IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


අලි රංචුවක් හැපී මීනගයා පීලිපනී

(ක.ග.කරුණාරත්න)

මඩකලපුව සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ මීනගයා නගරාන්තර දුම්රියට අද (10) රාත්‍රී 10.15 ට පමණ පූනානී සහ වැලිකන්ද දුම්රිය ස්ථාන අතර පුල්ලෙයාර්අඩි ප‍්‍රදේශයේදී වන අලි රංචුවක් හැපීම නිසා දුම්රිය පීලිපැන ඇතැයි වැලිකන්ද පොලිසිය කියයි.

දුම්රියේ හැපුණු එක් අලියෙකු එහි  එන්ජිම කොටසේ සිරවී සිටින බවද පොලිසිය සඳහන් කළේය.ඒ මළ සිරුර ඉවත් කර දුම්රිය නැවත පීලි ගතකිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කරමින් සිටින අතර ඒ සඳහා දැඩි පරිශ‍්‍රමයක් දැරීමට සිදුව ඇතැයි එහි නිලධාරියෙකු කීය.

අලි රංචුව දුම්රියේ ගැටීමෙන් පසු තුවාල ලැබූ අලින් කිහිප දෙනෙකු වනයට පලාගොස් තිබෙන බව වැලිකන්ද වනජීවී කාර්යාලයේ නිලධාරීහු පැවැසූහ.

වන අලින්ගේ සුප‍්‍රකට ගමන් මාර්ගයක් වන මේ ස්ථානයේදී පසුගිය වසරේද දුම්රියේ ගැටී වන අලි පස් දෙනෙකු මරුමුවට පත්වූ බවද වනජීවී නිලධාරීහු කීහ.

ඡායාරූප - නිමල් ජයරත්න  

 



අදහස් (17)

අලි රංචුවක් හැපී මීනගයා පීලිපනී

රජින්ද Thursday, 10 October 2019 07:16 PM

මේ වගේ සංහාර කරන්න සංවර්ධනය දියුණු කරන රටකට මොන දේශප්‍රේමයක්ද, දේශාභිමානයක්ද, දේශමාමකත්වයක්ද? රටේ අලි ටික ඉවරටම ඉවර කරනවා. තුච්ජ දේශ-පාලනයක හැටි.!

:       122       317

almeida Thursday, 10 October 2019 09:15 PM

ඉතින් වැටක් ගහන්න. හැමදාම ඔය අලි එනවනේ.

:       9       60

Dilan Friday, 11 October 2019 01:01 AM

මිනිස් ජීවිතයකට වත් වටිනාකමක් නැති රටේ වන සතුන් ආරක්ෂා කරාවිද ?

:       2       180

chinthaka Friday, 11 October 2019 01:34 AM

වෙනත් රටවල මේ වගේ අලි මංකඩවලදී වේග සීමා පනවනවා විතරක් නෙමෙයි දුම්රිය එන්ජිමේ අදාල ප්‍රදේශය පිළිබද දැනුමකින් යුතු වනජීවී නිලධාරියෙකුද ගමන් ගන්නවා. අන්තිමට රටේ ආර්ථිකයත් හාන්සියි, රටේ මිනිස්සුත් හාන්සියි, වන සතුනුත් හාන්සියි

:       6       184

sanjeewa Friday, 11 October 2019 02:29 AM

මෙම ව්‍යසනයට විසදුමක් ඇත්තෙම නැද්ද?? දුම්රිය, වන ජිවි දෙපාර්තමේන්තු වල තාක්ෂණ නිලධාරින් ඉංජිනේරුවෝ ඉන්නවානේ ඒ අය දන්නේ ස්ට්‍රයික් කරන්න විතරද ?????

