IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


ආරක්ෂක අමාත්‍යාංශය ජනපති යටතට ගැනීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විමසන්න යයි

 

(රංජන් කස්තුරි)

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනයට අනුව ජනාධිපතිවරයාට ආරක්ෂක අමාත්‍යාංශය තබාගත හැකිද යන්න සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන්  අර්ථනිරූපනයක් ලබා ගැනීමට සූදානමක් පවතින බවට ආණ්ඩුවේ ආරංචි මාර්ග සඳහන් කරයි.

19 වැනි සංශෝධනයට අනුව ජනාධිපතිවරයා කිසිදු අමාත්‍යාංශයක් තබාගත නොහැකි නමුත් ඔහු විධායක ජනාධිපතිවරයා ලෙස ත්‍රිවිධ හමුදාවේ අණ දෙන්නා වන්නේය. මීට අමතරව යුද්ධය හා සාමය ප්‍රකාශයට පත් කිරීමේ බලතල පවතින්නේද විධායක ජනාධිපතිවරයාටය.

එවැනි ත්ත්වයක් පවතිද්දී ආරක්ෂක අමාත්‍යාංශය වෙනත් ඇමැතිවරයෙකුට පැවරීම ගැටළු සහගත හෙයින් හා 19 වැනි සංශෝධනයේ අපහැදිලි තත්වයක් පවතින හෙයින් ඒ සම්බන්ධයෙන් අර්ථනිරූපනයක් ලබාගැනීමට ජනාධිපතිවරයා බලාපොරොත්තු වන බවද පැවසේ.

 



අදහස් (24)

ආරක්ෂක අමාත්‍යාංශය ජනපති යටතට ගැනීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විමසන්න යයි

K.S.L Thursday, 12 December 2019 05:14 PM

අපි ආණ්ඩුක්‍රම ව්‍යවස්තාවට ගරු කල යුතුය. ඒ අනුව කටයුතු කරමු. ආරක්ෂක අමාත්‍යංශය ආරක්ෂක අමාත්‍යවරයට දෙමු මෙතෙක් පැවති සම්ප්‍රදායට ගරු කරමු.

:       118       323

Nimal ... Thursday, 12 December 2019 05:37 PM

ඔන්න අපේ රටේ නූතන නීතිඥයෝ සංශෝධනයක් හැදුවා. හරියට ඒක නොදන්න මගුලට ගිහින් වරිගෙ නහ ගත්තා වගේ. පුංචි තිරේට ඇවිත් කෙසුත් පලයි. නොදන්න මගුලකුත් නෑ දන්න දේකුත් නෑ කිව්වා.

:       2       122

jagath Thursday, 12 December 2019 05:47 PM

වැඩක්.... නෑ.... බෑ ....19 වන සංශෝධනයට අනුව 2019 යේ ජනාධිපතිවරණයෙන් පත්වන කාටවත් ඇමතිකම් දරන්න බෑ ..බෑ ..බෑ ..මයි.

:       197       303

විජිත් Thursday, 12 December 2019 06:53 PM

තීරණය හිතා ගන්න පුළුවනි. හොඳයි...

:       37       58

ලියනගේ Thursday, 12 December 2019 07:20 PM

ස්වාධින අධිකරණයක් නම් නොහැකිය එදාමෙන් පක්ෂක්ග්‍රාහී අධිකරනයක්නම් හැකිය.

:       144       158

Sudath Thursday, 12 December 2019 09:09 PM

19 හොඳට වඩා වින්නැහි වැඩියි

:       170       155

NishanSunday, 15 December 2019 04:06 AM

අපේ රටේ බහුතරයකට ඕන උනේ ඒකාධිපතියෙක් බිහි කරගන්නයි.

:       0       0

ලුම්බිණි Thursday, 12 December 2019 11:22 PM

බලමු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දෙන අර්ථනිරූපනය. 19 වැනි සංශෝධනයට අනුව ජනාධිපතිවරයාට කිසිදු අමාත්‍යාංශයක් තබාගත නොහැකි නම් ආරක්ෂක අමාත්‍යාංශය ජනපති යටතට ගැනීම ප්‍රශ්නයක්.

