IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


ආනන්ද විද්‍යාලයේ ගොඩනැගිල්ල විවෘත කිරීම නවතයි

(හර්ෂණ තුෂාර සිල්වා)

කොළඹ ආනන්ද විද්‍යාලයේ සත් මහල් ගොඩනැගිල්ල විවෘත කිරීම නැවැත්වීමට මැතිවරණ කොමිසන් සභාව පියවර ගෙන තිබේ.

මෙම ගොඩනැගිල්ල හෙට (22) විවෘත කිරීමට නියමිතව තිබූ අතර එහි ඉදිකිරීම් අවසන් නැති බැවින් විවෘත කිරීම වහාම නැවැත්වීමට උපදෙස් දුන් බව මේ සම්බන්ධයෙන් කරන ලද විමසීමකදී මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ලංකාදීපයට පැවැසීය.

කොළඹ දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරිවරයා යටතේ පවතින දිස්ත්‍රික් පැමිණිලි විමර්ශන කමිටුවේ නිලධාරීන් ගොඩනැගිල්ල නිරීක්ෂණය කර තිබෙන අතර ඒ අනුව එහි වැඩ අවසන් නැති බැවින් විවෘත කිරීම නැවැත්වීමට පියවර ගත් බව මහින්ද දේශප්‍රිය මහතා පැවැසීය.

මේ සම්බන්ධයෙන් ජාතික මැතිවරණ කාර්යාලය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයාට ලිපියක් යැවූ බව ද හෙතෙම කීය.



අදහස් (24)

ආනන්ද විද්‍යාලයේ ගොඩනැගිල්ල විවෘත කිරීම නවතයි

Thiw Monday, 21 October 2019 06:56 PM

එතකොට යලමහ දෙකම වගාකරන්න පුලුවන්, යාපනය මඩ කුඹුර විවෘත කලේ

:       97       223

Raveendra Monday, 21 October 2019 10:51 PM

මෙහි අර්ථය කුමක්ද? එහි ඉදිකිරීම් අවසන් කර ඇත්නම් එසේ විවෘත කිරීමට අවසර දෙනු ලබන බව නොවේද? අප මෙම පැනයට මැකෝගෙන් විවෘතව පිළිතුරක් බලාපොරොත්තු වන්නෙමු. අපගේ මෙම අදහස් මැකෝට කියවීමට හැකිවේවා !! පිළිතුරුද ඔහු විසින්ම සපයනු ඇති අපගේ විශ්වාසයයි.

:       215       232

රංග Monday, 21 October 2019 11:43 PM

වැඩ නිමනොකළ ගොඩනැගිල්ල විවෘතකිරීම නතර කරගැනීම ජයග්‍රහණයක් වගේම එකේ විවෘත කිරීමට ඉදිකළ පලක දෙකත් ඉවත් කිරීමට කටයුතු කරන්න.

:       101       212

ලුම්බිණි Tuesday, 22 October 2019 12:53 AM

ඉදිකිරීම් අවසන් නැති නම් මොන එහෙකටද විවෘත කරන්නේ?

:       0       30

samTuesday, 22 October 2019 05:13 AM

මොනවා හරි කරා කියල පෙන්නලා ඡන්දෙට කියන්න - සජිත් මොනවා හරි කියන්නත් ඕනනේ.

:       1       51

ජෝන් සිල්වා Tuesday, 22 October 2019 01:25 AM

වර්තමානයේ රාජ්‍ය සේවය ඉතාමත්ම පහත්ලෙසට පිරිහී ගිහිල්ලා. පෙර කාලේ දේශපාලන අයිතිවාසිකම් නැති පරිපාලන සෙවයේ පිරිස් කිසිදා වැඩවර්ජන කලේ නැහැ. එකිනෙකාට මඩ ගසාගත්තේ නැහැ. කාර්යාල කටයුතු වලට වඩා මඩ ගැහිලි ඉතා වැඩියි ඒවගේම එකම කාර්යාලයේ වැඩකරන දැනුමක් අවබෝධයක් තිබෙන පිරිස්වලට මුහුණු පොත හරහා විවිධ වූ පිලිකුල් සහගත ක්‍රියාවන් කරනවා. මෙයත් එහෙම දෙයක් කියන්න පුළුවනි. නැත්නම් මෙලෙස අන්තගාමී නොවී දේශපාලන කථාවල නොයෙදී ගොඩනැගිල්ල විවෘත කරන්න ඉඩදෙන්න තිබුනේ නැද්ද.

