IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


අසමගිය ඇති නොකරන්න’යි ජනාධිපති ලේකම් ඉල්ලයි

(ඩයනා උදයංගනී සහ තරිඳු ජයවර්ධන)

රටේ අසමගියක් ඇති නොකරන ලෙස සියලූ ජනතාවගෙන් ඉල්ලා සිටින බව ජනාධිපති ලේකම් ඔස්ටින් ප‍්‍රනාන්දු මහතා අද (7) පැවසීය.

එක් ජාතියකට පමණක් නොව සියලූ ජාතීන්ට ගැටලූ මතුවන අවස්ථා ඇති බව කී ජනාධිපති ලේකම්වරයා රටෙහි සාමයට හානිකර තත්ත්වයක් ඇතිවී තිබෙන මෙම අවස්ථාවේවත් ජාතියක් ලෙස එකමුතු වී එම ගැටලූවලට විසඳුම් සෙවිය යුතු බව සඳහන් කළේය.

ජනාධිපති ලේකම් ඔස්ටින් ප‍්‍රනාන්දු මහතා මේ බව පැවසුවේ රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (7) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති ලේකම්වරයා මෙසේ ද කියා සිටියේය.

‘‘ අද ඇති වී තිබෙන තත්ත්වය සැලකුවහොත් මේ හැම දෙයින්ම ජනතාවට යම් අපහසුතාවක් වෙන්න පුළුවන්. රටේ සාමය නැතිකර අසමගිය ඇති නොකරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. සමාජ මාධ්‍ය ජාල සීමා කිරීම තුළ සමහරුන්ට ගැටළු ඇතිවෙන බව පිළිගන්නවා. නමුත් එම මාධ්‍ය තුළින් ඉතා පිළිකුල් සහගත ලෙස ආගම්වාදී, ජාතිවාදී, වර්ගවාදී දේ ප‍්‍රචාරයවීම හා පුද්ගල චරිත ඝාතන සිදුවෙනවා. 

අද ලංකාවේ තත්ත්වය අනුව සාධාරණව සිතන අය මේ තිබෙන සමහර දේ හොඳයි කියා කියන්නේ නැහැ. මේවාට කැමති ජාතිවාදී, වර්ගවාදී ලෙස සිතන රට තුළ අසමගියක් ඇතිවීම බලාපොරොත්තු වන අයට පමණයි. හැම ජනකොටසකටම විරුද්ධව මෙවැනි දේ සිදුවෙනවා. මේවා නවත්වන්න ගියත් අසහනයක් මතුවෙන්න පුළුවන්.  

මේ ගිනිගන්න අවස්ථාවේවත් අපිට ඇයි රටේ සමගිය, ජාතියක් ලෙස ඇතිවන කරදර ගැන හිතන්න බැරි. මමත් සමාජ මාධ්‍ය භාවිතා කරනවා. ඒත් මේ විනාශය වළක්වන්න අවශ්‍ය නිසා මම මෙවැනි තීන්දුවක් ගැනීම ගැන සතුටු වෙනවා. 

වෛරී ප‍්‍රකාශ පතුරුවන අය සම්බන්ධවත් ක‍්‍රියාමාර්ග ගත යුතුයි. දරුවන්ගේ අනාගතය නැති කරන්න දෙන්න එපා. රටේ උන්නතිය වෙනුවෙන් ජාතික සම`ගිය අවශ්‍යයි. මාධ්‍යවල ආචාර ධර්ම තිබෙනවා. නමුත් ඇතැම් තැන්වල ඒවා නොතකා මියගිය අයගේ සිරුරු පවා පළ කරනවා.’’ යැයි ද ජනාධිපති ලේකම්වරයා ස`දහන් කළේය. 

සමාජ ජාල අවහිර කළේ තාවකාලිකවයි - ආරක්‍ෂක ලේකම්

ෆේස් බුක්, වට්ස් ඇප් සහ වයිබර් වැනි සමාජ ජාල සේවා අකි‍්‍රය කර ඇත්තේ තාවකාලිකව බව ආරක්‍ෂක ලේකම් ජනාධිපති නීතීඥ කපිල වෛද්‍යරත්න මහතා කියයි. 

