IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


අල්ලස් පනත සංශෝධනය කිරීමට යයි

(මනෝප‍්‍රිය ගුණසේකර)
 
අල්ලස් පනත යටතේ මෙතෙක් ආවරණය නොවු පෞද්ගලික අංශය ඇතුළුව අංශ කිහිපයක්ම අල්ලස් පනත යටතට පත් කරමින් එම අංශද ආවරණය වන අන්දමට අල්ලස් නීතීය සංශෝධන කරමින් නීතී කෙටුම්පත් කරන බව අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ජනාධිපති නීතීඥ සරත් ජයමාන්න මහතා පැවසීය.
 
පෞද්ගලික අංශය ඇතුළුව විවිධ අංශ වල අල්ලස් ලබා ගැනීමේ සිද්ධීන් දිනෙන් දින ඉහළ යෑම හේතූවෙන් එම අංශද ආවරණය වන අන්දමට අල්ලස් නීතීය සංශෝධන කිරීම කෙරෙහි අවධානය යොමු කිරීමෙන් අනතුරුව මෙම පියවර ගත් බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
 
මේ සම්බන්ධයෙන් විද්වත් අදහස් ලබාගැනීමෙන් අනතුරව අදාළ අංශද ආවරණය වන අන්දමට නීතී කෙටුම්පත් කිරීමේ කටයුතු මේ වන විටත් නීතී කෙටුම්පත් දෙපාර්තමෙන්තුව විසින් සිදු කරන බව වාර්තා වේ.
 
ඒ අනුව පෞද්ගලික අංශයේ අල්ලස් ලබා ගැනීම, ලිංගික අල්ලස් ලබා ගැනීම, ක‍්‍රීඩා අංශයේ අල්ලස් ලබා ගැනීම මෙන්ම විදේශිය රාජ්‍ය සේවකයින් අල්ලස් ලබා ගැනීමේ සිද්ධීන් මෙන්ම එම අංශවල අල්ලස් ඉල්ලීමේ සිද්ධීන්ද ආවරණය වන අන්දමට අල්ලස් නීතීය සංශෝධන කිරීමට පියවර ගෙන ඇතැයි වාර්තා වේ.
 
මීට අමතරව වත්කම් බැරකම් පණතේද ඇතැම් සංශෝධනයන් සිදුකරමින් එම පණතටද අදාළ වන අන්දමට නීතීය කෙටුම්පත් කිරීමට පියවර ගෙන ඇතැයිදූ වාර්තා වේ.
 
නීතීය සංශෝධනය කිරීමට අමතරව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම සඳහා බුද්ධි අංශයක් ඇතුළු අළුතින් ඒකක පහක් ස්ථාපනය කිරීමට පියවර ගෙන ඇති බවත් බුද්ධි අංශයට අමතරව අල්ලස් කොමිසම සඳහා විශේෂඥ විමර්ශන ඒකකයක්, විශේෂ නිවාරණ අංශයක්, වෝහාරික පරිගණක අංශයක්, වින්දිතයින් හා සාක්කිකරුවන් ආරක්‍ෂා කිරීමේ ඒකකයක්ද ස්ථාපනය කිරීමට පියවර ගෙන ඇති බවත් වාර්තා වේ.



අදහස් (4)

අල්ලස් පනත සංශෝධනය කිරීමට යයි

[email protected] Sunday, 20 January 2019 12:52 PM

වරදට දඬුවම රුපියල් 1000ද?

:       1       7

වල්මෝරුවේ Sunday, 20 January 2019 05:36 PM

ඩ්‍රයිවින් ලයිසන් නිකුත් කරන තැනට ගියොත් කාක්කන්ගේ වැඩ බලාගන්න පුළුවන්...