:       214       166

gayani punchi hewa Friday, 13 December 2019 01:14 AM

බළලුන්ට කොස් ඇට බාගන්න නම් ඉඩ තිබ්බොත් මේ රටට වෙන්න යන දේ හිතාගන්නවත් බැරියෝ.

:       26       109

මුණසිංහ Friday, 13 December 2019 01:31 AM

19 සංශෝධනයේ එකම අරමුණ රාජපක්ෂලාට ගැහීම. දැන් එහෙම් පිටින්ම අච්චාරුවක් වෙලා. ඕක සම්පූර්ණයෙන් අයින් කරලා අවශ්‍ය කොමිෂන් සභා පිහිටුවීම වැනි දේවල් විතරක් නැවත ගේන්න. රනිල්ලා කරපු ඔක්කොම එක වගේ. රට විනාශම කළා.

:       362       552

ranaFriday, 13 December 2019 03:08 AM

ඔය කියන සංසෝදනයට සියලු කට්ටිය අත ඉස්සුවා නේද ? එදා 18 එනකොට අත උස්සපු ඇයොම නේද ?

:       42       124

gunarathna Friday, 13 December 2019 01:39 AM

උසාවිය තීන්දු කෙරුවොත් ආරක්ෂක අමාත්‍යංශය ජනාධිපතිට ගන්න බැහැ කීවොත් ප්‍රශ්නයක් නැහැ. මොකද අගමැතිට ගන්න බැහැ කියලා නීතියක් නැහැනේ. මහින්ද යුද්ධේ ඉවර කෙරුවේ ආරක්ෂක ඇමතිකම තියාගෙන ගෝඨා ලේකම් කරගෙනනේ.

:       2       182

සමන්ත Friday, 13 December 2019 02:39 AM

එතකොට කලින් ජනපති තියාගෙන හිටියේ කොහොමද.? මතකනේ අන්තිම කාලේදී රූපවාහිනියත් ආරක්ෂක අමාත්‍යාංශය යටතට ගත්තා.. අනේ මන්දා මේ 19 මොකක්ද කියලා. ඒ දවස්වල පරිසර කලින් ජනපතිමනේ. අයියෝ මොකක් මේ 19...

:       8       53

IndhikaFriday, 13 December 2019 04:58 AM

19 වන ව්‍යවස්ථාව සම්පුර්ණයෙන් ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නේ පලවෙනි ජනාධිපතිවරණයෙන් පසුව බලයට පත් වෙන ජනාධිපතිගේ ඉඳලා. ඒකයි කලින් කෙනාට තියාගෙන ඉන්න පුළුවන් කම තිබ්බේ.

:       1       3

buddikaFriday, 13 December 2019 05:41 AM

19 වන සංශෝදනයෙන් ගෙනාපු අන්තර් කාලීන විදිවිධාන අනුව තම හිටපු ජනපතිට එම අමාත්‍යංශ තියාගන්න පුළුවන් උනේ. ඉන් පසුව පත්වන අයට කිසිම අමාත්‍යාංශයක් තියාගන්න බෑ. නමුත් ආරක්ෂක අමාත්‍යාංශය සම්බන්දයෙන් ගැටළුවක් තියෙනවා මොකද ජාතික ආරක්ෂාව ඇතුළු විධායක බලය ක්‍රියාත්මක කරන්නේ ජනාධිපතිවරයා නිසා. නමුත් ජාතික ආරක්ෂාව සම්බන්දයෙන් කටයුතු කිරීමට ආරක්ෂක ඇමතිකම අවශ්‍යද කියන එකයි ගැටලුව. සේනාධිනායකයා ලෙස ජනාධිපතිවරයාට තියෙන බලතලත් මහජන ආරක්ෂක ආඥා පනත යටතේ හදිසි නීති රෙගුලාසි ආදිය සම්බන්දයෙන් බලතලත් යුද්ධය හා සාමය ප්‍රකාශ කිරීමත් ආරක්ෂක ඇමතිකම නැතුව ක්‍රියාත්මක කල හැකිය. ආරක්ෂක ඇමතිගේ බලතල වෙන්නේ ඔය අදාළ ගොඩනැගිලි නිල ඇඳුම් ආයුද හා අනිකුත් දේවල් වලට අවශ්‍ය ප්‍රතිපාද සැලසීම වගේම ආරක්ෂක ප්‍රතිපත්ති හැදීම. ජනාධිපතිවරයා නොවන වෙනත් ඇමති කෙනෙකුටත් එක කරන්න පුළුවන් හැබැයි ජනාධිපතිවරයා සමග හොඳ සුස්සන්යෝගයකින්. එයයි ව්‍යවස්ථාවේ අරමුණ මම දකින ලෙසට.