‘‘සමාජ මාධ්‍ය ජාල සීමා කිරීමේ තීරණයක් ගැනීමට අපට සිදුවුණේ අසත්‍ය ප‍්‍රචාර පැතිරවීම, ප‍්‍රචණ්ඩත්වය ඇති කළ හැකි දේ පැතිරවීම වැළැක්වීම වෙනුවෙනුයි. එම සමාජ මාධ්‍ය අවහිර කර ඇත්තේ තාවකාලිකවයි. මෙය කලහකාරී දෙයක් ඇතිවන ආකාරයේ කටයුතු වැළැක්වීම සඳහා ජාතික ආරක්‍ෂාව ගැන සිතා ගත් තීරණයක්. මෙය කළේ මහ ජනතාවගේ ආරක්‍ෂාව සඳහායි. මේ අවස්ථාවේ ජනතාව බිය වැද්දීම නොකළ යුතුයි.’’ යයි කපිල වෙද්‍යරත්න මහතා අද සවස පැවැති පුවත් පත් සාකච්ඡාවේදී පැවසීය. 

සාමය කඩකරන අයට නීතිය තදින්  - ආරක්‍ෂක මාණ්ඩලික ප‍්‍රධානී

මහජන සාමය කඩවන ආකාරයේ කටයුතු කරන අයට එරෙහිව තදින් නීතිය ක‍්‍රියාත්මක කරන බව ආරක්‍ෂක මාණ්ඩලික ප‍්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා පවසයි. රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (7) පැවති මාධ්‍ය හමුවක් අමතමින් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා එසේ පැවසීය. 

‘‘ඉදිරියේදී මහජන සාමය කඩවන ආකාරයේ කටයුතු කරන අයට එරෙහිව තදින් නීතිය ක‍්‍රියාත්මක කරනවා. ඇඳිරිනීතිය කඩකරන අයට එරෙහිව කටයුතු කිරීමට අවශ්‍ය නීතිමය ප‍්‍රතිපාදන හමුදාවට ලැබී තිබෙනවා. අපට අවශ්‍ය මෙය හැකි ඉක්මනින් අවසන් කර ජනතාව අතර භේදය නැති කර හැකි ඉක්මනින් රටට සාමය ගෙනඒමටයි.  දැනට මේ දී ඇති නියෝගවලින් අපට වගකිවයුත්තන් අත්අඩංගුවට ගෙන පොලීසියට භාර දී කටයුතු කළ හැකියි. 

අපි අදාළ ප‍්‍රදේශවලට අවශ්‍ය තරම් ආරක්‍ෂාව යොදවා තිබෙනවා. අවශ්‍ය වුවහොත් තව දුරටත් ආරක්‍ෂාව තර කරන්න කටයුතු කරනවා.’’ 

අතිරේක සොලිසිටර් ජනරාල්, ජනාධිපති නීතීඥ යසන්ත කෝදාගොඩ මහතා මෙහිදී මෙසේ සඳහන් කළේය.

‘‘රටේ ඇතිවූ තත්ත්වය සළකා හදිසි නීතිය ප‍්‍රකාශයට පත්කර තිබෙනවා. ඒ අනුව ඊයේ රාත‍්‍රියේ හදිසි නීති රෙගුලාසි ප‍්‍රකාශයට පත්කර තිබෙනවා. ඒ අනුව විශේෂ වරදවල් හඳුන්වා දී තිබෙනවා. ජීවිත හානිකිරීම, තුවාල කිරීම, බියගැන්වීම, තර්ජන කිරීම, ලිංගික හිංසන, රාජ්‍ය හා පෞද්ගලික දේපල හානි කිරීම වැනි තත්ත්වයන්හිදී මෙන්ම අසමගිය ඇතිවන කටයුතු කිරීමේදී සාමාන්‍ය නීතියට වැඩි දඬුවම් පනවා තිබෙනවා. අත්අඩංගුවට ගැනීමේ බලය ත‍්‍රිවිධ හමුදාවන්ටත් ලබාදී ඇති නමුත් ඔවුන්ට කිසිවෙකු රඳවා තබාගත නොහැකියි. අත්අඩංගුවට ගැනීමකින් පසු පොලීසියට භාර දිය යුතු වෙනවා.’’ 

