IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


අලුත්ම ගැසට් පත්‍රය ජනතාවට පීඩාවක් - ජවිපෙ කියයි

(බිඟුන් මේනක ගමගේ)

අපද්‍රව්‍ය බැහැර කරලීමට බාධා කරන පුද්ගලයන් අත්අඩංගුවට ගෙන බරපතල වැඩ සහිත සිර දඬුවම් පවා පැනවිය හැකි අයුරින් ජනාධිපතිවරයා නිකුත් කළ අතිවිශේෂ ගැසට් පත්‍රය නිසා ජනතාව මහත් පීඩාවට ලක්විය හැකි බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

මීතොටමුල්ලේදී ජීවිත අහිමි වූයේ අනතුර දැක උද්ඝෝෂණය කළ ජනතාව යැයි ද පීඩාවට පත්ව සිටින්නන්ට විරෝධයට ඇති අයිතිය අහිමි කරන නීති ගෙනආවොත් ජනතාව මරණය වෙනුවට සිර ගෙවල් තෝරා ගනු ඇතැයි ද ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා “ලංකාදීප” යට පැවැසීය.

ජනපතිගේ ගැසට් පත්‍රයට අනුව දැනටමත් සිය පක්ෂයේ මධ්‍යම කාරක සභික ලක්ෂ්මන් නිපුණආරච්චි මහතා ඇතුලු පිරිසකට මහජන කැළඹීම් කළේ යැයි චෝදනා නඟා නඩු පවරා ඇතැයි කී හෙතෙම ජවිපෙ ජනපතිවරයා ගත් ක්‍රියාමාර්ගය වහා අහෝසි කළ යුතු යැයිද අවධාරණය කළේය. 



අදහස් (20)

අලුත්ම ගැසට් පත්‍රය ජනතාවට පීඩාවක් - ජවිපෙ කියයි

rohan perera Friday, 21 April 2017 08:15 AM

හැම‍තිස්සෙම මෙහෙම කඩාකප්පල් කරන්න දෙන්න බැහැ...

:       1055       999

sumuduSaturday, 22 April 2017 02:14 AM

හරියට හරි... කුණු වලට යට වෙලා මැරෙන එක නතරකරන්න මෙයාලට ඉඩ දෙන්න බෑ. මේවා අපි ඉල්ලපුවා .. අපිට කුණුවලට යටවෙලා මැරෙන්න ඕනේ.

:       0       39

mahee Friday, 21 April 2017 08:16 AM

විරෝධය ලේසියි, විසඳුම් අමාරුයි. අපි කැමතියි ජ.වි.පෙ. කුණු ප්‍රශ්නයට දෙන විසඳුම දැනගන්න.

:       1071       710

රොමේෂ් Friday, 21 April 2017 11:19 AM

ඔයාගේ ගේ ළඟ කුණු කන්දක් ඩම්ප් කරන්න හැදුවා නම් ඔයාටත් තේරෙයි... "විරෝධය සුන්දරද මෙතරම්" කියලා. කොහේවත් යන කුණු කන්දකට යටවෙලා මැරෙන්න කව්රුත් කැමති නැහැ. කුණු ප්‍රශ්නෙට ජ.වි.පෙ. විසඳුම ප්‍රායෝගිකව කරලා පෙන්වලා තියෙන්නේ "තිස්ස ප්‍රාදේශීය සභාවේ". අවාසනාවට වත්මන් පාලකයන්ට බැරි වෙලා තියෙනවා... ඒ දේ ඉදිරියට පවත්වාගෙන ඒමට. වෙලාවක් තිබුණොත් තිස්ස පැත්තේ රවුමක් ගහලා හොයලා බලන්න 2002 ඉඳන් 2010 වනකම් "තිස්ස" තිබුනේ කොහොමද කියලා.

:       300       1118

sori.lanka Friday, 21 April 2017 08:20 AM

ජනපතිට ලණුදෙන්නේ කවුද? හැමතැනම උද්ඝෝෂණ. කොමිස්කරුවෝ පිරිලා...පගාවට මුල් තැන...කුණු කඳු, හදිසි අනතුරු, ඩෙංගු, නිසා ලෙඩවෙන, මැරෙන ගණන කීයක්ද?