:       150       9

KamalTuesday, 22 October 2019 02:17 AM

ඔබේ කතාව යන්නේ කොහෙද මල්ලේ පොල් වගේ.. මේ කියන්නේ දේශපාලන වාසි තකා සදා නිම නොකළ දෙයක් ඉක්මනින් ඡන්දයට පෙර විවෘත කිරීම ගැන

:       8       64

මාස්ටර්Tuesday, 22 October 2019 02:20 AM

අනේ ජෝන් ලිපිය නැවතත් කියවා බලන්න. මෙය තවමත් වැඩ නිමනොකරන ලද ගොඩනැගිල්ලක්. එය මේ හදිසියේ විවෘත කිරීමට දගලන්නේ ඇයි ?

:       0       72

ව්ජිTuesday, 22 October 2019 03:27 AM

මේකේ වැඩ ඉවරයි. 2015 ජනවාරි 1 කිසිම මුදලක් වෙන් නොකොට මුල් ගල තියන කොට ඡන්ද නීති කඩලා නැද්ද. මේ ආන්ඩුවෙන් මිලියන 700 ක් දීලා හදපු එක විවෘත කරාම මොකක්ද ප්‍රශ්නේ. ළමයි 2000 ක් හැම තැනම හිර වෙලා ඉගෙන ගන්නේ. මේ දේශපාලනයට වහල් වෙච්ච කට්ටියගේ වැඩ තමයි.

:       29       3

pjTuesday, 22 October 2019 03:28 AM

නෙලුම් කුළුණ විවෘත කළෙත් සම්පුර්ණ වැඩ නිමකිරීමට පෙරයි.

:       2       7

samanTuesday, 22 October 2019 03:38 AM

අර මොන මුඛයෙන්ද කතා කරන ජනාධිපති අපේක්ෂකයාගේ ගෝලයෙක් වගේ ජෝනුත්

:       0       16

අනුර Tuesday, 22 October 2019 02:58 AM

මෙය පාසැල් දරුවන් ඉගෙන ගන්නා ගොඩනගිල්ලක්. වැඩ අවසන් නොකර විවෘත කිරීමට ඇති කඩිනම මොකක්ක්ද? අර යාපනේ ජාත්‍යන්තර ගුවන්තොටුපොළ මඩ ගොහොරුව හදිසිවී විවෘත කර රටම හිනැස්සුවා වගේ, මෙවර දරුවන් අනතුරේ දාන්න ගියා. මෝඩ දේශපාලන චුන්...

:       0       15

Ananda - Jaffna Tuesday, 22 October 2019 03:08 AM

එතකොට පලාලි ගුවන්තොටුපොළ ඇරියේ ඔය අගේට, ගිහින් බලන්න, කොච්චර වැඩ ඉවරද කියල. දැක්කම සංසාරේ එපා වෙනවා.

:       0       34

nima Tuesday, 22 October 2019 03:55 AM

ජෝන්, මොනවද ලියන්නේ ඔයා බාගෙට පිච්චුන කේක් කනවද?

:       0       10

Uditha - London Tuesday, 22 October 2019 04:06 AM

කොළඹ ආනන්දේ කියන්නේ මගේ පාසැල. නමුත් එක අතකට බැලුවහම මොකටද මේ පාසලට තවත් සත් මහල් ප්‍රසාද... මුළු පාසලම බලල ඇවිදින්න දවසක් මදි.. තවත් දේවල් හදනවා සල්ලි නාස්ති කරගෙන..

:       612       87

දිලුම් Tuesday, 22 October 2019 04:48 AM

අපේ ගොඩක් මිනිස්න්ගේ වැඩත් ජෝන් ගේ කථාව වගේ. කියන දේ හරියට අහගෙන ඉන්නේ හෝ හොයන්නේ බලන්නේ නෑ. ඔහේ කියවනවා හා තීරණ ගන්නවා. මැකෝ කාටවත් පක්ෂපාති බවක් මටනම් පේන්නේ නෑ ඔහු ඔහුගේ බලය නිසි ලෙස ක්‍රියාවේ යොදනවා. එහි ප්‍රතිඵලයක් ලෙස වෙනදා මේ රට පුරාම ඡන්ද කාලෙට තිබෙන පොලිතින් වසංගතය අඩුවෙලා. මැකෝට පුළුවන්නම් ප්‍රසිද්ධ ස්ථානවල බෝඩ් ලෑල්ලක් වෙන්කර එහි කොටසක් මේ හැම අපේක්ෂකයාටම පෝසටර් ගසා ගැනීමට වෙන්කර එහි පමණක් පෝස්ටර් ගසන ලෙස නීතිපැනවීම ඉතා අගනා ක්‍රියාවක් නමුත් මිනිස් බාග සිටින අපේ රට එවැනි ජපානයක් වීමට තවත් බොහෝ කල් අපට බලා සිටීමට වනු ඇත.