:       1       207

Anura Friday, 11 October 2019 03:23 AM

ඔය හරියේ අලින් මාරුවෙන තැනක් හින්දා හිමින් එන්නේ උපදෙස් දීලා නේද ඇත්තේ? අපේ රටේ මිනිස්සු සහ බලදාරින් අපේ අලි සම්පත ගැන කිසිම තැකීමක් නැහැ ,හරිම කණගාටුයි

:       1       212

Perera Friday, 11 October 2019 03:49 AM

ඔය කියන අලි මංකඩ හරහා අලි මාරුවෙන වෙලාවක් එම සතුන්ට තියෙනවා. යම් හේතුවක් නිසා දුම්රිය ප්‍රමාද වීම නිසා ඔය වගේ අනතුරු සිදු වෙනවා.

:       1       49

magiya Friday, 11 October 2019 04:38 AM

පසුගිය දින 10 ක දුම්රිය වර්ජන හේතුවෙන් දුම්රිය රියදුරන්ට හා නියාමකවරුන්ට අලි මංකඩ වල් තිබෙන තැන් අමතක වීම නිසාත්, දුම්රිය වේග පාලනය පද්දතිය පිලිබදව අමතක වීම නිසාත්, අලින්ට දුම්රිය ධාවනය වන කාලය අමතක වීම නිසාත් සිදුඋන අනතුරක් මෙන්ම මෙම වර්ජකයන්ට මගීන්ට හා සිව් පාව්න්ට කුමක් උනත් කමක් නැත අපේ මඩිය බඩගෝස්තරය පිරුනානේ යන හැගීමෙන් කටයුතු කිරීම නිසා සිදු වුන තවත් කණගාටු දායක සිදුවීමකි.

:       2       303

KapilaFriday, 11 October 2019 09:38 AM

රියදුරන්ගේ හා නියාමකලගේ නොසැලකිලිමත්කම නිසා සිදුඋන ශෝකජනක අමිහිරි ආරංචියකි විදිමත් පරීක්ෂණයක් තබා නිසි දඩුවම් ලබාදෙනු! හරියට අර වර්ජකයන් සේවය අතහැර ගියසේ සලකා ලිපි ලබා දුන්නසේ ! මහජනතාව සංසුන්කිරීමට ( ලිපි ලබා සේවයෙන් ඉවත් කල වර්ජකයෙකු අපිනම් නොදුටුවෙමු )

:       2       79

විජිත් Friday, 11 October 2019 04:58 AM

මට මතක හැටියට කාලයකට ඉස්සර ඔය ප්‍රදේශයට යන දුම්රියවල " අධෝ රක්ත " කැමරා වගයක් සවිකරලා තිබුනා. දුම්රිය මාර්ගයේ කිලෝ මීටර් 2 පමණ අතින් ඇති වස්තුන් රාත්‍රියට පැහැදිලිවම හඳුනාගන්නට හැකිවෙනවා. ඒ වගේම දුම්රියවල වේගය අනිවාර්යයෙන්ම සිමා කරලා තිබුනා ඔය සමහර අලි මන්කඩවල් අසලදී. දුම්රියත් පාලක මැදිරියත් අතර සම්බන්ධතාවයක් තිබුනා. පළමු දුම්රිය අලි සිටින ප්‍රදේශ ඉන්ෆ්රා රෙඩ් කැමරා වලින් හඳුනාගත්පසු ඒ බව පාලක මැදිරියට දන්වනවා. ඉන්පසු පාලක මැදිරිය ඒ ඒ ස්ථාන ඒ මාර්ගයේ ඊළඟට පැමිණෙන දුම්රිය වලට දන්වනවා. ඔය ක්‍රමයෙන් අලි මරණ බොහෝසෙයින් අඩුවුනා. ඊට පස්සේ......

:       1       109

Srimala Friday, 11 October 2019 05:58 AM

මීනගයා ,පූනානී ,පුල්ලෙයාර්අඩි ලංකාවේද ඉන්දියාවේද මට ටිකක් වෙලා ගියා තේරුම් ගන්න

:       3       221

Vijith Friday, 11 October 2019 06:39 AM

දුම්රිය රියදුරු ඇස් පරික්ෂා කල යුතුයි. අලියෙක්වත් පෙන්නේ නැතිද?

:       1       104

kapilaFriday, 11 October 2019 07:08 AM

මෙයාලට මොනවා නොපෙනුණත් වැඩි පඩි නම් වෙලාවට ඕනේ.නැතිනම් වර්ජනය තමා විකල්පය.

