IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


අවන්තිදේවි ළමා නිවාසයේ නිලධාරීන් ඉවතට

 (අනුරාධපුර දයාරත්න ඇඹෝගම)

උතුරු මැද පරිවාස හා ළමා රක්ෂක සේවා දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන අවන්ති දේවි ළමා නිවාසයේ සිදුව ඇතැයි කියන අපචාර හා අක්‍රමිකතා සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් කිරීම සඳහා පරිවාස කොමසාරිස් උපාලි රාජපක්ෂ මහතා  ඇතුළු එම කාර්යාලයේ පරිවාස නිලධාරින්, පරිපාලන නිලධාරින් වහාම ස්ථාන මාරකර යවන ලෙසට අද (09) උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා විසින් නියම කළේය.

මෙම ළමා නිවාසයේ සිදුවී ඇතැයි කියන අපචාර හා අක්‍රමිකතා සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා එම ළමා නිවාසයට ගිය පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා සහ ළමා හා කාන්තා කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් අද (09) සිදුකළ නිරික්ෂණයකින් පසුව පළාත් ආණ්ඩුකාරවරයා විසින් මෙම තීරණය ගෙන තිබේ.

මේ සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පළාත් ආණ්ඩුකාරවරයා විසින් උතුරු මැද පළාත් සභා ලේකම් පි.එස්.විමලවීර, නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (පුහුණු) පි.කේ.එස්. චන්ද්‍රලතා, සහකාර ලේකම් සාලිය ජයසිංහ යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත කමිටුවක් පත්කර තිබේ.

මෙහිදි අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා කියාසිටියේ දිවයිනේ සියලුම ළමා හා කාන්තා නිවාසවල පරිපාලනය සම්බන්ධයෙන් ඉදිරියේදී රාජ්‍ය බුද්ධි අංශය යොදවා තොරතුරු ලබා ගැනීමට පියවර ගන්නා බවයි.

මෙම නිරීක්ෂණ චාරිකාවට පරිවාස දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරින් මෙන්ම පොලිස් නිලධාරිහුද එක්ව සිටියහ.



අදහස් (10)

අවන්තිදේවි ළමා නිවාසයේ නිලධාරීන් ඉවතට

Rata Perata Saturday, 09 January 2021 08:39 AM

අපචාර කරලා නම් ස්ථාන මාරු දීලා තියෙනවද? ඒ කියන්නේ මෙතන කෑවා ඇති. දැන් වෙන තැනක කන්න කියලද? මෝඩ පාලකයින් ඉන්නකොට මේවා තමයි වෙන්නේ. ළමා නිවසකත් අපචාර කරලා නම් ගෙදරම යවන්න ඕනෑ. කාලකණ්ණි ... නැතිනම් හිරේ දාන්න ඕනෑ.

:       0       5

මහකළුසිංහලයා Saturday, 09 January 2021 09:41 AM

ඇතැම් ළමා නිවාසවල ඇතැම් පාලක පාලිකාවන් ළමා නිවාසේ දරුවන්ගේ ආහාර වේලෙනුත් ගසා කනවා. ළමා නිවාසේ දරුවන්ට ලැබෙන දේවල් තමන්ගේ ගෙදර දරුවන්ට ගිහින් දෙනවා. ඒ වගේ නරුමයින් ඉන්න රටක් මේක.

:       1       26

Raveendra Saturday, 09 January 2021 12:21 PM

අප සියලුම මාධ්‍යවේදීන්ගෙන් සහ සියලුම මාධ්‍ය ආයතනවලින් අවංක පුරවැසියන් වශයෙන් කාරුණිකව මෙසේ ඉල්ලා සිටින්නෙමු. කරුණාකර මෙවන් කාලකන්නින්ගේ වතගොත, පැටිගිරිය පැහැදිලි ඡායාරූප සමගම සියලුම තොරතුරු ප්‍රසිද්ධ කරන මෙන් ඉල්ලා සිටින්නෙමු. ඔබලා එසේ තම යුතුකම් නිසි ලෙස ඉටුකරන්නේ නම් එය ඔබලා මෙලොවදීම රැස්කර ගන්නා මහඟු පිං කන්දරාවකි.