:       0       2

sam Tuesday, 22 October 2019 05:11 AM

යාපනේ ගුවන්තොටුපොළ ඉක්මනින් විවෘතකරේ ද්‍රවිඩ ජාතික ඡන්ද ලබාගන්නත් මත්තල වෙනුවට යාපනයට ගුවන් යානා අරින්නත් යන දෙකටමය. මත්තල දියුණු වුනොත් දකුණ දියුණු වෙනවා, ඒ නිසා මත්තල වහලාම දානවා. රනිල් අගමැති හැටියට දෙන පොරොන්දු. සජිත් ජනාධිපති කරලා තමන් දිගටම බලයේ ඉන්න කරන කැත වැඩ.

:       0       73

කැප්Tuesday, 22 October 2019 07:35 AM

මෝඩ කතා යාපනේ බාන්න පුලුවන් පොඩි ප්ලේන් විතරයි .. 1960. ඉදන් යාපනේ ඉන්දියාව අතර ගුවන් ගමන් අැරබුවෙ

:       1       1

max Tuesday, 22 October 2019 05:13 AM

මෙම සත්මහල් ගොඩනැගිල්ලට මුල්ගල තබා එය ආරම්භ කලේ ගෝඨාභය රාජපක්ෂ මහතා සමග එකල අධ්‍යාපන ඇමති බන්දුල ගුණවර්ධන මහතා. ඊට අදාල ඵලකය පවා ඉවත් කරමින් එය මේ ආණ්ඩුවේ ව්‍යාපෘතියක් බවට පෙන්වීමත් මෙම හදිසි විවෘත කිරීමේ උත්සාහය පිටුපස තිබුන. මෙම නිහීන උත්සාහය පරාජය කරන්නට ආනන්ද ආදී සිසු සංගම් ද මහත් වැඩ කොටසක් කළා. ඔවුන්ටත් ස්තුතියි.

:       0       147

chamaraTuesday, 22 October 2019 07:51 AM

මැක්ස් ඔබ හරි අපේ ආදී ආනන්දීය ගොටාභය මහතා තමයි මෙහි මුලිකත්වය ගත්තේ නමුත් මුල් ගල තිබ්බෙත් මේ වගේම හදිස්සියෙන් තමයි ඒ දවස් වල , එදා 2015 ජනාධිපතිවරණය කිට්ටුව . නමුත් එදා මුල් ගල තියද්දි මේකට මුදල් අනුමත වෙලා තිබ්බේ නැ, නමුත් ගොටාභය මහතා මේක නාවික හමුදා දායකත්වයෙන් මේක හදන්න හිටිය බව ඒ දවස් වල කියවුනා , ඊට පස්සේ මම අහලා තියෙන විදියට මේ රජයෙන් මුදල් අනුමත කරලා දුන්නේ අපේ තවත් ආදී අනන්දියයෙක් වන කරු ජයසුරිය මහතා.... කෙසේ හෝ මෙහි වැඩ තාම ඉවර නැ නමුත් අවසන් අදියරේ තමයි තියෙන්නේ, ... දැනුත් හදිස්සියෙන් මේක කරන්න හදන්නේ දේශපාලන වාසියක් ගන්න ..එදා වගේම තමයි වෙනසක් නෑ... නමුත් ආනන්දය කියන්නේ රටේ ජාතික සම්පතක් , එය වැඩි දියුණු කරලා අනාගත පරපුරට භාර දිය යුතුයි , නමුත් දේශපාලනය පාසැල ට ගාව ගන්නේ නැතිව මද්‍යස්තව කටයුතු කල යුතුයි හැමෝම ...

:       1       7

sampath Tuesday, 22 October 2019 05:58 AM

උදිත කිව්වා වගේ අපි ඉස්කෝලේ ඉන්න කාලෙත් පස් මහල් බිල්ඩින් දෙකක් තිබ්බා. දෙවෙනි තට්ටුවෙන් එහාට ගුරුවරු එන්නේ නැහැ. වයස 40 පැනපු අය 2 ක් වත් එන්නේ නැහැ. අපි ටේබල් ටෙනිස් ගැහුවේ 3 වෙනි තට්ටුවෙන් උඩ. වල දැම්මේ මේවයේ උඩ. කිසි ප්‍රයෝජනයක් ගත්තේ නැහැ. පන්ති කාමර විශ්ව විද්‍යාලේ දේශනා ශාලා වගේ විශාලයි . මේ සත්මහල් ප්‍රාසාදයට විදුලි සෝපානයක් සවි නොකොළොත් කිසිම වැඩක් නැති වෙයි.