:       1       106

sl Friday, 11 October 2019 07:04 AM

පහුගිය සති ටිකේ මහලොකුවට වැඩවර්ජනය නම් කළා.රේල් පාරට එන සත්තු ටික ආරක්ෂා කරගන්න විදියක්වත් හිතන්නේ නැති මේ වගේ අයට පඩි ගෙවන්න ඕනෙද?

:       1       109

Akila Friday, 11 October 2019 07:06 AM

ඔය ස්ථානයේ ගිය වසරෙත් අලි පහක් මැරුනා. ලංකාව ඇරෙන්න ලෝකේ ඕනෙම රටක මෙහෙම දෙයක් උනහම ඒක ආයෙත් නොවෙන්න කුමන හෝ පිළියමක් යොදනවා. නමුත් බලන්නකෝ අද අපේ රටේ තත්වය? මේ පාලකයෝ මොකටද?

:       1       107

sanath Friday, 11 October 2019 07:36 AM

මීනගයා වෙනුවට අලි මාරයා කියල නම් කලා නම් හරි. අලි මාරු වෙන තැන යකා වගේ දුවන නිසා.

:       1       107

හිරාන් Friday, 11 October 2019 10:04 AM

දුම්රියට වනඅලි ගැටී අනතුරට පත්වූ පළමු අවස්ථාව මෙය නොවේ. නමුත් තාමත් අදාල වගකිව යුතු අංශ මේ ගැන අවධානය යොමු නොකිරිම මේ අහිංසක සතුන්ගේ ජීවිත වැනසීයාම තුළින් දැකගත හැකිය. තවත් මේ ආකාරයේ සංවේදී දසුන් අපිට දැකනොගන්න දැන්වත් මේ සඳහා ක්‍රියාත්මක වෙන්න...

:       1       105

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ශ්‍රිලනීප නායකත්වය ගන්න යන කෙනෙක්ට සුසිල්ගෙන් ටොක්කක්
2024 අප්‍රේල් මස 25 356 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයෝ වෙන්න දඟලන අය ජීවතේට අත ලකුණින් තරඟ කර නැතැයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.


රට පුරා සන්නද්ධ හමුදා කැඳවයි
2024 අප්‍රේල් මස 25 734 1

රටේ ආරක්ෂාව සඳහා සන්නද්ධ හමුදා කැඳවීම සඳහා විශේෂ ආඥාවක් ජනාධිපතිවරයා විසින් නිකුත් කරනු ලැබ ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට


රිය අනතුරින් තරුණයා මරුට
2024 අප්‍රේල් මස 25 637 2

මදුරන්කුලිය නගරයේ සිට පයින් යමින් සිටි තරුණයකු කොළඹ සිට පුත්තලම දෙසට ධාවනය කරමින් තිබු වෑන් රථයක ගැටිමේන් බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත්කිර


දඹුල්ල නගරයට අලි ඇවිත්
2024 අප්‍රේල් මස 25 909 0

දඹුල්ල නගරයට අහම්බෙන් පැමිණි වන අලි තිදෙනකු නිසා දඹුල්ල නගරය අවට නිවාසවල පදිංචි ජනයා මෙන්ම නගරයට පැමිණි පිරිස්ද නොසන්සුන් වූහ.


විල්ගමුව පොලීසියේ ගිනි අවිය ඉස්සූ සැකකරු මාට්ටු
2024 අප්‍රේල් මස 25 733 0

මාතලේ විල්ගමුව පොලිසියේ ආරක්ෂක නිලධාරියා භාරයේ තිබූ ටී පනස් අය ගිනි අවිය සොයාගත් බවට සැකපිට හිටපු යුද හමුදා සෙබළෙක් විල්ගමුව පොලිසිය විසින් අරලගන්වි


අද කාලගුණය
2024 අප්‍රේල් මස 25 106 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම,වයඹ සහ දකුණු පළාත්වල ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 308 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1683 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1536 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site