:       92       121

sunil Friday, 21 April 2017 09:10 AM

සහතික ඇත්ත. 88-89 කාලේ ජීවත්වුණු අපි අද දන්නවා හොඳින්ම ජනතාව මහත් පීඩාවට ලක්වුණු හැටි...

:       571       409

jerami Friday, 21 April 2017 09:19 AM

මහී, ඕක තමයි එයාලගේ විසඳුම. හැමදේටම විරුද්ධවීම. විරුද්ධවීම විතරයි වැඩක් කරන්නේ නෑ...

:       562       159

sumuduSaturday, 22 April 2017 02:12 AM

මෙයා ඉන්නේ විපක්ෂේ. අපි මේ ගොල්ල තේරුවේ අවශ්‍ය තැනදී විරුද්ද වෙන්න තමයි. ඕගොල්ල තේරුවේ වැඩ කරන අයනේ. ඉතින් ඒ කරන දේ තමයි ඔය කුණු කන්ද පෙරලිලා කොළේ. ඔයගොල්ල පත් කලාම තමයි මේ රට විනාශ කරන්නේ.

:       0       87

Upali Friday, 21 April 2017 10:54 AM

මේක දැන් හරිම සෙල්ලමක් වෙලා. හැම දේකටම උද්ඝෝෂණ. වහාම මේක මැඩපැවැත්විය යුතුයි. පුදුම වැඩේ තමා දොම්පේ කසල රඳවනය හදපු බස්නාහිර පළාත් සභාවේ එවකට හිටපු මහ ඇමති ප‍්‍රසන්නත්, කරදියාන කසල රඳවනය හදන කොට එවකට ආණ්ඩුවෙ හිටපු කම්කරු ඇමති ගාමිණී ලොකුගේත් දැන් මේ කසල බැහැර කිරීමට විරුද්ධව උද්ඝෝණය කරන එක.

:       220       14

Pathum Friday, 21 April 2017 11:08 AM

මෙයාලගේ මේ මෝඩ වැඩ නිසා තමයි ඡන්ද පදනමක්වත් හදාගන්න බැරි....

:       522       8

C.K.Lankaputhra Friday, 21 April 2017 11:43 AM

ජ.වි.ප. යට මිනිස්සුන්ව පාරට බස්සවන්ට අමාරුවෙන එකයි... කුණු ප්‍රශ්නෙ තවතවත් වවාගෙන කන්න බැරිවෙන එක ගැනයි දැන් අමාරුව තියෙන්නේ...

:       642       57

kamal Friday, 21 April 2017 03:26 PM

රොමේෂ්ගේ කාතාව හරි කවුද කැමති තමුන්ගේ නිවස ලග කුණු කදු ගහනවාට ඔය ජවිපෙ ට මඩ ගහන්නන් ගැන දුකයි

:       0       0

Susil Friday, 21 April 2017 06:15 PM

ජනතාවටද, ජ‍ෙ.වී.පී. එකටද පීඩාව? මහත්තයො 88 - 89 කාලේ, ඔයගොල්ලො බස් නැවැත්තුවාම පිළියන්දල ඉඳන් කොළඹට වැලි ලොරිවල වාඩිවෙලා වැඩට ගිය කෙනෙක් මම.

:       0       0

පිටිගල මිලානෝ Friday, 21 April 2017 08:52 PM

ඇත්තද? ඔයා කියනකම් දන්නේ නෑ අනේ. ඊළඟ පාර අපි ඔයාටමයි ඡන්දෙ දෙන්නේ. ස්තුතියි !

:       0       0

sanjeewa Friday, 21 April 2017 09:20 PM

මේක ඕගොල්ලන්ගේ ආණ්ඩුවනේ. කෙලින්ම ඔයාලගේ නායකයා වන අගමැතිට කතා කරන්නකෝ.

:       54       0

siri Friday, 21 April 2017 09:20 PM

ටිල්වින් මහත්තයෝ, කොහොමද පත්කර ගත්ත නායකයා? දැන් සැපද? ඕකට තමා කියන්නේ "ඌරගෙ මාළු ඌරගෙ ඇගේ තියල කපනවා කියල"

:       57       0

aravinda Friday, 21 April 2017 10:29 PM

ප්‍රායෝගික විකල්ප වලින් තොර සියලු උද්ඝෝෂණය තහනම් කළ යුතුයි.

