් ආසාධිත සිසුවෙකු හමුවුවහොත් එවැනි සිසුන් සඳහා විභාග දෙපාර්තමේන්තුවට සහයෝගයක් ලෙස නවගමුව රෝහල වෙන්කරන බව කොළඹ දිස්ත්‍රික් ලේකම් (දිසාපති) ප්‍රදීප් යසරත්න මහතා අද (22) පැවසීය.
කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ, කොළඹ දිස්ත්‍රික් ලේකම් (දිසාපති) ප්‍රදීප් යසරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද(22) පැවති කොරෝනා මර්දන කමිටු රැස්වීමේ දී මේ බව හෙතෙම සඳහන් කළේය. කොළඹ දිස්ත්‍රික් ලේකම් (දිසාපති) ප්‍රදීප් යසරත්න මහතාගෙන් කළ විමසීමේදී ඔහු වැඩිදුරටත් මෙසේ ද කීය.
ආසාධිත තත්වයට පත් එවැනි සිසුන්ට විභාගයට පෙනී සිටීමට අවශ්‍ය නම් රෝහල තුලදී එකී පහසුකම් සැපයීමට ද බලාපොරොත්තු වන බව ඒ මහතා පැවසීය.
එන්නත්කරණ වැඩසටහන යටතේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයන්හි සේවයේ නියුතු ග්‍රාම නිලධාරීන්, සංවර්ධන නිලධාරින්, සමාජ සේවා නිලධාරීන් සහ නිරෝධානය වෙන නිවෙස් හා සම්බන්ධ වෙමින් බඩු භාණ්ඩ බෙදා දෙන සේවක කණ්ඩායම් වෙත කොරෝනා එන්නත ලබාදීමේ ප්‍රමුඛතාවය ලබාදීම පිළිබඳව ද අවධානය යොමුකළ බව ද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
මේ අවස්ථාවට යුද හමුදා ආඥාපති (බටහිර) කොවිඩ් සම්බන්ධීකාරක මේජර් ජෙනරාල් වසන්ත ආබෲව් මහතා, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි (කො. උතුර) මංගල දෙහිදෙනිය මහතා, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි (කො. මධ්‍යම) නිශාන්ත චන්ද්‍රසෙකර මහතා, ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ(කොළඹ) වෛද්‍ය ඉන්දික ජාගොඩ මහතා, මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක (අවිස්සාවේල්ල) බී.ඒ.ඩබ්.කේ. වීරසේකර මහතා ඇතුළු මහත්ම මහත්මීහු පිරිසක් සහභාගී වූහ.
කල්පිටියේ දූපත් පහක් බද්දට ගත් ආයෝජකයන් පස්දෙනකු රුපියල් හය කෝටියකට ආසන්න බදු මුදලක් සංචාරක සංවර්ධන අධිකාරියට ගෙවීම හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය
ලෝකයේ අති නවීනම තාක්ෂණය සහිත අඹේවෙල කිරි ගොවිපොළ සමූහයේ සංවර්ධන කටයුතු පිළිබඳ සොයා බැලීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (20) පෙරවරුවේ එහි නිරීක්ෂ
ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීමට වෙළඳ අමාත්‍යාංශය තීරණය කර ඇත
ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක
ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා
ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
ආසාදිත සාමාන්‍ය පෙළ සිසුන්ට නවගමුව රෝහල වෙන්කෙරේ