IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හදිසියේ ගෙනඒම උචිත නොවේ

  (රංජන් කස්තුරි)
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් මේ අවස්ථාවේදී හදිසියෙන් ගෙනඒම යෝග්‍ය නැතැයි උඩුමලගල මහින්ද ශ්‍යාමෝපාලි වංශික මහනිකායේ ශ්‍රී රෝහණ මහා සංඝ සභාවේ මහනාහිමි නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරති.

එම නිවේදනයේ මෙසේද සඳහන් වේ.

‘‘ශ්‍රී ලංකාව තුළ නව ව්‍යවස්ථාවක් ඇතිකිරීමේ කතාබහ වැඩිවැඩියෙන් සිදුවන වකවානුවකි. මේ සම්බන්ධයෙන් මහාසංඝයා වහන්සේලා හා ගිහි පින්වතුන් විවිධ අදහස් දක්වමින් එකිනෙකාට දෝෂාරෝපණය කරගන්නා අවස්ථා පවා වර්තමානයේ දැකිය හැකිය.

මේ සම්බන්ධයෙන් විවිධ කණ්ඩායම් ඇතිවීම හෝ සමාජයේ වාදභේද ඇතිකර ගැනීම ජාතික ඒකාබද්ධතාවයට ඇතිවිය හැකි හානිය තීව්‍රවිය හැක. වගකිව යුත්තන්ගේ වගකීම හා යුතුකම වනුයේ එවැනි තත්ව වළක්වා ගැනීමයි.
එබැවින් එවැනි තත්වයකට තුඩුදෙන නව ව්‍යවස්ථාවක් ගෙනඒමේ හදිසිය යෝග්‍ය නොවේ. එම කලබලය ඉක්මන් කොටවීමට හේතුවිය හැකිය.

විශේෂයෙන් නව ව්‍යවස්ථාවක් සඳහා ප්‍රමුඛතා හඳුනා ගැනීමටත් ඒ සඳහා සමාජයේ විවිධ තල නියෝජනය කරමින් එනම් උගතුන් වියතුන් ඒ පිළිබඳ විශාරදයන්, වෛද්‍යවරුන්, නීතීඥවරුන්, විනිසුරුවරුන්, විවිධ වෘත්තිකයින් මෙන්ම මේ රටේ ප්‍රබුද්ධ මහ සඟරුවන නියෝජනය කරන විශේෂ කමිටුවක් නිර්මාණය කිරීමෙන් පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලව ජනමතය අනුව එය සම්මත කරගැනීම වඩාත් නුවණට හුරු කාර්යයයි.

රටතුළ එවැනි හදිසි ව්‍යවස්ථාවකට වඩා සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාව අතර සමගිය, එකමුතුකම හා ඔවුන්ගේ ජීවන ගැටළු වෙන්වෙන් විශේෂ අවධානයක් යොමුකිරීමේ අවශ්‍යතාව අවධාරණය කරගත යුතු බැවින් ඒ ගැන නොසලකා කෝටි ගණන් ජාතික ධනය වැයකොට නව ව්‍යවස්ථාවකට යාමේ හදිසිය කෙසේවත් වගකිව යුතු සංඝ සභාවක් වශයෙන් අනුමත කළ නොහැකි බව මහාවිහාර වංශික ශ්‍යාමෝපාලි මහ නිකායේ ශ්‍රී රෝහණ සංඝ සභාව අවධාරණය කර සිටිමු.‘‘



අදහස් (9)

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හදිසියේ ගෙනඒම උචිත නොවේ

chandima Sunday, 20 January 2019 03:57 PM

එතකොට අර රට බෙදන්න වලිකන ටයි මහත්තයාගේ, තවම කාටවත් නොපෙන්වපු ව්‍යවස්ථාවට මොකද වෙන්නේ අපේ හාමුදුරුවනේ?

:       12       14

BamunuarachchiSunday, 20 January 2019 05:46 PM

මොහුගේ මේ ප්‍රශ්නයෙන් සිංහල අපිට තේරෙන්නේ මෙයා දෙමළුන්ට රටදෙන මේ ව්‍යවස්ථාව සම්මත කරනවාට කැමතියි කියා නේද? අහෝ සිංහලයනි, ජාතිය පාවාදෙන සිංහල ජුදාස්ලා අප අතර සිටින බව මතක තියාගන්න...

:       224       111

chandimaMonday, 21 January 2019 02:27 AM

අහෝ ඛේදයකි! සිංහල ව්‍යන්ගර්ථයන් සහ උපහාසාත්මක වැකි හඳුනාගැනීමට නොහැකි මේ ගැත්තාට අනුකම්පා කරත්වා...!

:       0       86

BamunuarachchiMonday, 21 January 2019 01:49 PM

අපේ අරක්කු අපිටම තලනවා. එහෙමවත් ඉගෙන ගන්නවා නම් ලොකුදෙයක්. අපි අනන්තවත් උපහාස, ව්‍යංග කතා කියවා තිබේ. නමුත් ඔබ හිතාගෙන ලීවාට මෙතන එහෙම දෙයක් කියවෙන්නේ නැත. තව උත්සාහයක් දරන්න ඔබ හිතනදේ ලියවෙනවාද බලන්න.

:       1       0

puspa Sunday, 20 January 2019 05:19 PM

රට කඩන්න හදන්නේ මෙහෙ අය නොවෙයි. ඒ ගොල්ල ඉන්නේ ඈත එපිට. මෙහෙ ඉන්නේ රූකඩ. කුලියට නටන...

:       325       273

sena Monday, 21 January 2019 07:57 AM

මට නම් මේකේ හදිස්සියක් පේන්නේ නැහැ. ජේ.ආර්. ගේ ව්‍යවස්ථාව පහුගිය අවුරුදු හතළිහම වෙනස් කරන්නනේ අපි වලි කන්නේ... වෙන එකක් තියා ජේ.ආර්. ඇරුණු කොට පත්වෙච්ච හැම ජනාධිපතිවරයෙක්ම බලයට ආවේ ඕක වෙනස් කරනවා කියලනේ... සිදුවිය යුත්තේ මේ අවස්ථාවේ අවස්ථාවාදී නොවී පහුගිය කාලේ ඇතිවෙච්ච අමිහිරි තත්වයන් නැවත ඇති නොවෙන්න.. එක රටක් තුල සියලුම පුරවැසියන්ට ගෞරවයෙන් ජීවත් විය හැකි වාතාවරණය රටේ ඇති කිරීමයි...

:       10       21

Amila Monday, 21 January 2019 08:01 AM

රනිල් වගේ රටට කිසිම වැඩක් නොකරපු කොටිත් එක්ක 2001 ගිවිසුම ගහලා පක්ෂේත් විනාශ කරපු අයත් එක්ක අලුත් ව්‍යවස්ථා ගේනවා කියන්නේ හොද දෙයක් නෙමේ. අනික ප්‍රාදේශීය සභා මැතිවරණය ක්‍රමය අච්චාරුක් කරපු අයට පුලුවන්ද මේ වගේ දෙයක් හරියට කරන්න.

:       12       0

Bandara Monday, 21 January 2019 08:50 AM

අද රටේ වැඩියෙන්ම ප්‍රවේසම් විය යුතු පුද්ගලයා රනිල් ය.

:       0       0

Bamunuarachchi Wednesday, 23 January 2019 04:03 PM

හදිස්සියේ නොවෙයි කොහොමවත් ගෙනෙන්න එපා.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 148 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 313 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 1356 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 196 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 408 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 368 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 324 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site