:       1       1

sumudu Saturday, 22 April 2017 02:09 AM

රජයේ ප්‍රතිපත්තිවලින් මිනිස්සු කුණු වලට යට වෙලා මැරෙනවා. ඉතින් එ්ක ජනතා කැමැත්ත...

:       0       5

sumudu Saturday, 22 April 2017 02:18 AM

පැතුම්, ඔයගොල්ල ඡන්ද පදනම් හදල තියෙන ක්‍රමය තමයි කුණුවලට ඔය ගොල්ලව යට කරන්නේ... අපිට නම් මේක මහා ලැජ්ජාවක්. මෙහෙ ඉන්න සුද්දෝ හිනාවෙනවා උඹලගේ රටේ මිනිස්සු කුණුවලට යටවෙලා මැරෙනවා... ඉතින් උඹල මේ තරම් මෝඩද? මේ වගේ නායකයින් පත්කරන්නේ නැවත නැවත කියල අහනවා. ඒ වෙලාවට දෙන උත්තරේ තමයි එක නිසා තමයි අපි රට අතහැරලා අවේ කියන එක...

:       8       38

kamal Saturday, 22 April 2017 04:50 PM

සුමුදු ඔයාගේ කතාව හරි නමුත් කට්ටියක් ඉන්නවා ජන්දයත් දීලා කුණු වලට යටවෙන්න කැමති

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

‘අතේ තියෙන වෙපන් එක පාවිච්චි කරන්න බය වෙන්න එපා‘
2024 අප්‍රේල් මස 25 7 0

අපරාධකරුවන් මේ රටින් තුරන් කිරීම පවක් නොවෙයි .අතේ තියෙන වෙපන් එක හරි දේට පාවිච්චි කරන්න බය වෙන්න එපා යයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා අද පැවසීය.


අප්‍රේල් 30න් පසු සා.පෙළ ටියුෂන් බෑ
2024 අප්‍රේල් මස 25 50 0

අධ්‍යායන පොදු සහතික පත්‍ර(සාමාන්‍ය පෙළ) විභාගය සඳහා පැවැත්වූ සියලුම උපකාර පන්ති මේ මස 30 වැනිදා මධ්‍යම රාත්‍රීයේ සිට අත්හිටුවන බව විභාග දෙපාර්තමේන්තු


පාස්කු පරීක්ෂණ ගෙඩිය පිටින් පිට රටට දෙන්නේ නෑ
2024 අප්‍රේල් මස 25 113 0

සමගි ජන බලවේග ආණ්ඩුවක් යටතේ පාස්කු ප්‍රහාර පරීක්ෂණ ගෙඩිය පිටින් ජාත්‍යන්තරයට ලබාදීමට සූදානම් නැතැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල ම


මත්පැන් බදු ජූනි 30ට පෙර අයකර ගන්න
2024 අප්‍රේල් මස 25 159 0

මත්පැන් නිෂ්පාදකයින්ගෙන් අයවිය යුතු හිඟ බදු මුදල් ලබන ජූනි 30 වැනිදා වන විට අයකර ගැනීමට කටයුතු ක‍රන්න ලෙස ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාව ශ්‍රී ලංකා සුරා


විදුලි පනත මැති සබයට
2024 අප්‍රේල් මස 25 313 0

විදුලි බල පනත් කෙටුම්පත විදුලි බල හා බල ශක්තිය අමාත්‍ය කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවට මීට ස්වල්ප වේලාවකට පෙර ඉදිරිපත් කළේය


සම්බන්ධන්ට පඩි සහිත තුන් මසක නිවාඩු
2024 අප්‍රේල් මස 25 701 2

හිටපු විපක්ෂ නායක ත්‍රිකුණාමල දිස්ත්‍රික් මන්ත්‍රී ආර්. සම්බන්ධන් මහතාට මාස තුනක කාලයක නිවාඩුවක් ලබාදීමට පාර්ලිමේන්තුව අද අවසර ලබා දුන්නේය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 309 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1688 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1536 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site