:       0       7

Vishan Friday, 13 December 2019 02:43 AM

19 වන ව්‍යවස්ථා සංශෝධනය අනුව ආරක්ශක අමාත්‍යාංශය ජනාධිපතිට තබාගත නොහැකි කියලා කියනවා. නමුත් ජනපති ව්‍යවස්ථාවෙන් සන්නද්ධ සේවා ත්‍රිව්ධ හමුදාවේ අන දෙන නිලදාරියා වන්නේය. යුද්ධය හා සාමය ප්‍රකාශ කරන්නාද වන්නේය. ආරක්ශක අමාත්‍යාංශය ජනපති සතුව නෑ කියලා 19 වන සංශෝධනයෙන් කියාවා නම් ව්‍යවස්ථාවේ ජනපති බලතල වලට ත්‍රිවිධ හමුදාව අයිති ජනාධිපතිටනේ... ආරක්ශක අමාත්‍යාංශය වෙන කෙනෙක් යටතේ නම්, ත්‍රිවිධ හමුදාවේ අන දෙන්නා ජනාධිපති නම් අනාගතයේ ඕනෑම විටක ජනපති හා ආරක්ශක ඇමති අතර ගට්ඨනයක් ඇතිවෙන්න ඉඩ තියෙනවා... 19 වන සංශෝධනය බොහෝ ස්තාන වල ව්‍යවස්තාපිත අර්බුද ඇති කරලා තියෙන්නේ. ඔක්කොම පටලවලා.

:       142       126

RuwanFriday, 13 December 2019 08:52 AM

ඕවා එච්චර පටලවා ගන්න ඕනෑ නෑ. 19 පැහැදිලිවම තිබෙනවා ත්‍රිවිධ හමුදාව ජනාධිපති අණට යටත් කියලා. එ්ක නිසා ආරක්ෂක අමාත්‍යාංශය කවුරු යටතේ තිබුණත් ජනපතිට යටත්ව තියෙන්නේ. අනික ඔය ඇමතිවරු සියලු දෙනාම එහෙමයි Sir කියන කට්ටිය නිසා ගැටළුවක් ඇත්තේම නෑ. ඝට්ටනයක් වුණොත් ඇමතිව අයින් කරනවා.

:       3       33

KANDEPOLA Friday, 13 December 2019 03:49 AM

ආරක්ෂාව, නීතිය හා සාමය යන අමාත්‍යංශ අනිවාර්යෙන් විධායක ජනාධිපතිවරයා යටතේ තිබිය යුතුයි. නැතිනම් ජනාධිපතිවරයාගේ විධායක බලතල වලින් වැඩක් නැති වෙනවා. විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට සෑම විටම යෝජනා වුනත් අප වැනි රටකට විධායක ජනාධිපති ධුරයක් අවශ්‍යයි. එමගින් රටට වැඩදායක දේවල් ගොඩක් වෙලා තියෙනවා. නමුත් එම ධුරය දැරීමට නුසුදුසු අය අතට එය පත් වුනාම අවුලක් නිර්මාණය වෙනවා.

:       119       55

NishanSunday, 15 December 2019 04:07 AM

ඒකාධිපතියෙක් යටතේ වහල්ලු වගේ ජිවත් වෙන්න ආසා කරන උදවිය නම් ඔහොම හිතනවා.

:       0       0

nimal Friday, 13 December 2019 03:52 AM

ඒක අනුව ජනාධිපති අගමැති වෙන්න පුළුවන් අයියලට මල්ලිලට විතරයි. නැත්නම් රණ්ඩු වේවි ඉන්න පුළුවන්. මහින්ද ට ගහන්න ගිහින් අන්තිමේ උදව්වක් කරලා තියෙන්නේ.