:       114       2

ආනන්දයෙන් හැදුනු දරුවෙක් Tuesday, 22 October 2019 06:59 AM

සත්මහල ඉදි කළේ කලින් තිබුණු පස් මහල් ගොඩනැගිල්ල කඩලා ඉවත් කරපු තැන. හරියට විස්තර දැනගෙන කතා කරන්න. අනික රටේ අධ්‍යාපනය වෙනුවෙන් කොච්චර වියදම් කළත් මොකද?

:       1       182

මුණසිංහ Tuesday, 22 October 2019 06:59 AM

2015 වන විට වැඩ ආරම්භ කළ බොහෝ පාසල්වල වැඩ තවම අවසන් කරගන්න බැරි වෙලා තියෙනවා. ආනන්දෙන් මේක ගැස්සිලා ගියාට ලංකාව පුරාම පහුගිය දවස්වල විවෘත කිරීම් කරගෙන ගියා. බාගෙට ඉවර කරපු තවත් ගොඩනැගිලි ගණනාවකම මෙහෙම කරලා තිබෙන බව ඒ ප්‍රදේශවාසීන් දන්නවා. මේකේ තියෙන ඵලක හදන්න බාරදීල තියෙන්නේ එකම ආයතනයකට. කෝටි 2ට වඩා වැඩි කොන්ත්‍රාත්තුවක්. එකම ආකෘතිය-විජේකලාගෙ නම වැටුනේ ඒ විදියට-එයා මේ පාසල් කොහේ තියෙනවද දන්නෙත් නැහැ. මේ ඔක්කොම කලේ ඡන්දෙන් පස්සේ මෙයාලගේ නම දමාගන්න බැරිවෙන බව දන්න නිසා.

:       0       2

jayajaya Tuesday, 22 October 2019 07:45 AM

ඒ කියන්නෙ කොළඹට කිරි ගමට කැකිරි කතාව ඇත්තයි

:       0       3

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආරවුලින් එක් දරු පියා මරුට
2024 අප්‍රේල් මස 23 942 0

මින්නේරිය විදුලිබල මණ්ඩලය ආසන්නයේ අද රාත්‍රියේ පුද්ගලයන් තිදෙනකු අතර ඇති වූ ගැටුමක් දුරදිග යාමෙන් තියුණු ආයුධ පහරකින් එක්දරු පියකු ජීවිතක්ෂයට පත්ව


ජනපති පුටුවට හතක් පෝලිමේ
2024 අප්‍රේල් මස 23 2115 0

ජනාධිපතිවරණ උණුසුම දිනෙන් දින වැඩිවෙමින් පවතිද්දී එම මැතිවරණය සඳහා ඉදිරිපත්වීමට තීරණය කර ඇති අපේක්ෂකයන් සංඛ්‍යාවද 7 ක් දක්වා ඉහළ ගොස් ඇත.


ජී.එම්.ආර්ගේ මරණය පොලිසියට සැකයිලු
2024 අප්‍රේල් මස 23 2453 0

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගේ මරණය සම්බන්ධයෙන් සාධාරණ සැකයක් පවතින බැවින් හදිසි මරණ පරීක්ෂණයක් පමණක් පවත්වා අවසන් කිරීම ප්‍රමාණවත් නැතැයි අනුරා


සජිත් - අනුර විවාදයට සත්කාරකත්වය නීති ශිෂ්‍ය සංගමයෙන්
2024 අප්‍රේල් මස 23 1256 0

ජාතික ජන බලවේගය සහ සමගි ජන බලවේගය අතර පැවැත්වීමට නියමිත විවාදය නීති විද්‍යාලයේ පැවැත්වීමට සිය සංගමය, පක්ෂ දෙකේ නායකයන්ට යෝජනා කර ඇති බව ශ්‍රී ලංකා නීත


රටට ඔබින හොඳ අධ්‍යාපන ක්‍රමයක් අවශ්‍යයි
2024 අප්‍රේල් මස 23 318 0

අධ්‍යාපනය දේශපාලන පාපන්දුවක් බවට පත් කර ගතහොත් අවසානයේ පරාජයට පත් වන්නේ රට බැවින් පෞද්ගලික මත පසෙකලා සියලු දෙනා එක්ව සාකච්ඡා කර රටට ඔබින හොඳම අධ්‍යාප


උමාඔය විදුලි ජනන යන්ත්‍ර දෙකට කාන්තා නම්
2024 අප්‍රේල් මස 23 2408 0

උමාඔය භූගත විදුලි බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර දෙක එහි ඉදිකිරීම් ක්‍රියාත්මක වන කාලයේ සේවය කළ සුළු සේවිකාවන් දෙදෙනකුගේ සේවය ඇගයීම වෙනුවෙන් ‘දසුනි’ සහ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 284 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1644 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1517 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site