IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


අ’පුර පාසලක චාරිකාවක් සඳහා එකතු කළ මුදල් වංචා කරලා

(දයාරත්න ඇඹෝගම)

                                                   
අනුරාධපුර පාසලක සිව්වැනි ශ්‍රේණියේ සිසුන් පිරිසක් අටමස්ථානය සහ මිහින්තලය පුදබිම වෙත කැටුව යාම සඳහා අවිධිමත් ආකාරයට දෙමාපියන් ගෙන් මුදල් එකතු කර එම මුදලින් කොටසක් වංචා කිරිමේ සිද්ධියේ පරික්ෂණ කටයුතු යටපත් කර ඇති බව ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා පවසයි.


මෙම විද්‍යාලයේ සිව්වන ශ්‍රේණියේ සිසුන් 500 ආසන්න පිරිසක් බස් රථ 12 කින් අනුරාධපුර අටමස්ථානය සහ මිහින්තලේ පුදබිම පිළිබඳව දැනුවත් කිරිම සඳහා පාසලේ ගුරුවරු විසින් පසුගියදා සංචාරයක් සංවිධානය කරන ලදී.
මෙම සංචාරය සඳහා එක් සිසුවෙකුගෙන් රුපියල් 500 බැගින් රුපියල් ලක්ෂ දෙක හමාරකට ආසන්න මුදලක් එකතුවී ඇති බව දෙමාපියෝ පවසති.


මෙම සංචාරය සඳහා එක් බස් රථයකට වැයවු මුදල රුපියල් 9000ක් වුවද බස් රථයකට වැයවු මුදල රුපියල් 12500ක් බවට බිල්පත් ඉදිරිපත් කර රුපියල් ලක්ෂ එකහමාරකට අධික මුදලක් වංචා කර ඇතැයි දෙමාපියන් නගන තවත් එක් චෝදනාවකි.


මෙම සිද්ධිය සම්බන්ධයෙන් දෙමාපියන් විසින් අනුරාධපුර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ජේ.එම්.කේ.ආර්.බංඩාර මහතාටද  පැමිණිලි කර තිබිණි.


මෙම සිද්ධිය සම්බන්ධයෙන් ලංකාගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා මෙසේද පැවසිය. 


මෙම වංචාව සම්බන්ධයෙන් දෙමාපියන් සියලු විස්තර සමඟ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක වරයාට පැමිණිලි කර තිබෙනවා. පරික්ෂණ කටයුතුද අවසන් කර මාසයක් පමණ ගතවී තිබෙනවා. මේ සඳහා විදුහල්පතිවරයා සම්පුර්ණයෙන්ම වග කියන්න ඕනේ.


එහෙත් දේශපාලන හේතුන් මත අධ්‍යාපන බලධාරින් පරික්ෂණ වාර්තාව අනුව විදුහල්පතිවරයාට විරුද්ධව කිසිම ක්‍රියාමාර්ගයක් නොගෙන එය යටපත් කරමින් සිටිනවා.


මෙම සිද්ධිය සම්බන්ධයෙන් විනය ක්‍රියා මාර්ගයක් කඩිනමින් නොගන්නේ නම් ලංකා ගුරු සංගමය ඊට දැඩි ලෙස විරෝධය දක්වන බවද ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා සඳහන් කළේය. 
 
 



අදහස් (5)

අ’පුර පාසලක චාරිකාවක් සඳහා එකතු කළ මුදල් වංචා කරලා

nanda Thursday, 14 June 2018 08:08 AM

එකතු උණු මුදල = 500x 500 = 250,000 බස් සදහා = 9000 x 12 = 108,000 ඉතිරිය = 142,000 එතකොට අනෙක් වියදම් කුඩා කරලා තියෙන්නේ...

:       0       0

lalithsjm Thursday, 14 June 2018 08:17 AM

සාධාරණයක් නොවන විට මිනිස්සු කෝප උනාම ඒ අය තලා පෙලා දාන එකනේ අපේ රටේ නීතිය කියන්නේ.

:       0       0

sumith Thursday, 14 June 2018 09:13 AM

මහා තුප්ප හිඟන හොරකමක්නේ... අනේ අප්පේ අපේ රටේ වෙන කොරකම් බිලියන ගණන් වලින්නේ... ඕක කරන්න ලැජ්ජා නැද්ද?

:       0       0

Rizna Thursday, 14 June 2018 11:11 AM

ඕවා මොනවද? කොළඹ ඉහළම බාලිකා විද්‍යාලයක ඔයවගේ දේවල් ක්‍රීඩා, චාරිකා ඇතුළු හැම දේකම මව්පිය හවුල්කරුවන් යොදාගෙන ගජරාමෙට කරගෙන යනවා.

:       0       0

Sanath Thursday, 14 June 2018 03:25 PM

ගුරුවරුන්ට ලේසියෙන් සල්ලි එකතු කරගන්න පුළුවන් ක්‍රමයක් තමයි මේ විදියට පොඩිපහේ අධ්‍යාපන චාරිකාවක් සැලසුම් කරලා ඇඟට නොදැනෙන වැඩි මුදලක් අය කරන එක. ළමයෙක්ගෙන් රුපියල් 100ක් වැඩියෙන් ගත්තොත් ළමයි 500කින් රුපියල් පනස්දාහක ලාභයක් ලැබෙනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඊශ්‍රාලයෙන් ඉරානයට මිසයිලයක්
2024 අප්‍රේල් මස 19 855 0

ඉරානය පසුගියද ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයට පිළිතුරු වශයෙන් ඊශ්‍රායල අද(19) අලුයම ඉරානයේ ඉස්ෆාහන් නගරය ආසන්නයට මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇතැයි ඇමෙරිකා


හබලකින් පහරදී අයෙක් මරලා
2024 අප්‍රේල් මස 19 316 0

ධීවර කටයුතු සඳහා අරලගන්විල පිඹුරුත්තාව වැවට ගිය පුද්ගලයෙකු එහිදී අඹුසැමි යුවළක් සමග සාදයක් පවත්වා එහිදී ඇතිවූ ආරවුලකදී හබලකින් පහරදී ඝාතනය කර ඇතැයි


පිට කොටුවේ අනවසර කඩ පිටුපස ජාවාරමක්
2024 අප්‍රේල් මස 19 688 0

කොළඹ පිටකොටුවේ අනවසර කඩ ඉදිකිරීම පිටුපස සංවිධානාත්මක ජාවාරම්කරුවන් පිරිසක් සිටින බවට හෙලිවී ඇතැයි කොළඹ මහ නගර සභාව සහ නාගරික සංවර්ධන අධිකාරිය පවසයි.


මත්කරල් සමඟ දෙන්නෙක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 109 0

ජාවාරම් කිරීම සඳහා විරෝධී මත් කරල් 1229 ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයින් දෙදෙනෙක් පුල්මුඩේ ප්‍රදේශයේදී වි‍ශේෂ කාර්ය බලකාය නිලධාරීන් විසින් ඊයේ 18 අත්


අදත් තැනින් තැනට වැස්ස
2024 අප්‍රේල් මස 19 79 0

බස්නාහිර,සබරගමුව,වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්ත


අනුර- සජිත් පොඩි ළමයි
2024 අප්‍රේල් මස 19 784 0


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1507 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1411 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site