IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


ආනවිළුන්දාවේ කඩොලාන පැළ ගැලවූ තිදෙනෙකු දැලේ

 (එච්. චන්දන)

ආනවිළුන්දාව රම්සා අභය භූමිය තුළ රෝපණය කරන ලද කඩොලාන පැල 1000 කට ආසන්න ප්‍රමාණයක් ගලවා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන්  තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව ආරච්චිකට්ටුව පොලීසිය පවසයි.

වන ජීවී දෙපාර්තමේන්තුවේ ආනවිළුන්දාව රැම්සා අභය භූමිය භාරව සිටින වන සත්ත්ව අඩවි සහකාර ඩබ්ලිව්.එල්.පී.බුද්ධික උපනන්ද මහතා විසින් ඉකුත්  22 වැනිදා සවස ආරච්චිකට්ටුව පොලීසිය  කරණ ලද පැමිණිල්ලකට අදාලව කරණ ලද මූලික විමර්ෂණවලින් අනතුරුව මෙම අත්අඩගුවට ගැනීම සිදු කර තිබේ.
 
ආරච්චිකට්ටුව - මුතුපන්තිය පදිංචි ධීවරයින් තිදෙනකු අද(23) වැනිදා අළුයම 1.00 ට පමණ ආරච්චිකට්ටුව  පොලීසිය විසින්අත්අඩංගුවට ගෙන  ඇත.
 
2001 අගෝස්තු මස 03 වැනි දින තෙත් බිම් පිළිබදව වන ජාත්‍යන්තර සම්මුතිය (රම්සා සම්මුතිය) යටතේ ජාත්‍යන්තර වැදගත්කමක් ඇති තෙත් බිමක් ලෙස ආනවිළුන්දාව අභය භූමිය  නම් කර එය මේ දක්වා ආරක්ෂා කගෙන ඒමට වන ජීවී නිලධාරින් කටයතු කර තිබේ.හෙක්ටයාර් 1397 ක විශාලත්වයකින් යුත් මෙම අභය භූමිය සහිත කලාපය තුල වැව් පහක් දක්නට ලැබේ.
 
ආනවිළුන්දාව අභය භූමිය ප්‍රකාශයට පත් කිරීමට පෙර එම ප්‍රදේශයේ කොටසක ඉස්සන් ගොවිපල රැසක් පවත්වා ගෙන ගොස් ඇති අතර පසු කලක අභය භූමිය ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව එම ඉස්සන් ගොවිපල පවත්වා ගෙන යාම අතහැර දමා ඇත.එසේ අතහැර දමා ඇති ඉස්සන් කොටු සහිත භූමියක් තුළ නැවත කඩොලාන පැල රෝපනය කිරීමට වන ජීවී දෙපාර්තමේන්තුව කටයුතු කරන ලදි.එම වැඩ සටහනට අනුව ලෝක තෙත් බිම් දින ජාතික උත්සවය මෙවර ආනවිළුන්දාව රම්සා අභය භූමිය තුළදී සිදු කරන ලදි.
 
වන සත්ත්ව අඩවි සහකාර ඩබ්ලිව්.එල්.පී.බුද්ධික උපනන්ද මහතා ආරච්චිකට්ටුව පොලීසිය හමුවේ කර ඇති පැමිණිල්ලේ සදහන් ඉකුත් 19 වැනිදා තමන් රම්සා අභය භූමියේ අළුතින් කඩොලාන පැළ රෝපනය කරන ලද ප්‍රදේශයට ගිය බවත්,තෙත් බිම් දිනයදා රෝපනය කළ පැළ එදිනද දක්නට ලැබුණ බවත් , යලි 22 වැනිදා තමන් එම ප්‍රදේශයට ගිය අවස්ථාවේ පැළ ගලවා ඇති ආකාරයක් දක්නට ලැබුණු බවත්,ඒ අනුව 20 හෝ 21 දින පැළ ගලවා දැමීම සිදු කරන්නට ඇති බවට තමන් විශ්වාස කරන්නේ යැයිද  ඒ මහතා පොලිසීයට කරණ ලද පැමිණිල්ලේ සදහන් වේ.
 



