IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


අසල්වැසියාට පිහියෙන් ඇණ මරා දැමූ දෙදෙනෙක්ට මරණ දඬුවම

(මනෝප‍්‍රිය ගුණසේකර)
 
ඉඩම් ආරවුලක් මත අසල්වැසියකුට 13 පළකට පිහියෙන් ඇන මරාදැමීමේ චෝදනාවට වරදකරුවන් වු පුද්ගලයින් දෙදෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න  මහතා අද (14) මරණ දඬුවම් නියම කළේය.
 
මීට වසර 09 කට පෙර කැලණිය වරාගොඩවත්තේ සිය නිවසේ රාත‍්‍රී ආහාර ගනිමින් සිටි අසල්වාසියාගේ නිවසට ගොස් ඔහුට පහරදී ඔහුගේ නිවස ඉදිරිපිටදීම පිහියෙන් ඇන මරාදැමු බවට විත්තිකරුවන්ට එරෙහි චෝදනාවන්ට ඔවුන් වරදකරුවන් බව විනිසුරුවරයා තීන්දු කර තිබිණි.
 
චෝදනාවන්ට වරදකරුවන් වීම නිසා මෙලෙස දඬුවම් නියම වුයේ කැලණිය වරාගොඩ වරාගොඩවත්තේ පදිංචිකරුවන් වන සුදේශ් රංජිත් ප‍්‍රියදර්ශන (55) සහ ධර්මසිරි විජේරත්න හෙවත් සිරිල් හෙවත්  අප්පච්චි (63) නමැත්තන්ටය.
 
2009 අගොස්තු මස 25 වැනිදා හෝ ඊට ආසන්න දිනයක කැලණිය වරාගොඩදී නීතීවිරෝධී රැස්වීමක සාමාජිකයින් ලෙස කටයුතු කරමින් ඩබ්ලිව්.ජේ. ධර්මසිරි ජයසිංහ නමැත්තා ඝාතනය කරන ලදැයි විත්තිකරුවන්ට එරෙහිව නීතීපතිවරයා චෝදනා නඟා තිබිණි.
 
වසර 9 කට පෙර සිදුවු මෙම සිද්ධිය සම්බන්ධයෙන් ධර්මසිරි විජේරත්න හෙවත් සිරිල් හෙවත්  අප්පච්චි නමැති විත්තිකරුගේ බිරිඳ දරුවන් සහ ඥාතීන් ඇතුළු අටදෙනෙකුට එරෙහිව නීතීපතිවරයා විසින් නඩු පවරා තිබු අතර නඩු විභාගය අවසානයේදී විත්තිකරුවන් හයදෙනෙකුට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර නැතැයි තීරණය කළ විනිසුරුවරයා එම විත්තිකරුවන් හයදෙනා සියළුම චෝදනාවලින් නිදොස් කර නිදහස් කළේය.
 
දීර්ඝ නඩු විභාගයෙන් පසුව මෙම විත්තිකරුවන් දෙදෙනොට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට ඇතැයි තීරණය කරමින් එම චෝදනාවන්ට ඔවුන් වරදකරුවන් බව තීරණය කළ විනිසුරුවරයා ඔවුන් දෙදෙනොටම මරණීය දඬුවම් නියම කළේය.
 
පැමිණිල්ල වෙනුවෙන් රජයේ නීතීඥ ඉන්දිකා නෙළුම්මිණි මහත්මිය සහ ඇන්ජලෝ වැන්හොව් මහතා සමඟ ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥ ශ‍මින්ද වික‍්‍රම මහතා පෙනී සිටියේය.



අදහස් (0)

අසල්වැසියාට පිහියෙන් ඇණ මරා දැමූ දෙදෙනෙක්ට මරණ දඬුවම

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 145 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 309 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 1336 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 190 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 399 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 360 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 324 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site