:       1       44

Demuni Uduwara Saturday, 09 January 2021 01:52 PM

ඔබේ ඉල්ලීම පරිදි දේශපාලකයින් ලැයිස්තුවක් ඇතුළත් කරන්න ...

:       1       2

NuwanSunday, 10 January 2021 06:46 AM

එසේ කිරීමට නිත්‍යානුකුල ප්‍රතිපාදන නැහැ. පනතක් සම්මතකරගත යුතුයි.

:       0       0

gaamini Saturday, 09 January 2021 03:08 PM

ළමා අපචාරයට ළමානිවාස විතරක් නෙමෙයි. පිරිවෙන්, වෙහෙර, විහාරස්ථාන පවා සියලු වාර්තා බිඳ හෙළමින් ඉදිරියේ සිටින බව පනී යනවා.

:       0       3

SL Saturday, 09 January 2021 05:18 PM

අම්මව වුණත් විකුණලා සල්ලි හම්බ කරන කොටසක් ලංකාවේ ඉන්නවා. අහිංසක, අම්ම තාත්තගේ රැකවරණයක් හෝ දෙමාපියන් නැති දරුවෙක් වෙන කෙනෙකුට විකුණන එක මේ වගේ පාහරයින්ට සුළු දෙයක්. ළමයිනුත් අසරණයි.

:       0       2

Prabha Saturday, 09 January 2021 06:46 PM

වැඩ තහනම් කරලා පරීක්ෂණ කරනවා වෙනුවට මාරු කරලා වෙනත් තැනකට දානවා. හිරමනේ හඳට යැව්වත් කරන්නේ පොල්ගාණ එක තමයි.

:       0       2

Rata Perata Saturday, 09 January 2021 10:55 PM

අපචාර වෙලා තියෙනවා නම් මාරු කරන්නේ වෙන තැනකට ගිහින් ඒ අපචාර කරන්නද? පිස්සෝ රැලක්.

:       0       3

ආනන්ද Sunday, 10 January 2021 01:36 AM

මෙම නිවාසය ඇත්තටම පරිවාස දෙපාර්තමේන්තුවේ නිවාසයක්ද? නැත්නම් ස්වේච්ඡා නිවාසයක්ද බලන්න. ස්වේච්ඡා නිවාසවල වුවත් විවිධ අපචාර හා අකටයුතුකම් සිදුවෙනවා... කොහොම වුණත් ළමා නිවාස පාලනය වෙන්නේ පළාත් ආණ්ඩුවලින් නිසා මෙතෙක්කල් මධ්‍යම රජයේ ඇමතිවරයෙකු පැමිණෙන තුරු බලා සිටි පළාත් බලධාරියාද මෙයට වගකිවයුතු අතර මෙයින්ම පළාත් සභා අනවශ්‍ය බව පැහැදිලි වේ. මම අහලා තියෙනවා එක් පළාතක නිවාස අතර තරගයකදී අකටයුතුකම් රාශියක් සිදුවූ නිවාසයකට තේරීම් කමිටුව ළකුණු නොදුන් අවස්ථාවක පරිවාස නිළධාරියා ළමා හිමිකම් වර්ධන නිලධාරිනිය කොමසාරිස් නොමග යවා එම නිවාසයට පළමු තැන් දුන්නා කියලා.

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 22 0

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


විශේෂඥ දොස්තරවරු 350ක් රට හැර ගිහින්
2024 අප්‍රේල් මස 20 13 0

රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.


පාලිත සැමට සමු දෙයි
2024 අප්‍රේල් මස 20 524 0

මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ


තැනින් තැනට පොඩි වැස්සක්
2024 අප්‍රේල් මස 20 44 0

බස්නාහිර.සබරගමුව,වයඹ,ඌව සහ මධ්‍යම පළාත්වලත් අනුරාධපුර, වවුනියාව, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇ


නාවික කොමදෝරු දෙකක් කුඩු සමග මාට්ටු
2024 අප්‍රේල් මස 19 1921 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 370 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 225 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1540 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1433 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site