අදහස් (8)

ආනවිළුන්දාවේ කඩොලාන පැළ ගැලවූ තිදෙනෙකු දැලේ

Pradeep Tuesday, 23 February 2021 03:05 AM

මේ අමන මිනිසුන් කවදානම් ගහක වැලක අගය වටහා ගනීද? සතුට සැනසුම තියෙන්නේ මුදල්වල නොවේ කියලා මොවුන්ට වැටහෙන්නේ අවසාන ගසත් මේ මිහි තලයෙන් තුරන් වූවාට පසුවද?

:       0       35

Santha Sir Ramza Tuesday, 23 February 2021 04:36 AM

ඒ අයත් ඔක්සිජන් කන අය වෙන්නැති නේද?

:       0       21

Nihal Tuesday, 23 February 2021 09:03 AM

පුත්තලමේ අයගේ වැඩ බැලුවාම පත්කරගෙන තියෙන්නේ එයාලටම හරියන කෙනෙක්...

:       0       7

Raveendra Tuesday, 23 February 2021 09:15 AM

ලස්සනයි පිටපත.. සර්ලාම හිටවනවා. සර්ලගේ එහෙයියෝම වහල්ලු ටිකක් ලවා ගලවනවා. ඊට පස්සේ සර්ලාම ඒ අයව අල්ලනවා. රිමාන්ඩ් කරනවා. ඊළඟට ඇප දෙනවා. මිනිස්සුන්ට මතක පරිසරය වනසපු අයව සර්ලා ඇල්ලුවා කියලා විතරයි.. මොකද? ඇප දෙන ඒවා සර්ලගේ මීඩියා යුනිට්වලින් සද්දේ වහලා එළියට දාන නිසා..

:       1       6

banda Tuesday, 23 February 2021 09:22 AM

මේ වගේ මිනිස්සු ඉන්න රටකට කවදාකවත් වගතුවක් වෙන්නේ නැහැ.

:       0       12

anula Tuesday, 23 February 2021 09:39 AM

වනය වනසන අයට මරණ දඬුවම දෙන්න ඕනෑ. නැතිනම් අවුරුදු 25කට, 30කට හිරේ දාන්න ඕනෑ.

:       0       9

Raveendra Tuesday, 23 February 2021 11:14 AM

කරුණාකර මොවුන්ගේ සියලු තොරතුරු නම් ගම්, ඡායාරූප සහිතව සියලු මාධ්‍යවල පලකරන මෙන් අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නෙමු...

:       0       7

chandima Tuesday, 23 February 2021 06:43 PM

හිරේ දාලා නම් වැඩක් නැහැ. ආයුධ පෙන්නන්න වත් එක්ක ගියා නම් වැඩේ නවතියි.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දූපත් පහකින් රජයට කෝටි හයක පොල්ලක්
2024 අප්‍රේල් මස 20 71 0

කල්පිටියේ දූපත් පහක් බද්දට ගත් ආයෝජකයන් පස්දෙනකු රුපියල් හය කෝටියකට ආසන්න බදු මුදලක් සංචාරක සංවර්ධන අධිකාරියට ගෙවීම හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය


ජනපති අඹේවෙල ගොවිපොළේ නිරීක්ෂණයක
2024 අප්‍රේල් මස 20 397 0

ලෝකයේ අති නවීනම තාක්ෂණය සහිත අඹේවෙල කිරි ගොවිපොළ සමූහයේ සංවර්ධන කටයුතු පිළිබඳ සොයා බැලීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (20) පෙරවරුවේ එහි නිරීක්ෂ


ඉදිකිරීම් භාණ්ඩවලට මිල සූත්‍රයක්
2024 අප්‍රේල් මස 20 472 0

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීමට වෙළඳ අමාත්‍යාංශය තීරණය කර ඇත


ට්‍රම්ප්ට එරෙහි නඩුව අසද්දී පුද්ගලයකු ගිනි තබා ‌ගෙන
2024 අප්‍රේල් මස 20 1258 0

ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක


ඉරානයේ යුද ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 20 2703 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා


උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 1788 0

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 234 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1550 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1451 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site