IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


ආණ්ඩුව අස්ථාවර වීමට ඉඩ නොතබන බව එජාපය කියයි

(මුදිතා දයානන්ද)

‘ආණ්ඩුව අස්ථාවර වෙන්න අපි කිසිසේත්ම ඉඩ තියන්නේ නැහැ. ආණ්ඩුව වට්ටන්න හිතාගෙන ආණ්ඩුවත් සමග සිටින මන්ත‍්‍රීවරු පිරිසක් ඉවත් කරගන්න කටයුතු කිරිමෙන් මහින්ද රාජපක්ෂ මහතාටත් සිදුවන්නේ හොඳට ලී ඉරමින් තිබූ පලංචියට නැග කූඤ්ඤය ඉවත් කළ වඳුරාට වෙච්ච වැඩේ‘ යැයි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී බන්දුලාල් බණ්ඩාරිගොඩ මහතා අද(16) සිරිකොතදී පැවැති මාධ්‍ය හමුවක දී පැවසීය.

‘අද බොහෝ පුවත්පත් වල ප‍්‍රධාන පුවතක් පවට පත්වී තිබුණේ මන්ත‍්‍රීවරු පිරිසක් ආණ්ඩුවෙන් ස්වාධීන වෙන්න සූදානම් බවයි. මේ විදිහට ස්වාධීන වෙන්න කතා කරන්නේ පහුගිය මැතිවරණයේදී පරාජිතයන් බවට පත්වූ අයයි. අපිට සැකයක් තිබෙනවා මේ අය උත්සාහ කරන්නේ රට අස්ථාවරයි කියලා මතයක් ඇති කරලා රටට එන්න ඉන්න අයෝජකයින් නැවැත්විමටද කියලා. එහෙම කරලා අපේ සැලසුම් අඩපණ කරලා ආණ්ඩුවට ඉදිරියට යන්න නොහැකි තත්වයක් ඇති කරන්න මේ අය හිතාගෙන ඉන්නවාද කියලා අපිට හිතෙනවා. නමුත් අපි කිසිසේත්ම මේ පරාජිතයන්ගේ වුවමනාව ඉෂ්ට වෙන්න ඉඩ තියන්නේ නැහැ‘ යැයි ද ඔහු කීවේය.

සයිටම් හා උමා ඔය ගැටලු ද පසුගිය ආණ්ඩුව නිර්මාණය කළ අර්බුද බවත් මේ වනවිට රජය ඒවා විසඳීමට කටයුතු කරමින් පවතින් බවත් ඔහු ප්‍රකාශ කළේය.

            



අදහස් (8)

ආණ්ඩුව අස්ථාවර වීමට ඉඩ නොතබන බව එජාපය කියයි

Ruchi Sunday, 16 July 2017 08:01 AM

මෙහෙම වුණොත් කූඤ්ඤයක් ගහගන්න තමයි වෙන්නේ...

:       7       200

Gayan Sunday, 16 July 2017 08:31 AM

ගං වතුරට බෙදන්න ගෙනාපු ආධාර වගයක් තියනවා... අරන් යනවද ඔහේගේ වගේ බෙදන්න?

:       322       702

wasantha Sunday, 16 July 2017 09:00 AM

ආණ්ඩුව අස්ථාවර වෙනවා වගේම හොරුන්ට දඬුවම් නොදෙන එකටත් අපි විරුද්ධයි. ඊළඟ දින 100දීවත් දඬුවම් දෙමු. නැත්නම් ගෙදර ගියාට කමක් නෑ.

:       144       959

nandana kumara Sunday, 16 July 2017 02:35 PM

එජාපයට නව නායකයෙක් ඕනේ...

:       1062       2151

lalith Sunday, 16 July 2017 05:58 PM

ඔය දෙගොල්ලොම එකතුවෙලා මේ අස්ථාවර කරන්නේ අපේ රටත්, අපේ රටේ ආර්ථිකයත් බව මතක තියාගන්න...

:       0       55

siri Monday, 17 July 2017 03:33 AM

අනුන් දුන්නු ගන් වතුර තමුන්ගේ වගේ අරන් ගිය මෙවැනි බංකොලොත් දේශපාලකයෝ කියන ඒවා කවුද ගණන් ගන්නේ?

:       0       59

Deepal Nirosh Monday, 17 July 2017 08:45 AM

ආණ්ඩුව ස්ථාවර වීමට ඉඩදීම හෝ නොදීම ඔබතුමාලාගේ කාරණයක්. අපේ ඉල්ලීම නම් රට අස්ථාවර දෙන්න එපා කියන එකයි. ආණ්ඩුවට පෙර රට ගැන හිතමු.

:       0       29

upul Monday, 17 July 2017 09:57 AM

වැටෙන්නේ නැතිවුණාට දුවන්නවත් පණ නෑ.

:       14       100

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 135 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 292 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 1242 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 170 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 374 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 340 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 324 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site