නාවික හමුදාපති වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ, යුද හමුදා මාධ්‍ය ප‍්‍රකාශක බි‍්‍රගේඩියර් සුමිත් අතපත්තු, ගුවන් හමුදා මාධ්‍ය ප‍්‍රකාශක ගෲප් කපිතාන් ගිහාන් සෙනෙවිරත්න, ඇතුළු ආරක්‍ෂක අංශ නිලධාරීන් පිරිසක් ද මෙම මාධ්‍ය හමුවට සහභාගී වූහ.

ජනාධිපති ලේකම් ඔස්ටින් ප‍්‍රනාන්දු මහතා මාධ්‍ය හමුව ඇමතූ අයුරු. අතිරේක සොලිසිටර් ජනරාල්, ජනාධිපති නීතීඥ යසන්ත කෝදාගොඩ, ආරක්‍ෂක ලේකම් ජනාධිපති නීතීඥ කපිල වෛද්‍යරත්න, ආරක්‍ෂක මාණ්ඩලික ප‍්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න යන මහත්වරුන් සහ ත‍්‍රිවිධ හමුදා මාධ්‍ය ප‍්‍රකාශකවරුන් ද මෙහි වෙති.

ඡායාරූපය -  ජයමාල් චන්ද්‍රසිරි

 
 
 



අදහස් (2)

අසමගිය ඇති නොකරන්න’යි ජනාධිපති ලේකම් ඉල්ලයි

lusena Thursday, 08 March 2018 02:51 AM

ඇපල් මල්ලක් අරන් යමුද දුක සැප බලන්න. ලුසේනා

:       34       64

prakaash Thursday, 08 March 2018 03:21 AM

අසමගිය ඇති කරන්නේ ආණ්ඩුව මිස අන් කවුරුද?

:       1       101

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දියතලාව අනතුරු ගැන සොයන්න යුද හමුදාවෙන් විශේෂ කමිටුවක්
2024 අප්‍රේල් මස 23 0 0

දියතලාව ෆොක්ස් හිල් සුපර්ක්‍රෝස් තරගාවලිය අතරතුර සිදුවූ අනතුර සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදුකිරීම සදහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් සමන්විත 7 දෙනකු ගෙන


චමරි අතපත්තු ලෝකයේ පළමු තැනට එයි
2024 අප්‍රේල් මස 23 57 0

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිලේ නායිකා, සුපිරි පිතිකාරී චමරි අතපත්තු ලෝක කාන්තා එක්දින පිතිකාරීයන් ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානය හිමිකරගැනීමට සමත්ව


අනුර දුන් දිනවල සජිත්ට වැඩලු
2024 අප්‍රේල් මස 23 111 0

සමඟි ජන බලවේගයේ නායක විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අතර යෝජිත විවාදයට ජාතික ජන බලවේගය දුන් දිනවල


චීන කොමියුනිස්ට් පක්ෂයත් අනුර කුමාර හමුවෙයි
2024 අප්‍රේල් මස 23 231 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍යවරයා ඇතුළු දූත පිරිසක් ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක මහතා ජනතා විම


චීටා බළකාය යාල පීරයි
2024 අප්‍රේල් මස 23 1354 0

පොලිස් විශේෂ කාර්ය බළකාය විශේෂ පුහුණුව ලත් චීටා බළකායේ නිලධාරීන් විසින් අති නවීන ඩ්‍රෝන කැමරා උපයෝගී කරගෙන යාල අධි ආරක්ෂිතය තුළ සිදුකළ මෙහෙයුමකදී ගි


එජාප මැයි රැලිය මරදානේදී
2024 අප්‍රේල් මස 23 579 0

එක්සත් ජාතික පක්ෂයේ මැයි දිනය උළෙල සම්බන්ධයෙන් ප්‍රාදේශීය මට්ටමින් සංවිධාන කටයුතු ඇරැඹූ බව එක්සත් ජාතික පක්ෂය කියයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 271 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1619 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1508 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site