IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


අල්ලස් ගත්තැයි කුලියාපිටිය වෛද්‍යවරයාට එරෙහි නඩුව 21 දා කැඳවයි

(මනෝප‍්‍රිය ගුණසේකර)

 

රසායනාගාර වාර්තා ප‍්‍රතික්ෂේප නොකර සිටීම සඳහා එම පෞද්ගලික රසායනාගාරයෙන් රුපියල් 75,000/- ක අල්ලසක් ඉල්ලා ලබා ගන්නා ලද බවට චෝදනා ලැබ සිටින කුලියාපිටිය මුලික රෝහලේ කායික රෝග විශේඥ්‍ය වෛද්‍යවරයාට එරෙහි නඩුව ලබන 21 වැනිදා කැඳවීමට ස්ථිර ත‍්‍රිපුද්ගල මහාධිකරණය අද (11) නියම කළේය.

විත්තිකාර විශේඥ්‍ය වෛද්‍යවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ රියන්සි අර්සකුලරත්න මහතා කළ ඉල්ලීමක් පිළිගනිමින් මෙම නඩුව විභාග කරන දෙවැනි ස්ථිර ත‍්‍රිපුද්ගල මහාධිකරණය එලෙස නියම කළේය.

මෙම නඩුව දෙවැනි ස්ථිර ත‍්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයේ විනිසුරු මඩුල්ල ලෙස කටයුතු කරන මහාධිකරණ විනිසුරුවරුන් වන ආර්. ගුරුසිංහ (සභාපති විනිසුරු) ශෂී මහෙන්ද්‍රන් සහ අමල් රණරාජා යන මහතවරුන් ඇතුළත් වෙති.

නිකුත් කරන රසායනාගාර වාර්තා ප්‍රතික්ෂේප නොකොට බාර ගැනීම සඳහා කුලියාපිටිය ‘සෙත්සුව’ පෞද්ගලික රසායනාගාරයෙන් මාස්පතා රුපියල් 25,000/- බැගින් ඉල්ලා ඉන් රුපියල් 75,000/-ක අල්ලසක් ලබා ගන්න ලදැයි විත්තිකරුට එරෙහිව අල්ලස් කොමිසම නඩු පවරා තිබිණි.

මෙලෙස චෝදනා නඟා ඇත්තේ කුලියාපිටිය මුලික රෝහලේ කායික රෝග විශේඥ්‍ය වෛද්‍යවරයා ලෙස කටයුතු කළ චන්ද්‍රසිරි තෙන්නකොන්වෙල මහතාට එරෙහිවය.

මෙම නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී විත්තිකාර වෛද්‍යවරයා අධිකරණය හමුවේ පෙනී සිටියේය.

විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ රියන්සි අර්සකුලරත්න මහතා කරුණු ඉදිරිපත් කරමින් මෙම නඩුව සඳහා මීට පෙර වෙනත් නීතීඥවරයකු පෙනී සිටියත් මීට දින කිහිපයකට පෙර සිට විත්තිකරු තමා පත් කොටගෙන ඇතැයි පැවසීය.

ඒ අනුව මෙම නඩුව පරීශිලනය කිරීමට මෙන්ම, පරිගණක සාක්කියට අදාළව පරීක්‍ෂා කොට බලා  දැනුම්දීම සඳහා තමන්ට කෙටි කාලයක් ලබාදෙන්නැයි ජනාධිපති නීතීඥ රියන්සි අර්සකුලරත්න මහතා ඉල්ලා සිටියේය.

පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි අල්ලස් කොමිසමේ සහකාර අධ්‍යක්‍ෂ නීතීඥ දිස්නා ගුරුසිංහ මහත්මිය කරුණු ඉදිරිපත් කරමින් විත්ති පාර්ශවයට ලබාදිය යුතු පරිගණක සාක්කියට අදාළ නොතිසි හා නඩුවට අදාළ ලේඛන පසුගිය 20 වැනිදා විත්තිපාර්ශවයට බාරදුන්නේ යැයි කීවාය.

ඉදිරිපත් වු කරුණු සැළකිල්ලට ගත් විනිසුරු මඩුල්ල මෙම නඩුව ලබන 21 වැනිදා යළි කැඳවීමට නියම කළේය.