:       0       2

TD Sunday, 20 January 2019 06:53 PM

අල්ලස් පනත යටතේ මෙතෙක් ආවරණය නොවූ පෞද්ගලික අංශය ඇතුළුව අංශ කිහිපයක්ම අල්ලස් පනත යටතට පත්කරමින් එම අංශද ආවරණය වන අන්දමට අල්ලස් නීතීය සංශෝධන කරමින් නීතී කෙටුම්පත් කිරීම අගයකළ යුතුය. ලෝකයේ ප්‍රබල දියුණු රටවල පෞද්ගලික අංශය මගින් කරනු ලබන මහා පරිමාණ ව්‍යාපාර දේශීය හෝ විදේශීය සමාගම් (සමාගම් සම්බන්ධවීම්, එක සමාගමක්, තවත් සමාගමක් මිලදී ගැනීම්) වල සිදුවන ගනුදෙනු නියමාකාරයෙන් සිදුවන බවට සොයාබැලීමට පමණක් නොව රජයට ලැබිය යුතු මුදල් " tax " රජයට නියමාකාරයෙන් ලැබෙනවද? කියා සොයාබැලීම සඳහාත් ප්‍රබල ආයතන පිහිටුවා තිබේ. එසේ නියමාකාරයෙන් ගනුදෙනු නොකරන ආයතන සඳහා පමණක් නොව එම ආයතන අයිතිකරුවන්, ප්‍රධානින් හට නීතියෙන් වැරදිකරුවන් කර දඩ මුදල් අයකර ගැනීම පමණක් නොව නීතිය මගින් දඬුවම් පවා කරනු ලැබේ. මෙම ප්‍රබල ආයතන මගින් මෙම ව්‍යාපාරයේ හිමිකරු කොතරම් ප්‍රබලයෙක්ද කොතරම් බලවත් පුද්ගලයන් සමග සම්බන්ධතා පවත්වන්නේද කියා අදාල නැත. එම ආයතනවල රාජකාරිය නියමාකයයෙන් සිදුවේ. ලංකාවේත් මෙවැනි ගනුදෙනු කරන කෝටිපති ව්‍යාපාරිකයන් සහ ව්‍යාපාර සහ ඔවුන්ගේ ක්‍රියාවලින් ගැන අල්ලස් කොමිසමේ අවධානය යොමුවිය යුතුය.

:       0       0

Bamunuarachchi Sunday, 20 January 2019 11:02 PM

බැංකු කොල්ලයෙන් සල්ලි ලබාගෙන පාදසටහන් දැමු අයත්, කොල්ලකරුවන්ගේ සල්ලිවලින් ගෙවල් ගත්ත අයත් අසුවෙන ආකාරයට සංසෝදනය කරන්න.

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අදත් තැනින් තැනට වැස්ස
2024 අප්‍රේල් මස 19 17 0

බස්නාහිර,සබරගමුව,වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්ත


අනුර- සජිත් පොඩි ළමයි
2024 අප්‍රේල් මස 19 86 0


වඩයයි - පේලේන්ටියයි අටසීයට දුන් සංචාරක මඟ පෙන්වන්නා කූඩුවට
2024 අප්‍රේල් මස 18 2509 0

බෙල්ජියම් ජාතිකයකුට රුපියල් 800 ක මුදලකට උළුඳු වඩේ එකක් සහ ප්ලේන්ටියක් අලෙවි කළ බව කියන සංචාරක මග පෙන්වන්නකු අත්අඩංගුවට ගත් බව සංචාරක පොලිසියේ නිලධාරි


එල්ලුම් ගහට කොකා පෙන්නූ චුදිතයෙක් දසක තුනකට පසු මාට්ටු
2024 අප්‍රේල් මස 18 1345 0

විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවකු අමානුෂික ලෙස ඝාතනය කර ශරීරය කොටස්වලට කපා සඟවා තැබීම සම්බන්ධයෙන් මහාධිකරණ මරණ දඩුවම නියමව වසර 35 ක් සැගව සිටි චූදිතයකු පූ


ශ්‍රීලනිපයට වෙන්න යන දේ දයාසිරි මතක් කරයි
2024 අප්‍රේල් මස 18 1006 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නායකයා ඉවත් කර මේ කොහේවත් ඉන්න නිදිකුම්බා නායකයකු පක්ෂයේ නායකයා කරගෙන පක්ෂය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඔඩොක්කුවේ තැබීම


සිසුවා කාසල්රී ජලාශයේ සැඟවේ
2024 අප්‍රේල් මස 18 441 0

කාසල්රි ජලාශයේ දිය නෑමට ගොස් පාසල් සිසුවකු අතුරුදහන් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1506 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1408 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site