:       55       69

Deepal Nirosh Friday, 13 December 2019 06:20 AM

රටක ආරක්ෂක, නීතිය හා සාමය විෂය භාරව කටයුතු කළ යුත්තෙ රටේ ජනතා ඡන්දයෙන් පත්කළ නීත්‍යනුකූල රාජ්‍ය නායකයායි. අප රටේ නම් විධායක ජනාධිපතිවරයා. මේ ගැන නො සලකා ඒදා පැවති රජයේ ඉදිරි පැවැත්ම ගැන පමණක් සලකා කළ ව්‍යවස්ථා සංශෝධනයක් තමා 19. ඉතින් දැන් කළ යුත්තේ රටේ හා ජනතාවගේ අවශ්‍යතාවන්ට අනුකූලව ව්‍යවස්ථාවේ මේ සහ අනිකුත් අත්‍යාවශ්‍ය ප්‍රතිසංශෝධන කිරීමයි. ශ්‍රේෂ්ඨාධිකරණයට අර්ථ නිරූපණයක් දිය හැක්කේ පවත්නා ව්‍යවස්ථාවට අනුකූලව පමණයි.

:       88       74

NishanSunday, 15 December 2019 04:09 AM

ඒකාධිපතියෙක් යටතේ වහල්ලු වගේ ජීවත්වෙන්න ආසා අය ඔහොම හිතනවා.

:       0       36

රසික Friday, 13 December 2019 12:38 PM

රන්ජන් විජේරත්න ආරක්ෂක ඇමතිවෙලා හිටියා. ජනාධිපති වෙනම හිටියා...

:       0       2

ramesh Sunday, 15 December 2019 12:17 PM

නැහැ.. රන්ජන් හිටියේ නියෝජ්‍ය ආරක්ෂක ඇමති.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ශ්‍රිලනීප නායකත්වය ගන්න යන කෙනෙක්ට සුසිල්ගෙන් ටොක්කක්
2024 අප්‍රේල් මස 25 294 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයෝ වෙන්න දඟලන අය ජීවතේට අත ලකුණින් තරඟ කර නැතැයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.


රට පුරා සන්නද්ධ හමුදා කැඳවයි
2024 අප්‍රේල් මස 25 687 1

රටේ ආරක්ෂාව සඳහා සන්නද්ධ හමුදා කැඳවීම සඳහා විශේෂ ආඥාවක් ජනාධිපතිවරයා විසින් නිකුත් කරනු ලැබ ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට


රිය අනතුරින් තරුණයා මරුට
2024 අප්‍රේල් මස 25 598 2

මදුරන්කුලිය නගරයේ සිට පයින් යමින් සිටි තරුණයකු කොළඹ සිට පුත්තලම දෙසට ධාවනය කරමින් තිබු වෑන් රථයක ගැටිමේන් බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත්කිර


දඹුල්ල නගරයට අලි ඇවිත්
2024 අප්‍රේල් මස 25 884 0

දඹුල්ල නගරයට අහම්බෙන් පැමිණි වන අලි තිදෙනකු නිසා දඹුල්ල නගරය අවට නිවාසවල පදිංචි ජනයා මෙන්ම නගරයට පැමිණි පිරිස්ද නොසන්සුන් වූහ.


විල්ගමුව පොලීසියේ ගිනි අවිය ඉස්සූ සැකකරු මාට්ටු
2024 අප්‍රේල් මස 25 713 0

මාතලේ විල්ගමුව පොලිසියේ ආරක්ෂක නිලධාරියා භාරයේ තිබූ ටී පනස් අය ගිනි අවිය සොයාගත් බවට සැකපිට හිටපු යුද හමුදා සෙබළෙක් විල්ගමුව පොලිසිය විසින් අරලගන්වි


අද කාලගුණය
2024 අප්‍රේල් මස 25 105 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම,වයඹ සහ දකුණු පළාත්වල ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 308 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1683 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1536 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site