පැමිණිල්ල වෙනුවෙන් අල්ලස් කොමිසමේ සහකාර අධ්‍යක්‍ෂ නීතීඥ දිස්නා ගුරුසිංහ මහත්මිය පෙනී සිටියාය.

විත්තිකරු වෙනුවෙන් නීතීඥවරුන් වන තේජිත කෝරලගේ, චමින්දි අර්සකුලරත්න, ඇතුළු නීතීඥ කණඩායමක් සමඟ ජනාධිපති නීතීඥ රියන්සි අර්සකුලරත්න මහතා පෙනී සිටියේය.

 



අදහස් (2)

අල්ලස් ගත්තැයි කුලියාපිටිය වෛද්‍යවරයාට එරෙහි නඩුව 21 දා කැඳවයි

Al las Lanka Wednesday, 12 June 2019 06:54 AM

අල්ලස් ගත්ත කෙනාට ඕනෑතරම් සල්ලි විසිකරලා නීති විශාරදයින් මගින් නඩුවෙන් ගොඩයන්න පුළුවන්. කියල වැඩක් නෑ.

:       0       10

බද්රානි Wednesday, 12 June 2019 07:59 AM

බය වෙන්න දෙයක් නැහැ.ඒ දොස්තරව, දොස්තර සංගමය විසින් රැක බලා ගනීවි. ඕක එක සිද්ධියක් පමණයි. රට පුරාම ක්‍රියාත්මක වන දොස්තර මාෆියාවේ එක පැතිකඩක් තමයි මේ. කුඩු ජාවාරමටත් එහා ගිය මේ මාෆියා කල්ලිය ලංකාවේ සිටින ධනවත්ම මාෆියා සංවිධානයයි. මේ සංවිධානයට ශ්‍රී ලංකා රජයත් බයයි. ඕකයි තිත්ත ඇත්ත?

:       0       64

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රෝගය සුවකරගන්න ගිහින් ජීවිතය අහිමි වෙයි
2024 අප්‍රේල් මස 24 72 0

මදුරන්කුලිය මුක්කුතොඩුවාව ප්‍රදේශයෙ පවත්වාගෙන යනු ලබන රෝග සුව කරන බව පැවසෙන ස්ථානයකදී රෝගී තත්වයෙන් පසුවු කාන්තාවකට ජලය පානය කිරීමට දීමේන් පසු විජල


විල්ගමුව පොලිසියෙන් අතුරුදන් වූ ගිනි අවිය බුදු කුටියකින් මතුවෙයි
2024 අප්‍රේල් මස 24 190 0

මාතලේ - විල්ගමුව පොලිසියේ මුර කුටියේ රාත්‍රී සේවය කරමින් සිටි පොලිස් නිලධාරියාගේ ගිනි අවිය අතුරුදන් වී මසකට පසු හමුවු බැවි විල්ගමුව පොලිසිය කියයි.


වැටුප් ප්‍රශ්නය විසදන්න ගුරු බලය සංවිධානයට ලිපියක්
2024 අප්‍රේල් මස 24 360 1

ගුරු විදුහල්පති සේවයන්හි වැටුප් විෂමතාවක් නැතැයි පවසමින් ගුරු බලය සංවිධානයට ලිපියක් යැවූ ගුරු ආයතනයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරියගෙන් ඒ සම්බන්ධයෙන් ක


ෆොක්ස්හිල් අනතුරේ රියදුරන්ට ඇප
2024 අප්‍රේල් මස 24 334 0

දියතලාව නරියාකන්ද ෆොක්ස්හිල් මෝටර්රථ අනතුර සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි තරගකරුවන් දෙදෙනා බණ්ඩාරවෙල මහේස්ත්‍රාත්


’’ගෝඨාභය පොත ලිව්වේ පව් සෝදා ගන්න’’
2024 අප්‍රේල් මස 24 354 1

ගෝඨාභය පොත ලියා ඇත්තේ ඔහු විසින් කළ පව් සෝදා ගන්නට යැයි සමගි ජන බලවේගයේ කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රී කබීර් හෂීම් මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.


ඉන්දීය ආධාර ගම්මාන හතරක් ජනතා අයිතියට
2024 අප්‍රේල් මස 24 641 1

ඉන්දියානු ආධාර යටතේ ඉදිකෙරුණු තවත් ගම්මාන හතක් ලඟදීම ජනතා අයිතියට පත් කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. කොළඹ, රත්නපු


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 294 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1668 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1527 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site